සති අන්තයේ දිනක
මා නගරයට පිවිස
පුවත්පතක් ගත් පසු
රුපියල් විස්සක්
සුරැකිව තිබූ මා
පසුම්බියෙන්
එළියට අදිනවිට
ලොතරැයිකරු
පාලම උඩ
කෝටියේ දිනුම අද...
කෝටියේ දිනුම අද...
නවීන මෝටර් රථය සමග
නිවෙස් තුනක් .
කෑමොර දෙන
අතර
“මහත්තයට මෙයින්
කොයිකැද ඕනෑ ?”
යදියෙක් ඒ අසල
“පිං සිද්දවෙයි මහත්තයෝ
කීයක් හරි දෙන්න”
මග යන අයගෙන්
යදියි ඔහු.
මා දුනෙමි ඒ රුපියල් විස්ස
“පිං අත්වෙයි මහත්තයෝ
හැදූ වැඩූ දෙමාපියන්ටත්....! ”
හසිත හර්ෂණ
හ්ම්ම්ම්..... නියම සිතිවිල්ලක්....
ReplyDeleteස්තුතියි..................
Deleteලොතරැයිය අපේ සල්ලි වලින් උන් දිනන රජය අනුමත කල සුදුව.
ReplyDeleteඒක තමයි ඇත්ත..
Deleteහ්ම්ම්..
ReplyDeleteහ්ම්ම්ම්...............
Deleteඅම්මප ඔව් නේ.
ReplyDeleteඅම්මපා දමිත්.............
Deleteඒ කොටියට ඩඩා ලැබෙන ආත්ම තෘප්තිය
ReplyDeleteකෝටියකට වඩා වටිනවා...................
Deleteදිනුමට වැඩිය වටිනවා එවෙලේ හිතට එන හැඟීම..
ReplyDeleteඒක ඇත්ත දිනේෂ්.......
Deleteඒක තමයි හසිත මනුස්සකම කියන්නේ. ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි. ජීවිතේ කියන්නේ සල්ලිත් එක්ක සම්බන්ධයක් නැති ඊට එහා ගිය විශාල දෙයක්. සල්ලි කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක් මිලදී ගැනීමට පමණක් අවශ්‍ය වන හුවමාරු මාධ්‍යයක්.
ReplyDelete