Tuesday, March 11, 2014

ලොතරැයිය.....

සති අන්තයේ දිනක
මා නගරයට පිවිස
පුවත්පතක් ගත් පසු
රුපියල් විස්සක්
සුරැකිව තිබූ මා
පසුම්බියෙන්
එළියට අදිනවිට
ලොතරැයිකරු
පාලම උඩ
කෝටියේ දිනුම අද...
කෝටියේ දිනුම අද...
නවීන මෝටර් රථය සමග
නිවෙස් තුනක් .
කෑමොර දෙන
අතර
මහත්තයට මෙයින්
කොයිකැද ඕනෑ ?
යදියෙක් ඒ අසල
පිං සිද්දවෙයි මහත්තයෝ
කීයක් හරි දෙන්න
මග යන අයගෙන්
යදියි ඔහු.
මා දුනෙමි ඒ රුපියල් විස්ස
පිං අත්වෙයි මහත්තයෝ
හැදූ වැඩූ දෙමාපියන්ටත්....!


හසිත හර්ෂණ

13 comments:

  1. හ්ම්ම්ම්..... නියම සිතිවිල්ලක්....

    ReplyDelete
  2. ලොතරැයිය අපේ සල්ලි වලින් උන් දිනන රජය අනුමත කල සුදුව.

    ReplyDelete
  3. අම්මප ඔව් නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා දමිත්.............

      Delete
  4. ඒ කොටියට ඩඩා ලැබෙන ආත්ම තෘප්තිය

    ReplyDelete
    Replies
    1. කෝටියකට වඩා වටිනවා...................

      Delete
  5. දිනුමට වැඩිය වටිනවා එවෙලේ හිතට එන හැඟීම..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දි‍නේෂ්.......

      Delete
  6. තුෂාර විතාරණMarch 14, 2014 at 11:08 PM

    ඒක තමයි හසිත මනුස්සකම කියන්නේ. ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි. ජීවිතේ කියන්නේ සල්ලිත් එක්ක සම්බන්ධයක් නැති ඊට එහා ගිය විශාල දෙයක්. සල්ලි කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක් මිලදී ගැනීමට පමණක් අවශ්‍ය වන හුවමාරු මාධ්‍යයක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...