අමතකව ගිය
අතීතය වල්මත්ව
සීත රෑ යමදි
සිහිනෙකින් ළං වෙලා......
ලෝකයට වසන් කර
සීත වූ මගෙ දෙතොළ්
උණුසුමෙන් සනසවා
අර අදියි දුවන්නට හනික........
කතා කළ නිල් දෑස
මගෙ නෙතුළ සඟවලා
හසුව පෙම් සුළඟකට
මගෙ දෙතොළ වියළිලා..........
පැයක වැඩ විරාමය
අතරමග නවතලා
ඔය දෙතොළ කී රහස
රහසින්ම ළං වුණා.........
නෙතුළ සැඟවූ ව දෙය
දුටිමි මා සැක හැරම
ගලන ඒ ආදරය
විඳ ගතිමි සිත් සේම......
ලෝකයට වසන් කර
වින්ද ඒ හද සිසිල
දෙතොල් මත තියා ඔබ
පැන ගියා පෙර සේම..........
ඔබගෙ හිස් ආදරය
රිදවලා මගෙ කොපුල
අසම්ම්ත විරාමයම
සිරකළා සිහිනයක...........
කාංචනා චන්ද්‍රසේකර
.
සිතට සුව දෙන අසම්මත විරාමයක්…
ReplyDeleteලස්සනයි පබැඳුම.
ස්තුතියි චතුරංග......අසම්මත හීනයක්.........
Deleteදෙන්න එපා ඉඩක් හිතට අසම්මතයට
ReplyDeleteඒක ඇත්ත වැව්......අදහසට ස්තුතියි
Deleteඅසම්මත හිනය එකම එක මොහොතකට විතරක් හිත සනසාවි.. ඊට පස්සේ ඉතින්...
ReplyDeleteඒක තමයි ප්‍රශ්නෙත් ද්නේෂ්..............
Delete
ReplyDelete//ලෝකයට වසන් කර
වින්ද ඒ හද සිසිල
දෙතොල් මත තියා ඔබ
පැන ගියා පෙර සේම..........//
අසම්මතයේ සම්මතය...
ජය වේවා!!!
අසම්මතයේ සම්මතය සොයන මිනිසුන් කොයිතරම් ඉන්නවාද විදානේ..ස්තුතියි අදහසට
Deleteඅසම්මත හැමදෙයකම සම්මත දෙයක් තියෙනවා නේද...?
ReplyDeleteඑකඟයි ඔබත් එක්ක...............
Deleteලස්සනයි කවිය.:)
ReplyDeleteස්තුතියි චන්දන....
Deleteඇත්තටම මොකක්ද අසම්මතය කියන්නේ..??
ReplyDeleteසම්මත යැයි පිළිනොගන්නා හැම දෙයක්ම අසම්මතය නේද........
Deleteඅසම්මත හැමදෙයක්ම ලස්සනයි..
ReplyDeleteඒක ඇත්ත උමේෂ්. ඒ හින්දා වෙන්න ඇති මිනිසුන් මේ තරම් අසම්මතය පසු පස දුවන්නේ........
Deleteසම්මත අසතුටට වඩා අසම්මත සතුට රස විඳින අයත් ඉන්නවා. මොන දේ වුනත් සම්මතයේ අසතුටින් ඉන්නවාට එතැනින් ඉවත්වීම නම් වරදක් නැහැ. මේ කියන දේ මගේ අදහසයි.
ReplyDeleteසම්මතයේ සතුට තියන අයත් අසම්මතයේ සතුට හොයන තැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ අරූ..ඔබ කියනවා වගේ සම්මතයේ අසතුටින් ඉන්නවාට වඩා එතනින් ඉවත් වීම තමයි වඩා හොඳ.සම්මත අසතුටට වඩා එයින් ඉවත් වෙලා අසම්මතය සම්මතය බවට පරිවර්තනය කර ගන්න හැකි නම් සමහර විට එය සාර්ථක වෙන්න ඉඩක් තියනවා කියන එකයි මගෙත් අදහස........
Deleteඅසම්මත පෙමින් හැකිතාක දුරස්වෙලා හිටියනම්.. අන්න මිනිස්සු!
ReplyDeleteදුරස් වෙලා ඉන්න පුළුවන්නම් ඇත්තටම හොඳයි මනොෂ්.අද තමයි ඔබව මේ පැත්තෙදි දැක්කෙ.සාදරයෙන් පිළිගනිනවා ඔබව ගී පවුරට..........
ReplyDelete