දෙනෝදහසක් යදින සුසුවඳ
දෙනෝ දහසක් පතන සැනසුම
නන් දෙනා ඔබෙ පතන සිසිලස
මටම විතරක් ලැබෙනු කෙලසද...................
දිනෙන් දින පඬු පොවන නුබ ගැබ
පඬු පොවන තරු එළිය විඳ විඳ
ලොවම සොයනා ඔබේ සිසිලස
නොපතමිය අද සිහිනෙකිඳු මම................
ඉඳුල් වන ඔබෙ පාට දැක දැක
හූල්ලනු මිස නොදැක ඒ වග
සඳේ ඔබගේ ඉඳුල් සිසිලස
සමාවනු එය නොපතමිය මම......................
සඳේ කැළුමන් දුටුව පෙර දින
සිපගතිමි එය වශී විලසින
විඳින බව අන් අයද සිසිලස
කෙලෙස අමතක කරන්නෙම් මම..................
ඈත කඳුකර ගිරි ශිඛර මැද
තනිව හුන් සඳ මෘගයන් මැද
පුර පොහොය දා පමණක්ම වන
මගේ දිවියම අමාවක වුව..................
බෙදන්නට නම් ලොවට කැල්මන්
සිඹින්නට ඇයි කළේ සරදම්
විඳින්නට නම් ඔබේ රුදුකම්
කියනු මැන මට මගේ නොපනත්............
චතුරිකා චන්ද්‍රෙස්කර
ලස්සනයි
ReplyDeleteස්තුතියි රස ව්න්දාට.....................
ReplyDeleteහැඩයි,අපි තනියම අයිති කර ගන්න හැදුවත් හැමෝටම පොදු දේවල් කොයි තරම් තියෙනවාද හරියට මේ පුර පෝයදා සද වගේ..
ReplyDeleteඒක ඇත්ත මනෝජ්.හැම ෙදයක්ම තනියම අයිති කර ගන්න
Deleteඅපිට බැහැනෙ..........
අගෙයි දිලිනියෝ
ReplyDeleteස්තුතියි ශානු...................
Deleteශානු පැටලුනා නේද? මේ දිලිනිගේ කුරුටු පොත නෙමේ..මේ සෙට් එකේ කුරුටු පවුර.
Deleteහැබෑ නේන්නම්.......කොහොම නමුත් අගෙයි කියල කියන්න නොවෑ ඕනෑ උනේ
Delete
ReplyDelete//ඉඳුල් වන ඔබෙ පාට දැක දැක
හූල්ලනු මිස නොදැක ඒ වග
සඳේ ඔබගේ ඉඳුල් සිසිලස
සමාවනු එය නොපතමිය මම................//
ඇත්තමයි..
පද පේලිය කියවලා ටික වෙලාවක් ගල් ගැහිලා වගේ බලන් හිටියා........ ඒ තරම් හිතට වැදුනා කවි පෙළ..
ජය වේවා!!!
පුළුවන්නම් ගොඩවෙලා යන්න
බොහොම ස්තුතියි........ඒ පැත්තට ගිහින් එන ගමන්............
Deleteබොහොම අගෙයි....බොහොම අගෙයි...
ReplyDeleteචතුරිකායි, කංචනායි අක්කයි නංගියිද?
ස්තුතියි අරූ........ඔව් අක්කයි නංගියි අපි දන්නා.දෙන්නම චන්ද්රසේකර හින්දා ගෙස් කරන්න ඇත්තෙ මයෙ හිතේ...........
Deleteඑහෙම තමයි හිතුවේ. අනික චතුරිකා සහ කාංචනා කිව්වාම මම හිතුවා දෙමව්පියෝ එක ලඟින් යන නම් දෙකක් දාලා බව.
Deleteලස්සනයි කවි පෙල..
ReplyDeleteස්තුතියි දිනේෂ්............
ReplyDeleteහැබැයි අපි හිතින් හිතාගන්න දේවල් වලට වඩා සැබෑවට ම තියෙන දේ ගොඩක් වෙනස් හොදේ...........
ReplyDeleteසමහර තැන් වලදි ඔබ කියන දේ හරි එබිකම්.ඒත් ගොඩක් විට අපි හිතා ගන්න දේවල් හරි..........
ReplyDelete