නැගුණු හිරු අඹරත මවනු පෙනුණි
කවදාවත් දැක නැති තරම් අමුතුම අමුතු ලස්සන
සිතුවම්...................
හිරුට නොදෙවෙනිව ඒ මේ අත දුවන
නිල් හිඩැස් වසන්නට වෙහෙසුණ වළාකුළුත් අමුතුයි
...................
කලා සොළොසක් නැතිව නැගුණු
ගණකළුවරට යටවුණු
හද පළුවේ තිබුණ හැඩය ..................
තරු කැටයක්වත් නැතුව තනිවුණ
අහසින් වැටුණු පිණිබින්දුවලත් තිබුණේ සතුටක්
........................
කැළේට පිපිලා හැමදාම හිනාවුණ
කටරොල් මල් වල තිබුණු ඇස් සනසන ලස්සන
................
තාම මතකයි මට ගිණි ගහන අව්වේ
පිච්චි පිච්චි ඉද්දිත් දැනුණු ඇග කිළිපොලන සීතල
.....................
වෙන කවදාවත් දැකපු නැති විදිහට
ඔය ඇස් දෙක නිල් පෑයට දිලිසුණු තරම්
..........................
ඒ වෙනකන් දැකලා නැති ලස්සනකට ඔය උවන
මගේ දිහා බලාගෙන උන්නු අපූරුව
.............................
තුෂාර විතාරණ
.
ඇත්තෙන්ම කෙදිනකවත් අමතක නොවන, නොකල හැකි දිනය………
ReplyDeleteලස්සනයි තුෂාර.
ඔව් චතුරංග,
Deleteජීවිතේ ලස්සනම දවසක් තමයි. ස්තූතියි ඔබේ අගය කිරීමට....
තාම ඉතින් ඒ දවස එනකන් බලාගෙන ඉන්නවා.. කවිය නම් අපූරුයි..
ReplyDeleteඒ දවස ඉක්මන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවිය අගය කිරීම ගැන ස්තූතියි......................
Delete