ශේෂ වුණු කදුළක් කොපුල් රූරාගෙන
ශ්වේත අංජන නෙතින් අභිනික්මන් කර
රෝස පෑයට පිපුණු කම්මුල් මත
වේලිලා ඉරිතලනු ඇති බව දනිමි මම
...........................
අතොරක් නැති කර්කෂ ගෝෂාව මැද
අයාගත් දෑස් පියන්නට අතහැරී
අනන්තය දකින්නට යත්න දරමින්
කල්පනාබරිත ව සිටින බව දනිමි මම
..........................
ප්‍රේමය සංතර්පනය කොට උනුන් වෙලා
පරිධියේ කොනක පෙම් කෙළින් පෙම්වතුන්
යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන
දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම
..........................
ලම්භාකාරව පොළවට පතිත වන
වැහි බින්දු ජනිත කරන මූසලකම සහ හීතල
පාළුව උපරිම කොට නොහිම් කණාගටුවක්
මවන බව දනිමි මම දනිමි මම
.............................
අතීතයට පණ දී නැවත නැගිටුවා සිට
සුන්දරම සුන්දර දවස් යළිත් උද්දීපනය කොට
ඇස් කොනින් බලා කට කොනින් හිනාවෙන
හෙටක් තනන්නට වෙහෙසෙමි මම
.......................
තුෂාර විතාරණ
.
අතීතය අනාගතයට ගෙන ඒමට වෙහෙසෙන තරම. ……
ReplyDeleteඅදයි ලස්සන පද පෙළක් තුෂාර.
ජීවිතේ කියන්නේ අනුන් වෙනුවෙන් කරන කැප කිරීමක් සහ තමන් වෙනුවෙන් අනුන් කරන කැපකිරීම් නිසා ලබන්නා වූ තෘප්තියක් විතරයි චතුරංග.................
Deleteමම මගේ දේ කරන්නට උත්සහ කිරීමක් ගැනයි මේ කවිය ලියුවේ.
ස්තූතියි ඔබේ දිරිගැන්වීමට..........................
//අතීතයට පණ දී නැවත නැගිටුවා සිට
ReplyDeleteසුන්දරම සුන්දර දවස් යළිත් උද්දීපනය කොට
ඇස් කොනින් බලා කට කොනින් හිනාවෙන
හෙටක් තනන්නට වෙහෙසෙමි මම .......................//
අළුත් බලාපොරොත්තුවක් එක්ක සුන්දර හෙටක්...
හදබැඳි පැඳිපෙළක්..
ජය වේවා!!!
ඔව් විදානේ..................
Deleteඒ හෙට දවස හරිම සුන්දර වෙනවා කියලා මං දන්නවා.ඒ වෙනුවෙන් තමයි මේ තරම් වෙහෙසෙන්නේ....ඒත් ඒ වෙහෙසීම පසුපස අපිට අමාරුවෙන් දරාගන්න වෙන ලොකු දුකකුත් නැතුවාම නෙමෙයි...........
ජය වේවා අගෙයි..
ReplyDeleteස්තුතියි රස වින්දාට.........
Deleteඇත්තටම පස්ට කවියක්...
ReplyDeleteමතකය මොහොතකට සංවේදී වුණ පද පෙලක්....
ජය වේවා
අවන්හල
ඇගයීමට ස්තුතියි මහේෂ්.......
Deleteඅතීතයේ ලස්සන දවස් සිහි කරනමින් වර්තමනයේ වැලපේන්නද වෙන්නේ.?
ReplyDeleteඅතීතයේ වැළපුණාට සිනා වෙන වර්ථමානය අත ළඟ මනෝජ්.........
Deleteඅගේ ඇති පදවැලක්. දෙතුන් වතාවක් කියවා රසවින්දෙමි. තිළිණ කලාට ස්තූතියි..
ReplyDeleteස්තුතියි ඔබටත් මනෝෂ්......
Deleteසුභ අනාගතයක්!!!
ReplyDeleteස්තුතියි අරූ..........
Deleteලස්සන කවියක් නොවැ ලියල තියෙන්නෙ..
ReplyDeleteඇගයීමට ස්තුතියි උමේෂ්......
Deleteනිර්මාණය කියවා රස වින්දා.. ජය !
ReplyDeleteස්තුතියි චන්දන........
ReplyDelete