ඈතක යන්නට
පෙර මා තනිකර
කළ වරදක්
වටහා දී යනු මැන............
මතකය සිරකර
සිතිවිලි ගොළුකර
නිරයක අද මා
දුක් විඳිනා යුර................
පාමුල පෑගෙන
මල් පෙත්තක් ලෙස
මා ගැන සිතනා
අයුරු පෙනේ අද...........
දුන්නා නම් ඔය
හිත වෙන අතකට
සඟවා රිදවුම්
නොදෙනු මැනේ මට..........
උස අතුවල පිපි
සුපිපුණු මල් දැක
මල් පෙත්තක්
පොඩි කර දැමුවද නුඹ..........
අහිතක් නොසිතමි
කියනු මැනේ මට
තව වගුරන්නට
කඳුළු නැතේ මට............
ඉසුරිකා චූලරත්ත
පද ටික ලස්සනයි ඉසුරිකා,
ReplyDeleteඈත යන්න ඕන කෙනා වරදක් උනත් නූනත් යනවමයි කියනවනෙ. :(
ස්තුතියි චතුරංග........යන අය යනවාම තමයි.ඒක වළක්වන්න අමාරුයි. යන අයට යන්න දෙන එක තමයි හොඳම දේ...............
Deleteඋස අතුවල මල් සුවදයි සිතුවට
ReplyDeleteසුවද විදිනු මිස
ජිවිතයම කර ගන්නට
නොහැකිය නුඹ හට
ඒවා හිමි,නතු බඹරුන් ඇත
වට පිට
ඒ හින්දා සිහි කැන්දාගෙන
පරිස්සමින් හිටපන්
නුඹ හෙට.......
______ශානු__________
උස අතුවල මල්
Deleteසුවඳයි සිතුවට
පතන සුවඳ
නොම වේවි නිබඳවම.......
ස්තුතියි ශානු.....
//මතක පොදි කල්පයක් දුරකට
ReplyDeleteහිතේ ගෙන රන්දා
නෙතින් නොහඩා නිතින් සතුටින්
සිටින්නට පැතුවා
නුඹත් සතුටින් මමත් සතුටින්
සිටින යුරු මවලා
විවර මනැසට ලියලු කදුලට
සමුදෙන්න සිතුණා//
උස අත්තක මලක් උනේ ගවු ගණනක් උඩින් ඉන්න කියලා
"නුඹට ඉන්නෙ මං උනාට මට ඉන්නේ නුඹ විතරද" කියල හිත හදාගන්න මෙයා ඔන්නොහෙ
Deleteඔබ ඇයත්
සයුරු තෙර
අතු පතර
සැඟවිලා
තුටි සිතින්
සිනාසෙනු
සිහිනෙකින් දැක්කා.........
ස්තුතියි රස ගී පද කුරුටු ගෑවාට......
මම කලින් පෝස්ටු එකෙත් කිවුවා..මේ බ්ලොග් එක මට ෆලෝ කරන්න දෙන්නෙ නෑනෙ
ReplyDeleteමෙතැන්ට පොඩ්ඩක් ගිහින් බලන්න
Deleteඅහ්! බොහොම ස්තුතියි සහෝ!
Deleteඋස අතුවල මල් ඉක්මනට හුලගට ගහහෙන යනවා...
ReplyDeleteඒත තේරුණාම ඉක්මනට ආපහු ඇවිත් පොඩිකරපු මල්පෙත්ත ගැන දුක් වෙයි...
හැඩට ලියල තියනවා....
ජය වේවා!!!
දුක් වෙද්දී ප්‍රමාද වැඩියි විදානෙ.තියනකල් අගයක් නැහැ.වෙන ඒවා හොයනවා.පස්සෙ ඒවා තේරුම්ගන්නවා..........
ReplyDeleteස්තුතියි මේ පැත්තටත් ආවාට........
යන/ගිය එවුන් ගැන හිත හිතා දුක් වෙන එක නම් මහා මෝඩ වැඩක්....
ReplyDeleteඔව් ඒක ඇත්ත කෙන්ජි.......
Deleteස්තුතියි......
ගලන ගග දිය
ReplyDeleteනැවතුවැ‘කිද කෙදිනක
යන අයට යන්න දෙන්න ඕනි.ඔබ කියනවා වගෙ ගලන ගඟක් නතර කරන්න බැහැනෙ.........
Deleteස්තුතියි මේ පැත්තට ආවට.......
පද පෙල රස වින්දා. ලස්සන නිර්මාණයක්. "එපා තවත් ඔබ..." සින්දුවත් මතක් වුනා.
ReplyDeleteස්තුතියි චන්දන.....................
ReplyDelete