Tuesday, March 18, 2014

උස අතුවල මල් සුවඳ..............










ඈතක යන්නට
 පෙර මා තනිකර
කළ වරදක් 
වටහා දී යනු මැන............

මතකය සිරකර
සිතිවිලි ගොළුකර
නිරයක අද මා 
දුක් විඳිනා යුර................

පාමුල පෑගෙන
මල් පෙත්තක් ලෙස
මා ගැන සිතනා 
අයුරු පෙනේ අද...........

දුන්නා නම් ඔය
හිත වෙන අතකට
සඟවා රිදවුම්
නොදෙනු මැනේ මට..........

උස අතුවල පිපි
සුපිපුණු මල් දැක
මල් පෙත්තක් 
පොඩි කර දැමුවද නුඹ..........

අහිතක් නොසිතමි
කියනු මැනේ මට
තව වගුරන්නට
කඳුළු නැතේ මට............


ඉසුරිකා චූලරත්ත







17 comments:

  1. පද ටික ලස්සනයි ඉසුරිකා,

    ඈත යන්න ඕන කෙනා වරදක් උනත් නූනත් යනවමයි කියනවනෙ. :(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග........යන අය යනවාම තමයි.ඒක වළක්වන්න අමාරුයි. යන අයට යන්න දෙන එක තමයි හොඳම දේ...............

      Delete
  2. උස අතුවල මල් සුවදයි සිතුවට
    සුවද විදිනු මිස
    ජිවිතයම කර ගන්නට
    නොහැකිය නුඹ හට
    ඒවා හිමි,නතු බඹරුන් ඇත
    වට පිට
    ඒ හින්දා සිහි කැන්දාගෙන
    පරිස්සමින් හිටපන්
    නුඹ හෙට.......
    ______ශානු__________

    ReplyDelete
    Replies
    1. උස අතුවල මල්
      සුවඳයි සිතුවට
      පතන සුවඳ
      නොම වේවි නිබඳවම.......
      ස්තුතියි ශානු.....

      Delete
  3. //මතක පොදි කල්පයක් දුරකට
    හිතේ ගෙන රන්දා
    නෙතින් නොහඩා නිතින් සතුටින්
    සිටින්නට පැතුවා
    නුඹත් සතුටින් මමත් සතුටින්
    සිටින යුරු මවලා
    විවර මනැසට ලියලු කදුලට
    සමුදෙන්න සිතුණා//

    උස අත්තක මලක් උනේ ගවු ගණනක් උඩින් ඉන්න කියලා
    "නුඹට ඉන්නෙ මං උනාට මට ඉන්නේ නුඹ විතරද" කියල හිත හදාගන්න මෙයා ඔන්නොහෙ

    ReplyDelete
    Replies

    1. ඔබ ඇයත්
      සයුරු තෙර
      අතු පතර
      සැඟවිලා
      තුටි සිතින්
      සිනාසෙනු
      සිහිනෙකින් දැක්කා.........

      ස්තුතියි රස ගී පද කුරුටු ගෑවාට......

      Delete
  4. මම කලින් පෝස්ටු එකෙත් කිවුවා..මේ බ්ලොග් එක මට ෆලෝ කරන්න දෙන්නෙ නෑනෙ

    ReplyDelete
  5. උස අතුවල මල් ඉක්මනට හුලගට ගහහෙන යනවා...
    ඒත තේරුණාම ඉක්මනට ආපහු ඇවිත් පොඩිකරපු මල්පෙත්ත ගැන දුක් වෙයි...

    හැඩට ලියල තියනවා....
    ජය වේවා!!!

    ReplyDelete
  6. දුක් වෙද්දී ප්‍රමාද වැඩියි විදානෙ.තියනකල් අගයක් නැහැ.වෙන ඒවා හොයනවා.පස්සෙ ඒවා තේරුම්ගන්නවා..........

    ස්තුතියි මේ පැත්තටත් ආවාට........

    ReplyDelete
  7. යන/ගිය එවුන් ගැන හිත හිතා දුක් වෙන එක නම් මහා මෝඩ වැඩක්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත කෙන්ජි.......

      ස්තුතියි......

      Delete
  8. ගලන ගග දිය
    නැවතුවැ‘කිද කෙදිනක

    ReplyDelete
    Replies
    1. යන අයට යන්න දෙන්න ඕනි.ඔබ කියනවා වගෙ ගලන ගඟක් නතර කරන්න බැහැනෙ.........

      ස්තුතියි මේ පැත්තට ආවට.......

      Delete
  9. පද පෙල රස වින්දා. ලස්සන නිර්මාණයක්. "එපා තවත් ඔබ..." සින්දුවත් මතක් වුනා.

    ReplyDelete
  10. ස්තුතියි චන්දන.....................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...