Saturday, March 22, 2014

සීතා නුඹ වෙනුවෙන් ම යුද වදිමි මම....................



මම රාමා නොවන බව දනිමි.
එබැව් මා පිළිගනිමි. එයින් මිදීමට නොවෙහෙසෙමි.
ඒත් සීතා.....................
නුඹ වෙනුවෙන් ම යුද වදිමි. 
මා වෙනුවෙන් නොව නුඹ වෙනුවෙන් ම දුක් විදිමි.

කාලය නම් රුදුරු රාවණා
දඩුමොණරයෙහි ලා නුඹව රැගෙන විත්
දින සති මාස ගෙවිලා 
දෑ වසක් ගතවුණා..................

රජ සැප කුමට ද ? අත් හරිමි එය මම.
සැනසීමක් කොහිද ? නොසැනසුනෙමි මම.
සතුටක් කොහිද ? දුකින් වැලපෙමි මම.
සෙනෙහසක් කොහිද ? එය සොයා එමි මම...............

නැතුවත් දඩුමොණර මට,
හිතට ගෙන ධෛර්‍ය්‍ය,
අසිපතින් ගසා දිය දෙබෑ කොට,
සමුදුර තරණය කරන්නෙමි මම...............

ඉතින් සීතා.....................
නුඹ වෙනුවෙන් ම යුද වදිමි. 
මා වෙනුවෙන් නොව නුඹ වෙනුවෙන් ම දුක් විදිමි.

රාමාට සිටියත් ලක්ෂ්මන
මගේ සහයට නොවේ කිසි දෙන
රාමා වෙනුවෙන් යුද වැදුණු වානර
හමුදාවක් කොහිද තනිව යුද වදින මට.......................

නොනවතිමි. නොපරදිමි. නොසැලෙමි.
කාලය නම් රුදුරු රාවණා පරදා 
තවත් සතියකින් දෙකකින් දිනක
නුඹව ගෙන යමි මගේ රාජ්‍යයට........................

ඔව් සීතා...........................
නුඹ වෙනුවෙන්ම යුද වැදී ජයගත් 
රාමා නොවන මම නුඹව ගෙනයමි
මගේ ම රාජ්‍යය වෙත................................

තුෂාර විතාරණ

.

13 comments:

  1. සුපිරි සිතිවිල්ල ලෙසට කවි කොරල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි....ගොඩක් දවසකට පස්සෙ කවියක් කුරුටු ගෑවෙ.............

      Delete
  2. රාමා නොවන රාමා.……

    ඇත්තෙන්ම ලස්සනයි තුෂාර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා ඔබේ අගය කිරීමට................අපි කවුරුවත් රාමලා නෙමෙයි. ඇත්තම කතාව කාටවත් රාමා කියන නමින් නියෝජනය කරන චරිතය සත්‍ය ජීවිතේ රගපාන්න බෑ. ඒක රාමාගේ ජීවිතේ වත් තියෙන්න නැතුව ඇති. ඒත් ගැහැණුන් හැම පිරිමියෙක්ගෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ මනෝ මූලික චරිතය රගපායි කියලා. ඒත් එයාලා සීතලත් නෙමෙයි. එතන තමයි ගැටළුව තියෙන්නේ...........

      Delete
  3. තනිව ලැබූ ජයක් ! ලස්සනයි කවි පෙල !!

    ReplyDelete
  4. Hello colleagues, nice article and fastidious urging commented here, I am actually enjoying by these.


    My web blog Throne Rush Hack

    ReplyDelete
  5. ඔව් චන්දන,

    රාමා සටන් කළේ තනියම නෙමෙයි. ඒත් අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ තනියම. අනික අපේ ජීවිත කතා ලියවෙන්නේ වත්, රූපගත කරන්නේ වත් නෑනේ. ඒත් ගොඩක් පිරිමි තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් සැගවුණු කැපවීම් බොහොමයක් කරනවා. ඒත් ඒවා කවුරුවත් දන්නේ නෑ. අඩුම ගානේ තමන්ගේ අයවත් ඒවා දන්නෑ වගේ ඉන්න කොට කවි ලියලා මදි කියලත් හිතෙනවා චන්දන.............

    ReplyDelete
  6. කාලය එළඹෙන තුරු ඉවසා සිටීමද සටනකි.
    -අපුරුයි !

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම ඔව් තිලක්, සමහර වෙලාවට අමාරුම වැඩෙත් ඕක තමයි..........

      Delete
  7. පස්ට අදහසක් නෙව.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා................

      Delete
  8. රමා මටනම් නොවේ වීරයෙක් ඔහු.

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙනස් අදහසක් මනෝජ්..........කැමතියි ඒ ගැන ඔබේ අදහස් දැන ගන්න

      Delete

Related Posts Plugin for WordPress, Blogger...