Friday, January 3, 2014

උපාධි පත්වීම................................

   



  අවුරැදු හතරක් වාසිටියේ කට්ට කාලා
    ගත්තඋපාධියට අවස්ථාවක්
    මෙන්න රජයෙන් ....
    ලොරියෙන් පැළ බාන්න
    පැළ බෙදන්න ඇට බෙදන්න
    වසමට කිලෝ මීටර 70 යි
    මුළු ගමනට පැය පහයි
    සාරි උස්සගෙන මඩේ.
     තව පැය දෙකයි..........
    පැළ කාලෙට පැළ මිස් ලු
     ඇට කාලෙට ඇට මිස් ලු    
    ඒත්............
    S 3ට අමාරුවෙන් ගොඩදාගත්ත
    බාහිර උපාධියට මල් හතයි.....
     ඇමතිතුමාගෙ පත්වීම් ලු
     අව්වෙ යන්නත් බෑලු
     ඇට බෙදන්නත් බෑලු
     ඒත් මැඩම්ගෙ සම්බන්ධීකාරකලු
     හත්දෙයියනේ උපාධීයට වෙච්ච දෙයක්
    


 චතුරිකා චන්ද්‍රසේකර

50 comments:

  1. හිනාවෙන්නද අඩන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. අඬන්න තමයි වෙලා තියෙන්නෙ.මොකද මේ ගොල්ලන්ගෙන් වැඩි දෙනා විෂ්ව් විද්‍යාලයේදී ඉගෙන ගන්න මුල් තැන දෙනවා වෙනුවට කරන්නේ පෙළපාලි යන එක.පුස්තකාලේ පොත් වල මකුළු දැල් බැඳිලා.ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැහැ.අද අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ වැඩි දෙනෙක්ගෙ මොලේ හෝදලා තියෙන්නෙ.නිකම් මහපොළ ලැබෙන නිසා එකෙන්ම උගත් කමත් ලැබෙනවා කියලයි වැඩි දෙනා හිතාගෙන ඉන්නේ.අන් අයගේ විරුද්ධ මත වලට උත්තර දෙන්නේ පිහි,පොලු අරගෙන.
      මේවා කියද්දී කවුරු හරි හිතුවොත් මා මේවා ලියන්නේ හීනමානයෙන් හෝ තරහෙන් කියල ඒක වැරදියි.මට ලංකාවේ විශ්ව විද්‍යාල දෙකකම උපාධි තියෙනවා.හැබැයි රස්සාවට ගියේ 3.50ක් වියදම් කරලා ඉල්ලුම් පත්‍රයක් දමල සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉඳල.

      Delete
    2. සමරසේකර මහත්තයගෙ කතාව ඇත්ත. 90% ක්ම උපාධිධාරීන්ට ඉංග්‍රීසි බෑ.පොත් කියවන්නෙත් නෑ.හැබැයි මේකට දොස් කියන්න ඕන දේශපාලන පක්ෂ සංවිධාන වලට.නම් වශයෙන්ම කියනවනම් ජේ වී පී ,පෙරටුගාමී කියන පටු දේශපාලන බලවේග වලට.ඔය ඩිග්‍රි වල සත පහක වැඩක් නෑ කියන එක නම් කවුරු තරහ වුනත් කියන්නම වෙනව.ගිරවු වගෙ සටහන් ටික පාඩම් කරනවා.ඊට පස්සෙ කඩු පොලු අරන් පොලිස් බැරියර් පෙරලනව.කිසිම නිර්මානාත්මක බවක් නෑ.1991 පෙරස්ත්‍රොයිකා ව ආවෙ නැත්නම් ආයෙ රට අමුසොහොනක් වෙන්න ඉඩ තිබුන .මොකද 1987 න් පස්සෙ 20 අවුරුදු බිලි පූජාවට කාලෙ හරිනෙ.නිර්මානාත්මක ශිෂ්‍යයන් මිනී මරන්න බස් ගිනි තියන්න පෙළ බෙන්නෙ නෑ.ජේ වී පී එක ඒක දන්නව.විශ්ව විද්යාල අධ්යාපනයේ මොනම නිර්මානාත්මක වෙනස්කට මේ අය ඉඩ නොදෙන්නෙ ඒකයි.

      Delete
    3. යකා,

      ඔබේ අදහසට පළමුවෙන් ම අපි ස්තූති කරනවා. නමුත් ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි ඉංග්‍රීසි කතා කරන එකයි අතර පෙන්නන්න හදන සමාන කමට නම් එකග වෙන්න බෑ. ඇයි ඉංග්‍රිසි නැතුව රටක් කරගෙන යන්න බැරිද. අපි සුද්දොන්ට බනිනවා. හැබැයි ඉංග්‍රීසි නැතුව බෑ. ඇයි අපිට අපේ රටේ බුද්ධිමතුන් පාවිච්චි කරලා අපේම ක්‍රමවේදයන් දියුණු කරගන්න බැරිව හැමෝටම ඉංග්‍රීසි පස්සේ යන්න කියන්නේ. අනික විශ්ව විද්‍යාලය කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න යන තැනක් නෙමෙයි. ඒකට ඉංග්‍රීසි ක්ලාස් එකකට යන්න පුළුවන් නේ. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ ඊට එහා ගිය දැනුමක් වෙනුවෙන් තියෙන තැනක්. එතන ඔබ ඔය කියන නිර්මාණශීලීත්වය ඇති වෙන්න තියෙනවා. ඒත් අපේ විශ්ව විද්‍යාල ඒක කළමනාකරණය කරගන්න තරම් සාර්ථක තත්වයක නෑ. ඒ නිසා ශිෂ්‍යයොන්ගෙ හැසිරීම එයාලට වදයක් වෙලා.

      අනික ඔබට දේශපාලනික ව ජේවීපී එකත් එක්ක ප්‍රශ්ණයක් තියෙන පාටයි. ඒකට විශ්ව විද්‍යාලය ගාවගන්න එක නම් වැරදියි. මොකද විශ්ව විද්‍යාලය ඇතුලේ තියෙන පළවෙනි දේශපාලනය අල-පොදු දේශපාලනය. ඒක ඔය කියන ජේවීපී දේශපාලනයට වඩා ඉස්සරහින් තියෙන දෙයක්.

      අනික ඔබ හැම දෙනාම එළියේ ඉදලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ගෝෂණ වලට බැන්නට ඔවුන්ගේ කෑ ගැසීම නිසා තමයි ඔබේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයත් රැකිලා තියෙන්නේ කියලා අමතක කරන්න එපා.

      ඒ වගේ ම ඔබ අපේ රටේ විශ්ව විද්‍යාල ශීෂ්‍යන්ට කොච්චර බැන්නත් මතක තියා ගන්න මේ රට මේ විදිහට කරගෙන යන්නේ අපේ උපාධිධාරීන් ම තමයි කියලත්. රටේ හැම ලොකු තැනකම ඉන්නේ එයාලා ම තමයි.

      Delete
    4. සහෝදරයා
      ඔබතුමා වගේම නිදහස් අධ්‍යාපනය ලබලා උපාධි ගත්තු උසස් අයමයි අද නිදහස් අධ්‍යාපනය විනාස කරන්න හදන්නේ.....ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

      Delete
    5. දැන් මේ සමාජය තුල ඉන්න බහුතරය කුහක මුල අමතක වෙන පිරිසක්. නිදසුන් අමුතුවෙන් පෙන්නන්න ඔනි නැනෙ? සුදු බන්ඩාට වඩා නම් නිදසුනක් මට තවත් දෙන්න නැ.

      Delete
    6. Wmk Samarasekara මහත්තයාට උපාධි දෙකක් තිබ්බට මොකද මොලේ නම් කළදක් නැති හැඩයි පේන්නේ. නැත්නම් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ comment දායි යැ. :)
      Wmk Samarasekara හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න පුලුවන් මේ සම්පුර්ණ සංවාදය කියෙව්වොත්.ඇහුනද සමරසේකර මහත්තයෝ?
      සමරසේකර මහත්තයට නම් තරහක් තියෙන හැඩයි internal cmpz degree එකත් එක්ක. මොකෝ cmpz එකේදී සමාජය ආශ්‍රය කරන්න බැරි උනැයි?

      Delete
  2. නදී ..........මේවට හිනාත් යනවා වෙලාවකට.ඒත් ඇඬෙන වාර තමයි වැඩිග‍
    ..ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

    ReplyDelete
  3. ස්තුතියි ඔබට දිරිදුන්නාට.............................

    ReplyDelete
  4. එපා එහෙම බාහිර කියල උපාධියක් හෑල්ලු කරන්න. අපිට උසස් පෙළට සිංහල උගන්වපු සිසිර ගුරුවරයාගෙ සිංහල දැනුමත් ඉගැන්වීමේ විලාශයත් ඒ වන විට ප්‍රෙද්ශයේ හිටිය වෙනත් කිසිම ගුරුවරයෙකුට සම කරන්න බැරි වුණා.අද ඔහු ජීවතුන් අතර නෑ. ඔහුත් බාහිර උපාධිධාරියෙක්. නමුත් වැරැද්ද තියෙන්නෙ බාහිර ද අභ්‍යන්තරද කියන තැන නෙමේ අද හැම දෙයක්ම දේශපාලනය විසින් නතුකරගෙන

    ReplyDelete
    Replies
    1. හරියට හරි හැමතැනම දේශපාලන අත පෙවීම්.වෙනස් කරන්න ඕනේ මේ ක්‍රමය.අමාරුයි නමුත් කරන්නම ඕනේ...

      Delete
    2. බාහිර උපාධිය හෑල්ලු කරල ඔයාල මහ ලොකු උගත්තු කියල හිතන්න එපා.ඔය මහ උගත්තුන්ට තරඟ විභාගෙකට මුහුන දීල සමත් වෙන්න බෑ.ඒකයි යථාර්ථය.ඒ ලෙවල් අය එක්ක කළමනාකරන සහකාර විභාගෙකට පෙනී හිටල පාස් වෙන්න බෑ.ලැජ්ජයිනෙ අභ්‍යන්තර මහත්තයො.විභාග වලින් උඅගත්කම මනින්න බෑ.කැම්පස් එකේ පර්යේශන කළා වගෙ කතාව.ඇත්ත කතාව එකම තරඟ විභාගෙකින්වත් මේ අය පාස් වුනේ නෑ.හැම විභාගෙකින්ම පාස් වුනේ එකම සෙට් එකක්.උපාධියෙ මහිමය කියන්නෙ මහත්තයො 1998 1999 ස්කීම් එකි අයත් තවම එකම තැන.

      උපාධිධාරිය කොලිෆයිඩ් නම් ඇයි විභාග වලට බය.

      දේශපාලනෙන් ඔය කියන තරම් පත්වීම් දීල නෑ.අනික ඔක්කොම පන්දම්කාරයො බාහිරද? දේශපාලන සම්බන්ධකම් මත අභ්යන්තර අයත් අසාධාරනකම් කරනවනෙ.

      ඔය ගොල්ලො කරන කුණු සටහන් පාඩම් කිරිල්ල උගත්කම නම් ඒ උගත්කම ගන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනව.

      ඇනෝ කොමෙන්ට් දාන්න පුළුවන් වුනත් මෙහෙම ආවෙ උපාධිධාරීන් භේද කරන කතා මට අල්ලන්නෙ නැති න්සා

      Delete
    3. යකා,

      ඔබ නමින් ම කමෙන්ට් කරපු එකට මුලින් ම ස්තූති කරන්න ඔනේ. අපි ඔබේ අදහස විවේචනය කරනවා නෙමෙයි. ඔබට ඔබේ අදහස කියන්න උපරිම නිදහසක් තියෙනවා. අපි කීයටවත් ඒක නැති කරන්නේ නෑ. ඔබ ශිෂ්ඨ විදිහට ලියන තාක් කල් අපි ඔබේ ඒ අයිතිය රකිනවා.

      අපි අපේ අදහසත් කියන්නම්. ඔබ විසින් කියන තරග විභාග කතාවනම් ඇත්තට ම බොරුවක්. ලංකාවේ උපාධිධාරියෙක් වෙන්නේ ඒ ලෙවල් උපරිම ළකුණු අරගත්ත කෙනෙක්. ඒ තුනක් ගන්න තියෙන අමාරුව ඔබ හොදට ම දන්නවා ඇති නේ. ඒ හින්දා අභ්‍යන්තර උපාධියක් එක්ක බාහිර උපාධියක් සමාන කරන්න බැරි බව තේරෙනවානේ. හැබැයි අතලොස්සක් අභ්‍යන්තර උපාධිධාරීන්ට වඩා ඉදිරියෙන් ඉන්න බැරි නෑ. හැබැයි එහෙම හිටියා කියලා මුළු අභ්‍යන්තර උපාධිධාරීන් සියලුදෙනාම අසාර්ථකයි කියලා ඔබ කියන ගෙස්ටෝල්ට්වාදී මතයනම් ඉතාමත් වැරදියි.

      අනික තමයි උපාධිධාරීන් කවුරුත් මං දන්න විදිහට විභාගයකට බය නෑ. බය නම් කීයටවත් උපාධියක් ගන්නත් බෑනේ. අපි ඕනේ තරම් විභාග ලියලා තියෙනවා. ඒවා පාස් වෙලත් තියෙනවා. ඔබ රාජ්‍ය කළමනාකරණ විභාග ගැන කතා කරාට අපේ බ්ලොග් එක ලියන අය අතර රාජ්‍ය පරිපාලන විභාගය සමත් වෙච්ච අයත් ඉන්නවා. අනික අපේ බ්ලොග් එක ලියන හැමෝම ලංකාවේ උපාධිධාරීන් හෝ උපාධි අපේක්ෂකයින්. අනික එක උපාධියක් නෙමෙයි උපාධි දෙකකට වැඩිය තියෙන අය කීපයක් ම මෙතන ඉන්නවා. එයාලා ඉන්න තැන කියන්න අවශ්‍ය නෑ කියලා මං හිතනවා. ඒක ලොකුකමට කියපු කතාවක් කියලා හිතන්නැති වෙයි කියලත් මං හිතනවා.

      දේශපාලනයෙන් ඔය කියන තරම් පත්වීම් දීලා නෑ කියලා ඔබ කියන කතාවනම් අන්තිම වැරදියි. නිකමට හොයලා බලන්න ගියපාර උපාධිධාරී පත්වීම් 50,000 ම දුන්නේ දේශපාලනයට තමයි. උපාධිධාරී නොවන දේවල් ගැන මොන කතාද. එහෙව් රටක මේ ලියලා තියෙන අන්තිම සාධාරණ ඇත්ත කවිය කියවලා ඔබ මෙච්චර කෝප වීම ගැන තියෙන්නේ කනගාටුවක් නෙමෙයි දුකක්.මේ තමයි මහ පොළවේ තියෙන ඇත්ත. කවියෙක් විදිහට කවියා කරන්නේ යමක් නිර්මාණශීලී විදිහට සමාජයට ඉදිරිපත් කරන ඒක. ඒක ඇත්තක් නම් ඔබ වැනි සමාජයේ සිටින කොටස් වලින් සිදුවිය යුත්තේ ඒක දිහා බලලා ඒක විවේචනය කරන එක නෙමෙයි. මේ තැනට අපේ රට ඇද වැටිලා තියෙන ඒකට සැබෑ හේතු හොයලා ඒකට පිළියම් යොදන එකයි. අන්න එතනයි අපිට වරදින්නේ. හැමදාම රටේ මිනිස්සු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට බැන බැන ඉන්නවා මිසක් රටේ අනාගතය නිවැරදි කරගන්නට අපේ සමාජය සූදානම් නෑ.

      Delete
    4. ඇයි මේ කුරුටු ගාන අයත් යකා මේ සංවාදය වෙන අතකට අරන් යනකන් බලන් ඉන්නෙ? අපි දැන් යකාගෙ නිර්වචනයද මේ කවියට දෙන්න ඕනි?

      Delete
    5. යකා නෙවෙයි මේ සංවාදය වැරදි අතට ගෙනිහිල්ල තියෙන්නෙ Wmk Samarasekara කියන double උපාධි ධාරියයි. අනේ පව් අහිංසක චතුරිකා. දුක කියන්න කවියක් ලියල කරගත්ත හදියක්. සැලෙන්න එපා චතුරිකා දිගටම ලියන්න අපි ඔබේ පැත්තෙ

      Delete
  5. සිතිවිල්ල විශිෂ්ටයි...
    දේශපාලනය ගැන මෙතන ලියන්න ගියොත්,
    ඔබේ අගනා නිර්මාණයට අගතියක් වන නිසා මා නවතිමි...
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි,

      ඔබට කුරුටු ගෑ ගී පවුරේ ප්‍රණාමය

      Delete
  6. මම නම් කියන්නෙ සෑම පත්වීමක්ම තරඟවිභාගෙක ප්‍රතිපල මත බඳවා ගත යුතුයි.පියන්ලත් එක්ක. උපාධිධාරියො තරඟ විභාග වලට බය වෙන්න එපා.බැරියර් පෙරලන පොලිස්කාරයො එක්ක ගහගන්න අභ්‍යන්තර මහත්තුරු තරඟ වදින්න බය වෙනවද? මොන බොරුද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. යකා,

      ඔබ නැට්ට පාගගෙන ඉන්න වගයි අපිට පේන්නේ. කුරුටු ගෑ ගී පවුර හැටියට අපිත් කියන්නේ රටේ පත්වීමී දීමේ ක්‍රමය ඉතාම විනිවිද සහ සාධාරණ වියයුතු බවයි. ඉතින් ඔබ කියන තරග විභාග ක්‍රමය තමයි අපෙත් යෝජනාව. ඉතින් එකග දේකට ඇයි අපි තර්ක කරන්නේ. හැබැයි ඔබ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කරන සියලුම ක්‍රියා උද්ගෝෂණ වලට ලගු කරන්න එපා. මොකද අපි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත අපි විදිහට හොදින් කතා කරන්න ඕනේ විදිහ වගේ ම කෙනෙක්ට තේරෙන්නැත්තම් කතා කරන්න ඕනේ විදිහත් දන්නවා. අපි ඔනේ ම තත්වයක් යටතේ ලංකාවේ සමාජය සහ අනාගත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සුදුසු ක්‍රියාව කරන්න බය වෙන්නේ නෑ.

      ඔබේ මේ කතාව නිසා ම මම උත්සහ කරන්නම් අපේ සගයින්ගේ එකගතාවය ලැබුණොත් අපි කවුද කියන වග ඔබ ඉදිරියේ තබන්නට.

      Delete

    2. අනේ යකෝ, උම්බ දන්න බැරියර්. ගෙදර හතර මායිම වත් දන්නවද සැකයි.
      A/L ගොඩ දාන එකාට අනිත්ව මහ ලොකු දෙයක්ද යකෝ? මන් නම් කෙලින්ම අහන්නෙ වෙහර ගිලපු එකාට අග්ගල කජ්ජක්ද කියල?

      Delete
  7. මම දන්නව සමහරු මාත් එක්ක අමනාප වෙන බව.ඒත් මහපොල,ලාබ කෑම ,හොඳ ලෙක්චර්ල,පුස්තකාල පහසුකම් ආදී කිසිම වරප්‍රසාදයක් නැතිව ස්ටහන් ටිකත් අමාරුවෙන් හොයා ගෙන පාඩම් කරන අහිංසක බාහිර උපාධිධාරියට අවමන් කරල ගේම ඉල්ලන කොට නිකම් ඉන්න බෑ.අනේ ඔබතුමන්ලගෙ නිර්ධන පන්තික හැඟීම

    බාහිර අහ්‍යන්තර උපාධි දෙකේම ගුණාත්මක බව ගැන ප්‍රශ්න තිබෙනව.ඒක මම පිළිගන්නව

    ReplyDelete
    Replies
    1. //මම දන්නව සමහරු මාත් එක්ක අමනාප වෙන බව.ඒත් මහපොල,ලාබ කෑම//

      යකා,
      මහපොළ කෝටියක් ලැබෙන්නේ නෑ. හම්බෙන්නේ රුපියල් 2000යි. දැන් 2500 ඇති. ලාබ කෑම කොච්චර රසද කියලා ඔබ දන්නවනම්. ඒවා අමෘතය වගේ රසයි. ඒවා කාලා මාසයකට විතර සැරයක් අම්මා තාත්තා බලන්න යන්න ලැබෙන මාර වාසනාවන්ත සැප තැනක් කැම්පස් එක.

      Delete
  8. මෙහෙමයි. රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව උපාධියක් හදාරණ කෙනෙක්ගේ ජීවන අත්දැකීම් වෙනස්. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශ්ව-විද්‍යාලයක් වන නිසා. එයින් ලැබෙන්නේ අත්විතීය විශ්වීය දැනුමක්. පොත පතේ දැනුම පමණක් නොවෙයි. ගෙදරදී තමන්ගෙ රෙද්දක් හෝදගන්න බැරි, තේ එකක්වත් හදාගන්න බැරි හාමුලා, කුමාරිහාමිලා කැම්පස් ඇවිත් අගේට තමන්ගේ වැඩ කරගන්නවා. අවුරුද්දකින් දෙකකින් අගේට උයන්නත් ඉගෙන ගන්නවා. ගෙදරදි බැරිවෙලාවත් ආයුධයක් අල්ලන්නෙ නැති, කැත්ත උදැල්ල අල්ලන්න දන්නේවත් නැති උන් අගේට මළ ගෙවල්වල කාණු කපනවා. වත්තෙ හතර මායිම නොදන්න උන් ලංකාවෙන් තුනෙන් දෙපංගුවක් කවර් කරනවා. කුණුහරුපයක් ඇහුණොත් ලැජ්ජාවෙන් මූණ රතුවෙන උන් අපූරුවට කුණුහරුප කියනවා. කෙල්ලෙකුටනම් ඇඹරෙන්නේ නැතුව අහගෙන, දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. (මේ හැමදේම ජීවිතේට වැදගත්.)
    කැම්පස් එකක් කියන්නේ සමාජයේ සෑම ජනකොටසකම නියෝජනයක්. සෑම ජාතිකයකම, සෑම ආගමකම අය එතන ඉන්නවා. විවිධ සංස්කෘති එහිදී මිශ්‍ර වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ මත, ආකල්ප දරන මුද්ගලයින් හා ගැටෙන්න වෙනවා. විවිධ සමාජ වලින් පැමිණි අය, (ධීවර ආදී.), විවිධ තරාතිරම් වල අය, විවිධ දේශපාලන මත දරන අය, විවිධ දුර්ගුණ, විකෘති ඇබ්බැහි වලට යොමු වුණු අය ආදී වශයෙන් සංකීර්න සංකලනයක්. ඒ හැම ජාතියේම අය එක්ක එක නේවාසිකාගාරයේ, එක කාමරයේ ඉන්න සිදුවනවා. මිනිසුන් තේරුම් ගන්නවා. අන්‍යෝන්‍ය සහයෝගය, නායකත්වය, සංවිධානය, වගකීම් ඉසිලීම, මිනිස්සුන්ගේ අමාරුකම් තේරුම් ගැනීම, වැරදි වලට සමාව දෙන්නට ඉගෙන ගන්නවා.
    දුප්පත්-පොහොසත් සෑම දෙනෙක්ම ජීවිතය හරියටම අත්දැකීමෙන් විඳින්නේ මෙහිදි කිව්වොත් එය නිවැරදියි.
    නමුත්, සමාජ අත්දැකීම් අතින් අභ්‍යන්තර උපාධිධාරියෙක් අනිවාර්යයෙන්ම ඉදිරියෙන් සිටියත් විෂය දැනුමෙන් බාහිර උපාධිධාරියෙක් එවැන්නෙකුට දෙවැනි වන්නේ නෑ. යකා කිවු පරිදිම බාහිර උපාධිධාරියෙක් සිය උපාධිය සම්පූර්ණ කරන්නේ දහසකුත් එකක් අභියෝග, දුක් කම්කටොළු මැද. අභ්‍යන්තර වුවත්, බාහිර වුවත් උපාධියක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවෙයි.
    මෙන්න මේ නිසා, රැකියාවක් ප්‍රදානය කිරීමේදී බාහිර උපාධිධාරියාට සම අයිතිය දෙන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. සරසවි යන්නට ලකුණු කිහිපයක් මදිවූ පළියට ඔවුන් හෙළා දැකිය යුතු නැහැ. ඔවුනුත් අපේම සොයුරන්, සොයුරියන්.

    ReplyDelete
    Replies
    1. සංවේදී,

      ඔබ ලොකු කාලයක් කැපකරලා. හොද කරුණු ගොඩක් ගොණු කරලා අගේට මේ ගැටළුව විසදන්න උත්සහ කරලා තියෙනවා. ඒත් ඇත්තට ම මේක සංවාදයක් විදිහට ඉතාම සාර්ථකයි. මොක ද රටේ තියෙන ගැටළු කීපයක් ම මේකෙන් එළියට ඇවිත් සංවාදයට යෙදිලා තියෙනවා.

      කොහොම වුණත් ඔබ දැක්වූ සාර්ථක අදහස් දැක්වීමට අපේ ප්‍රණාමය පළ කරන අතර ම අප ඔබගේ අදහස සමග එකග වන බවත් කියන්න කැමතියි.

      Delete
    2. සංවේදි සහ කුරැටු අය්යාටයි මේ ලියන්නේ

      අභ්‍යන්තර හෝ භාහිර හෝ ව්දේශිය හෝ වේවා සියලුම උපාධිධාරින් . උපාධිධාරින්ය .. ඔවුන් ශ්‍රිලාංකික පුරවැසියෙකු නම් හා රටේ නීතීයට අවනත නම් ඔවුන්ට අන් සෑම පුරවැසියෙකුටම සේම සාධාරන රැකියාවක් කිරිමට අයිතියක් ඇත.

      එහිද රැකියාව කෙරෙහි බලපානු ලැබිය යුත්තේ ඔවුන් තුල සැබැවින්ම ඇති සුවිශේෂි දක්ෂතා , හැකියාවන් සමග මුසුවුනු ඔවුන්ගේ සැබැ ස්වරුපය මිස හුදු ලියවිල්ලකට සීමා වුන උපාධි සහතිකය නොවන බව ඔබ දෙදෙනාම වටහා ගත යුතුය.

      කිසිදු උපාධියක්, එය දරා සිටින පුද්ගලයාට සමාජය විසින් ලබාදෙන හෝ ලබා දිය යුතු වටිනාකමට වඩා වටිනාකමක් ඇති බව මා පිලිගන්නේ නැත.ඔබද එය වටහා ගනු ඇත.

      ඒනිසා අභ්‍යන්තර / භාහිර ලෙස භේද හුවා දක්වමින් නින්දිත ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටිය යුතුය.

      මක්නිසාද යත් අභ්‍යන්තර / භාහිර උපාධියක් ලබාගැනීමට සිදුකල යුතු කැපකිරිම් , හෙලිය යුතු දුක්දහදිය පිලිබද දන්නේ ඒ ඒ අයම වෙන හෙයින්ය. හරියට දරැවෙකු ප්‍රසූත කිරිමේ වේදනාව දැනිමට දරැවන් වැදු අම්මා කෙනෙක් වියයුතුමය

      Delete
  9. වේදනාව දැනෙන්නේ ඒක විඳපු කෙනෙක්ටනේ.. බාහිර - අභ්‍යන්තර උපාධි කතාව පැත්තකින් ම තියමුකෝ.. උසස් පෙළ විතරක් සමත් අය දේශපාලන හා ඉහළ නිලධර අනුග්‍රහය මත ඉතා ලස්සන තනතුරු නාම සහ ඉහළ වැටුප් යටතේ රජයේ ආයතනවල වැඩ කරනවා.. දෙවැනි බස හෝ ඉංග්‍රීසි පිළිබඳ දැනුමකුත් නැති ව..

    තවත් සමහරු උසස් පෙළ සමත් වූ ඇතැම් අය ද ඇතුළු ව පාසල් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් කරනවා.. ඒ අතර බාහිර උපාධිය කරනවා. ඔවුන් උසස්වීම් ආදියත් ලබා ජීවිතය ස්ථාවර කරගත් පසුවයි අභ්‍යන්තර උපාධිධරයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නේ.. මෙතැන යම්කිසි වේදනාවක් තියෙනවා..

    හැම කෙනාට ම අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තියෙනවා.. ඒ අයිතිය අපි සුරක්ෂිත කළ යුතු වෙනවා.. අධ්‍යාපන මට්ටම්, දැනුම කියන දේටත් වඩා මේ වේදනාව ඇතිවන්නේ රටෙහි සුපිළිපන්නතාව පිළිබඳ ගැටලුවෙනුයි.

    තරග විභාග හොඳයි. මොකද හොඳ නැත්තේ.. නමුත්, විභාගවල ලකුණු නිවැරදි ව, අපක්ෂපාතී ව ලබා දිය යුතු යි. එය 100% ක් ම තහවුරු විය යුතු යි. හොඳට පිළිතුරු ලියා ඇති පිළිතුරු පත්‍ර සොරා නොගත යුතු යි. උදාහරණයක් විදිහට කෙනෙක් ඉංග්‍රීසි භාෂාවෙන් රචනාවක් ලියා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආයතනයකින් සම්මානයක්, මුදල් ත්‍යාගයක් ලබනවා.. එය පර්යේෂණාත්මක රචනාවක්.. වසරක කාලයක් තුළ ලියන ලද. මෙම තේමාව ම තරග විභාගයක රචනාවට එනවා.. එයට ලැබෙන්නේ ලකුණු 40 යි නම් එතැන යම්කිසි රහසක් තියෙනවා..

    කොහොම නමුත්, මේ බ්ලොග් එක ලියන්නේ පල් මෝඩයන් නොවන බවත් තරග විභාගවලට් පෙනී සිට සමත් වූ අය බවත් මා පෞද්ගලික ව දන්නවා.

    මේ සියල්ල එක ම ගැටලුවක විවිධාකාර පැති.. උපාධිධරයන් කියා නියැදි වශයෙන් ගෙන සියල්ලන්ටම අදාළ කර ගත නොහැකියි.. බාහිර උපාධිධරයන් අතර නියම දක්ෂයන් ඉන්න පුළුවන් වගේ ම අභ්‍යන්තර උපාධිධරයන් අතර කොහොම කැම්පස් ආවාදැයි හිතෙන තරමට පොතේ දැනුම පමණක් ඇති හෝ එතරම් දක්ෂ නැති අයත් ඉන්න පුළුවන්. ඉහත චතුරිකාගේ ලියමන අදාළ සමස්තයටම නොවෙයි. ඇය අත් දුටු හෝ පරිකල්පනය කළ එක් අවස්ථාවකටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය කදු ,

      අපි දන්නවා ඔබ කවුද කියලා. තරග විභාග ගැන කතා කරද්දි ඔබ කියන දේ මොකක්ද කියලත් අපි කලින් ම දන්නවා. ඔබ කවුද කියන්න නම නොදන්නවා වුණාට ඔබ ගැන අපේ හැමෝම හොදට ම දන්නවා. ඇත්ත ම කදූ මේ සංවාදය තුළ යකා මතු කරන කාරණාවන් වල සාධාරණ පැත්තක් තියෙනවා වගේ ම ඔහු විසින් ආවේගයෙන් අභ්‍යන්තර උපාධිධාරීන්ගේ අසාර්ථකභාවයක් ගැන නිතරම කතා කිරීමක් දකින්න පුළුවන්. නමුත් ඔබ කරන යෝජනාව ඉතා ම හොදයි. ඔහු යෝජනා කරන්නේ ත් තරග විභාග ක්‍රමය ම තමයි. අපි යෝජනා කරන්නෙත් ඒක තමයි. ඒත් ඔබත් මමත් දන්නවා ඒවාගේ අවසානයත් කොයිවගේ ද කියලා. නමුත් මූලික ව මේ දේශපාලන අතපෙවීම් මේ තරම් කැත විදිහට නොකරන තැනකට වත් රට ගෙනියන්න යකාගේ කතාවට අපිට එකග වෙන්න පුළුවං.

      Delete
  10. මේ බ්ලොග් එක ලියන්නේ කවිය ලියූ චතුරිකා චන්ද්‍රසේකර නම් තැනැත්තියද, නැත්නම් වෙනත් කෙනෙකුද කියා මා දන්නේ නෑ. බොලොග් එක හා කවිය ලියන්නේ දෙදෙනෙක් නම්,
    ඒ දෙදෙනා සහ මේ කවියට හුරේ දමන සියල්ලෝ වෙත..,
    * උපාධිය යන්නෙහි තේරුම "‍රැකියා සඳහා ලබා දෙන බලපත්‍රය" හෝ "තමන්ගේ සමාජ තත්වය උදෙසා තවත් කෙනෙක්ව පහත් කොට කතා කිරීමට ලබාදෙන අවසර පත්‍රය" වැනි සිල්ලර අදහසක් නම්,මේ කවිය ලියු තැනැත්තිය මතුකරන අදහස සමඟ ඉඳුරා එකඟ වෙමි.
    නමුත්..,
    * උපාධිය යන්නෙහි තේරුම "කෙනෙකුගේ බුද්ධිය හා යම්කිසි විෂයානුබද්ධිත දැනුම් ප්‍රමාණයක් මත එම පුද්ගලයා හට ලබාදෙන තත්ව සහතිකයක්" වැනි දෙයක් නම්, මේ කවිය ලියූ තැනැත්තියගේ ගොංකම හා මුසුවූ ආත්මාර්ථකාමී තුච්ඡ ගතිය පිලිබඳව දුක් වෙමි. ඇය උපාධිධාරිණියක් නම් ඇය, "ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අවුල කෙතරම්ද.." යන්න සඳහා දැක්විය හැකි තවත් එක් උදාහරණයකි. තවද, ඇගේ කවියට විචාර බුද්ධියකින් තොරව හුරේ දමන සියල්ලන් සඳහා අනුකම්පා කරමි. දශක භාගයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැලැස්තර දමමින් මේ ක්‍රමය පවත්වාගෙන යාමට තීන්දු'තීරණ ගන්නා බුද්ධිමත්'හරකුන් හට වෛර නොකරන්නේ ඉන් කිපෙන්නේ මාගේ රුධිරය පමණක් වන බැවිනි.

    මේ කවිය ලියූ තැනැත්තියට පුද්ගලිකව නිග්‍රහ කිරීමේ අරමුණක් මට නෑ. ඉහත කෙටි සටහන ලිව්වේ..මේ කවිය, ලංකාවේ දැනුමෙන් හා බුද්ධියෙන් පෝෂිත යයි සැලකෙන බොහෝ උපාධිධාරීන්ගේ මනුෂ්‍යත්වයේ තරම පිළිබඳ ප්‍රතිභිම්බයක් බඳු වූ නිසයි. ඒ වගේම මේ සටහන, කවිය වර්ජනය කිරීමක් නොවන බව සලකන්න. ඕනෑම කෙනෙක්ට තම අදහස් දැක්වීමට අයිතියක් ඇත. නමුත් කවියක් හෝ වෙන මොන මගුලක්'වත් විචාර බුද්ධියකින් තොරව පිළිගෙන ප්‍රතිචාර'ද දැක්වීම පිළිබඳව නැවත වරක් සිතා බලන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තිලින,
      ඔබ ලියා තිබෙන උපාධි නිර්වචනය නිවරදි, මමත් ඒ සමග එකතු වෙනව. නමුත් මට හිතෙන්නෙ චතුරිකා චන්ද්‍රසේකර කියන්න හදන්නෙ වෙන දෙයක් කියලයි.මා තේරුම් ගත් විදියට ඇය කියන්න හදල තියෙන්නෙ ඇගේ කලකිරීමයි. මෙතන හැමෝම කවියේ අදහස රචකයගෙන්ම විමසා සිටියොත් හොදයි කියා මා සිතනවා. අපි හැමෝම මිනිස්සු, එක නිසා ජීවිත සිද්ධීන් මුල් කරගත් කලකිරීම්, දුක්, ඊර්ෂයාව ඇති වෙනව එක තමා මනුෂය ස්වාභාවය. මම ඒ දුක හොදින්ම දන්නව, මොකද මගේ බිරිදත් ඔය scheme එකෙන්ම තමා පලමු රෑකියාව ලබා ගත්තෙ.

      A/L s3 දාලා බාහිර හරි A3 දාල අභ්යන්තර හරි උපාධියක් අරන් එන ඕනම කෙනෙකුට පන්දම් අල්ලල ඉහලට යන උන් දැක්කම මරාගෙන කන්න තරහක් එනව.
      මේ ඔක්කොටම මුල ලංකාවට පිලිලයක් වෙල තියෙන දේශපාලනයයි.

      Delete
    3. ඇනෝ කියන කාරණේ එක්ක මං එකඟයි. මේ කවිය ලියවිලා තියෙන්නෙ එවැනි පදනමකින් නම් ලියපු කෙනාව හෝ කවිය, අපි කවුරුවත් විධග්දව විචාරය කරන එක හෝ අදහස් දක්වන එක වැරදියි. නමුත් යාලුවා, මට දැනුනු විදිහට නං මේ සිදුවෙන්නේ එය නෙමෙයි. මොවුන් මේ ක්‍රමය හෝ දේශපාලනය ප්‍රශ්න කරන්නේ නිවැරදි දැක්මකින් නොව, තමන් විසින් හඹායන සමාජ තත්වය තවෙකෙක් විසින් අත් කරගැනීම පිළිබඳව හුදු ඊරිසියාවකින් පමණයි. ඒ බව මේ බ්ලොග් එකේ නමින් පසුව වැ‍ටුනු කමෙන්ට්ස් වලිනුත් පේනවා.

      Delete
    4. සමාවෙන්න, ඉහත //දශක භාගයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැලැස්තර දමමින් මේ ක්රමය පවත්වාගෙන යාමට තීන්දු'තීරණ ගන්නා....// යන වාක්යය ""සියවසකින් බාගයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැලැස්තර දමමින් මේ රටේ අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමට තීන්දු'තීරණ ගන්නා..."" ලෙස නිවැරදි විය යුතුයි.

      Delete

    5. තිලින, මම ගොඩාක් කාලය වැය කරල මුලු සංවාදයම කියෙව්වෙ. මට හිතෙන්නෙ කිහිප දෙනෙකුගෙ අනවශ්්ය අදහස් නිසා මේ සංවාදය වැරදි දිහාවකට යොමු වෙලා තියෙනව.ඇනොත් කියල තියෙන විදියට අපි මේ කවියේ භාවත්මක අදහස කවියාගෙන්ම අහගනිමු කියලයි. මොකද මේ කවිය ගොඩාක් විග්රහ උනොත් අපි හරි මගට වටෙයි.

      /*අවුරැදු හතරක් වාසිටියේ කට්ට කාලා
      ගත්ත උපාධියට අවස්ථාවක්
      මෙන්න රජයෙන් ....*/
      ඉහත මන් උපුටා ගත් මුල් පදයෙන්ම කියවෙන්නෙ රජය උපාධියට සැලකුව පිලිවෙල අර්ථ කථනයට ගත් මුලාරම්බයක් සහ එ කෙසේද වග ඊට පහලින් ලියවුනු පද වලින් වටෙහෙනවා

      /* ලොරියෙන් පැළ බාන්න
      පැළ බෙදන්න ඇට බෙදන්න*/

      ඉතින් මේ දේවල් කරන්න උපාධියක් ඕනිමද?

      මට කියන්න බාහිර හෝ අභ්්යන්තර උපධි පමනක් ලබා ගත් උපාධි ධාරීන් දෙදෙනෙකු අතර වෙනසක් තිබිය යුතුද කියල?
      මගේ අදහස තිබිය යුතුයි කියලයි. එහෙම නොකිව්වොත් අවුරුද්දකට cmpz select වෙන 25000කට ආසන්න බුදු කට්ටක් කාල අමාරුවෙන් A/L ගොඩ දාපු සියලු දෙන විරුද්ද වෙයි.
      අවංකවම ඇත්ත එකයි. මන් මේ කියපු දෙයින් කාගෙ වත් හිත රිදුනා නම් අවංකවම සමාව ඉල්ලනව. එත් ඇත්ත එකයි.

      ඉතින් මෙ කවියේ ඉතිරි ටිකෙන් කියවෙන්නෙ පහල තිබුන දෙයක් උඩට යන්න දේශපාලනය ඉවහල් උන හැටි. එකෙන් සමාජ ඊර්ශයාව වැඩි වෙන හැටි. ඔබට මේ දෙය රචකයාගෙ අන්තිම පද වලින්ම තහවුරු කරගන්න පුලුවන්.

      මෙතනදි අපෙ නියැදියයි රචකයාගෙ නියැදියයි වෙනස් කරගත්ත නිසයි ආරවුල ඇති වෙල තියෙන්නෙ. මෙතනදි මට හිතෙන විදියට රචකයාගෙ නියැදිය වෙලා තියෙන්නෙ ඇමති පත්වීමකින් ආව බාහිර උපාධි ධාරියෙකුයි.ඒ වැඩි සැලකිල්ලයි කවියාගෙ හිත් තැවුලට හේතුව.

      Delete
  11. හරවත් සංවාදයක් කියවන්න ලැබීමත් සතුටක්.විශ්ව විද්‍යාල අභ්‍යන්තර ශිෂ්‍ය ජීවිතය යනු යමෙක්ගේ ජිවිතයේ ස්වර්ණමය අවස්ථාවක්.හැබැයි පිහිය රත්තරන් උනත් ඇනුනොත් තුවාල වෙනවනෙ.ගමෙන් ආපු s.s.c.විභාගයට ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරයට නොලියන්න තරම් ( සිංහල රාජ්‍ය භාෂාවවූ නිසා පාසලේදී උවමනාවෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැහැ) උඩඟුවූ මගේ ඉංග්‍රීසි ගුරුවරයා වුයේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ පොත් ගොන්නයි. ඒ ඉංග්‍රීසි වලට පුළුවන් උනා මට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පශ්චාත් උපාධියක් කරවන්න.තව රටවල් 3ක විවිධ පාඨමාලා ඉංග්‍රීසියෙන් හදාරන්න.
    මගේ අදහස නම් වර්තමාන අභ්‍යන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා රත්තරන් කන්දක් උඩ ඉඳ ගෙන නිකම් පිනට කකා ඉන්න නිකමෙක් කියලයි.
    යමෙකුගේ බුද්ධිය ඉස්මතු වෙන්නේ කොයි වෙලාවේදැයි කියන්න බැහැ .අද අපි කව්රුත් බුධිමතෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගන්න ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න G.A.Q.විභාගයට පෙනී සිටියේ බාහිර ශිෂ්‍යයෙකු ලෙසයි.එමෙන්ම සාමාන්‍ය උපාධිය ලැබූ බොහෝ දෙනෙක් තම දක්ෂතාවය නිසා මහාචාර්ය වරු ලෙස පිටරට විශ්ව විද්‍යාලවල සේවය කරනවා.
    දුප්පත්කම තම යනු අයිතිවාසිකම් පමණක් ඉල්ලීමේ උපකරණයක් නෙමෙයි.මගේ පියතුමා රුපියල් 250ක මාසික වැටුපක් ලැබූ රජයේ සේවකයෙකුවූ නිසා.විශ්ව විද්‍යාලයේ හිටපු අවුරුදු 4 තුලම මට මාසෙකට
    ලැබුනේ රුපියල් 100ක් විතරයි.පියතුමා රජයේ සේවකයෙකුවූ නිසා.විශ්ව විද්‍යාලයෙන් දෙන ශිෂ්‍යාධාර වලට මා නුසුදුස්සෙකු උනා.
    පුරාජේරුවට නොව වයස පරතරය නිසා මා දොස්ම දකිනවා කියල යමෙක් හිතන එක වළක්වන්නයි මේකත් ලියන්නේ.මගේ දුව විශ්ව විද්‍යාලයට තේරුන වෙලේ මම දුන්න උපදෙස් නම් විශ්ව විද්‍යාලය තුල තිබෙන JVP දේශපාලන උගුලට නම් අහු වෙන්න එපා.කියලයි.ඇයට පළමු පන්තියෙන් සාමාන්‍ය උපාධිය සමත් උනා.අතටම ලැබුන රජයේ ගුරුපත්විම භාර ගත්තේ නැහැ.පෞද්ගලික අංශයේ රැකියාවක් තමයි කරන්නෙ.
    මට තිබෙන ගැටලුව නම් විශ්ව විද්‍යාලය තුල තිබෙන JVP දේශපාලන උගුලට අහු වෙන්න තරම් මෝඩ වෙන්නේ මොකද කියල විතරයි.

    ReplyDelete
  12. මෙතන හොඳ සංවාදයක් ඇති වෙලා තිබෙනවා.ඒ ගැන සතුටුයි.ඒ වාගෙම කඳු කියල තිබෙන මේ කතාව බලන්න.
    නමුත්, විභාගවල ලකුණු නිවැරදි ව, අපක්ෂපාතී ව ලබා දිය යුතු යි. එය 100% ක් ම තහවුරු විය යුතු යි. හොඳට පිළිතුරු ලියා ඇති පිළිතුරු පත්‍ර සොරා නොගත යුතු යි.//

    තරඟ විභාගවල ප්‍රමිතිය වගේම විනිවිදභාවයත් වැදගත්.මම නම් කියන්නෙ සම්මුඛ පරීක්ෂන වලදි ලකුණු දීම ඉතාම වැරදියි.මොකද සමහර විභාග වල 50 ක් බඳවා ගන්න 100 ක් කෝල් කරනවා.එතනදි හලන ක්‍රමය සාධාරන නෑ.

    මේ කතාව බලන්න.තරඟ විභාග වලට ප්‍රමිතියක් අවශ්‍ය ඒ නිසයි.
    වසරක කාලයක් තුළ ලියන ලද. මෙම තේමාව ම තරග විභාගයක රචනාවට එනවා.. එයට ලැබෙන්නේ ලකුණු 40 යි නම් එතැන යම්කිසි රහසක් තියෙනවා..//
    සමරසේකර මහත්තය කියන මේ කතාව මටත් ප්‍රහේලිකාවක්.නිතරම මොට වුන ශ්‍රාවකයන් පිරිසක් අවශ්‍ය ජේ වී පී වගෙ පක්ෂෙකට කිසිම නිර්මාන ශීලී කෙනෙක් යන්නෙ නෑ.නිර්මානශීලී කම කියන්නෙ එකම ෆෝමැට් එකේ කවි ලියන එකවත් ලොකු කටවුට් තොරන් ගහන එකවත් නොවෙයි.

    ReplyDelete
  13. මම දන්න රජයේ සේවයේ නම් හොඳ තනතුරු නාම ,ඉහල වැටුප් ලැබෙන්නෙ විධායක සේවා ගණයේ අයට.ඒ අය බඳවා ගන්නෙ උපාධිධාරීන් තරඟ විභාගෙකට කැඳවල ඉන් සමත් වෙන අයගෙන්.ඒක උපාධිධාරීන් කොටසකට ලැබෙන වරප්‍රසාදයක් තමයි.උසස් පෙල අයට ඒවට යන්න බෑ.

    මෙතන ගැටළුව රැකියා ඉල්ලුමක් නැති උපාධි ගැන ගැටළුවයි.ඉල්ලුමක් තිබෙන උපාධි කරන අයට කැම්පස් එකෙන් පිටවෙන්න කලින්ම රැකියා ආයතන වලින් කැදවනව.ඒ උපාධි බාහිරව කරන්නත් බෑ.ඒ වගෙ උපාධි කරන අය රාජෙයි රැකියා අව්ලට එන්නෙත් නෑ.

    මම කියන්නෙ ඉල්ලුමක් නැති උපාධිධාරීන් බිහි කිරීමයි වරද.බාහිර අභ්‍යන්තර වෙනසක් නෑ.අභ්‍යන්තර වශයෙන් ඉල්ලුමක් නැති රැකියා වලට පුහුණු කරනවානම් ඒ අවස්ථාව බාහිර අයටත් දෙන්න ඕන.

    උපාධිධාරීන් වැඩි වැඩියෙන් බිහිකළයුතුයි හැබැයි ඉල්ලුමක් තිබෙන ක්ෂේත්‍රවලට.

    දැන් බලන්න ස්කීම් වලින් දාපු කලා උපාධිධාරීන් ඉස්සරහට එන්න බැරිව තවම එකම තැන.උපාධිධාරීන් කරන්නෙ ක්ලැරිකල් වැඩ.ඉතින් ඉල්ලුම තිබෙන්නෙ ක්ලාර්ක්ලාට නම් ක්ලාක්ල පුහුණු කළාම ඉවරනෙ.කිසිම සැලසුමක් නෑ.

    පැළ මිස්ලට ඇට මිස්ලට කරන්න පුලුවනුත් පැළ ඇට බෙදන එකම තමයි.කලා නොවන උපාධි කරපු අය ස්කීම් එකෙන් ක්ලාර්ක්ලගෙ වැඩ වලට දැම්මට ඒ අය මාස කීපයකට වඩා එතන රැදෙන්නෙ නෑ.ඒ අය තරඟ විභාග කරල ඉහලට යනව.කලා කාරය එතනමයි.

    ReplyDelete
    Replies
    1. ඉතා සාර්ථක අදහස් දැක්විමක් ... ඔබේ අදහස් වලට මගේ ප්‍රණාමය

      Delete
    2. යකා, ඉස්සෙල්ලම තමන්ගෙ රසාස්වාදය හදා ගන්න. එතකොට වත් ඔය විකාර අදහස් නැති වෙයි. කලා උපාධි ධාරියෙකුට කරන්න job ඕනි තරම් තියෙනව private sector එකේ. සැකයි වගේ නම් top job එකේ බලන්න.ඒත් රජයේ රැකියාවක වැදගත් කම දන්න කෙනා ඒ රැකියාව අතහැරල එනවා රජයේ රැකියාව කරන්න. ප්‍රශ්නය තියෙන්නෙ රැකියාව කරන කෙනාගෙටත් වඩා රැකියාවෙයි. අද බහුතරයක් රජයේ ආයතන කොච්චරක් නම් අකාර්යක්ශම වෙලාද? හේතුව හිතල බැලුවෙම නැද්ද? තමුනුත් රජයේ අයතනයකට ගියාම තෙරෙයි.

      Delete
    3. මමත් එකගයි සාධාරන කොටත් එක්ක, යකා තමා මෙතන වලිගෙ පාගගෙන දගලන්නෙ. යකා ඇරෙන්න මෙතන අනිත් හැමෝම හොද සංවාදයක් ගෙනියනව.

      Delete
    4. යකා,

      ඔබේ පසුබිම මොකක් ද කියන්න අපි දන්නේ නෑ. ඇත්තට ම අදහසක් දක්වන්න මහා පසුබිමක් තියෙන්න ඕනෙත් නෑ. තමන්ට දැනෙන දේ තමයි කියන්නේ. ඒත් යකා ඔබ යම් දෙයක් පටලවාගෙන වගෙයි. අනික ඔබට ලංකාවේ ඒ ලෙවල් කරලා අමාරැවෙන් කැම්පස් යන අයවත් කලා උපාධිධාරීන්වත් පෙන්නන්න බැරි හැඩයි. ඔබ ම ටිකක් කල්පනා කරලා බැලුවොත් සැබෑ ගැටළුව හදුනාගන්න පුළුවන් වෙයි.

      Delete
  14. Ko mama dapu comment eka. Ay eka delete karae? Amarui nae aththa kiyana kota.........

    ReplyDelete
    Replies
    1. ආයෙත් දාමුකො බලන්න?

      Delete
  15. හොද සංවාදයක්.....මටත් ආසයි පොඩි වදන් කිහිපයක් සංවාදයට එකතු කරන්න.

    පලමුවෙන්ම නදී සහ Samarasekara කියා ඇති පරිදි ඉංග්‍රිසි භාෂාව පිළිබදව අදහසක් කියන්නම්. අද ලංකාවෙ ඕනම රාජි්ය අයතනයක වැඩ කරන්න දෙවන බසක් ඕනි. එක දෙමළ හෝ ඉංග්‍රිසි වෙන්න පුලුවන්. ඉංග්‍රිසි වෙන්නම ඕනි නැ. එ නිසා මේ කවියයි ඉංග්‍රිසියයි අතර සම්බන්දයක් නැ කියන එක ඕනිම ඔල මොට්ටලයෙකුට තෙරෙනව. අපි වාද කරමු නමුත් අදලත්වයක් ඇතුව. මමත් පිලිගන්නව හැකි සැම උපාධියක්ම ඉංග්‍රිසි මාධයෙන් කරගෙන යාමට වැඩ පිලිවෙලක් රජය ඉක්මනින්ම පටන් ගත්තොත් හොදයි කියල. කලා විශයන් බොහෝමයක් ඉංග්‍රිසි වලින් කිරිමෙ අපසුවක් තිබෙන බව මගෙ නම් මතයයි.

    ඊලගට යකෙක් වගෙ අදහස් දක්වල තියෙන යකාගෙත් සුලුතරයක් අදහස් වලට ගරු කරන අතරෙම බහුතරයට විරුද්ද වෙනව. මන් එක කාරනයක් කියන්නම්, ලංකාවෙ තියෙන තරගකාරීම විභාගය A/L, එකෙන් pass වෙල cmpz යන පිරිසගෙ meetare මෙහෙම ප්‍රසිද්දියෙ විවෙචනය කරන එකම මොන ගොන් කමක්ද? මන් තරයෙ පිලිගන්නව අභ්යන්තර උපාධියක් කරල එලියට අව උපාධි ධාරියෙකුට තරග විබගයක් කියන්නෙ කිරි කජු වගෙ දෙයක්. වෙහර ගිලපු එකාට අග්ගල කජ්ජක්ද කියල මන් යකගෙන් අමුතුවෙන් අහන්න ඔනි නැනෙ?

    ඹට පෙනව චතුරිකා යම් ඉරිසියවකින් මේ කවිය ලියල තියෙන වග. ඒ බාහිර උපධි ගැන නම් නෙවේ වගෙ පන්දම් අල්ලල ඉහලට යන්න හදන මෙලෝ වැඩකට නැති පිරිසකට මගේ හිතෙ. චතුරිකගේ කරුමට එ පන්දම් කාරයො බාහිර උපධි අරන් ඇවිත් තියෙන්නෙ. මට පේන්නෙ එතකොට තරහ තවත් උග්‍ර වෙල. මෙ වගෙ බ්ලොග් එකක් කියවන්න ඔනි කවියක බාහිර පද වලින් අර්ථය වටහා ගන්න ගොන්නු රැලක් නෙවේ හොන්ඩ තර්කානුකූලව තෙරුම් ගනීමේ හකියාව අති බුද්ධි මතුන් පිරිසකුයි.

    ඉතින් කුරුටු ගාන කට්ටියට කියන්න කමති මෙකෙ කමෙන්ට් දාන්න හැම කෙනෙකුටම අවසර නොදි SUPIRI රසාස්වාදයක් ඇති අයට පමණක් ඉඩ දෙන්න කියල

    ReplyDelete
    Replies
    1. සාධාරණ,

      ඔබ කවිය බොහෝ දුරට ධනාත්මක ඇසකින් බලලා තියෙනවා කියන එක පැහැදිලියි. ඔබට ස්තූතියි මේ ‍‍ගොඩනැගුණු සංවාදයට එකතු වීම ගැන. ඒ වගේ ම අපි කියන්න උත්සහ කළ පොළවේ පැල වෙලා තියෙන යතාර්ථය ඒ විදිහට දැකීම ගැන.

      අද අපේ රටේ දකින්න තියෙන ඇත්ත මේකයි. සුදුසුකම් නැති අය වෙනත් පාරවල් වලින් උඩට යනවා. ගිහින් ගන්න තීන්දු තීරණ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දේශපාලනයට යට වුණ මිනිස්සු ඉන්න තරමට දේශපාලනඥයොත් කැමතියි.

      අනික සාධාරණ ඔබ කියන කතාව ඇත්ත තමයි. හැමෝටම මේකේ කමෙන්ට් කරන්න දීමේ ගැටළුවක් නැතුවා නෙමෙයි. ඒත් අපි උපරිම උත්සහ කරනවා කියවන්නන්ගේ අයිතිය රකින්න. ඒත් එයාලා කමෙන්ට් කරන එකේ හැටියෙන් එයාලා කවුද කියලා එයාලම නොකියා කියනවා කියන එකත් අපි දන්නවා. හැබැයි තව කෙනෙක් ට කියවන්න බැරි කැත විදිහේ කමෙන්ටු නම් අපි ඉවත් කරනවා.

      ඔබට බොහොම ස්තූතියි සාධාරණ මේ පැත්තට ඇවිත් විචාරශීලී කාලයක් ගත කලාට.

      Delete
  16. සමරසේකර මහත්තයා...............ඇත්තම කියමුකො බලන්න.....ඔබතුමා උපාධි දෙකක් තිබුනට අලයෙක් නේද...............

    ReplyDelete
  17. සිරා චතුරිකා , නියම කතාව (y)

    ReplyDelete
  18. ඇත්තටම විශ්ව විද්‍යාලයක් කියන්නේ මොක්ක්ද? අරුත පහදන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...