රෑ සඳපහන දිළිසෙන ඝණ කළුවරට
ගැටඹේ බෝ සමිදු නැමදිමි මම පොහොය දින
පැතුවා පැතුම් දහසක් මගෙ සියොළඟට
බෝ සමිඳුනේ දෙනු මැන මට සිත සුවය..............
පසු කර මල් වත්ත පේරාදෙනි සරසවිය
හදවත ගැහෙයි සිරකරමින් සියොළඟම
ඔබ නෙත ගැටෙයි මම බියවෙමි හැමදාම
බෝ සමිඳුනේ නෙත නොගැටෙන් ඔබ මටම............
සිත්තම් කරන ලද පෙම් සැමරුම් අපගේ
සිරකර හඬමි හැඬුමන් සඟවා රහසේ
අමතක කර දොරඟුළු ලූවත් මසිතේ
සිහි වී හැඬුම් එයි නිතරම හද පතුලේ................
දහසක් බොහෝ දෑ හැඳිනෙමි ඔබගේ ගැන
එනමුදු අඩු නොවෙයි සෙනෙහේ කිසිදාක
පතනෙමි ඔබට ගැටඹේ සමිඳුගෙ පිහිට
සිර කර තබමි හද පතුලේ ඔබගෙ රුව..............
කාංචනා චන්ද්‍රසේකර
.
හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන්.......
ReplyDeleteඅපි පියනැගපු, සැරිසරපු හැමතැනකදීම මුන නොගැසේවා කියලා පැතුවත් හැමතිස්සෙම ඒ ඇස් හොයනවා නේද?
ජය වේවා!!!
ඇත්ත ඒක තමයි විදානෙ.සමහර දෙවල් අමතක කරන්න කාලය ඇවිත්.මුණ නොගැසේවා කියලා හිතුවත් ඒ ඇස් ආයෙමත් දකින්න ඇත්නම් හිතෙනවා............
Deleteස්තුතියි රස විඳලා කමෙන්ටුවක් දැම්මාට..........
කොතැන හෝ දසුනක් ඇත. දකින්නට අකමැති නමුදු හිතින් ආසාවක් ඇති..
ReplyDeleteදකින්න අකමැත්තක් නැහැ දේශකයා...ස්තුතයි ඔබට
Deleteලස්සන අතීත මතකයක් තියෙනව වගේ..
ReplyDeleteඇත්තටම ඔව් උමේෂ් අතීතය ලස්සනයි...
Deleteරසවින්දාට ස්තුතියි............
ඇත්තටම ඔව් උමේෂ් අතීතය ලස්සනයි...
Deleteරසවින්දාට ස්තුතියි............
ලස්සනම,ලස්සන නිර්මාණයක්.
ReplyDeleteස්තුතියි මනෝජ්...........
Deleteදුක...සාංකාව....පාළුව...බරවුනු කවි පෙළක්
ReplyDeleteඔව් අරූ,
Deleteස්තූතියි ඔබේ අදහස් දැක්වීමට