කාශ්ටක අව්වට
ගෙන දෙමින් නිගාවත
වැටෙන සඳ සිහිල් දිය
පොළෝ ගැබ රූරාන
පෝළිමේ සිටගෙන
ගොහොරු මඩ තවරාන
මල් වැටුණු ඔසරි පොට
දෑඟලක් ඔසවාන..............
කිලෝ ගණනක් බරැති
ඇඳුම් මලු ඔසවාන
රෙජිසිටර් පෝලිමේ
විඳින සඳ විරවාන
නෙත ගැටුණු
සුනිල නෙත්
කෙලෙස අතහැරලම් ද..................
සම්මතය අසම්මතය
අමතකව ගිය අරුම
ළං වුණා ටික දිනට
කල්පයක් තරමටම
සිතින් විඳි සැනසුමම
අපමණයි ඔබ මෙන්ම
ඒ නමුදු සුහදිනිය
නැත උරුම ඔබ සිසිල..................
නික්මුණත් ඔබ ළඟින්
බොහෝ දුර ඈතකට
යදිමි මම අවසරය
නික්ම යන්නට පෙරම
මා මෙන්ම ඔබ හදත්
සැලෙන බව දැන දැනම
වෙන්ව යමි ඔබ සිතින්
කඳුළු බිඳු සඟවාන...................
මියන දා මගෙ දිවිය
වඩිනු මැන මගෙ සිතට
නිල් දෑස ඔබෙ දිළෙන
ගෙන දේවි නිවන මට..................
කාංචනා චනද්‍රෙස්කර
//මියන දා මගෙ දිවිය
ReplyDeleteවඩිනු මැන මගෙ සිතට
නිල් දෑස ඔබෙ දිළෙන
ගෙන දේවි නිවන මට.//
අපුරු පැතුමක් නොවැ.....
මාත් කීපසැරයක්ම කියෙව්වා රස වින්දා ස්තුතියි
ReplyDeleteරස විඳලා සද්ද නැතිව යන්නෙ නැතිව කමෙන්ටුවක් දාලම ගියාට ඔබටත් ස්තුතියි යකා.........................
Deleteමගේ ප්‍රාර්ථනාව ඒක තමයි මනෝජ් ..............ස්තුතියි ඔබට
ReplyDeleteමගේ ප්‍රාර්ථනාව ඒක තමයි මනෝජ් ..............ස්තුතියි ඔබට
ReplyDelete