ඔබේ රත් පෑ පිපුණු වටකුරු
මුව පියුම නෙත හොයනවා.
දැනුණු සුසිනිදු සුමුදු බව තව
ඇගිලි තුඩු සිහි කරනවා. ....................
වත ගැටුණු විට දැනුණු සිසිලස
ගත හොයනවා තාම නෑ.
දෑත දෙවුරත වින්ද සුව කෝ
සනසවන්නට ලැබුන්නෑ....................
හෙලූ සළුතිර මෑත් කළ රුව
කිසිවකට සම කරනු බෑ.
අමා බදුනින් දැනුණු සුසුවද
තවත් තැනකින් ලබනු බෑ. .....................
නැගුණි වේගය ලිහුණි තාලය
මධු බදුන ඇත විසිරිලා.
තවත් දිනසති මාස ගාණක්
කොහොම හරි ඉමි ඉවසලා. ..........................
තුෂාර විතාරණ
.
ඉවසන්න ඉවසන්න.. බැරිම තැනත් ඉවසන්න
ReplyDeleteකියලා වැඩක් නෑ දේශකයා.
Deleteකොහොම හරි ඉවසනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. වෙන මොනවා කියලා කරන්න ද නේද,,,
//අමා බදුනින් දැනුණු සුසුවද
ReplyDeleteතවත් තැනකින් ලබනු බෑ. .....................//
ලයික්
ස්තූතියි විදානේ.
Deleteඒක ගැන නම් කියලා වැඩක් නෑ
අපරාදේ මධු බඳුන.........
ReplyDeleteලස්සනයි තුශාර!!!
ස්තූතියි අරූ.
Deleteඔබ අපිව හැමදාම දිරිගන්වනවාට ස්තූතියි
දේශ කියනවා වගේ ඉවසන්න..ඉවසන්න අමාරුයි කියල දැනෙනවනම් තවත් ඉවසන්න..
ReplyDeleteඔව් උමේෂ්.
Deleteමෙහෙම ලිය ලිය හරි ඉවසගෙන ඉන්නවා...................
ඉවසන දනා මොක්ද්ද එකකට ජය කොඩිය කිව්වලු
ReplyDeleteජනාධිපතිකමට!
Deleteඔව් නලීන්,
Deleteඉවසලා ඒකවත් කරගන්න බැරියෑ නේද????
අරූ,
Deleteජනාධිපතිකමට ඉවසලා පුළුවන් නම් විපක්ෂයේ අය අවුරුදු ගානකට ජනාධිපති වෙයි නේද???? මොක ද ඇති වෙනකම් ඉවසුවා නේ නේද???
ඒකනේ වර්තමාන රජතුමා කරේ...චන්ද්‍රිකාලාගේ කැපිලි කෙටිලි ඔක්කොම ඉවසා වදාරා හිටියා කාලයක්. දැන් හරි. දැන් යන්න හිත නැහැ.
Deleteඇත්ත කතාව අරූ,
Deleteව්‍යවස්ථාව වෙනස් කරගෙන තමන්ගේ වැඩේ කරගන්න තරම් මේ පාලකයෝ අන්තිම ආත්මාර්ථකාමීයි. යන දවසට පුතාට රජ කම දෙන්න තමයි ප්ලෑන් එක.
@ ඇනෝ.........ඕකතමයි මට පේන ඇත්තම ඇත්ත.
Deleteඅරූ,
Deleteඔබ දකින දේ මම ත් දකින්නේ එහෙමම තමයි.
තුෂාර ලස්සන නිර්මාණයක්.......එහෙම තමයි ජීවිතේ හැටි.අපි හැමදාම කරන්නේ ඉවසන එකනේ.
ReplyDeleteසුබ පැතුම් ඔබට...