හිටගෙනම දෙපැත්තෙන්
පහන් කණු නිදි කිරයි......
මා එක්ක කැමැත්තෙන්
දොඩවපන් මොනාලිසා......
ඉටිපහන නිවුණු රෑ
ඩාවින්චි මියැදුනා.....
අද රෑත් සීතලයි
නොකියපන් මොනාලිසා.......
පින්සලෙන් වැඩක් නැහැ
පුයරු හරි සුවඳයි.........
පින්තූර රාමුවම
හිරගෙයක් මොනාලිසා........
සූරසේන(ආධුනික කුරුටු කවියෙකි)
මොනා ඔයා ඇත්තටම මොනාද?
ReplyDeleteඋස්සන් ගිහින් රස විද ගෙනැත් දුන්නේ
ඒ ඔබමද
මා තවම ඒ ගැන සිතමි..
ලැයික්
Deleteදේශකයා,
Deleteමොකක් ද ඒ කිව්වේ. තව ටිකක් පැහැදිලි කරන්නකෝ.
විදානේ,
Deleteතෑන්ක්ස්
මොනා ලීසා පින්තුරේ ඒ ස්ථානයෙන් හොරකං කරේ එතැන වැඩ කරපු කෙනෙක් හරි සිත්තරෙක් හරි. ඊට අවුරුදු ගානකට පස්සේ තමා මේක හොයාගෙන ආයි ගෙනැත් තිබ්බේ. ඉතිං තාමත් ඒකේ සැකයක් තියෙනවා මෙයා නියම මොනාමද කියන එක ගැන.. ප්‍රංශ රජය ඒක වසන් කරන බවක් තමා කියන්නේ..
Deleteස්තූතියි දේශකයා, ඔයාගේ මේ දේශනයට. අපි ඒකෙන් දෙයක් ගත්තා. අපේ කවියට ඔබ වටිනාකමක් එකතු කරා වගෙයි.
Deleteමේ දැනුත් සීතලයි මොනාලිසා.
ReplyDeleteමෙහෙටත් එහෙමයි ඩාවින්චි
Delete