Wednesday, January 14, 2015

අාදරණීය ජනාධිපතිතුමනි, මට බලාපොරොත්තුවක් තිබේ............



ඔබතුමා පියෙක් බව දනිමි.
හිටපු පියවරු රටට ම දරුවන් දුන් බව ද දනිමි.
නමුත්
ඔබ අනුන්ගේ දරුවන්ට පියෙක් නොවනු අැතියි
උදෙක්ම බලාපොරොත්තු වෙමි.................................

ඔබතුමාට පුතෙක් අැති බව දනිමි.
හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් ද දනිමි.
නමුත් 
ඔබේ දරුවන් යුවරජවරු නොවනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වෙමි.................................

ඔබතුමාට සහෝදරයින් අැති බව දනිමි.
හිටපු සහෝදරවරු හූරාගෙන කෑ බව ද දනිමි.
නමුත්
ඔබේ සහෝදරවරු රට පාලනය නොකරනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වෙමි.................................

ඔබතුමා ජනාධිපති බව දනිමි.
හිටපු ජනාධිපතිවරු රජ වූ බව ද දනිමි.
නමුත් 
ඔබ රජෙක් නොවනු අැතැයි
හදපතුලෙන් ම මම බලාපොරොත්තු වෙමි................................


තුෂාර විතාරණ


.

55 comments:

  1. ඒ හැම බලාපොරොත්තුවක්ම ලංකාවේ හමොටම තියනවා :)

    ReplyDelete
    Replies
    1. අැත්ත හො.සි.................

      අපි බලාපොරොත්තු වෙන්නේ වෙනසක්.... සැබෑම වෙනසක්.... අායෙම අතීතය මෙතැනදී දිගහැරෙනවානම් අපි අැත්තටම පැරදිලා...

      Delete
    2. දැන් කොහොමද? වෙනස සැපද?

      Delete
  2. කාටත් කියන්න තියෙන දේ ලස්සනට කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජීත්..................

      අැත්තට ම අපි දෙයක් වෙනුවෙන් පෙනී සිටියා.... අපි වැරදි විදිහට නෙමෙයි හරි විදිහට ඒක ජයගත්තා.... ඒත් දැන් අපි දිනුවා කියලා උඩ පනින්න බැහැ... අපි කරපු දේ වෙනුවෙන් පෙනී සිටින ගමන්ම අපි නියෝජනය කරපු කොටසින් වැරැද්දක් වෙන්නැහැ කියන විශ්වාසයත් අපි අැති කරගත යුතුයි.... නැත්තං ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයි..........

      Delete
  3. අපිටත් තියෙන්නේ ඉතින් ඔය බලාපොරොත්තුවම තමයි..

    ReplyDelete
    Replies
    1. මේක හැමෝගෙම බලාපොරොත්තුව දිනේෂ්.............

      ඒහෙම නොවුනොත් අපි මහන්සි වෙලා වෙනස් කරපු දෙයක් නැති වෙනවා.. අපිට ලැබුණ දිනුමකුත් නැති වෙනවා.

      Delete
  4. මට මෙතුමා ගැන ලොකු විස්වාසයක් තියෙනවා. එතුමගේ අතීතෙ හරිම සුන්දර කතාවක්.(අපිට පෙන්නනන විදියද දන්නෙ නෑ) මට බය මෙතුම වටේට ඒකරාශීවෙලා ඉන්න සෙට් එක මෙතුමට යහපාලනයක් කරගෙන යන්න අවස්ථාවක් දෙයිද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්..............

      අපිටත් බය හිතෙන කාරණාවන් කිහිපයක් ම තියෙනවා... රූපවාහිනියයි... අයිටීඒන් ඒකයි තිබුණා වගේමයි.... හෝ ගාලා ගුණ වයනවා... කෝ කියපු මධ්‍යස්ථ මාධ්‍යය......

      Delete
    2. ඊයෙ සාක්ඡ්චාවක් තිබුනා. අවුරුදු 10කට පස්සෙ ජවිපෙන් ජාතික රූපවාහිනියට ආවා. ඒ වෙලේත් ඔය ගැන පැහැදිලිව කතාකලා. නව සබාපතිව පවා විවේචනය කලා නිවේදකය බය නැතිව. යහපත් නැඹුරුවක් තියෙනවා. මං හිතන්නෙ ඔවුන් යම් පමණකට හෝ ඉදිරියට එයි.

      Delete
    3. රූපවාහිනිය බය නැතුව කතා කරනවා තමයි.... ඒත් මනෝෂ් ප්‍රශ්ණය තියෙන්නේ ඔවුන් දැන් අායෙමත් විපක්ෂය (හිටපු අාණ්ඩුව) කලින් විදිහට ම විවේචනය කරනවා... කලින් විදිහට ම අාණ්ඩුව ගැන විතරක් ප්‍රවෘත්ති දෙනවා... මධ්‍යස්ථයි කියන්නේ ඒක නෙමෙයි. විපක්ෂයට ගරහ ගරහා අාණ්ඩුවේ සුදුහුණු ගාන ඒක නෙමෙයි විපක්ෂය.....

      දැන් අාණ්ඩුවට රාජ්‍ය මාධ්‍ය දෙකම තියෙනවා.. ඉස්සර හිටපු සිරසත් ඉන්නවා... දෙරණත් ඉන්නවා... ටීඒන්ඒල් කොහොමත් අයියාගේ.... ස්වර්ණවාහිනිය ටිකක් හරි ඉන්නවා... කෝ ඒතකොට විපක්ෂ මතය රටට දැනගන්න මාධ්‍යය..... ඉස්සරනම් සිරස හරි තිබුණා... දැන්

      Delete
    4. ප්‍රශ්නයක් තියෙනවා මචං. නමුත් ඉස්සර එහෙම අවස්ථාවක් දෙන්න තරම් කතිකාවතක් වත් ඕවට තිබුනෙ නෑ. වැඩේ කියන්නෙ බං දැන් විපක්ෂයකුත් නෑනෙ අදහස් ප්‍රකාශ කරන්න. අපිට මේ ගැන හරිම තීන්දුව ඉදිරි මහමැතිවරණෙන් ගතහැකිවෙයි.

      Delete
    5. ඒ කතාව හරි මනෝෂ්...............

      දැන් විපක්ෂය කවුද අාණ්ඩුව කවුද කියලා අවුලක් තියෙනවා තමයි.... ඒත් රාජ්‍ය මාධ්‍ය ගැන ඔවුන් පළකරපු අදහස් දැන් ක්‍රියාත්මක වෙන්නෑ.... අර සෝමතිලක දිසානායක කියන ගෙම්බා අායෙමත් ඒක අාණ්ඩුවේ බූදලයක් කරලා ඒක දාගන්න වැඩ කරනවා.... සරත් කෝංගහගේ, අැතුගල, මොහාන් සමරනායක වගේ ම මෙයත් පටන්ගයි වගේ......

      තව ප්‍රශ්ණ තියෙන තැන් තියෙනවා මනෝෂ්... මේ ජනාධිපතිවරණය දිනපු ගමන් පාර්ලිමේන්තුවයි පළාත්සභායි මෙහෙම වෙනස් වෙන්න පුළුවනිද????? ඒක සාධාරණද??? ඒවා ජනතා ඡන්දයෙන් පත්වුණ අායතන.... ජනාධිපතිවරණය දිනුව ගමන් හැම ඡන්දයක් ම දිනුවා වෙන්නෑ.... ඒක වෙන ඒක වලක්වන්න තමයි ජනාධිපති බලතල අඩු කරන්න මෙයා අාවේ.... ඒත් දැන්...........

      Delete
    6. ඒ ගැන නීතිමය පසුබිම නම් මමත් දන්නෙ නෑ. එලිවෙනකොට ඇමතිවරු සේරම "හිටපු" ඇමතිලා වෙලා. අපිට හැම දෙයකම යථාර්තය බලාගන්න පුලුවන් මචෝ මේ දින සීයෙන් පසුවත්, මහමැතිවරණයෙන් පසුවත්. එතෙක් අපි විවේචන කිරීමට ඉස්සර නොවී ඉමු. සුබවාදීව බලන් ඉමු. තවම තියෙන්නෙ අස්ථාවර සංක්‍රාන්තිමය යුගයක්. ජලය නිසල වෙන්නෙ අර කීව කටයුතු දෙකෙන් පස්සෙ. ඉන් එහාට අපිට පුලුවන් අපේ විවේචන, ප්‍රසාදය හෝ අප්‍රසාදය කතිකාකරන්න.

      Delete
    7. ඒත් මනෝෂ්........

      වෙන හැමදේට ම අපිට ඒකග වෙන්න බැහැ...දැන් විපක්ෂය හිටපු හැම සතෙක් ම අාණ්ඩුවට අැවිත්... කෙලින් ම ඒන්න බැරි අසමජ්ජාතීන් නිශ්ශබ්දව සහය දෙනවා.... ඉතින් අපි ඡන්දය දීලා මොකක්ද කෙරේ....

      මෙහෙම හිතන්නකෝ... අපි මෙෙත්‍රීට ඡන්දය දුන්නේ මෙෙත්‍රී දිනවන්න විතරක් නෙමෙයි.... මහින්දව පරාජය කරන්න....(ඒහෙම නැත්තං අපිට මහින්දට ඡන්දය නොදී විතරක් ඉන්න තිබුණානේ) මහින්දව විතරක් නෙමෙයි...

      විමල්ගේ බලු කට
      ඒස් බීගේ හෙළුවැලි කතා
      දුමින්ද සිල්වාගේ කුඩු බිස්නස්
      මාතලේ ගොයියාගේ ඒතනෝල් වැඩේ
      මර්වින්ගේ මෝඩකම
      මුතුහෙට්ටිගමගේ පජාත බඩ (බඩ නෙමෙයි කට)

      ඒ විතරක් යෑ.........

      නාමල්ගේ යුවරජකම
      බැසිල්ගේ සර්වබලධාරී අැමතිකම
      ගෝඨාගේ සුදුවෑන් සංස්කෘතිය
      අනෙක් රාජපක්ෂලාගේ නාඩගම්

      ඒ විතරක් යෑ......

      දයාසිරිගේ ---------‍‍
      තිස්සගේ ----------‍‍
      තිස්සකුට්ටි අාරච්චිගේ ---------

      කෝ දැන් මුං ඒකෙක් හරි මේ පැත්තට අාවොත්.... හිතන්න මනෝෂ් අපි දිනුම් ද පරාදයිද?????

      Delete
    8. මේ ව්‍යවස්ථා සංශෝධන ටික කරගන්න මේ හොරුන්ගෙත් සහයෝගය අවශ්‍ය වෙනව මචෝ පාර්ලිමේන්තුවේදී, ඒකයි මං කිව්වෙ, මහ මැතිවරණෙන් පස්සෙත් මේ හරක් රැල ගෙනාවොත් අපි පරාදයි. ඒකයි කිව්වෙ එතකල් අපි ඉවසල බලමු කියලා.

      Delete
    9. ඔබ කියන කතාව තමයි මේ වෙලාවේ ප්‍රායෝගික ව වෙන්නේ... බහුතරය නැතුව මේවා කරන්න බැරි හින්දා ඒන්න කැමති කට්ටියගේ සහය ගන්නවා.......

      ඒත් ගැටලුවක් තියෙනවා මනොෂ්... ඒකයි අපි කියන්න උත්සහ කරන්නේ... සහය දෙන නොදෙන ඒක ඒයාලගේ වැඩක්... ඒත් හොරු මංකොල්ලකාරයෝ ඒතනෝල් කාරයෝ (මෙෙත්‍රීගේ ප්‍රධානත ම ස්ලෝගන් ඒක) ලංකරගත්තොත් අපේ පදනම ඉවරයි.... උන් පාර්ලිමේන්තුවේදී ඡන්දය නුදුන්නොත් ඒක මහමැතිවරණයකදී පෙන්නතෑකිනේ... මේ හොරු ලංකරගත්තේ නැති නිසයි මේ ගෙනාපු ඒක සම්මත නාෙවුනේ කියලා.. ඊට පස්සේ පාර්ලිමේන්තුවට මුං ඒපා කියලා කෙලින් ම කියන්න පුළුවන් නේ.... ඒත් වෙන්නේ ඒපා කියපු උන්ම ලං කරගෙන ඒ වැඩේ කරන ඒකයි..

      Delete
  5. @ තුෂාර, Excellent ..... බහුතරයකගේ ප්‍රාර්ථනාව ...!

    රජවරු පතන රට වැසියො ( යටත් වැසියෝ / මනසික වහල්ලු ) ත් ඉන්නවා නොවෑ තවම ...

    ඔය පොදු ප්‍රාර්ථනාව ඉ‍ටු වෙන විදිහට වැඩ කරමු... ( ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා පතලා අත් දෙක බැඳන් බලන් හිටියට වැඩක් නැහැ නේ ? )

    ReplyDelete
    Replies
    1. ස්තූථියි සදරු............

      අපි දැන් කරන්න ඔ්නේ මේ දේ තමයි.... නැතිනම් අපි දිනපු දේ බලාගෙන ඉද්දි පරාද වෙලා යයි...

      Delete
  6. Replies
    1. මාතා .....................

      උඹ මේ කවියට දුන්නු වටිනාකමට බොහොමත්ම ස්තූතියි........... උඹ දන්නවානේ ඒක මොකක් ද කියලා............

      Delete
  7. එල.........................................
    පට්ට.............
    මැක්ස...........

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්...........
      තැන්කූ......
      ඒළස්..............

      Delete
  8. එළයැ...

    ඔබතුමා පිරිමියෙක් බව දනිමි.
    හිටපු ජනාධිපතිවරු වැඩිදෙනා පිරිමි බව දනිමි.
    නමුත්
    ඔබ මේ රටේ අනෙක් පිරිමින්ට අතවර නොකරනු අැතැයි
    හදපතුලෙන් ම මම බලාපොරොත්තු වෙමි................................

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි මාධවී...........

      අපි මේ නිසදැස තව තවත් වැඩි දියුණු කරමු..........
      අගේ අැති කවි පද ටික......

      Delete
  9. කවදා පායද්ද අප දිනිසුරාණෝ
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ
    සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණෝ

    කවදා පායත්ද අප පුන් සඳාණෝ
    පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ
    නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
    මුසා බසින් අප නොපෙළන රජාණෝ....

    කවදා එත්ද අපගේ එක් වෙතාණෝ
    ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ
    අප සමබිමක රඳවන සොහොයුරාණෝ..
    රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!

    පද : සුනිල් ආරියරත්න
    සංගීතය : සරත් දසනායක
    ගායනය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. අනේ මගේ කට.................

      අම්මපා මුං මෙහෙම කුණුහරපයක් කිව්වද??? කටින්ම ද දන්නෑ ඔ්ක කිව්වේ????

      Delete
    2. මේ මොකෝ මචෝ???? මේක මේ අදක ඊයෙක ලියපු එකක් නෙවෙයි. මීට දශක දෙකකට ආසන්න අතීතෙක ලියපු එකක්. පවන කැසට් පටයේ.ඒක අදට සැබෑවක් වෙනවනම් කියන ප්‍රාර්ථනයෙනුයි මෙතනට දැම්මේ. මේ ගැන මං දාපු පෝස්ට් එකට දැම්මෙත් මේ ගීයමයි.

      Delete
    3. හත්තිලව්වයි........ ඒහෙනම් කමක් නැහැ..... පවනේ ප්‍රසිද්ධම සින්දු ටික අහලා තිබුණාට මේක අැහුවේ අදයි... දැන් හොයාගෙන අැහුවා.... අැත්තට ම පරණ මියුසික් අැහෙද්දි හිතුනා මේක පවනේ ඒකක් වෙන්න අැති කියලා.... ඒහෙනම් මේක පක්ෂව කියපු ඒකන් නෙමෙයි...... විවේචනයක් නොවැ.................

      Delete
    4. අවුරුදු විස්සක් ගිහිල්ලත් පවන අදටත් වලංගුයි මචං. මටනම් හිතෙන්නෙ ජාතික ගීය වෙන්න ඕනි පවනෙ සිංදු!

      Delete
    5. අැත්තට ම හරි මනෝෂ්..............

      අතීතය නැවත නැවතත් සිදු වෙනවා.. ළගදී බ්ලොගයක දැක්කා සිරිමා කාලේ කාටූන් ටිකක්.. ඒත් මේකම නොවැ වෙලා තියෙන්නේ....

      Delete
  10. දින 100 ගැන වෙබ් සයිට් එකක් දැක්කා.. මේ තියෙන්නේ ලින්ක් එක..
    http://100days.lk/ ඒකේ තියෙන විදියටනම් වැඩේ ටිකක් පරක්කුයි වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ළගත් තියෙනවා දින සීයේ වැඩසටහන සහ ඉක්මන් වැඩ 100.... මෙහෙමයි හිමාල්.....

      ඔය සියල්ල ම කරන්න බැහැ කියන අපි පිලිගන්නවා.... හරිම දවසට කරන්න බැහැ කියන ඒකත් අපි පිළිගන්න වෙනවා... උදාහරණයක් කිව්වොත්

      ඔකේ තියෙනවා රෑ 10 වෙනකල් බාහිර රෝගී අංශයන් විවෘත ව තියෙනවා කියලා... අැත්තම කතාව දැන් පැය 24 ම විවෘතයි....

      දවස් 100 තුළ වතුකරයේ ජනතාවට ඉඩමක අයිතින හා නව නිවසක අයිතිය දෙනවා කියනවා..... දවස් 100 න් ගෙවල් හදලා ඉඩම් නිරවුල් කරන්න බැහැ...

      තව ඔ්න තරම් තියෙනවා..

      ඒත් වැදගත් වෙන්නේ ඔබ කියනවා වගේ අපි මේක ෆලෝ කිරීමයි... අාණ්ඩුව මේක කරන තැනට තල්ලු කිරීමයි... කොහොම හරි මේක කරවා ගැනීමයි.... ඒ නිසා ඔබ කියන විදිහට අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි.. මං හිතන්නේ ජවිපෙ ත් ඉන්නේ මේ ස්ථාවරයේ... සුළුතර පක්ෂ විසින් දේශපාලනය කරන විදිහ ඔවුන් මනාවට පෙන්නුවා... ඒ වගේ ම හෙළඋරුමයත් ඒක මනාවට පෙන්නුවා... ඔවුන් දෙගොල්ලන්ගේ ස්ථාවර දෙකක් තිබුණාට ඔවුන් තැන් දෙකක ඉදගෙන ඒකම අරමුණකට යනවා පේනවා......

      Delete
    2. ඔව්... මේක හොඳ ආරම්භයක්... කොච්චර වුනත් වෙනදා රූපවාහිනී මාධ්‍ය අරක් ගෙන හිටපු ඇමති හොරු ටික මේ ‍ටිකේ පේන්න නැති එකත් හිතට සැනසීමක්.. අනිත් එක තමයි ඊළගට කිසිම ඡන්දයකදි යුධ ජයග්‍රහනය විකුණන් කන්න කාටවත් බැරිවෙයි..ඒකත් මහජනතාව සහ රණවිරුවෝ ලබපු ජයග්‍රහනයක්..කවුරුත් කරන්න බෑයි කියල කියපු යුද්දේ දිනල ප්‍රබාකරන්ව බාවන්න පුලුවන්වුනේ රටේ සුලුතර පක්ෂ සහ පොදු මහජනතාව එකාවගේ නිරන්තරයෙන්ම යුද්දේ ගැන අවධානය යොමු කරගෙන රටේ පාලකයන්ව සහ රණවිරුවන්ව ධෛර්යමත් කරපු නිසා.. මේ හොරු ටික පන්නන යුද්දෙත් අපිට කරන්න වෙන්නේ ඒ ආදර්ශය අරගෙන තමයි...

      Delete
    3. ඔබ විසින් ගේන තර්කය නම් අැත්ත.. ඒකට ඒකගයි...

      මේක යුද්ධය නිමා කරාටත් වඩා අමාරු දෙයක් තමයි... ඒත් අපේ රටේ මිනිස්සු මේක අවි වලින් නැතුව කතිරයෙන් කරපු ඒක ගැන සතුටු වෙන්න පුළුවනි නේද හිමාල්.............

      Delete
    4. අනිවාර්යෙන්ම... මේ විදියට සාමකාමී ලෙස අලුත් ගමනක් පටන් ගත්තු එක ගැන හිතට ගොඩක් සතුටුයි.. පැවති පාලනය තව අවුරුදු 7ක් ඒ විදියටම ගියානම් ‍කතන්දරය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.. ජනතාවගේ කතිරය නිවැරදි ලෙස භාවිතා කරන්න ඔයාලගේ බ්ලොග් හරහා ගෙනගිය මතවාද ගොඩක් උදව් වෙන්න අැති කියල මම හිතනවා... නමුත් සටන ඉවර නෑ.. ඉදිරියේදී එන මහමැතිවරණයේදී දැන් ඉන්න හොරුටික හලලම දාන්න ඕන... අන්න එතනට ජනතාවගේ මතවාදය ගේන්න දැන්ම ඉදන් වැඩ පටන් ගන්න... මේ සටන ඉවරෙටම ඉවර කරල විවේක ගන්න..... සමහර විට කවදාවත්ම විවේක ගන්න බැරි වේවි..නමුත් සටන් කරන්න... මතවාදී අරගලයට ජය වේවා!

      Delete
    5. ස්තූතියි හිමාල්.............

      මේ සංවාදය අපිව තව තවත් ශක්තිමත් කරනවා... අැත්තට ම අපිට සමාජ වගකීමක් තියෙනවා... දැන් දැන් සමාජජාල වෙබ් අඩවි ගැන වැඩිපුර කතා වෙනවා... ඉතින් අපේ ශක්තිය අපි වැඩි කරගෙන සත්‍ය කතා කරන බුද්ධිමත් සංවාදයන් සිදුවෙන තැනක් විදිහට බ්ලොග් අඩවි පත්කරගත යුතුයි කියන ඒකයි අපෙත් අදහස... ඔබ වැනි තරුණ අදහස් ඒහිදී ඉදිරියෙන් ම තිබිය යුතුයි............

      Delete
  11. කාලයට අවශයම වූ නිමැවුමක් ඔබ අතින් එළි දැක්වී ඇත. කුරුටු ගැන ආඩම්බරෙන් පවසන්නෙ ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහතාටත්.............

      Delete
  12. මං මහඡන්දෙට ලෑස්ති වෙනවා!!

    ජ ය !!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ

      සුදු අැදුම් මහගෙන ඡන්දය ඉල්ලන්න ලැහැස්ති වෙනවාද?

      පෝස්ටර් පාප්ප බාල්දි හදං කඩේ යන්න ලැහැස්ති වෙනවාද?

      අැසිඩ් ඒහෙම අරං ලොක්කා දිනවන්න ලැහැස්ති වෙනවාද?

      නැත්තං පැත්ත මාරු කරලා වැල යන අතට මැස්ස ගහන්න ලැහැස්ති වෙනවාද??????

      Delete
  13. සහතිකේටම ඕක අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්.

    "දහම් මේ අපිට ඔයාගෙන් හංස බලකායක් නම් එපා ඔන්න හොඳේ " :D (බුකියෙන් අහුල ගත්තෙ)

    ReplyDelete
    Replies
    1. අන්න නම.................

      අපි ඒ පුතාගෙන් කලින් පුතාගේ දේවල් බලාපොරොත්තු නොවන බව ජනාධිපතිතුමා දැනගත යුතුයි.... සහෝදරවරුන් ද ඒලෙසමයි... අපි ඡන්දය දුන්නේ මෙෙත්‍රීපාල සිරිසේනට මිසක් පවුලට නොවන බව ඔහු දැනගත යුතුයි...........

      Delete
  14. තුෂාරයා,

    මේ ගැන මගේ අදහස නම් මෙයයි...අපි කවුරුත් ඉක්මනින්ම සතුටු වෙන්නවත් ඉක්මනින්ම දුක් වෙන්නවත් හොඳ නෑ...හදිසි තීරණ මත කටයුතු කරන්න වෙලාවක් නෙවෙයි මේක...මට හිතෙන්නේ මේ දින 100 කියන ජනප්‍රිය පාඨය ගෙනාවෙ ජන්දය වෙනුවෙන් ආකර්ශනයට විතරයි...එහෙමත් නැත්තම් ඊළඟ මහ මැතිවරණය තියන්නේ ජනාධිපතිවරණයේ ඉඳන් දින 100 කට ආසන්න කාලයකට පස්සේ වගේ හින්දා වෙන්නත් පුළුවන්...කොහොමත් අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ඔය වගේ දින ගානකින් කරන්න පුළුවන් වැඩ කීයද තියෙන්නේ...අනික දැනට ඉන්න මිනිස්සු ටිකෙන්ම එපාය ඔය වැඩ හැම එකම සම්මත කරගන්න බහුතරය හදාගන්න...ඉතිං අපි කලබල නොවී කරන්න ඕන හොඳ වැඩ ටික කෙරෙනකම් ඉඳලා ඊළඟ එන මහ මැතිවරණෙදි හොඳ ලේ පාර්ලිමේන්තුවට පොම්ප කරන එකයි...ඊට පස්සෙ හරි...ඉතිං මේ වෙලාවෙ නව ජනාධිපතිතුමා උපායශීලීව මේ දේ කරයි කියලා හිතනවා...හැබැයි එතුමත් දිය යටින් ගිනි ගෙනිච්චොත් ඒක නරකයි...ඒත් මෙතුමා ගැන දැනට එහෙම හිතන්න වේලාසන වැඩියි...මම දන්න විදිහට මෙතුමා ගැන නරක කියවෙන්නේ බොහොම අඩුවෙන්...

    අසංක

    ReplyDelete
    Replies
    1. අසංක අයියා.............

      අැත්ත ම තත්වය ඔ්ක තමයි.. ඒත් ඒ දේ විකාරයක් නොකර කරගන්න පුළුවන් වෙන්න ඔ්නේ... නැත්තං මිනිස්සුන්ට තේරෙන විදිහට කෝකත් ඒකක් වෙයි.................

      Delete
  15. අපි රට වැසියන් බව දනිමි.
    හිටපු ජනාධිපතිවරු (සහ ඔවුන්ගේ සහචරයෝ) අපි යටත් වැසියන් ලෙස සැළකූ බව දනිමි.
    එහෙත්..
    ඔබ අපට රට වැසියන්සේ අභිමානයෙන් විසීමට ඉඩ කඩ ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම කමි

      අපි ඡන්ද අයිතිය හිමි, රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව කියන ඒක මේ ඡන්දයේ දී පෙන්නුවා...... ඊළග ඡන්දයේ දී ඒක අමතක නොකර ගනිවි කියලා අපි අපේක්ෂා කරමු........

      Delete
  16. කලින් ජනාධිපති නළුවෙක් බව දනිමු.ඔබ එසේ නොවී නායකයකු වනු ඇතැයි අපේක්ෂා කරමු.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මනෝජ්....................

      තාම රගපානවා.... ඒදත් රග පෑවා..... ළමයි වඩා ගත්තා... අනික් පැත්තෙන් රටට ම වින කරලා තමන්ගේ ළමයින් උඩ තැන් වලින් තිබ්බා.... සංවර්ධනය කිය කිය පවුල ම සංවර්ධනය කරගත්තා....

      අපි මෙතුමාගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ....

      Delete
  17. බලමුකෝ නෙහ්... තවම දින සීයය ඉවර උනේ නෑනේ.
    කවි සිතුවිල්ල ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. දින 100 ඉවර වෙනකල් ඔහේ බලාගෙන ඉන්නත් අපිට බැහැනේ.... මොකද දින 100 ඉවර වෙද්දි අපිත් ඉවර වෙලා තිබුනොත්........

      Delete
  18. අපේ හැගිම බලාපොරෝත්තුව ඔබ අකුරැ කර ඇත
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා............

      Delete
  19. වෙනස යනු නව කෝණයකින් බැලීමයි.මිනිසා නිතරම වෙනස් වෙන්න කැමතියි..එකක් හැර.....මිනිසා වෙනස් වීමට අකමැති එක තැනයි මිනිසා මිනිසා වශයෙන් වෙනස් වීමට කැමති නැත...තමන්ගේ වෙනස බලාපොරොත්තු නොවන ගමන් අනෙකාගේ වෙනස් වීම බලාපොරොත්තු වෙයි හිට්ටන් මේක බැලුවනම් වහ බෝයිද එල්ලෙයිද?
    කොහොම උනත් නියම කුරුටු ගෑමක් බන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...