අයියේ ගැමුණු කොයි රොප්පේ ඉන්නවද
තෙල් මිල අඩු වෙලා ඔබ දන්නේ නැතිද
තෙල් මිල වැඩි වුණොත් ඒ රුපියල දෙකද
බස් මිල නගී තුන හතරක් අමතකද ....................... ?
විසිගාණක්ලු රුපියල් ඒ කජු අැටද
දැන් ඔබ අඩු කරන්නේ විස්සද තිහද
මිල සංශෝධනය සිදුවන්නේ අද හෙටද
නැතිනම් තවත් අඩුවන තුරු ඉන්නවද .......................?
අවමිල පහයි තිබුනේ දැන් දහය වෙලා
ලොකු මිල ගණන් නප්පියටත් උඩ නැගලා
මිල වැඩි කළොත් දුවනා ලෙස හතිදාලා
දුවහං අයියේ දුවහං තෙල් මිල බැහැලා .......................???
තුෂාර විතාරණ
.
7%
ReplyDeleteඅන්න ගණං...... කොහොමද බං 7% යි කියන්නේ......
Deletehttp://www.lankadeepa.lk/index.php/articles/291908
Delete8% කියන්නේ
ඒ කියන්නේ තෙල් අඩු වුනෙත් 8% යිද මනෝජ්..................???
Deleteඩීසල් ලීටරයක් නගිනාවිට රුපියල් දහයක් උඩඅතට
ReplyDeleteවලියක් අදිනව ටිකට් එකේ මිල රුපියල් දෙකකින් නග්ගන්ට
වැඩිම වුනෝතින් මගියන් පහකුයි අද්දන්නට හැකි ලීටරෙට
ඕකයි ගැමුණුගෙ මිල සූත්තරේ තව විස්තර ලියමිද කුමට
ගැමුණු අහං
Deleteගිහිං මිල බැහැං
ඒ ගණං වලිං
ටිකට් බස්සං නොයිං කට වහං
හිටං...
Deleteනැතුව නැතුව ............ හිටං
Deleteනියමයි මල්ලි නියමයි උඹෙ ඉල්ලීම
ReplyDeleteගොසිප් එකෙත් ඇත මේ වැනි කතිකාම
ගැමුණුව එහි කියා ඇතිය උගෙ කීම
අපිත් බලමු මිල අඩුවෙන හැටි ළඟම
අසංක
අනිවා අයියේ අසංක
Deleteඔච්චර කල් නැග්ගා ජීවන අංක
බහින කාලෙට තෙල් ටික
බහින්නට ඔ්න හැම ඒක
කරහං අයියෙ කරහං අඩු නොකා ගුටී..
ReplyDeleteකොරලා මචං ප්‍රතිශතෙ අමතක කොරලා..........
Deleteදියං දියං කියන්න ඉස්සෙල්ලා ඔන්න දුන්නා දැං කටවහං කිව්වාලු.
ReplyDeleteඑහෙම කිව්වාට ආයි ඉල්ලන්නේ නැද්ද?
ලස්සන කවි ටික සහෝ...
ස්තූතියි සහෝ................... ඔය වචන අපිට මහමෙරක් තරං...
Deleteඉස්සර වැඩි කරන්නට ගොස් රජුගෙන් කාපු ගුටී
ReplyDeleteදැන් අඩු නැතොත් කන්නට වෙයි අපෙන් ගුටී
අනිවා මාතා
Deleteනොදුන්නොත් මේ පුතා
නොකියන්නට බොරු කතා
ගලවා දෙමු බෙල්ල ගෙදර ගෙනියන්නට ඔතා
තෙල් මිල අඩු නිසා බස් මිල අඩු කෙරුවත්
ReplyDeleteනොකරොත් සේවෙ 'ප්‍රමිතිය' එහි නෑ ගතියක්
එහෙකට තුන්සීය තව එකකට දාහක්
කොළඹින් බදුලු යන කොයි බසයත් ලොරියක්
හරියට හරි ක.මි
Deleteතව තවත් නොබලමි
වාසිය දෙනු ජනතා නමි
බොරු කරනු නොඉවසමි..............
අඩු නොකරන්නට නැත හේතු.
ReplyDeleteඅඩු කරාට ප්‍රමාණවත් නොවේ තතු
Deleteමල්ලියේ උඹට පිස්සුද නැත්තන් හැටිද
ReplyDeleteගනන් අඩු කරන්නේ මොන රෙද්දකටද
ඩීසල් අඩු කරන් මුන් ආතල් ගන්න විට
ආතල් දෙන්න උඹලට මට මොන කිචිද
7% අඩු කරලළු.ගැමුණු අයියත් යහ පාළනය නිසා බලමුකෝ
ජය වේවා.....
7% කියන්නේ කොයි තරම් පොඩි ප්‍රතිශතයක් ද කසුට්ටෝ.......... තෙල් මිල අඩු වුනේ 30% විතර නොවැ......
Deleteආ..මම බස් ගාස්තු වැඩි කලාද? මට එහම දෙයක් මතක නෑනේ
ReplyDeleteමිට
ගැමුනු
පසුව ලියමි..
$#%^**^%$@#%^&&& නැතුව හිටහං තුෂාර..
මහරජ ගැමුණු...................... දැන් තිරගත වේ...
Deleteනගිනකොට තරගෙට වැඩි කරන ඒවා බහිද්දී ඒ වේගෙන්ම අඩු වෙන්නේ නෑ..
ReplyDeleteඒකයි දිනේෂ් ප්‍රශ්ණය..... තෙල්මිල පැහැදිලිවම ලොකු ගානකින් අඩු වුණා... ඒත් බස්ගාස්තු අඩුවුනේ සොච්චමයි... අනික් දේවල් ගැන කිසිම කතාවක් නැහැ.... කෝ මේ සහනය ජනතාව වෙත යන විදිහක්....
Deleteබස් ගැමුණුවයි ෂෙඩ් අයිතිකාරයොයි දෙගොල්ලම එකම නැකතකින් ඉපදිල තියෙන්නෙ
ReplyDeleteවැඩි වෙනකොට හූ කියාගෙන නග්ගනව
ඒත් අඩු වෙද්දි මීක් නැ
ගැමුණු මේ අාණ්ඩුවට සහය දැක්වුවා... ඒ මේ සෙතේ වෙන වග දැන දැනම තමයි... ඒ වාසිය ජනතාවට යන ඒකට හරහට හිටින්නෙත් මේ අාණ්ඩුවට සහය දැක්වූ ගැමුණුම තමයි..... මේ විදිහේ ජනතාවගේ සහනයන් ගසා කන හොරුන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි...
Deleteඉතුරු සල්ලිත් හරියට දෙනවනම් තමයි හොඳ.. නැත්නම් අවම මිල රු.8 උනත් අපෙන් රු.10ක් ගන්නවනේ...
ReplyDeleteඅනිවා හිමාල්................... ප්‍රොයෝගික ගැටලු
Deleteවැඩි වනවිට තෙල් රුපියල් දෙකක් තුනක්..
ReplyDeleteවැඩි කලාට බස් ගාස්තු හතක් අටක්..
අඩු වෙනකොට අඩු කළහොත් ඒ ගානත්..
අපි කන්නේ හුළං ද බලහන් පොඩ්ඩක්..
කෝච්චියේ ගාස්තු වැඩි වෙලා නැතී..
තිහකම බස් දුර දහයට යන්න හැකී..
ට්‍රැෆික් කතන්දර කිසිවක් ඒකෙ නැතී..
කැමති එකෙක් කෝච්චියේ යන්න හැකී..
- බස් ගැමුණු රිප්ලයි-
පිං අගහරු අාවාට
Deleteඅදහස් කුරුටු ගෑවාට
තරහා වෙන්න ඒපා මේක කීවාට
තෑගි දෙනවාද ගැමුණු ඔය ටික කීවාට
විහිළුවට හරිය..............
වැඩක් නෑ කතා කරල. තෙල් මිල වැඩි කරද්දී ගාස්තු හිටු කියල වැඩි කලාට අඩු කරද්දී එහෙම කරන්නෙ නෑනෙ. මේ පාරත් ඒකම තමා උනේ.
ReplyDeleteඔව් මනා.......................
Deleteබස්ගාස්තු අඩු වෙන්න අනුමත කළ හැකි ප්‍රතිශතයකින් නොවේ.... ඒ විතරක් නෙමෙයි ජනතාවට තව තවත් මේ සහනය යා යුතු පැති තියෙනවා... ඒ කිසි දෙයක් ගැන කවුරුත් කතා කරන්නෑ... අන්තිමට තෙල් මිල අඩු වීමේ වාසියත් වෙළෙන්දාම ගන්නවා......
හයිවේ බස් ගාස්තුවත් අඩු කරොත් නම් නියමයි
ReplyDeleteඔව් යසිත් දැන් හැම ඒකම අඩු වෙන්න ඒපැයි නේද????
Delete