ඔයාව මුල්ම වතාවට හමුවුණු ඒ දවස් කීපය ආයෙත් ඇදලා ගන්න පුළුවන්නම්... මම මුළු ලෝකෙම දීලා හරි ඒ දේ කරනවා මගේ නංගි... ඒ දවස් වල අපි දෙන්නම පුංචි... ඔයා ගැන හරිම ලෙංගතු හැඟීමක් මගේ හිතේ ඇතිවුණත් ඒක කියාගන්න මම පහුබෑවා... ඔයාගෙ හිතෙත් ඒ වගේ හැඟීමක් තිබුණා කියලත් මට එදා දැනුණා... ඒත් ජීවිතේ අපිව මුණගැස්සුවේ ඒවා හිත්වලම හිරකරගන්න බලපෑම් කරලා... ඒත් අදටත් මම තනියම... තවමත් මගේ හිත ඔයා වෙනුවෙන් හූල්ලනවා... අද අපි දෙතැනක... ඔයා කොහේ ඉන්නවද කියලවත් අද මම දන්නේ නැහැ... ඒත් අතීතේ අපි දෙන්න හිටපු ගම මැදින් යද්දී හමන හුළඟේ හීතල මැදින් ඔයා මා ළඟ හිටියනම් කියලා මට තාමත් හිතෙනවා... ගමේ ගස් කොලන්, වෙල් ඉපනැලි, සුන්දර කැලෑව මැදින් වැටුණු ගුරු පාර හින්දා මට මතක් වෙන සුන්දර හැඟීම් කොයි තරම්ද... ඒත් ඒ එකක්වත් සැබෑවක් නොවෙන හීන විතරක් බව දැනෙද්දී තාමත් කාටත් හොරෙන් මට කඳුළු එනවා... ඒ ඔයා වෙනුවෙන් ඇතිවුණු මුල්ම ආදරේ කඳුළු කියලා මට දැනුණත් අද මම ගොඩක් පරක්කු වැඩි... අසම්පූර්ණ ජීවිත ගමනේ ඔයා නැතුවම අද මම ගොඩක් දුර ඇවිත්... ජීවිතේ කියන්නේ අපි කොයි තරම් උත්සාහ කළත් අපිට අවශ්‍යම දේවල් ගොඩකුත් නොලැබී යන දෙයක් කියලා අද මට තේරෙනවා...ඒ ඇත්ත දරාගන්න අමාරු වුණත්...
ජීවිතයේ එක් සුහුඹුල් සමයක
මට ඔබ හමුවූවා
ඔබ මා හමුවූවා
හිරිමල් හැඟුමක් සිත් මල් කළඹා
හොරැහින් එබී බලා
දෙහදට කතා කළා
මුවගින් එක වදනක් හෝ නොමැතිව
අප නෙත් යා කරලා
හැඟුමන් කතා කළා
සිත් සැරසූ ඒ හැඟුමන් අතරේ
හිනැහුණු නෙත් රඳවා
සිහිනෙක රස වින්දා
කඳුලක උණුසුම සැමකල් රන්දා
අප නෙත් මගහැරුණා
ඔබ මා අත්හැරුණා
කාලය මැවු ඒ අදිසි වසන්තය
ගීයක පද සරසා
සැනෙකින් නිමා වුණා
පසු සටහන: මට සමීප අයෙකුගේ ඇත්දැකීමක් මගේ වචනයෙන් හා කවියෙන් ප්‍රකාශ කිරීමකි.
-අසංක ගයාන් අබේසිංහ-
මිහිරැති වසන්ත කාලේ
ReplyDeleteකිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ
සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය සහ සංගීතය: ෂෙල්ටන් පෙරේරා
පුදුමාකාර සංවේදී ලස්සන ගීතයක් සින්දු...ප්‍රේමකීර්ති වගේ පුද්ගලයෙක් ගැනනම් කියන්න වචන නෑ...ගායනය ඊට හපන්...
Deleteපිපුණු මලක හැඩ දෑස වසා
Deleteසිතුම් විහඟ කැළ වසඟ කලා
මගතොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා..
කවුරුද ඔබ මා යන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟි මැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
වෙන්වූවා අප සුසුම් දරා...
ඉතුරු ටික මතක් වෙන්නේ නැතෝ..
මතකේ නැගෙනා ඔබ රූ ඡායා
Deleteහමුවේදෝ යළි සිත් සනසා
ඔබ නමටයි මා පාරමි පුරණා
ඇසේවිදෝ මේ ගී මාලා.....
ගායනය සහ සංගීතය : ශාලිත අබේවික්‍රම
Deleteගී පද : විපුල ධර්මප්‍රිය ජයසේකර
;-)
ඔය තියෙන්නේ...උඹලා තුන්දෙනා හින්දා මට කියන්න දෙයක් ඇත්තෙම නෑ මෙතන...හිකිස්...
Deleteමුහුදේ ඉන්නේ එක මාළුවද....?
ReplyDeleteඌ දැන් ඒ වගේම වෙන මාළුවෙක් අල්ලගෙන බං...
Deleteගීතයක්මයි අසංක මට ඇහෙන්නෙ. කතාවනම් හුරුපුරුදුයි. ඒත් මේ පද රචනයනම් මට ගොඩක්ම නැවුම්. අනේ මේව ගීත කරන්න හැකිනම්...
ReplyDeleteඋඹේ මේ දිරිමත් කිරීම සහ අගය කිරීම හරිම උණුසුම් හැඟීමක් ගේනවා මනෝෂ්...
Deleteඅත්දෑකීම කාෙග වුණත් රසවත්
ReplyDeleteඅඩේ වැව් ඇවිල්ලා...කොහොම උනත් උඹ ආපු එක ඊට වඩා රසවත්...
Delete" අසංකගේ තවත් එක් ආදර අන්දරයක් " ( අපි නොදන්න Chess ) : D : D
ReplyDeleteඇත්තටම මනෝශ් කිව්වා වගේ ගීතයක රස තියෙන ලස්සන නිර්මාණයක් අසංක.
මේ සඳරුවා හින්දා රහසක්වත් රැකගන්න බෑ...හික්ස්...ඔහොම පැනපු ගමන් සේරම එළි කරන්න එපා බං...ලැජ්ජයිනේ...බොහොම ස්තුතියි හොඳේ...
Deleteවැඩ වැඩි නිසා කාලෙකින් මේ පැත්තේ එනකොට කවි ගොඩක්ම ලියල ....කවිය අගෙයි.කවියටත් වඩා මුලින්ම ලිව්ව අකුරු ටික හිතට වැදුන .මොකක්දෝ සමීප බවක් ඒ අකුරු වල තියනව ...... :)
ReplyDeleteගොඩක් ස්තුතියි හංසි...ඒ සමීප බවට හේතුවක් තමයි මේක ඇත්ත අත්දැකීමක් වීම...
Delete''ඒත් අතීතේ අපි දෙන්න හිටපු ගම මැදින් යද්දී හමන හුළඟේ හීතල මැදින් ඔයා මා ළඟ හිටියනම් කියලා මට තාමත් හිතෙනවා..''
ReplyDeleteමතකයන් ඒ තරමටම සුන්දරයි
ලස්සනයි පවුරේ... :)
සත්තයි සුසී...මතකයන්...ඒ ගැන කියලා වැඩක් නෑ අප්පා...
Deleteමටත් පද වැල් ටික දැනුනේ ගීතයක් විදිහට.. ලස්සනයි. හිතට දැනුන නිර්මාණයක්.
ReplyDeleteබොහොම ස්තුතියි තුශානි...
Deleteනියමයි මචං.. අතීතය සිහිනයක් පමණයි කියල තමයි ඉතින් කියන්න වෙන්නේ..
ReplyDeleteඒක ඇත්ත මචං...ඒත් ඒ සිහිනය දකින්නේ පුදුම ආසාවෙන්...ඒ වගේම දුකෙන්...
Deleteඅම්මෝ....විරහවේ රස.....
ReplyDeleteමටනම් ආදරයක තියන සුන්දරම කාලය තමයි,ආදරේ හිතේ තියාගන කියාගන්න දගලන කාලය.ඒ වුනත් ඒක කවදාවත් කියාගන්න බැරිවෙලා ඒ ආදරේ අයිති නැතුවුනහම ඇතිවෙන හැඟීම්......
උඹ ඒ හැඟීම් ලස්සනට අකුරු කරල තියනවා අසන්කයා.....
ජය වේවා.....
මේ කටුස්සා කොපි කරන්නෙම මං ලියන ඒවමයි. හැක්
Deleteඋඹල දෙන්නම කොපි කරලා තියෙන්නේ මගේ අදහසක් බොලං...හිකිස්...මම මීට කාලෙකට කලින් ලියපු ඒත් කාටවත් නොපෙන්නපු පුංචි ලිවිල්ලක් දාන්නද මෙතන...
Delete"දෙදෙනකු අතර ඇති ආදරයක අතිශය සුන්දරම කාල පරිච්ජේදය වනුයේ ඔවුන් දෙදෙනගේ ආදරය පටන් ගත් පසු ගතවන කාලය තුළ නොව ආදරය පටන් ගැනීමට පෙර තම තමන්ගේ ආදරය අනෙකාට කියාගත නොහැකිව ලතවෙන කාලය තුළය"
ඕන්න ඉතිං එහෙමයි මම ඒ කාලෙ ලිව්වෙ...මේවා අපි කාටත් පොදුයි වගේ නේද කටුසු & මාධවී...
ඔබ ගියාම දුක මට දී
Deleteදුක දරා ගන්න නොහැකී
ටඡ් මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී....
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්‌සියෙන් මියෑදී
ලොව සැනෙන් අඳුරෙ ගිලුනී
තරු උමතු දුකින් දැවුනී....
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළ ද ඔබම දකිමී....
පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී
රසවත් අදහසක්.
ReplyDeleteවිරහව පිස්සු හදයි. එයින් වැළකීමට කළ යුත්තේ තමා පළමුව බූට් එක තැබීමයි.
ඒත් බූට් එක තියලා ටික කාලෙකට පස්සෙ හැදෙන දුක ඊට වැඩියි මාධවියෝ...
Deleteමේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
ReplyDeleteකතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී
අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
එඩ්වඩ් ජයකොඩි
රඹුකන සිද්ධාර්ථ හිමි
එම්. ආර්. චූලසිංහ
නියමයි ඉවානයෝ (අජන්ත...හිකිස්) ...තවත් හිතට වැදුණු ගීතයක්...
Deleteමට සමීප අයෙකුගේ ඇත්දැකීමක් මගේ වචනයෙන් හා කවියෙන් ප්‍රකාශ කිරීම///
ReplyDeleteහිහි මෙහෙම වත් කියමුකො
කවිය නං පට්ටයි
අනික් සටහන නැතත්
ඒ කියන්නෙ අනෙක් සටහන වැඩක්ම නැද්ද මචං...දුකේ බැරුවා...ඉහි...ඉහි...
Deleteරසවත් අත්දැකීමක්...
ReplyDeleteකවියට වගේම අර පින්තූරේ තිබ්බ පරිසරයටත් මගෙ හිත ඇදිලා ගියා !
උඹලගෙ හිත් ඇදිලා යන තරම් දෙයක් කරන්න පුළුවන් වුණා නම් ඊට එහා දෙයක් නෑ මධු...ගොඩක් ස්තුතියි...
Deleteහුදෙකලාව මේ සිත හඩවනවා
ReplyDeleteසැමදා ජිවිතයේ තනිවේදැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලි යනවා
නෙතු පියාන මා ඔබේ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දැස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා
ඇයි අවංකව ආදරය කරන අපිව දලා යන්න හදන්නනේ????????
ඔයා හැමදාම කියනවා වගේ අයියේ මගේ සුදු අයියාට දැනේන්නේ එයාගේ නංගි එයාගේන් ඇතට ගියාම.
හැමදාම ඔයා විතරයි මේ චුටිගේ ආදරය ගැන තේරුම් ගත්තේ.
මාගේ අයියවා බලා ගන්න.
අනිවාර්යයෙන්ම චූටි...මම අවස්ථාවක් ආව ගමන් ඔයාගෙ සුදු අයියාට මේ ගැන කතා කරනවා...මේ වෙලාවෙ එයාගෙ හිත මායාවක පැටලිලා තියෙන්නෙ...එයා ඒකෙන් අයින් වුණු දවසක ඔයාව මතක් වෙයි...ඒත් ඒ වෙද්දි එයා පරක්කු වැඩි වෙයිද කියලයි මට බය...
Deleteකොහොම වුණත් මේ වගේ අත්දැකීම් පොදු විදිහට හැමෝටම දැනෙන එක ගැන මට ගොඩක් සතුටුයි...මේ තමයි ආදරේ හැටි...
ගොඩාක් අයට වෙලා තියෙන අතීත කතාවක්.ලස්සන ගැලපුමක්
ReplyDeleteබොහොම ස්තුතියි ගිහාන්...
Deleteඑක මම දන්නවා ඔයට ඔන මගේ සුදු අයියාව මගේ ලග තියන්න එයා කවදාවත් එක තේරුම් ගන්න එකක් නැති වෙයි. ඔයා මගේ සහෝදරයා නොවුණු එක මට දුකයි එත් මම සතුටුයි ඔයා මේ චුටි නංගිය හොද යාළුවෙක් වුණ එකට.
ReplyDeleteහැමොටම මේ විදිහට සිදු වෙනවා. ඒ අපි අවංකව ආදරය කරන එක ගැන එයාලා හිතන්නේ නැහැ.
මේ වගේ තවත් කවි සිතුවිලි ඔයාට ලියන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
බොහොම ස්තුතියි චූටි...කිසිම ගැටළුවක් නෑ...මාව ඔයාගෙම සහෝදරයා කියල හිතන්න...ලේ බැඳීමක් නැති වුණත් ඒ වගේම ළඟින් මටත් ඔයා ළඟින්ම ඉන්න පුළුවන්...
Deleteමේ සිද්දිය විවිධ ස්වරුපයෙන් බොහෝ දෙනෙක්ට වෙලා තියෙනව. ඒක හරි පුදුමාකාරයි කියලත් හිතෙනව.
ReplyDeleteලෝකෙ හැමෝටම පොදු පුදුමයක් නම් ආදරය විතරමයි මනා...ඒක ලෝකෙ කොයි බලවතාට දුබලයාටත් එහෙමම තමයි...
Delete