Sunday, December 7, 2014

ඉංග්‍රීසි වෙන්න හදන අමුම අමු සිංහල ගෑණු............



තොල් රතට රතේ පාට ගා

කම්මුල් රෝස පෑ තැවරූ
අනේක දෑ ඉලූ මූණු අැති ගෑණු
දන්නා සිංහලෙන් සිතමින්
හිතේ බාගයක් හිර කරගනිමින්
නොදන්නා ඉංග්‍රීසියෙන් 
මොන මොනවාද කියති.....................

තිහ හතලිහ පැන්නාට පසු

ගැටිස්සියන් වෙන්නට තතනන ගෑණු
දණිස්සෙන් අඩියක් උඩට අැන්ද
විනිවිද පේනා සේද සළුපටින් 
විලිවසා ගන්නට දුක් විදිමින්
අරෙහෙට මෙහෙට අැඹරෙති......................

බත් හැන්දකට හුරු වූ බඩගින්න
හීනියට ලියා කූරු වල ගැසූ
අනේක විධ මස් මාංශයන්
අමාරුවෙන් අෑත් මෑත් කරගෙන
කෘන්තක දත් වලින් හපමින්
පුරවා ගන්නට වෙරදරති....................

ඒක වීදුරුවකින් නැතිවූ තිබහාව

රතු පෑ...... දුඹුරු පෑ....... බීම
පුරව පුරවා හිස් කරමින්
නැවත නැවතත් තොලගාමින්
නැති තිබහාවක් නිවන්නට තතනති...................

හැම වචනයක් ම අල් සයන්නෙන් ඉවර කරමින්

හිතේ දාහක් දේ ඉතුරු කරගනිමින්
ළිවෙනකල් පාටි දාන ගෑණු
ඉංග්‍රීසි සින්දු වලට දෙපැත්තට පැද්දෙමින්
මාර වින්දනයක් ලබන බැව් පෙන්වති...................

ඒත් අන්තිමට 
ජෝතිපාලගේ අමුම අමු සිංහල සින්දුවකට 
බෝල්රූම් සල්සා අමතක කර
අැගේ හිරියනතුරු නටති...................


තුෂාර විතාරණ

98 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි ඉන්ද්‍රජිත්...

      Delete
    2. තමන් ගේ වියදමින් කාලා ඇඳලා සන්තෝසෙන් ඉන්නා ගෑනු ගැන ඊරිසියාවෙන් පෙලෙනා පිරිමියෙකු ලියූ පැල්කවියකි....

      අනේ මහතුනේ මට වුනු වියෝයා
      මට නැති සැප ගෑනුත් ගන්නවෝයා...

      ඊරිසියාවෙන් මිදෙන්න කුරුට්ටෝ... සතුටු වෙන ගැහැනු ගැන සන්තෝස වන්න

      Delete
  2. මෙතන නම් ඉන්නේ කෙල්ලෝ. මම නම් මේවට බොහෝම කැමතියි. හැමෝම උත්සාහ කරන්න ඕන මේ තත්වෙට එන්න. ඒත් ඒකට වෛර කරලා නම් කවදාවත් ඒ කිට්ටුවටවත් එන්න වෙන්නේ නෑ. කවුරුත් මේ සමාජයට හිත යටින් කැමතියි. ඒක මම පිට රටදි හොඳට දැකලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මාතලන් මේ රටේ ඉපදුනේ..

      Delete
    2. මගේ අදහස ඔබ තේරුම් ගත්තා වැරදියි මාතලන්...මේක වෛරක් නෙවෙයි...කියන්න උත්සාහ කළේ මෙතන කරන බොරුව...පිටරට ගොඩක් උන් කරන්නේ උන් කරන දේ හොඳට දැනගෙන...ඒත් අපේ උන් හැම දේම තේරුමක් තියනවද නැද්දවත් හොයන්නෙ නැතුව බදාගෙන කොහෙටවත් නැති හාල්පාරු තත්ත්වයට පත්වෙනවා...ඒක තමයි ඇත්ත සුද්දන්ගෙයි අපේ ගොං තකතීරුවන්ගෙයි වෙනස...කරන දේ අවංක තේරුමක් ඇතුව කරනවානම් හරිම හොඳයි...

      Delete
    3. මොකක්ද මෙතන තියෙන තකතීරු වැඩේ.. බොලාට ඉසිරිසියයි. ඒ වගේම තොල් ලෙව කකා ඔය ගොස්ප් සයිට් අස්සේ රිංග රිංග බලන්න හොදයි. ඒත් තමන් වෘකයෝ නොවන වග පෙන්නීමට නෙව මේ වගේ උපාසක කවි ලියන්නේ..

      Delete
    4. මෙහෙමයි මචෝ... උඹලත් කැමතියි ගොසිප් අස්සෙ රිංග රිංග තොල් ලෙව කකා ඕව නොබල ඉන්න පුලුවන්නම්. ඒත් උඹලට උඹලගෙ කුපාඩි හිත පාලනය කරගන්න බෑ. ඉතින් එහෙම පාලනය කරගෙන ඉන්න උන් දැක්කම උඹලට උඹල ගැනම නිකන් අවුල් අවුල් වගේ. ඒකයි මේ කේස් එක. ඕක මානසික ලෙඩක්. නූතන සමාජෙ විතරක් නෙවෙයි, ඉස්සර ගම් වලත් හිටියා ඔය වගේ එවුන්, පඳුරු අස්සට වෙලා, ගස් වලට මුවා වෙලා ගෑනු නානවා එහෙම බල බල ආතල් ගත්ත එවුන්.

      Delete
    5. මනෝෂ් එක්ක කතාවක් නෑ. මනෝෂ් කියන්නේ ගල් යුගයටත් එහා. තමන් තමන්ටම බොරු කරන, වත්මන් දේශපාළකයෝ වගේ කෙනෙක්. මේ පිළිතුර තුෂාරට. තුෂාර ඩාන්ස්. එහෙම නැත්නම් නටනවා කියන දේ, ස්ත්‍රී පුරුෂ බේදයෙන් තොරව තිරිසන් ළෝකයේ පවා තියෙන දෙයක්. (වැඩුය ඕන නෑ කුරුළු ජෝඩුවක් නිරීක්ෂණය කරන්න.) හෝමෝ සේපියන්ස්ලා මුල් යුගයේ පටන්ම, තමන්ට දරයමක් ලැබුනාම, කිසිඳු බේදයකින් තොරව ප්‍රීතී වෙලා තියෙනවා. ඔය අපේ රටෙත් වැද්දෝ අතරේ තියෙන්නේ කිරි කොරහා කියලා. ඒ, එයින් ශේෂවූ දෙයක්. ඒ අතීතය. මෑත අතීතයේ. ලී කෙලි වාරම්, කුළු නැටුම්, කළගෙඩි නැටුම්, වගේ නැටුම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි කොහොමත් හොඳට නටපු කෙල්ලෝ හිටිය දියුණු සමාජයක්. රජවරු ඉදිරියේ ඩාන්ස් කලේ පිරිමි නෙමෙයි, ගැහැණු, කාන්තාවන්ට නිදහස්ක් නැති අරාබියෙත්, බෙලි ඩාන්ස් ගන තුෂාර දන්නවා ඇති. ඉතින් සමාජයත් සමග ඉදිරියට යන කෙල්ලෝ, ෆොරින් ස්ටෙප්ස් අල්ලා ගන්නවා. බදාගෙන නටනවා නම් කොච්චර දෙයක්ද. එතනින් පෙන්වන්නේ ආදරය. අද අපේ සමාජයේ නැත්තෙත් ඒක. එතනදි අපේ කෙල්ලෝ ගොන් තකතීරුවෝ නම් නෙමෙයි. බොහෝම අපූරුවට නටනවා, හැම ඩාන්ස් එකක්ම. බලන්න ටෙලිවිශන් වල නටන පොඩි දරුවෝ, කොච්චර ලස්සනට නටනවාද කියලා (ළමුන් අතර තරඟ වලට නම් මම විරුද්ධයි. ඒවා අද දියුණු ළෝකයේ රටවල් වල නවත්වලා ඉවරයි.) මම නම් කියන්නේ, ඔය ඩාන්ස් කරන මැද්දට පැනලා, කුළු නැටුමක් හරි දාන එකා බය නැති, අනාගතයක් තියෙන උන් කියලා. තුෂාර මොනවා කිව්වත්. අදහස් කරන දේ කවියේ තියෙනවා. ඒ අපේ ජාතියේ පරම ලක්ෂණයක් වන කුහක කම.

      Delete
    6. කියන්න ඕනි ටික මාත් උඩින් කිව්වා. මේකට කියන්න කට කැහුවත් මාත් මොකුත් නොකිය ඉන්නම්, කතාවක් නැති මිනිස්සුන්ත් එක්ක කුමන කතාද. බයිල ගහ ගහ යන්න හදන්නෙම ගල් යුගයට, උදාහරණ ගන්නෙත් ඒ යුගයෙන්, ආදරේ පාන්නලු බදාගෙන නටන්නෙ. අනේ මගෙ කට! ලෝකය සමඟ ඉදිරියට යාම කියන්නෙ තිරිහන් වීම නෙවෙයි. වඩාත් ශිෂ්ඨසම්පන්න වීම.

      කතාවක් නැතිබව කෙලින්ම කියපු එක හොඳා. මෙතනින් එහාට මං මේකට මෙතන මොකුත් කියන්නෙ නෑ.

      Delete
    7. අනේ බං උඹලා මේ අන්තර්ජාලේ ශිල්ප පෙන්නන්නේ නැතිව. කළු ගලක සෙල් ලිපියක් කොටාගෙන හිටහල්ලකෝ..

      Delete
    8. @ දේශකයා,

      අපොයි නෑ බං...අපි උපාසකයො නම් නෙවෙයි...ගොසිප් එහෙමත් බලනවා...මොකුත් නොබලා මොකුත් කියන්නත් බෑනේ නේද...මොකක් හරි කියන්න මොනව හරි දකින්න එපාය...ඒ දැක්ක දෙයින් අපේ අදහස කිව්වම ඒක ඉරිසියාව කියන එක ගැන නම් ආයෙත් හිතල බලපං දේශකයෝ...

      @ මාතලන්,

      පළමුව ඔබේ සාරවත් විග්‍රහය සඳහා සැබැවින්ම බොහොම ස්තුතියි...ඔබේ මේ කියන අදහස් වලට මම කිසිසේත්ම විරුද්ධ නෑ...ඔබම කියනවා ඉදිරියට යන සමාජයක් ගැන...ඒ වගේම අද අපේ සමාජයේ නැත්තෙත් ඒක බවත් කියනවා...ඉතින් මාත් කියන්නේ ඕකම තමයි...ආදරයත් එක්ක ඒ වගේම කරන දේ වටිනාකමක් සහ තේරුමකුත් එක්ක කළා නම් හොඳයි...නිකම් ලෝකෙට පේන්න විතරක් පොෂ් වෙලා ගෙවල් වලට මරගාත වෙන එක නෙවෙයි...නටන එක කොයි තරම් හොඳද...මාත් පාටි වලදී නටනවා...ඒත් මේ කියන්න හැදුවේ කුහකකමක් ගැන නෙවෙයි කියන එකත් කියන්නම ඕන...මේ කවියේ සැබෑ තේරුම ඊට හුඟක් වෙනස්...

      Delete
    9. තුෂාර මේ දරුවන්ගේ ගෙවල් වලට ගියාද? මේ දරුවන්ගේ පෞද්ගලිකත්වය දන්නවද? දැ එතකොට ඔයා නටන ෆොටෝ එකක් වෙන කවුරු හරි දාලා මෙයා මේ පඩ ෂෝ පෙන්නනවා කිව්වා නම් සාධාරණද. නෑ මොකෝ ඔයාලා හොඳ පූසලා නිසා. මෙතන පෙන්වන්නේ. මේ දේවල් ඔයාලා කරාට අවුලක් නෑ. හැබයි කෙල්ලන්ට කරන්න තහනම් කියන එක. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කිරීමක්. ඔහේලත් එක්ක එන නෝනලට අබ සරණයි.

      Delete
    10. //මනෝෂ් එක්ක කතාවක් නෑ//

      අනේ බං ඇයි එහෙම කියන්නේ අපි උඹලව බලාගන උඹල පස්සෙන් එන්නේ

      මෙහෙම්ම

      තෝ නං එපා කියනකොට දුකයිනේ බං මාතේ

      Delete
    11. මෙන්න නැමුවා ඔලුව මචං , ඒහෙම කවුරුහරි කියනවනං වැරදියි

      Delete
    12. මං කියුවේ මෙහෙම

      ‘‘ මේ දේවල් ඔයාලා කරාට අවුලක් නෑ. හැබයි කෙල්ලන්ට කරන්න තහනම් කියන එක.‘‘

      Delete
    13. @ මාතලන්,

      ඔන්න මාතේ පටලගෙන, මේ කවියේ කිසිම තැනක කිසිම තහනමක් නෑ...එහෙම තහනම් කරන්න අපිට අයිතියකුත් නෑ...මම දැන් කියන්න හදන සියළුම දේ මම හිතන්නේ මීට පහළ කමෙන්ට් එකකින් මධුමාධවී වඩා හොඳට විස්තර කරලා තියනවා...කොහොම වුණත් නැවත වතාවක් බොහොම ස්තුතියි ඔබට...මෙවැනි විවාද වලින් අපි හැමෝටම ගොඩක් දේ තේරුම් ගන්න පුළුවන් වෙන නිසා...

      Delete
  3. පින්තුරේ ගැන නම් මොකුත් නොකිය ඉන්නම් ... කවිය නම් නියමයි :) ...කියන්න දේවල් ගොඩක් හිතට එනව ..අනේ මන්ද එක්කෝ ඕන නෑ ..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි හංසි...එක්කො ඕන නෑ...හැක්...

      Delete
  4. මොහොතකට හරි කුමාරිකාවක් වෙලා හිත සනසගන්ඩ තමා ඔය ඔක්කෝම....

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඇති වරදක් නෑ රූපේ...ඒත් බොරු ෂෝ හැමවෙලේම දාලා තමන් විහින්ම ගොං වෙන එක...?

      Delete
  5. වත්මන් සමාජයේ සැබෑ යතාර්ථය ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අම්බලන්...අපේ ලංකාවේ සමාජයටම ඕක තමයි වේගෙන යන්නේ...

      Delete
    2. ඹය ලංකා සමාජය කියන වචනය යල්පිනු අදහසක්. තව දුරටත් වලංගු නැහැ. උඹලයි අර මුස්ලිම් අන්තවාදි බුවාලයි අතර ඒ තරං ලොකු වෙනසක් නැහැ.. අනේ මම නං කැමතියි මේවට. සංස්කෘරුතිය කියන්නේ හැමදාම එක විදියට තියාගන්න ඇහැකි දෙයක් යැ. පරණ දේවල් ෂහ් මාරයි කියල කියන්නේ අලුත් ලෝකය නොදකින (යා නොහැකි) අය.. හැක් හැක්..

      Delete
    3. බලන් යද්දි උඹල ඔය අලුත් ලෝකය අලුත් ලෝකය කියල කෑගහන්නෙ ආයෙත් වනචාරි යුගයටම යෑමනේ බං. ඒකනේ පුදුමෙ. මිනිසා හරි අමාරුවෙන් ශිෂ්ඨාචාරගත වුනා, දවසින් දවස විලි වහගත්තා. සමාජයේ මිනිසා තිරිසනාගෙන් වෙන් උනා. දැන් මේ බලන් යනකොට එහෙම ආපු ගමන රෙදි ගලවලා උඹල ආපහු ආපස්සට අරන් යන්න හදනවනෙ බං. එතකොට අපිද, උඹලද මේ ආපස්සට යන්න හදන්නේ?

      Delete
    4. මෙතන තියෙන්නේ තනිකර කුහක කම. ඒ කියන්නේ සුද්දියෝ නැටුවට කමක් නෑ. අපේ උන් නටන්න ඕන නෑ. අපි පිරිමි දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන, අපිට ඕන වෙලාවට සංසර්ගයේ යෙදුනාම හොඳටෝම ඇති. මේකට කියන්නේ දේශා.. ආඳා මාළු ඉරට්ටෙන් කනවා කියලා. විස්තරාත්මක් පිළිතුරක් උඩ ඇති.

      Delete
    5. මෙතන ගෑණු පිරිමි බේදයක් නෑ. මොකා කලත් වරද වරදමයි, කුපාඩිකම කුපාඩි කමමයි, වලත්තකම වලත්තකමයි. බේබදුකම බේබදුකමමයි. අම්ම අප්පා, සහෝදරය සහෝදරී අඳුනන්නැති තිරිහන් කම තිරිහන් කමමයි. ඒක ගෑනියෙක් කලත් එකයි. පිරිමියෙක් කලත් එකයි.

      Delete
    6. කෙල්ලෝ ටිකක් එකතු වෙලා ඩාන්ස් කරන එක කුපාඩිකමක්ද? වලත්තකමක්ද? බේබදු කමක්ද? අම්මා අප්පා සහෝදරි සහෝදරයා අඳුනන්නේ නැති තිරිසන් කමක්ද? මට නම් තිරිසනා වෙන්නේ. මිනිස්සුන්ගේ විනෝදයට, සරළ බවට, වින්දනයට එරෙහි වන ගෝත්‍රිකයෝ. මෙයාලම තමයි මහින්දට විරුද්ධව මහා හඬ නගන්නේ, නිදහස නැතෙයි කියලා. එකාධිපති කියලා. මෙයාලගෙයි මහින්දගෙයි කිසිම වෙනසක් මට නම් පේන්නේ නෑ. නියම වැද්දෝ.. (වැද්දන්ට නිගාවක් නොවේවා.)

      Delete
    7. @ දේශා සහ මාතලන්,

      ඔබ දෙපලම කවියේ කියවෙන සහ නොකියවෙන සියළුම දේ ගැන කරන මේ විවාද සම්පන්න අදහස් ඉතාම වටිනවා...මේ ගැන ඉහත මාතලන් හට දීපු පිලිතුරේ යම් පැහැදිලි කිරීමක් ඇති...මේකෙ තියන අදහස් විවිධ පැතිවලට ගෙන යා හැකි වුවත් මගේ අරමුණ වුණේ අන්තගාමී වීමක් නොවෙන බවනම් කියන්නම ඕන...

      Delete
  6. Manjula Kumari Birthday Party?
    උඩින් සුන්දරත්වයක් ඇත. යටින් හිස් බවක් ඇත. එය පිළිගනිමි. මෙයිට හපන් මගුල් ගෙවල්. බොහෝ දේවල් කැමරාවට නොවේද?

    ReplyDelete
    Replies
    1. ලෝකෙටම බෙර ගහලා නටලා අන්තිමට ජීවිත කාලෙම තමන් ණය ගෙවන මඟුල් ගෙවල් සහ සංදර්ශන...මේ බොරු කරගන්නේ තමන්ටමයි කියලා මුන්ට කවදා තේරෙයිද...බොහොම ස්තුතියි මාධවී...

      Delete
    2. මම මගේ කමෙන්ට් එකට යම් එකතුවක් කරනවා තුෂාර. ඔබ ඔබේ නිර්මාණයට පාදක කරගෙන ඇත්තේ ගමේ ඉපදී දැන් අතිශය බටහිරකරණයට ලක්වන අය, විශේෂයෙන් කාන්තාවන්. ඇත්තටම පරම්පරා ගණනක් නගරයේ ජීවත්වන්නන් මෙලෙස බටහිරකරණයට ලක්වෙලා නෑ. ගමෙන් දීගගිය හෝ රැකියාවට යන්නන් තමයි මෙයට ගොදුරු වන්නේ. බටහිර කරණය හොඳයි. මම නෑ කියන්නෙ නෑ. ඒත් ඔබ මෙතනදි ඉසමතු කරන්නේ එය නරකයි කියා නොවෙයි. මේ තැනැත්තියන් තුල ඉන්නේ අමුම අමු සිංහල ගැහැණියක් බවත් බටහිර පන්නයට වේශාන්තරණයේදී ඔවුන් තුල සිටින අමු සිංහල ආත්මයෙන් ඔවුන්ට මිදීමට නොහැකි බවත්. ඒ වගේම සෝබනයට ඉංග්‍රීසි කෑලි ඇමිණුවත් මොවුන් සුද්දෙක් ඉදිරිපිට ඇඹරෙන බවත් පෙනෙනවා. මොවුන් මෙහෙම වෙද්දි නගරයේම හැදුනු වැඩුණු නාගරික පසුබිමක් ඇති විදේශවල සංචාරය කර ඇති බොහෝ කාන්තාවන් චාම් ලෙස වැඩි සද්ද බද්ද නැතිව රඟපාන්නේ නැතිව ඉන්නවා. මම කියන්නේ නෑ පිරිමි එහෙම නෑ කියලා. කාන්තාවො මේවා ඇඟට ගන්නවා වැඩියි. ඔවුන් අනුකරණය කරන්න යනවා වැඩියි. ඔබ මෙතන කරුණු 4 ක් මතු කරනවා.
      1. ඉංග්‍රීසි භාෂාව ආභරණයක් ලෙස යොදාගැනීම (නමුත් සිංහලෙන් සිතමින් එය පරිවර්තනය කරන්නට දරණ උත්සාහය)
      2. සිතින් මැනවින් විළි වසාගෙන සිටින්නට කැමති අඩ නිරුවත්වූ ගැමි ගැහැණිය
      3. ආරූඪ කරගත් සහ බලෙන් පුහුණුකල බටහිර ආහාරපාන රටා
      4. ගායනය හා රංගනයේදී තම දේශීය/ගැමි ආර තුලට ක්‍රමයෙන් අපගමණය වීම
      මෙහි කිසි වරදක් මා දකින්නේ නෑ. ඔවුන් මේ තුල යම් වදයක් විඳින බවයි ඔබ දක්වා ඇත්තේ.
      නිරුවත් කාන්තාවක් චිත්‍රයට නගා ඇත්නම් එය කලාත්මක ඇසින් බැලීම මිස ඒ දෙස බලා ස්වයං වින්දනයේ යෙදීම නොවෙයි විය යුත්තේ.

      Delete
    3. මදාවියාට ++++++++++++++++

      Delete
    4. ඔබේ විග්‍රහය කදිමයි මධුමාධවී...කවියටත් වඩා මේකෙ තේරුම අති විශාලයි...බොහොම ස්තුතියි ඔබට...මේ හින්දා මේ කවියේ නියම තේරුම ඉස්මතු වුණා...

      Delete
    5. බොරු කියන්න එපා බං.. උඹ මේවා හිතපු දේවල් වත් නෛයමි.. එහෙනං කව්යේ ඒ ගැන තියෙන්න ඕන. වචනයක් නෙමෙයි ව්‍යංගයක්වත් නෑ.. ඔය ගැන.. මදාවියා නියමෙට කරපු විග්‍රහය නිසා උඹට අැස් පෑදිලා ටිකක්.. හැක්

      Delete
    6. මාධවියේ, කවියේ ව්‍යංගයෙන් කියන දේ තේරුම්ගන්න බැරි උදවියට ඔබ මේ විග්‍රහයෙන් පහසුවක් කරලා. ඇත්තෙන්ම ඔය තියෙන්නෙ සරල සමීප කතාව.

      මට පේන්නෙ දේශකයා කවිය කියවලවත් නෑ වගේ.. යේලා! යේලා!!

      Delete
    7. දේශා, මුලින්ම උඹේ හිතේ තියන අදහස් පැත්තක තියලා හිස් මනසින් කවිය කියවපං...මෙතන උඹ කරන්න හදන්නේ උඹේ හිතේ තියන දේවල් මේ කවියට ආදේශ කරලා ඒ අදහස් බලෙන් මතු කරවන්න හදන එක...

      Delete
    8. හරිය්ට හරි දේශා දැන් තුෂාරට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලට වෙච්ච දේ. කවියෙන් සහ කොමෙන්ට්ස් වලින් බොහෝම පැහැදිලි වෙනවා මොකක්ද කිව්වේ, මොකක්ද හිතේ තියෙන්නේ කියලා. මම තුෂාරටවත්, මනෝෂ්ටවත් වැරද්දක් කියනවා නෙමෙයි. හෙන මොඩ් ලිබරල් පොරවල් කියලා පෙන්නන්න උත්සාහ කලාට. ටයි දාලා ජෙල් දාලා සුද්දෝ වගේ ගියාට. මුන් අමුඩෙ අඳින ගැමියටත් එහා. ඒ මිනිස්සු මීට වඩා ලිබරල්. බහුතරය ඉන්නේ මේ මතයේ. උන් උන්ගේ කෑල්ල සංකර වෙනවට කැමති නෑ. හැබයි එහෙම කෑලී බලලා ගෙදර ගිහිල්ලා ස්වයං වින්දනේ යෙදෙනවා. ඕක තමයි තිත්ත ඇත්ත. බැන්දයින් පස්සෙත් එහෙමමයි. මධුමාධවීට උත්තර දෙන්න පුළුවන්. එයත් අමු කෙප්පයක් කෙලලා ඇරලා තියෙන්නේ. එතන තියෙන්නෙත් පංති වෛරය සහ ඉරිසියාව. ඒත් උත්තරේ දිග වැඩි වෙනවා. මේ විවාදය දැන් ඇති. දැන්වත් කුහඛ කම් අත්හරින්න ඉගෙන ගනිල්ලා. කොටින්ම මිනිස්සු වෙන්න ඉගෙන ගනිල්ලා.

      Delete
    9. සාධු සාධූ!!

      රඟන්න හැකියි. ජීවත් වෙන්නයි බැරි..

      Delete
    10. //මාධවියේ, කවියේ ව්‍යංගයෙන් කියන දේ තේරුම්ගන්න බැරි උදවියට ඔබ මේ විග්‍රහයෙන් පහසුවක් කරලා. ඇත්තෙන්ම ඔය තියෙන්නෙ සරල සමීප කතාව.

      මට පේන්නෙ දේශකයා කවිය කියවලවත් නෑ වගේ.. යේලා! යේලා!!//

      උඹල මේ දක්වා කියපු දේවල් මාදවිගේ පිට දාල ආයි හරවන්න එපා බං.. ලැජ්ජයි නේ..

      Delete
    11. උඹලා කියනවා වගේ අපි කුහකකම් වලින් පිරිලා මනුස්සකමින් තොර වුණා නම් මේ තරම් දුරක් එන්න වෙන්නෙ නෑනෙ...මෙච්චර කල් ජීවත් වෙන්නෙත් නැහැනේ...ඉන් ඔප්පු වෙන දේ තේරුම් ගනීම උඹලාට බාර කරනවා...ඒ වගේම මේ විවාදය මේ තරම් සාර්ථකව ගෙන ගියාට අවංක ස්තුතිය ද පුද කරනවා...

      Delete
    12. අදහස් හුවමාරුවේදී ඒක සංවාදයක් වෙනවානම් හොඳයි. නැතිනම් මේවා දිගින් දිගටම ගිහින් අන්තිමට සිංහල බ්ලොග් ලෝකයත් දෙකඩ වෙයි. තුනට හතරට කැඩෙයි. කුඩු වෙලාම යයි. එක පිරිසක් ගොඩයින් හැටියටත් තවත් පිරිසක් පොෂ් විදිහටත් දැනටම වර්ග කරලා ඉවරනෙ. හරි, ඔන්න මම නම් පිළිගත්තා මම ගොඩේ, මොකද මම කොළඹ නොවන නිසා. හැබැයි කොළඹ කොඩිගහ යට ඉපදුනු අය බොහොම ටිකයි ඉන්නෙ. අනික් සේරගෙම ඔරිජින් එක ගොඩේම තමා.
      මලගෙවල්, මගුල් ගෙවල්වල තියෙන සෝබනේ ගැන ලියපු අයම තමා මේක සෝබනයක් නොවන බව කියන්නෙත්. කාලය මැව් වෙනසක අරුමේ!

      Delete
    13. අදහස් හුවමාරුවකදි තරහ ගන්නවනං ඒක මෝඩ වැඩක්. මම නං planned mission එකක් කලේ.. හැක්..

      Delete
    14. @ මාධවී සහ දේශා,

      ඇත්තටම මාධවී මෙවැනි සංවාද තමයි අද රටේ පැවතිය යුත්තේ...මේව මේ මාධ්‍ය වල නිකම් ගිරිය පුප්පගෙන කෑ ගහනව වගේ ඒව නෙවෙයි...මේ සංවාද වල තියනවා ගත යුත්තක්...අපි ගී පවුර හැටියට කවදාවත් කිසිම දේකට තරහ වෙන්නෙ නෑ...තරහ වෙලා පුළුවනෑ...මේ වගේ දේවල් අපි සලකන්නේ මුතු මැණික් වගේ අගනා දේ හැටියට...ඉදිරියටත් අපි සැවොම එකටම යමු...සුභ පැතුම් සේරටම...

      Delete
  7. ස්වභාවයේ නොපවතින අමුතුම විකෘතියක් ආරෝපණය කරගනිමින් "පොෂ්" වෙන්නට දඟලති. ඔලුවෙ ගූ පිරුණු හඩ්ඩන් හඩ්ඩියන් මාර සෙනඟ මෙන් රඟති..

    ReplyDelete
    Replies
    1. ඔළුවේ ගූ ටිකක් හරි තියේනම් යෙහෙකි...ඒකවත් නැති එක නෙව වැඩේ...බොහොම ස්තුතියි මනෝෂ්...

      Delete
  8. කළු කබා මහත ටයි
    තරබාරු ප්රභූවරු
    ගරුතර මැති ඇමතිවරු
    පිටිකර රැළි වැටුණු
    කද බඩ හොදින් ආරපු
    සංස්තා ලොක්කෝ
    සහ පෙරකදෝරුවෝ
    පීරා ඈතින් කෙස් ගෙනත්
    තට්ටය යන්තමින් වසා ගත්
    රජයේ වර ලැබූ
    වියාපාර හිමිකරුවෝ
    ජාතික බැනියම් අදින
    චන්දෙට සල්ලිත් දෙන

    සිටියෝ මෝරපු ගැහැණු
    බැන්ද උස් කොණ්ඩා හා
    ගණ දෙතොල් උල් වූ නිය ඇති
    අඩවන් තඩිස්සි ඇසි
    ඉඟ දෙපසින් එල්ලෙන මස්
    විජිනිපත් ගෙන පවන් සලමින්
    බලමින් නෙත් කොනින් ගර්වයෙන්
    මැකෙන රූ සිරියට මුක්කු ගසමින්..

    ප්රබුද්ධ 10 පිටුව
    -මහගම සේකර-

    ReplyDelete
    Replies
    1. ළඟකදී නම් මොකුත් ලියල නෑ. ඒත් නිධානයකටත් වඩා වටිනවා.

      http://mahagamasekera.blogspot.com/

      Delete
    2. සේකරලා මොන තරම් අනාගතේ දැකපු අයද කියලා මේවයින් පේනවා නේද මනෝෂ්...බොහොම ස්තුතියි ඔබට සාරවත් විදිහට මේ කවිය අර්ථවත් කළාට...

      Delete
  9. ඉතිිං ඕකේ ඇති වැරුද්ද මොකක්ද???

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ හැමදේම හරි හරි ගාන උන් ඉන්න එකේ වැරැද්ද මොකක්ද නේද...

      Delete
    2. කවිරු හරි ගෑනු ටිකක් අලුත් පැෂන් එකේ ඇදුං ටිකක් ඇදල, විස්කි අඩියකුත් ගහල බාගෙට ‍ෙහලුවෙන් හරි ඩාන්ස් පාරක් දාලා ආතල් එකක් ගත්තම අඩන බොලා ගැන නේ දුක. ඒ වෙලාවට ඒ විදියට නොගිහින් සිල් රෙදි පොරවන් යන්නයැ.. අනේ මන්ද බොලා ඉන්නේ isolated mind වල. ඉතිං කොහේද ලෝකේ තියෙන විප්‍රකාර දේවල් දකින්නේ.

      Delete
    3. උඹල හිතන් ඉන්නෙ ඕක හරි හපන් කමක් කියල නේද??

      Delete
    4. @ දේශා,

      ලෝකෙ තියන විප්‍රකාර දේ දැකලා හිතෙන දේ කියන එක අවුල් වගේ නම් උඹට කියන්න තියෙන්නේ...

      Yela... Yela...

      Delete
    5. //උඹල හිතන් ඉන්නෙ ඕක හරි හපන් කමක් කියල නේද??//

      නෑ සාමාන්‍ය දෙයක්.. බොලාට ඉරිසියාවට හිතෙන දේවල් වලට මම මොනා කරන්නද බං

      Delete
  10. මට ඔය වගේ පෝස් වෙන්න ගිහිං බ්‍රස් වෙච්චි වුං පේන්න බෑ ඇයි යගේ දන්න ඉංගිරිසියකුත් නෑ ඉංගිරිසියෙන් කතාව සිංහල අහලම නෑ ඔය ඇන්ටිල පව්ව්ව්ව්ව් අප්ප
    සමහර ගෑණු ඉන්නව
    බුරිය පේන්න සාරි ඇදන් නව කොල්ලෙක් එහෙම දැක්කොත් හැට්ටෙ බොරුවට පාතට අදිනව හරියට අපි ඇන්දෙව්ව වගේ
    ඉදගන්නව ටයිටි සායවල් ගහන් ඊට පස්සෙ ඉතිං අරක පහලට ඇද ඇද බෑග් වලින් පර්ස් වලින් වහගන්ට හදනව
    පෙන්නන්න ඕන හින්දනෙ ඇන්නෙ මොන රෙද්දටද වහගන්නෙ නැද්ද බං

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප මහේෂයෝ...මේ සමහර කෙල්ලො ඉන්නවා මූණට හම්බවුණාම බොරුවට රවනවා...( අපිත් ඉතිං ආසාවටනේ බලන්නේ...හිකිස් ) හැබැයි ඈත ඉඳන් එන්නේ ඔමරි කර කර ගස්ස ගස්ස කොණ්ඩෙ හද හද...බොරුවට පත්තිනි අම්මල වෙන්නත් හදනවා...ඒක තමයි පේන්න බැරි...

      Delete
    2. මහේෂ් ජපන් කෙල්ලෝත් නටනවා. ඉන්දියාවේ කෙල්ලොත් නටනවා. උන්ට ඉංග්‍රීසී බෑ. ඉන්ගිරිස් බැරි ගොඩාක් රටවල අය නටනවා. ඇඳුම් කාළෙන් කාළෙට වෙනස් වෙනවා. ඒ තමයි ළෝකය පරිනාමය වෙනවා කියන්නේ. මේ කෙල්ලෝ එක්කෙනෙක් වත් හෙළුවෙන් නෑ නේ. වල් කම. කුහක කම තියෙන්නේ ඔහේලගෙ හිත්වල. මම අදහස් ප්‍රකාෂ කරන්න කැමති නෑ ගල් වැද්දෝ ඉන්න තැන්වල. ඒත් මේ කවි ලියන උන් ටිකක් දියුණු උන් කියලයි මම හිතුවේ. ලියන දේවල් අනුව.

      Delete
    3. ලෝකය නම් පරිණාමය වේ...ඒත් අපේ උන් පරිණාමය වෙන්නේ කොහෙටද කියලා මාතෙට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ...

      Delete
  11. එල ද බ්‍රා..
    අපේ පැක්ට්‍රි පාටි වලදි මේ වගේ අය දකිනවා

    ReplyDelete
    Replies
    1. බ්‍රාත් ඇඳගෙනද මෙන්ඩියෝ...

      Delete
    2. දෙකක් දාගත්තාම බ්‍රා අතේ අරන් නටන්නේ

      Delete
  12. ඇත්තම ඇත්ත මචං, කියන්න දේවල් නම් කෝටියයි, ඒ උනාට ඕනේ නෑ. ඔෆිසියේ පාර්ටි වලදී නම් ඕනේ තරං දකිනවා.

    -බ්‍රෑන්ඩ් එක ගල්-

    ReplyDelete
    Replies
    1. කෝටියෙන් එකම එකක් කියපංකො නිමෝ...අනේ...මේව දැකල ගල් ගහල මදි බං...

      Delete
    2. මං කියන්න ඕනේ යෑ..... ඔය තියෙන්නේ සෑහෙන අදහස්....!!! ජය...!!

      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
  13. //දන්නා සිංහලෙන් සිතමින්
    හිතේ බාගයක් හිර කරගනිමින්
    නොදන්නා ඉංග්‍රීසියෙන් //
    //හිතේ දාහක් දේ ඉතුරු කරගනිමින්//
    සමහරු අහල තියෙනවා ඉතින් මොකක්ද මේකෙ ප්‍රශ්නේ කියල.. මට පේන ප්‍රශ්ණ තමයි මේ.. තමන්ට තමන් වෙන්න බැරුව ලෝකෙට රඟන්න යන එකේ තේරුමක් නෑ.. මුලින් අපි අපි වෙලා ඉන්නෝනේ.. එහෙම උනොත් ලොකු ගැටළුවක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කමියා අපේ ගෑණු පිරිමි භේදයක් නැතුවම තියන ලෙඩේ...තමුන්ට තමුන් වෙන්න ලැජ්ජයි ගොඩක් උන්...ඒ තරම් කොන්දක්වත් ආත්ම විශ්වාසයක්වත් නෑ...හදවතට එකඟ නම් ඔය කිසි අවුලක් නෑ...

      Delete
  14. සමාජයේ තවත් එක් අඳුරු පැතිකඩක්...

    ඕනෙම සමාජයක ඉදිරි පරම්පරාව යහමගට ගන්න වගකීම වැඩිපුරම තියෙන්නේ කාන්තාව අතේ...
    ටීවී එකේ යන කුණු ගඳ ගහන කතා බලන එකේ සිට, මේ වගේ පුර්වාදර්ශ සැපයුනාම අපේ ඉදිරි පරම්පරාවට කුමකින් කුමක් සිදු වෙයිද...

    ReplyDelete
    Replies
    1. අද අපේ රටේ කාන්තාවො තමන්ගෙ වටිනාකම් බිංදුවටත් වඩා බස්සගෙන තියන එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ ලොකු පුතේ...කුල කාන්තාවන්ට පුළුවන් මුළු සමාජයක්ම යහමග යවන්න...උඹ හරි...

      Delete
  15. සැබෑ නාමය නැතුව නිර්ණාමිකව කොමෙන්ටුව දන්නම්.තුශාර අයියේ නියමයි.ඕක නිසාමයි මාත් මාතෘකාව වෙනස් කලෙ.මරු.දැන් ඉන්න සින්ග්ලිශ් ඇන්ටිඅක්කලාට මරු පහර.නියම නිර්මාණ‍ය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආලේ...

      Delete
  16. ඒත් අන්තිමට
    ජෝතිපාලගේ අමුම අමු සිංහල සින්දුවකට
    බෝල්රූම් සල්සා අමතක කර
    අැගේ හිරියනතුරු නටති...................

    නැත්තං ඇම් ඇස්ගේ බං

    මං නං කොහොමටත් නටන්ඩ බැරි එකා බං ඔය අපේ ගෑණි සමහරක් දවසට මගේ යාලුවෝ අක්කේ වරෙන් කියල ඇදගන ගිහින් මගුල් ගෙවල්වල කොල්ලෝ එක්ක නටනව බං , මට බැරි උනාට ඒකිට පුලුවන්නේ , මං හනිකට තව දෙකක් නමා ගන්නවා , මගේ ආතල් එක මේක උන්දැගේ ආතල් එක ඒක ,

    ඔව්වා ඔහොමයි ඉතින්

    හැබැයි පුතේ මටත් ඔය ඉංගිරිස් පඩ ෂෝයි
    රෙද්ද පල්ලෙන් බේරෙන ෂේෂල් පඩ ෂොයි අල්ලන්නැ , එහෙම එව්වා දාන්ඩ ආපුවහම අම්මට අභිරමනය කරලම ගන්නව

    ඒ ඇරුනහම උපේක්ෂාවෙන් බලහල්ලා අනිත් උන් දිහා

    ‘‘උන්ගේ චූන් උන්ට චූන් මගේ චූන් මටම චුන්‘‘

    අනේ ඉතින් මෙහෙම කියුවා කියල අටම එක්ක තරහ වෙන්ඩ නං එපා

    බෑන්ඩ් එක හැනපියර්
    සල්ලි නැතිදාට ගල්

    ReplyDelete
    Replies
    1. එහෙමත් සල්ලි නැති දාට නිකං
      කසිප්පු බොන්නැ

      ඒකත් කියන්ට එපැ

      නැත්තං තව මගුලක්

      Delete
    2. පිස්සුද අටම්...උඹලත් එක්ක තරහ වෙනවද අපි...කොහොම වුනත් සෑහෙන වටින අදහස් ගොඩක් එකතු වුණා...බොහොම ස්තුතියි මචං...

      Delete
  17. මේ වගේ පෝස්ට් වලින් තහවුරු වෙන්නේ සමහර අයගේ පටු මානසිකත්වය, කුහකකම, නොදන්නාකම හා සිවිලයිස්ඩ් නොවීම.. මේ යක්කු ඉන්න ඕන මේ කාලේ නෙමෙයි අවුරුදු පන්දාහක් විතර එහායින්.. මේ වගේ අයම තමා බොබසේ වීරයෝ විදියට සලකන්න පෙළබෙන්නේ.. දුකයි..

    ReplyDelete
    Replies
    1. උඹලා කොහොම හිතුවත් දේශෝ...මේකෙන් කියන්න හදපු යටි අරුත කදිමට විස්තර කරලා තියනවා මීට කලින් කමෙන්ට් එකක මධුමාධවී විසින්...ඒකට ඉතින් උඹත් ++++++++++ කරලා තියෙන්නේ...මෙච්චර දේ තේරුණු එකේ ඇයි මේ කවියේ මතුපිට වචන ටික විතරක් බලාගෙන මේ තරම් කෑ ගහන්නේ...උඹ ඔය සිවිලයිස්, සෝසලිස්ට්, කුහකකම, පටු මානසිකත්වය වගේ වචන දැම්මට කවියේ තේරුම ඊට වෙනස්...පුළුවන්නම් තව හිතලම බලපං...

      Delete
    2. නෑ.. උඹ ඒ කෙල්ලෝ කරන දේ ගරහලයි ලියල තියෙන්නේ.. පැහැදිලිවම පේනවා.

      Delete
    3. උඹේ අතේ ඇත්තේ මිටියක් පමණක් නම් ඔබට අන් සියල්ල පෙනෙනු ඇත්තේ ඇණ ලෙසය- කියමනක්...

      උඹේ හිතේ තියෙන්නේ මේ කවිය ගැන විරුද්ධත්වයක් පමණක් නම් ඊට එහා කිසිම තේරුමක් ගැන හිතන්න උඹ අකමැතියි...ඒක තේරුම් ගන්න බැරිකම නෙවෙයි...ඇත්ත පිළිගන්න අකමැතිකම

      Delete
    4. මොකක්ද මේකේ තියෙන ඇත්ත.

      කවියෙි හෙඩින් එකේම තියෙනවා කවියේ සහ කවියාගේ භයංකර දෝංකාරය. කවියක ව්‍යංගය යනු කුමක්දැයි මා අසන්නේ නැහැ. නමුත් ඔබ ඔප්පු කර පෙන්විය යුතුයි මේ පද වලින් නූතන සමාජීය ක්‍රියාකාරකමක් නිර්රජ්ජිත විදියට පහරල නැති බව. එහෙම උනොත් මම පරාදයි..

      Delete
    5. තමන්ගෙ හිතේ තියන දේම හරියි කියල හිතන කෙනෙකුට ඔප්පු කරලා තේරුමක් නෑ දේශෝ...කොහොම කළත් මැක්කගෙ කතාව වගේ ඒ වගේ කෙනෙක් කියන්නෙම 'ඒ වුණත්...' කියල උගේ කතාවමයි...කියන්න හදපු දේ ඕනවටවත් වඩා මේ සේරම කමෙන්ට්ස් කියෙව්වම ඔප්පු වෙයි...

      Delete
  18. කෑල්ලෙන් කෑල්ල ගන්නං

    //තොල් රතට රතේ පාට ගා
    කම්මුල් රෝස පෑ තැවරූ
    අනේක දෑ ඉලූ මූණු අැති ගෑණු
    දන්නා සිංහලෙන් සිතමින්
    හිතේ බාගයක් හිර කරගනිමින්
    නොදන්නා ඉංග්‍රීසියෙන්
    මොන මොනවාද කියති.....................//

    1.කම්මුල් තොල් පාට කිරීම අවුලක්ද? (එහෙම නැත්තං ගෑනුන්ගෙ හැටි කියන්න පාවිච්චි කරපු දෙයක්ද මේක?) අවුලක් කියනව නං ඒක අවුල්.
    2.වැරදෙමින් ඉංග්‍රිසි කතා කිරීම අවුල්ද? අපිත් එහෙම කතා‍ කරනව. මීට පස්සෙ නං පරිස්සම් වෙන්න වෙයි නේද?

    //තිහ හතලිහ පැන්නාට පසු
    ගැටිස්සියන් වෙන්නට තතනන ගෑණු
    දණිස්සෙන් අඩියක් උඩට අැන්ද
    විනිවිද පේනා සේද සළුපටින්
    විලිවසා ගන්නට දුක් විදිමින්
    අරෙහෙට මෙහෙට අැඹරෙති......................//

    නැටීම අවුලක්ද? තිහ හතලිහ පැන්නම කොටට ඇඳීම අවුලක්ද? කොටට ඇඳගෙන විලි වසාගන්න දුක්විඳින එක නං අවුලක්.

    //බත් හැන්දකට හුරු වූ බඩගින්න
    හීනියට ලියා කූරු වල ගැසූ
    අනේක විධ මස් මාංශයන්
    අමාරුවෙන් අෑත් මෑත් කරගෙන
    කෘන්තක දත් වලින් හපමින්
    පුරවා ගන්නට වෙරදරති....................//

    බත් හැන්දම කන්න ඕනද? වෙන මොකුත් කන්න බැරිද? කෑවොත් අවුල්ද?

    //ඒක වීදුරුවකින් නැතිවූ තිබහාව
    රතු පෑ...... දුඹුරු පෑ....... බීම
    පුරව පුරවා හිස් කරමින්
    නැවත නැවතත් තොලගාමින්
    නැති තිබහාවක් නිවන්නට තතනති...................//

    මේකෙත් අවුලක් පේනව නං ඒ ඇස් අවුල්!

    //හැම වචනයක් ම අල් සයන්නෙන් ඉවර කරමින්
    හිතේ දාහක් දේ ඉතුරු කරගනිමින්
    එළිවෙනකල් පාටි දාන ගෑණු
    ඉංග්‍රීසි සින්දු වලට දෙපැත්තට පැද්දෙමින්
    මාර වින්දනයක් ලබන බැව් පෙන්වති...................//

    ඉංග්‍රීසි සින්දු වලට නැටීම අවුලක් නැත.

    //ඒත් අන්තිමට
    ජෝතිපාලගේ අමුම අමු සිංහල සින්දුවකට
    බෝල්රූම් සල්සා අමතක කර
    අැගේ හිරියනතුරු නටති...................//

    මෙතනදි කවියා කියන්න උත්සාහ කරන්නෙ මිනිස්සුන්ගෙ ව්‍යාජය ගැන නං මගේ අවුලක් නෑ. නමුත් ව්‍යාජ අව්‍යාජ බව වෙන් කරන පැහැදිලි සීමාවක් නැති තැන මම නං කරන්නෙ සැකයේ වාසිය අදාල පාර්ශවයට ලබාදීම. මෙතන මාතලන්ලාගේ තර්කයට මටත් එකඟ වෙන්න සිදුවෙන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. කවි වලින් පේන්නැතිද රාජ්.. මේ අය පිරිමි කියල ගැහැණු අය දමා තිබෙන තැන. අපිට බීලා ඕන ආතල් එකක් ගන්න පුළුවන් නං, බීල ඉංගිරිසි බැරි මර ගාතේ කියන්න හැකි නම්, වැඩි උනාම හෙලුවෙන් හරි දගලන්න පුළුවන් නං.. ඇයි ඒක ගැනුන්ට බැරි.. මේක මේ පුරාණ පුරුෂාධිපත්‍යය මතු කරන නටබුන් වූ මිනිසුන්ගේ ශෝකාලාපයක්.. කිසිම දෙයක් අව්‍යාජ නැහැ. මනෝෂ්ලා, තුෂෘරල ලිබරල් වෙන්න හැදුවට මේකෙන්ම පේනවා මොන ලිබරල්ද කියලා.. හැක්..

      Delete
    2. ඔබ මෙම පද පෙළ තනි තනිව අරන් කරන පැහැදිලි කිරීම බොහොම අපූරුයි රාජ්...පැහැදිලිවම රාජ්...ව්‍යාජත්වය සහ බොරුව ගැනයි මෙතන කියන්නේ...උඹලාගෙ තර්ක විතර්ක මගින් සියළු දෙනාටම කාන්දු වෙන මතය නම් කදිමයි...මේ සම්බන්ධ විවාද තරඟයක් පැවැත්වුව නම් හොඳ හොඳ තර්ක ටිකක් මතුවෙයි...

      Delete
    3. අවසාන වශයෙන්..

      මම මගේ පොරොන්දුව ඉටු කරා.. හැක් හැක් x 93

      කුරුටු ගෑ ගී පවුරDecember 4, 2014 at 8:41 PM
      මාධවී උදේ පාන්දරම අැවිත් තියෙන්නේ... ස්තූතියි කතාවට

      අා.............. ඒක තුෂාර ලියපු ඒකක්. ඩ්‍රාෆ්ට් කරන්න යද්දි පෝස්ට් වෙලා අයින් කරාට ඒක පෙන්නුවා නේද,,,?? ඒක ඉක්මනට ම දාන්නම්..............


      දේශක යාDecember 4, 2014 at 8:50 PM
      ඒක නොදාම හිටහං.. විලිලැජ්ජයි බොලා මගෙන් අහගන්නවා ඒකට නං.. හැක්

      Delete

      කුරුටු ගෑ ගී පවුරDecember 4, 2014 at 8:54 PM
      අා..................... ඒ ගැන දේශනා තියන්න ද ලෑස්තිය????

      Delete
    4. ඔව්...ඔව්...දේශකයා පොරොන්දු වුණා වගේම හොඳ දේශනා ටිකක් තිබ්බ නේද...ඒ ගැන අපේ ප්‍රණාමය...සැබැවින්ම විය යුත්තේ මෙයයි...ඇත්තෙන්ම මෙවැනි විවාද බොහොම අගෙයි...බොහොම ස්තුතියි දේශෝ...

      Delete
    5. \\මනෝෂ්ලා, තුෂෘරල ලිබරල් වෙන්න හැදුවට මේකෙන්ම පේනවා මොන ලිබරල්ද කියලා.. හැක්..//

      Excuse me....

      \\අපිට බීලා ඕන ආතල් එකක් ගන්න පුළුවන් නං, බීල ඉංගිරිසි බැරි මර ගාතේ කියන්න හැකි නම්, වැඩි උනාම හෙලුවෙන් හරි දගලන්න පුළුවන් නං.. ඇයි ඒක ගැනුන්ට බැරි.. //

      ගෑණුන්ටත් පුලුවන් මචෝ... ඒත් මං කියන්නෙ ගෑණු කලත් පිරිමි කලත් මිනිස් කමට ඔබින නොවන තිරිහං ගති අත්තැරිය යුතුයි. බොලාල කියන විදියට ඒක ලෝකය ඉදිරියට ගෙන යාමක් නෙවෙයි, ආයෙත් වනචාරි යුගයට ගෙනයාමක්. හිතහං, උඹ බීලා බීලා හෙලුවෙන් වැටිල ඉන්නවා උඹේ දුව(දුවක් ඉන්නවනම්) දැක්කොත් ඒක සභ්‍යද? ඒක හොඳද? ඒක පොෂ්ද?



      Delete
  19. රාජ්.ඔයා කියන එකත් හරි.ඒවුනාට ලංකාවේ අපිටම කියලා උතුම් සංස්කෘතියක් තියෙනවනෙ.අපි ඒක ආරක්ෂා කරගන්න ඕනිනෙ.අපිට බීලා නටන්න හොදයි කිවුවට එකත් වැරදිනෙ.මමනම් කියන්නෙ තුෂාර සහොදරය හරි.එයා කියන්න උත්සහ කරන්න හදන දේ ගැඹුරින් හිතන්න ඕනි කියලයි මමනම් කියන්නෙ.රාජ් හිත් අමනාප කරගන්න එපා.මම ඔබගේ කොමෙන්ටුව විවේචනය කරෙ නෑ.මට හිතුන දේ විතරයි කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නෙ ආලේ මේ කරුණ ගැන ගැඹුරින් හිතන්න ඕන කියල විතරයි...එහෙම නැතුව කවුරුත් විවාද කරල දිනන්නවත් පරදින්නවත් නෙවෙයි...බොහොම ස්තුතියි ආලේ...

      Delete
    2. ආලවන්ත කවියා,
      (කිසිම අමනාපයක් නෑ. මරාගන්න උන් එක්කත් පහුවදාට ගේම ගෙනියන්නෙ නෑ)

      සංස්කෘතිය කියන එක ගැන මට තියන නිර්වචනය ටිකක් වෙනස්. මම පිලිගන්නා සංස්කෘතිය ස්ථායී එකක් නෙවේ. අපි දැන් කතා කරන්නෙ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තියන සංස්කෘතිය. මට නං ඒ සංස්කෘතිය ඕන නෑ. උදාහරණයක් විදියට මම බොන කෙනෙක්. ඉතිං මම කියන්නෙ නෑ කාටවත් බොන්න එපා සංස්කෘතිය මේක නෙවේ කියල. හැබැයි බිව්වට කමක් නෑ ගෑනිට ගහන්න වාහන එලවන්න එපා කියල නං කියනව.

      ඔබ සහ මනෝශ් දෙන්නම ටිකක් සමාන අදහස් දක්වල තිබුනෙ. කොහොම උනත් ඉස්සර වගේ තනි පැවැත්මක් අද සංස්කෘතියට නෑ. ඒ වගේම සංස්කෘතික තරගයෙන් දිනන්නෙ ආර්ථිකය බලවත් රටවල්. (නරක දේවලුත් තියන බව හැබෑව). අපිට එයින් මිදෙන්න ඕන නං
      අර උතුරු කොරියාව වගේ වෙන්න වෙනව.

      Delete
  20. ස්තූති කරන්න අවශ්‍ය නෑ කුරුටු ගෑ ගී.අපිත් බැදිල ඉන්නව කුරුට්ටන්ගෙ සුබසිද්දියට.

    ReplyDelete
  21. //දේශක යාDecember 9, 2014 at 12:03 AM
    අවසාන වශයෙන්..

    මම මගේ පොරොන්දුව ඉටු කරා.. හැක් හැක් x 93//

    යකෝ මෙතන ලොකුම ව්‍යාජය කරල තියෙන්නෙ මේ වේසකයනෙ! :-)

    ReplyDelete
    Replies
    1. හැබැයි මට ඊයෙත් ටිකක් තේරුනා මූ වැඩිපුර කියවනව කියල.

      Delete
  22. පව් කුරුටුට ඉංග්‍රීසි බැරි නිසා පුලුවන් අයට වයිර කරනවා නේද. අයියෝ

    ReplyDelete
  23. ඇත්ත කතාව බන් , ඕනේ පාටියක් පටන් ගන්නේ techno වලින් , ඉවර වෙන්නේ ජිප්සීස් ලාගෙන් :P

    ReplyDelete
  24. මෙි ගැන විවාදයක් අනවශ්‍යයි කියලයි මම හිතන්නේ................

    ReplyDelete
  25. ඔය කවි නිර්මාණය තුලින් කතා කරලා තියෙන අයට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන් ඉංග්‍රීසි පන්නයට න්නයට ජීවත් වෙන පිරිසක් යයි අපේ සාමාන්‍ය සමාජයටම පෙන්වීම . මොකද මෙයාල අමාරුවෙන් මේ දේවල් කලත් සුද්දෝ මේවා බලනවද? නැනේ. සුද්දෝ විදියට ජීවත් වෙන්න හදන අය දිහා උන් බලන්නේ මෝඩ විහිලු කාරයෝ ටිකක් දිහා බලන විදියට. ලංකාවේ අපි විදියට වෙන රටක පිරිසක් ජීවත් වෙන්න උත්සහ කරනවානම් අපි ඒ දිහා බලනවද? අපිට උන්ගෙ බලන්න දෙයක් තියනවද ? නෑනේ. ඒ වගේ තමයි. අපි ලෝකය සමග ඉදිරියට යායුත්තේ අපේ කමත් එක්ක. එතකොට තමයි ලෝකය අපේ දිහා බලන්නේ සහ අපි ගැන කතා කරන්නේ.

    ReplyDelete
  26. ඇත්ත කතාව මචං. ඉක්ක වැටෙනවා මෙ විගඩන් දැක්කම.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...