Tuesday, August 19, 2014

ඔව්......දැවී යනවා මේ අවස්ථාවේ දී .......!!!












ඔයා මට ඇත්තටම ආදරේද ?
ඔය බොරු...
මං දන්නැද්ද තමුසෙගෙ හැටි...
ඔයා මට ආදරේ නෑ...!!!
ඔව් ඉතින් ඔය කරේ...
ඊයා...
මෝඩයා...
ෆෝන් එක තියලා කොහෙද හිටියෙ ??
අනේ මේ මිනිහ නම්...
හැම තිස්සෙම එකම දේ කියන්න බෑ...
ඔයාට මාව තේරෙන්නෙ නැද්ද දෙයියනේ ??
ඇයි ඒ ??
මං හොයාගන්නංකො...
වෙන කෙල්ලො දිහා බලන්නෙ එහෙම නෑ ඔන්න...
මං ඔයාට ආදරෙයි ආදරෙයි ආදරෙයි උම්මා...
මං තරංවත් ලස්සන නැති එවුන් දිහා බලන්න එපා ඕයි මට ලැජ්ජයි...
ඔය කොහෙද බලන්නෙ ??
මාත් එනවා ඔයත් එක්ක...
ඇයි ඕකට තනියමම යන්න ඕන ??
ෂුවර් එකටම එතන තව නැට්ටිච්චියො ඇති
පාටි එක හොඳයිද ??
මං නැතුව පාළුයිද ??
කෙල්ලොත් හිටියද ??
නැටුවද ??
ඔයාට හොඳනම් මට මොකද ??
ඔයාට මාවද නැත්තං යාළුවොද ලොකු ??
හා...
බෑ...
කමක් නෑ...
නෑ ප්‍රශ්නයක් නෑ...
මං කිව්වනේ සැරයක්...
අපි මේක නවත්තමු...
ඔයාට ඇත්තටම ඕනි මේක නවත්තන්නද ??
මං දන්නව ඔයාට මාව නැතුව බෑ කියලා...

පිරිමි පිතිකරුවන් සඳහා ගොඩනැගූ නීති 4 ක්;

(මේවා පවසනුයේ මට සාපේක්ෂව පමණක් බව කරුණාවෙන් සලකන්න...ඔබටත් අදාළ විය හැක...)

1. ඉහත ආකාරයේ වේග, දඟ, ගුග්ලි, දුස්රා, බවුන්සර්, යෝකර් හා තවමත් සොයා නොගත් නහුතයක් පන්දු වර්ගවලට ඕනෑම අවස්ථාවක මුහුණ දීමට සිදුවිය හැක.

2. මේවාට ආරක්ෂිතව පසු පාදයේ ක්‍රීඩා කිරීම මගින් කඩුල්ල රැක ගැනීමට හැකි වනු ඇති අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසු නොවීමට ද වගබලා ගත යුතුය.

3. ඉහත දෙවන නීතිය පිළි නොපැද වේගවත් ප්‍රහාර එල්ල කිරීමට යාමෙන් දැවී යාමට ඉඩ ඇති අතර සමහර විට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් බලපෑමට ද ඉඩ ඇත.

4. ස්වභාවිකවම අතිශය අවිනිශ්චිත සිතීමේ රටාවක් සහිත, හරියටම තේරුම් ගැනීමට නොහැකි, කොච්චර කළත් සෑහීමකට පත් කළ නොහැකි පාර්ශ්වයක් හා තරඟය පවත්වන බැවින් වෙන මොකුත් නොහිතා තරඟය ගැන පමණක් අවධානය යොමු කළ යුතුය.



අසංක ගයාන් අබේසිංහ

54 comments:

  1. ඔය නෙළල තියෙන්නෙ පිටිය පුරාම. නියමයි. ඔය උඩ තියෙන දෙබස් වලින් දෙකක් තුනක් විතර මටත් එහෙනවා හිටපු ගමන්. හැබැයි ඔක්කොම ඇහෙන එකාටනම් පුදුම ආතල් එකක් දැනෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක පුදුමම ආතල් එකක් හැක්.

      Delete
    2. පුදුම සනීපයක් බං දැනෙන්නෙ එතකොට.! උඹටත් ඔය ආතල් එක ඉක්මනටම දැනේවා කියලා පතන්නද? :D

      Delete
    3. පතපං මචෝ පතපං, එකෙන්ම.

      ඔය විදානයත් කියන්නෙ හරි ආතල් එකක් කියලා.

      Delete
    4. ඔය කියපු ආතල් සේරම දැනිලා ඒවට වැරදි ප්‍රහාර එල්ල කරපු එකේ ආනුභාවයෙන් තමයි අද මම තරඟ තහනමකට ලක්වෙලා මෙහෙම ඒව ලිය ලියා ඉන්නේ....ඒ හින්දා අවංකවම පරිස්සමින් සහෝදරයිනි....

      Delete
    5. දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම්..

      දුකට සැපට
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    6. නොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
      සුරා පොදක් මා තොල ගැ පමණින්
      සුරා සොඩෙකු වේදෝ ....
      ඇය අත ගෙන රැගුමක් පැ පමණින්
      මා සලේලෙකු වේදෝ...

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    7. උඹල දෙන්නට බන්දල දෙන්න ඕන ගෑණු නෙවෙයි ගල් බෝතල් දෙකක්...

      Delete
  2. yela.. yela..
    සුපිරි පෝස්ටුව...

    (මේක කවුරුවත් දකින්න කලින් මාරුවෙන්න ඕන..)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. යේලා! යේලා!! ඒකත් මරු!! හැක් හැක් ගානවට වඩා. දේශකයත් මෞ වැඩ තමා කරන්නෙ.

      Delete
  3. මේ පෝස්ට් එකට හැඟීම් බර උනා වැඩියි මම. මුකුත්ම කියා ගන්න බෑ. පට්ටයි.

    :D :D

    ReplyDelete
    Replies
    1. හ්ම්... හැඟීම් කිලෝ කීයක් විතරද බං?

      Delete
    2. ස්තුතියි ප්‍රියා....මටත් මොකුත් කියාගන්න බෑ...ඕන වුනත් කියන්නත් බෑ...මෙතන තියන ගොඩක් දේවල් මටම වුණු ඒවා...

      Delete
    3. උඹට බර නං අපිට බාගයක් දියං … අපි තියාගන්නං .උඹට ඕනැ උනාම ඉල්ලහං…

      Delete
    4. ඔව්..ඔව්...දීලා බලහං පත්තරයට...මරුවට තියෙයි...

      Delete
  4. බොට කියන්න සමහර බෝලර්ස් ලා බෝල් දාන්න කලින් ම බැට්ස්මන්ගේ බැට් එක වෙව්ලන්න ගන්නවා.. yela yela'''

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබෑව දේශකයා....වෙව්ලන්නෙ නිකම් සන්නිපාතය හැදුනා වගෙයි...ඒ තරම් බයයි....

      Delete
  5. නෝනේ මගේ සුදු නෝනේ හරි වැඬේනේ මේ මට උනේ
    බස් එක මඟදී කැඩුනා එකයි මම පමා උනේ ......

    (ජිප්සීස්)

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි බොරුව පටන් ගන්නේ සින්දුවෝ...

      Delete
  6. කතාව සහතික ඇත්ත ගයන්.....

    ReplyDelete
    Replies
    1. අම්මෝ... මට ටික වෙලාවකට අමතක වුනා නලියා මගේ නමේ ගයාන් කියලත් කෑල්ලක් තියනවා නේද කියලත්...බ්ලොග් වලදී නිතරම කියවෙන්නේ අසංක හින්දා...කමක් නෑ නලියා...ගොඩක් ස්තුතියි ඔබට...හැමදාම අපිව දිරිමත් කරමින් අවංකව අදහස් දක්වනවට...

      Delete
  7. තරුණ කාලෙදිනම් කමක් නෑ කිව්වැකි. යකෝ මේ නාකි මාව තවමත් සැක කරනවනේ මේ උන්දැ.

    ReplyDelete
    Replies
    1. ta ojiaj, lrmq jev yskao fjkak we;s"

      Delete
    2. වයසෙ වැරැද්ද … නැද්ද මං අහ්න්නෙ ?? :D

      Delete
    3. සැකය වනාහී ආදරය උත්සන්න වූ කල වැළඳෙන දරුණු පිළිකාවකි...සුව කිරීමට කිමෝතෙරපි කළත් හරිම අමාරුය...මොනවා කරන්නද විචාරක...මේවා ඉතින් ඒ වර්ගයේ අයගේ උපන් ලක්ෂණනේ...නේද...අනික ඉතින් මේ දවස්වල වටපිටාව දැක්කම නාකි උන්ගෙන් තමයි කෙල්ලන්ව බේරන්න බැරිත්...නැද්ද මං අහන්නේ....ලොහ්...ලොහ්...

      Delete
    4. හ්ටපැනපු වදුරෙක් ගැන මොකක්ද කතාවක් තියෙනව නේද?එකනිසා වෙන්න ඇති.අපිදන්නැ පෙර වැරදි

      Delete
  8. 100%.......................................

    ReplyDelete
    Replies
    1. 200% ...........ස්තුතියි.....කෙන්ජියෝ

      Delete
  9. අපිනං තාම ක්‍රීඩා පිටියෙන් පිට. වෝටර් බෝයිස් ල :D
    මේක මරු ඈ අසංකයො...

    ReplyDelete
    Replies
    1. ඔහොම වතුර ඇද ඇදම ඉන්න වෙන්නෑ උඹට...ගෙදරින් හරි බලකරලා පිට්ටනියට තල්ලු කරයි...සෙල්ලං කරලම බලපංකෝ....මමනම් දැන් ඉතින් ඉනිම් දෙක තුනක් සෙල්ලම් කරලා දෙතුන් සැරේ අවුට් වෙලා අන්තිමේට ආයිමත් එළියේ ඉඳන් දෙන උපදෙස් මේවා...අත්දුටුවයි...මම උනත් ආයෙත් ගේමකට යන්නෙ ගොනා වගේ...ගිහින් පාඩුවේ ඔහේ එන බෝලෙකට බැට් කරගෙන හිටියම ඉවරයි නොවැ...හයේ පාරවල් ගහන්න යන්නෙ නැතුව...

      Delete
  10. ෆෝන් එක්ක ලව් කරන්න ගියා ම විකාරයි..ෆෝන් ලෝකෙ නැහැ කියලා හිතලා පැරණි ්‍ක්‍රමයට ලව් කරන්න පටන් ගන්න එක හැමෝටම හොද වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ලක්ෂ වාරයක් ඇත්ත අමිල...මේ ෆෝන් කියන නවීන දේ හින්දා නැති ප්‍රශ්න කෝටි ගානක් මැවෙනවා...ඇත්තටම නැති ප්‍රශ්න...මේ හින්දා වුණු ප්‍රශ්න ගැන කියන්න ගියොත් මම ආයෙමත් ආවේගශීලී වෙනවා...ඒ තරම් කුණුහරුප අදාළ නැති ප්‍රශ්න තමයි ඒවා....ඒ හින්දම මටත් නැතිවුණු දේ අනන්තයි...හැමදේම...ඉස්සර වගේ සුන්දර විදිහට කාලෙකින් හම්බවෙලා කාලෙකින් කතාකරලා..කාලෙකින් ලියුමක් දැකලා ලබන සතුට ආදරය තමයි සත්තකින්ම හොඳ....

      Delete
  11. Replies
    1. දෙකක් ඇනගෙන ආවම ඔය කිසිම දෙයක් අහන් නෑ … ඇහුවත් අවුලකුත් නෑ :D චන්ඩිය බඩේ නෙවැ

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. උඹට දාන්න තිබුණ නම තමයි 'බෝතල් පත්තරයා'...

      Delete
  12. මං නම් ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් නියාය දාලා ශේප් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකටත් ඉතිං වහිනකං බලා ඉන්න එපායැ දිනේෂ්...පුදුමේ කියන්නේ වැස්ස නැති වෙලාවටමනේ හොඳ බෝල් සේරම විකට් එකට වැටෙන්නේ...බේරෙන්න බොහොම අමාරුයි....

      Delete
  13. අද දැඩි වර්සා ව බැවින්පිටියට බැසීම අපහසුය..
    තරගය නස්පුට් වී කල්ගිය බව සලක්න..

    මැණිකෙ මම ආයෙ ගෙදර එන්නෑ..
    බොට හෙන කේනචි යනවා..
    ඕයේ..................................

    ReplyDelete
    Replies
    1. ඕයේ..ඔජායේ තමයි මහේෂ්....අන්න නියම ආකාරයට මුහුණ දීමක්...තරඟය මගහැරීම....හරියට හරි....

      Delete
  14. අවුට් වුනොත් ඇපිල් කරන්න බැරිද?
    බොලේ දමලා ගහන එකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැරි වේවිද..?

    ReplyDelete
  15. ආපෝ...හිතන්නවත් එපා...ඒවා වච්චි....ඕවා කිරීමෙන් වෙන්නේ තත්ත්වය තවත් භයානක වීම පමණයි...හොඳම දේ තමයි වැස්ස පායනකං කියලා හරි කොහෙට හරි මාරුවෙලා පෑව්වට පස්සෙ තරඟෙට එන එක....

    ReplyDelete
  16. නියමයි නියමයි...

    ReplyDelete
    Replies
    1. යකඩෝ...කාන්තා පක්ෂයෙනුත් මෙහෙම එකකට නියමයි කියල කියනව මේ දැක්කමයි...පුදුමෙනුත් පුදුමයි...මේක රෙකෝඩ් කරල තියාගන්න වටින කමෙන්ට් එකක්....ඒත් භයානකයි...නියමයි නියමයි කිව්වේ මොන අදහසකින්ද දන්නෙ නෑනෙ....කොයික වුණත් කමක් නෑ...ස්තුතියි තුශානි...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  17. Replies
    1. ස්තුතියි සන්ජය....

      Delete
  18. පිස්සුද කියන්න එපා.ඉදහිට වෙගවත් ප්‍රහාරයක් එල්ල නොකලොත් පන්දුයවන්න පිටියෙ ස්ථාවර වෙනව.එතකොට පස්සෙ හයියෙන ගැහුවත් වැටෙන්නෙ නැ.එකනිසා මුලින්ම පොඩි ආක්‍රමනෂිලිගතියක් පෙන්නන්න ඔන.එවගෙම දුර්වල පන්දුව තොරගන්නත් ඔන.නැත්තන් කෙලිය තමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්....ඒකත් හරි තමයි සමහර වෙලාවට...ඒකටත් ඉතිං හැකියාව තමයි...නේද දමිත්...

      Delete
  19. තරග තීරකයා හොරකලොත් මොකද කියන්නේ

    ReplyDelete
    Replies
    1. කවුද පූසියේ තරඟ තීරකයා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...