Saturday, August 30, 2014

ඔබේ ජීවිත පූජනීයයි......!!!




















අපේ තරුණ ජීවිත වෙත ළබැඳි සෙනෙහසින් අමතමි...

ඔබ......

 
කිසියම් ම හේතුවක් නිසා හෝ... දිවි නසා ගන්නේ නම්... එය...
මහා පාපයක්ම වෙයි... මතු සියළු භවයන් අඳුරු කරවන...



ඔබ අනෙකෙකුට ප්‍රේම කිරීමට පෙර...
ඔබ ඔබටම ප්‍රේම කරගත යුතුය...



ඔබේ දිවි තොර කර ගැනීමෙන්... ඔබ සියල්ලෙන් ගැලවේ ද?...
 

නැත... එය එසේ නොවේ...
 

සියළු ආගමික දර්ශන අනුව... අපි සිදුකරන සියළු දෙයටම...

ඊට අනුරූප විපාක දෙවන්නේම ය...



ඔබට තවමත් සිතෙන්නේ දිවි තොර කර ගැනීමටම නම්... මඳක් සිතන්න...


අභියෝග සහ තෙරක් නැති ප්‍රශ්න යනු ජීවිතයේ අනිවාර්යය දෙයකි...
එය ඔබට මට පමණක් නොව විමුක්තිය සොයාගත් මහා ආගමික නායකයන් හටද පොදු වූවකි...
ඔබේ ප්‍රශ්න වලට මෙන්ම අනුන් නිසා ඔබට ඇතිවූ ප්‍රශ්න වලටද විසඳුම් ඇත...
ඉවසීමෙන් විමසා බලන්න...ඉවසීමෙන් සිටිද්දී යම් මොහොතක දී...
ඕනෑම බරපතල ප්‍රශ්නයකට යහපත්ම විසඳුම කාලය විසින් ඔබ වෙත දෙනු ඇත...

ඔබ වැනිම ප්‍රශ්න වලට මුහුණ දුන්...
ඊටත් වඩා වේදනාවන් විඳින්නවුන්...
මේ ලොව තුළ අනන්තවත් ජීවත් විය...ජීවත් වන්නේය...ජීවත් වනු ඇත...
උපතින්ම අත්, පා, ඇස්, කන් අහිමි මිනිසුන් මෙන්ම...
දිවියේ හොඳම කාලයන්හි දී සියල්ල අහිමි වූ...
ඔබට මේ මොහොතේ ඇති සම්පත් කිසිවක්ම නොමැති මිනිසුන්ද...
ඔබට වඩා මානසික මෙන්ම බාහිර පීඩාවන්ගෙන් පෙළෙනා මිනිසුන්ද...
මේ ලොව ජීවත් වන්නේය...

ඔවුන් මිනිසුන් අතර උසස්ම වන්නේය...මන්ද...



කිසිවක් නැතත් ඔවුනට ජීවත් වීමේ ධෛර්යය ඇති බැවිනි...

තවද...

 
දසමසක් කුස හොවා... ලේ කිරි කර පොවා...දහදුක් විඳ ඔබ හැදූ වැඩූ...
දෙමව්පියන් හට ඔබ පුදන උපහාරය කුමක් ද?...
දිවි තොර කර ගැනීම ද?...
ඔවුන්ගේ පපු තුළ නැගෙන ගින්දර වලින් ඔබේ ආත්මය නොපිළිස්සෙන්නේ ද...



ඉතිං... ඔබට තවමත් මේ ජීවිතය එපා නම්...



ඔබේ ජීවිතය තොර නොකර... ඒ වෙනුවට...
අනුන්ව ජීවත් කරවන්නට නුඹේ ජීවිත කැපකරපල්ලා...එය පිනකි...
රටට වැඩක් කරපල්ලා... එය පිනකි...
මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කරපල්ලා... එය පිනකි...



ඒත් බැරිනම්...

නුඹ අදහන කිනම් හෝ ආගමක් හදවතින්ම ඇසුරු කර...


පාපයකින් තොරව...


මේ සියළු දුක් වලින් ගැලවීමට හැකි මඟක් හොයපල්ලා...


ඒ මගේ පලයල්ලා... විමුක්තිය සොයාගනිල්ලා...

 

අසංක ගයාන් අබේසිංහ


26 comments:

  1. සහතික ඇත්ත.. ජීවිතය ජීවත් කරවන එකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. යකඩෝ...මෙන්න...අපේ තුශානි එකටම ඇවිල්ලා...අනෙක් කාටත් වඩා ඉක්මනින්...දැන් මෙයා ටිකක් ස්පීඩ් වැඩි කරලද කොහෙද...ඔහොම යං...ඔහොම යං...කොහොම හරි...බොහොම ස්තුතියි තුශානි...මේ පැත්තෙ අපිවත් දිරිමත් කරන එකට...

      Delete
    2. :D ඒකනේ.. එක වුනාම පුදුම සතුටක් දැනෙන්නේ..

      Delete
    3. නැතුං... නැතුං... එහෙ වෙද?...

      Delete
  2. ජීවත් වෙන්නනම් ජීවිතයට ආදරය කරන්නම ඕන

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඉවාන්...එහෙම වෙන්නම ඕන...ඒත් අද තරුණ පරපුර ඉන්නේ හරිම අතරමං වෙලා වගේ...ඒගොල්ලන්ගෙ මානසික ශක්තිය නම් අන්තිමයි...කිසිම දෙයක් දරාගන්න බෑ...දුකක් විඳින්න බෑ...තනියම නැගී හිටීමක් ගැන හිතන්නවත් බෑ...පරාජයක් භාරගන්න බෑ...ඒත් හැම දේම ඉහළින්ම බලාපොරොත්තු වෙනවා...මේවට නූතන අධ්‍යාපනය කියල පම්පෝරි ගහන දේවලුත් වග කියන්න ඕන...

      Delete
  3. අපේ රටේ තාරුණ්‍යට මේ වගේ යහපත් පණිවුඩ දෙන එක ඉතාම වටිනවා අසංක. ගහෙන් වැටෙන මිනිස්සුන්ට අනින්න බලං ඉන්න ගොන්නු ඉන්න රටක ඔබේ මේ ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසනීයයි. ඔබේ සෑම නිර්මාණයකින්ම සමාජයට යහපත් පණිවුඩයක් ලබල

    ReplyDelete
    Replies
    1. ඔබේ සෑම නිර්මාණයකින්ම සමාජයට යහපත් පණිවුඩයක් ලබල දීල තියෙනවා.

      Delete
    2. ඔබට ස්තුතියි මනෝෂ්...අපේ කළ යුත්තේ වෙන දේවල් බලාගෙන ඒව ඒ ඒ අයගෙ මානසික ධාරිතාව අනුව ගන්න තීරණනේ කියලා අහක බලාගන්න එක නෙවෙයි...අපිට හැකිනම් ඒ මිනිහෙක්ගෙ මානසික තත්ත්වය අවබෝධ කරගෙන ඇයි එයා එහෙම හිතන්නෙ කියල බලන්න...ඊට පස්සෙ අපිට පුළුවන් උපරිමයෙන් උදව් කරලා එයාගෙ සිතුවිලි රටාව හොඳ අතට ගන්න...ඒක තමයි කළ යුතු...අපි කවුරුත් උපතින් හොඳම අය...ටිකෙන් ටික වටපිටාව තමයි පුද්ගලයෙක්ව නිර්මාණය කරන්නේ...අපේ උගත්කම අපි ප්‍රයෝජනයට ගත යුත්තේ මේ වගේ මානුෂික දේවල් වලටයි...මනුස්සයෙක් වෙන්න බැරුව වෙන මොකුත් කොච්චර තිබුණත් පලක් තියේද...

      Delete
    3. සහතික ඇත්ත ගී පවුරේ.. කවි කාරයන්, සාහිත්‍යවේදීන්, කලා කාරයන් විදියට ඉන්න අපේ රටේ ප්‍රවීණයන්ගෙන් දැන් දැන් ගිලිහී යමින් තියෙන වගකීම ඔබලා විසින් මෙලෙස දරා සිටීම පිළිබඳ අප්‍රමාණව සංතෝසයි.

      ඒක නෙවෙයි ගී පවුරේ.. කෝ මේ අපේ අනිත් කට්ටිය ගී පවුරේ. අසංක විතරමයි පේන්න හිටියෙ මේ දවස් ටිකේම.

      Delete
    4. ඒක තමයි මනෝෂ්...කලින් පෝස්ට් එකේදී දිනේෂ් එහෙමත් ඔය ප්‍රශ්නෙ ඇහුවා...බලපං...මේ යක්කු ටිකට බිසී ලු නෙ...මාව මුරුංගා අත්තේ තියලා මුන් ටික රෙස්ට් කරනවද කොහෙද...හික්ස් (අපේ තුෂාර එහෙම මේක දැක්කොත් හිත රිදෙයිද මන්දා...පව්...)...මාත් ඉතිං අත්ත උඩටම වෙලා ඉන්නවා උන් එකෙක් හරි එනකම්...අපේ ඊළඟ බෝඩ් මීටින් එකත් කල් යන ලකුණු...දුක තමයි...

      Delete
  4. ලොකුම අභියෝගය ජීවත් වෙන එක...

    එක තමයි පොදු යතාර්ථය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත විභීෂණ...ඒ යතාර්ථයට මුහුණ දීගන්න බැරි පිරිසක් තමයි දැන් දැන් බිහිවීගෙන යන්නේ....

      Delete
  5. තමන්ට ආදරය නොකරන මිනිස්සු කොහොමද අනෙකෙක්ට ආදරය කරන්නෙ??

    ප්‍රශ්ණ ඇති තැනින් පළා යන්නෙ බයගුල්ලො! මැරෙන එක නෙමේ ජීවත් වෙන එකයි වීර කම!!

    නියමයි අසංක!! මේ පණිවිඩ සමාජයට යන එක ගොඩක් වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ප්‍රියා...මේ දේ තේරුම් නොගෙන බොළඳ විදිහට තමන්ගෙ ජීවිත නැතිකරගෙන ඒ හින්දම තමන් වටේ හිටපු අනෙක් මිනිස්සුන්ටත් ප්‍රශ්න ඉතිරි කරන කීයක් ඉන්නවද...ඔබට ස්තුතියි ප්‍රියා...

      Delete
  6. ජීවිතය එක එක්කෙනා දකින විදින විදිය වෙනස්. එක එකෙක්ගෙන් එකෙක්ට සාපේක්ෂයි, අලුත උපන් ළමයෙකුට ජීවිතය ගැන වැටහීමක් නෑ වගේම මැරෙන්න යන එකාටත් ජීවිතේ ගැන වැටහීමක් නෑ, උපදිනා එකා ජීවිතේ හැටි දැන් නැති නිසාත් අවබෝධ කර නොගත් නිසා උපසිනවා, මැරෙන එකා ජීවිතේ හරියට තේරුම් නොගත් නිසා මැරෙනවා, අපි ඉපදීම හා මියයාම අතර කාලය ගෙවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සොමියා...උපදින එකාට තේරුමක් තිබුණත් උපදින විදිහ නවත්වන්න බෑ ඉපදුන ආත්මයකදී ම සත්‍ය අවබෝධ කරගෙන නැවත ඉපදීමක් නැතිවෙන තත්ත්වයක් ඇති කරගන්නකම්...නිවන සාක්ෂාත් කරගන්නකම්...ඒ හින්දමයි ඉපදුන ආත්මයකදී තවදුරටත් දිවි නසා ගැනීම වැනි පාප නොකළ යුත්තේ...

      Delete
  7. තුෂාර විතාරණAugust 31, 2014 at 7:25 PM

    අගේ ඇති රචනාවන් ටිකක් අසංක. මේ දවස් ටිකේ අපේ අඩවියේ කිහිපයක් ම දෙනා කාර්යබහුල වුණ වෙලාවේ ඔබ විසින් සිදු කරන්නා වූ කාර්යය ඉතා වටිනවා. ඇත්තට ම අපි හැකි ඉක්මනින් ම නැවතත් කවි ලියන්න, ඒ ගැන කතා කරන්න එනවා. එතෙක් ........................

    ReplyDelete
    Replies
    1. එන්ට... එන්ට... මම මේ දත් ටික එහෙම හොඳට මැදගෙන ඉන්නේ... බොලාට ටිකක් කතා කොරන්ට...හිහ්...හිහ්........................

      Delete
  8. මනුස්ස ජීවිතයක් ලැබෙන්නෙ සෑහෙන්න අවස්තාවකට පස්සෙ කියලා බුදුදහමෙ කියලා දීලා තියනවා...ඒ විදියට ලැබෙන මනුස්ස ජීවිතෙන් තවත් මනුස්සයෙකුට උදව්වක් උපකාරයක් කරන්නෙ නැතිව විහින්ම ජීවිතෙන් පලා යනවා කියන්නෙ මං දකින විදියටනම් කොන්ද පණ නැති කම

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන් මල් මල්...ඒත් අපි කරන්න ඕන පුළුවන් විදිහට ඒ අයගෙ මානසික තත්ත්වය තේරුම් ගන්න එක...ඔබ අපි මේ විදිහට බුදු දහම ගැන දන්න හින්දා මෙහෙම කිව්වත් එහෙම දැනුමක් නැති අයට මේක තේරෙන්නෙ නෑ...ඒ අයට බලෙන් මේ අවබෝධය දුන්නොත් සමහර විට අපි හැමෝටම වඩා හොඳ මිනිස්සු වෙයි ඒ අය...වැරැද්ද දැකලා එකෙන් ගොඩ එන කෙනා ගොඩක් දිනුම්...කොන්ද පණ නැතිකම වෙන්න පුළුවන්...ඒත් ඒ කොන්ද කැඩුණු විදිහ දිහා බලලා ඒ මානසිකත්වයත් අපිට පුළුවන් විදිහට හදන්න උත්සාහ කරන්න ඕන...ඔබට බොහොම ස්තුතියි මල් මල්...

      Delete
  9. ජිවිතේ කියන්නේ අවදානම් අභියෝගයක් ජයගන්නම ඕනේ.එක පැරදීමක් හෝ පලා යාමක් නොවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්...අපි ඉපදුනානම් කැමති හෝ අකමැති මේ අවදානම ගන්නම වෙනවා...අපිට ඊළඟ මොහොතේ මොකක් වෙයිද කවුරුවත් දන්නෙ නෑ...ඒත් පලා ගිහින් විහින් මැරෙනවා කියන්නේ තවත් මීටත් වඩා අගාධයකට අපේ ආත්මය වැටෙන එක...

      Delete
  10. පට්ටම ඇත්ත.. අපි ප්‍රශ්න වලට බය නෙවුනහම ප්‍රශ්න බය වෙනවා අපි ලගට එන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මෙන්ඩියා ( ඔබ කැමතියි නේද මෙන්ඩියා කියල අමතනවට...මම කොහේ හරි කමෙන්ට් එකක එහෙම දැක්කා මතකයි...)...අපි බයවෙන ගොඩක් ප්‍රශ්න හරියට මුහුණ දුන්නොත් ජීවිතේ ලේසිම ඒවත් ඒවම තමයි...කවදාහරි ජීවිතේ කියන්න හරි කියාදෙන්න හරි ඉතිරිවෙන්නෙත් ඒ අත්දැකීම්ම තමයි...ඒත් ගොඩක් ප්‍රශ්න දරුණුබව කියන බොරු පිටකට්ටක් එක්ක එන්නේ...අපි ඒක විනිවිද දකින්න පුරුදු වෙන්න ඕන...එහෙම මිනිහෙක්ට නොහැක්කක් නොමැත...

      Delete
  11. අගෙයි සහෝ සටහන අපි අපිට ආදරය කල යුතුයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...