මගේ දයාබර හිමියනි.............
එදා...ඔබට මතකද තවමත්.....
මා වෙනුවෙන් ඔබ කොපමණ බලා සිටියාද....
මා නැතිව ඔබ කිසිවක් කළාද...
ඔබේ හුස්ම පොදකටත් සම කලේ මා නේද...
මා නිසා අන් හැමදේම දෙවැනි කොට සැලකුවා නේද...
ඔබේ ජීවිතේ වැදගත්ම කෙනා වූයේ මා නේද....
ඔබට මගෙන් තොර ලෝකයක් තිබුණේ නෑ නේද....
..........................................................................
මගේ ආදරණීය ළඳුනේ.................
එදා...ඔබට මතකද තවමත්.....
ඔබ මා එනතුරු දෑස් දල්වා මග බලා සිටියා නේද...
ඔබ නැතිව කිසිවක් කළ නොහැකි ලෙස ඔබ මා තුළ ජීවත් වූවා නේද...
ඔබ මගේ හුස්ම සේ මට ජීවය දුන්නා නේද...
ඔබට පළමු තැන දෙන විට ඔබ මාව අගය කළා නේද...
ඔබේ දිවියේ මාද වැදගත් බව ඔබ හැඟවුවා නේද...
ඔබෙන් තොර ලොවක් නැතිවන තරමටම මට ආදරය දුන්නා නේද...
අද අපි එකම පවුලක්.......අපේ ආදරය මල්ථල දැරුවා.......
............................................................................
ඒත් දැන් ඇයි මේ...... අපි අතර නොරිස්සීම........ නොගැලපීම......
ඔව්......අපි සුහදව කතා කරමු......අවංකවම
එකිනෙකාගේ වැරදි පිළිගනිමු.... සමාව දෙමු.... මුළු හිතින්ම
අපි අපේම නේද දැන්.... අපි දෙන්නා අපි වෙනුවෙන්ම කැපවෙමු
අපිට පුළුවන්.... එදා වගේම... අපි ක්‍රම හොයාගනිමු
හැමදාම අළුත් වෙමු සිතුවිලි වලින්.... හැම අභියෝගයක්ම මිහිරක් කරගනිමු අපි
යළි යළිත් වැළඳගනිමු ආදරෙන්.... එදා වගේම
කොතරම් වාසනාවක්ද අපේ ආදරය
කොතරම් වාසනාවක්ද ඔබව මටම ලැබීම
අද අපි එකට... එකම පවුලක්.... මේ දිවි මගේ.... ඔබ මට සොඳුරු නවාතැනක්....
අසංක ගයාන් අබේසිංහ
මට මතක් උනේ අපේ මාතේ, කාන්තා දිනේට දාපු අබග්ග කවි ටික.. හැක්..
ReplyDeleteමාත් ඒ කවි ටික බැලුවා දේශකයා.... එකෙ විහිළුවෙන් කිව්වට ලොකු වැදගත්කමක් තියන කරුණු ගොඩක් තියනවා.... ඒත් මම මෙතන කියන්න හැදුවේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...අපි දෙන්නෙක් ගැලපෙනවා කියලා හිතලා ගොඩක් කල් ආදරය කරලා ඊට පස්සේ බැන්දාම අර කරපු සේරම අමතකයි සමහර විට... බලාගෙන යනකොට කිසිම හේතුවක් නැතුව දෙන්නා අතර ගැටළු... ඒකට හේතුව විදිහට මම දැක්කේ බැන්දට පස්සේ දෙන්නා අතර ප්‍රමාණවත් සන්නිවේදනයක් නැති එක... රටේ නැති ප්‍රශ්න ඔලුවේ තියාගෙන අනිත් කෙනාව අමතක කරලා දානවා...ඊට පස්සෙ ඉතිං නිකම්ම පවුල කැඩෙනවා...ඇත්තටම බැලුවාම ඉස්සරටත් වඩා ආදරෙන් අවබෝධයෙන් දෙන්නෙක් ඉන්න ඕන බැන්දට පස්සෙම තමයි... මොකද ජීවිතේ ඇත්ත ප්‍රශ්න එන්න පටන් ගන්නේ දෙන්නත් එක්ක පවුලක වගකීම බර කරට ගත්තට පස්සෙ හින්දා...
Deleteඅද අපි එකට... එකම පවුලක්.... මේ දිවි මගේ.... ඔබ මට සොඳුරු නවාතැනක්..../////
ReplyDeleteඑහෙම වෙයි කියල ෂුවර්ද....??????????????????????
අපේ හිත තමයි හැම දේකටම මුල මහේෂ්... අපි ආදරයක් පටන් ගන්නෙත් හිතලා... ඒක පවත්වගෙන යන්නෙත් හිතලා.... ඊට පස්සෙ විවාහ වෙන්නෙත් හිතලා.... ආදරය කරද්දී නොගැලපෙනවාම කියලා හිතෙනවා නම් වෙන්වෙන එක හොඳයි... ඒත් දහසක් බලාපොරොත්තු මැද්දේ විවාහ වෙලා පුංචි දේවල් හින්දා මහ ප්‍රශ්න හදාගෙන වෙන්වෙන එක අපරාධයක්....(විවාහකෙදි මතුවිය හැකි බරපතල ප්‍රශ්න ගැන නෙවෙයි මෙතන කියන්නේ) ඉස්සර වගේම ආදරය කරන්න අපිට කැපවීමක් කරන්නම වෙනවා තමයි විවාහ ජීවිතේක වගකීම් වැඩි හින්දා.... ඒත් ඒක හරිම සුන්දර දෙයක් කරගන්න අපිට පුළුවන්...ඒකටත් ඉතින් අපේ හිතම තමයි.... මේ ගැන වැඩි විස්තරයක් මීට ඉස්සෙල්ලා දේශකයාගේ කමෙන්ට් එකට උත්තර විදිහට මම දුන්නා.... ගොඩක් ස්තුතියි මහේෂ් හැමදාමත් වගේ අපිත් එක්ක එකතු වුණාට.....
Deleteඔබ මට සොදුරු නවාතැනක් හිතට වැදුණු පද දෙකක්
ReplyDeleteඔව් නලියා... මේ සොඳුරු බවම තමයි අපි හැම වෙලේම පවත්වගන්නත් ඕන... හැබැයි ඒක නිකම්ම වෙන්නේ නෑ... දෙන්නගෙම කැපවීම නම් අනිවාර්යයි පංගු පේරුවක් නැතුවම.....එහෙම නේද.... ගොඩක් ස්තුතියි නලියා ඔබේ දිරිමත් කිරීමට....
Deleteදුකරදර කම්කටොලු එනකොට ආදරේ පස්ස දොරින් පැනල යනවලු. ඒත් එතකොට නේද ආදරේ තව තවත් ගේ ඇතුලටම වෙන්න ඕනි.? ඒත් ආදරබර යෞවනයේ සොඳුරුබව, මිනිස්සු පරිණතවෙනකොට පැනල යනවා. එහෙම අයට මේ නිසැඳස ගොඩක් වැදගත්.
ReplyDeleteලුණුයි බතුයි කාල ඉමු කියන සම්ප්‍රදායික සංකල්පය ආදරේ කරන කොයි කාගෙත් හිත්වල තිබුනත් කසාද බැඳල කුකුලගේ කරමල සුදුවෙන කාලෙට හැම්, බේකන්, චීස් බටර් තිබුනත් මදිවෙන්නෙ මොන හේතුවකටද කියල හිතාගන්න බෑ. ඒක මේ ආර්ථික ක්‍රමයේ වරදක්ද, නැත්නම් හිතන පතන විදියෙ අවුලක්ද?
සැරයැටියෙන් අපි යනෙන තුරා
Deleteසංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු.
ඇත්තටම මනෝෂ් අපේ ගොඩක් පවුල්වල ආදරය නැති වෙන්නෙම ඒක ඕනම වෙන වෙලාවෙදි තමයි... මම කලින් දේශකයාට, මනෝජ්ට, සහ නලින්ට කමෙන්ට් කරපු විදිහට මම හිතන්නෙ මේ අපි හිතන විදිහේ වරදක්.... ආදරේ වගේ දේවල් අපි බලන්න ඕන උඩින් නෙවෙයි ඊට වඩා අර්ථවත්ව...මේ ලෝකෙ අපි හැම දෙයක්ම කරන්නෙ සාර්ථක ජීවිතයක් ගතකරන්න... ඒත් ඒක වෙන වෙන කරුණු හින්දා විහින්ම නාස්ති කරගෙන...අන්තිමේදී ලබපු සතුටකුත් නෑ...බුදු දහමෙම කියල තියනවා යහපත් පවුල් ජීවිතයක් ගතකරන්න හොඳම ක්‍රම...මේ තරම් වටිනා දේ තියෙද්දී අපි මේ කරන්නෙ මොනවද... ගොඩක් ස්තුතියි මනෝෂ් වෙනදා වගේම අපිත් එක්ක එකතු වුණාට... ඇත්තෙන්ම ඔබ ඉදිරිපත් කරල තියන ගීතයත් මේ කවිය තවත් අර්ථවත් කරනවා...
Deleteහදවතට ම දැනෙන කවි ටිකක්. ඇත්තම තත්වයක්............
ReplyDeleteගොඩක් ස්තුතියි තුෂාර....ඇත්තටම අපි අපේ හදවතට දැනෙන විදිහට නිවැරදිව වැඩ කරනවා නම් හැමදාම පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් වෙන එක අරුමයක් නෙවෙයි...
Deleteගොඩක් වෙලාවට වෙන දේ ඕක....
ReplyDeleteඒත් අර අන්තිමට කිවුවා වගේ කතා කරලා හැමදේම විසදගන්නේ කීයෙන් කී දෙනාද...
අර්ථවත්....
ඇත්තම තමයි රෙහානි ඒකනම්.........අපි කීයෙන් කී දෙනාද කළ යුතු දේ කරන්නේ....කරන්න පුළුවන් හොඳම දේවල් අනන්තවත් තියෙද්දී අපි කොයිතරම් මෝඩ විදිහට හැම වටින දෙයක්ම නැතිකරගන්නවද නේද....ගොඩක් ස්තුතියි රෙහානි ඔබේ අදහස් දැක්වීමට....ඉඩ තියන හැමවෙලාවකම මේ පැත්තෙත් එන්න....ඔබ අපිට ශක්තියක්..........
Deleteඅමුතු ක්‍රමයක් / වෙනස් ලිවිමේ රටාවක් ! ලස්සනයි :)
ReplyDeleteගොඩක් ස්තුතියි මදාරා..... ඇත්තටම වෙනසක් කරල බලන්නත් ඕන වුණා.....ඒ වෙනස ලස්සනයි කියලා ඇහෙද්දී හරිම සතුටුයි....නිතර මේ පැත්තෙත් එන්න...ඔබ හැමෝම හැමදාම සාදරයෙන් පිළිගන්නවා.....ඔබේ අවංක අදහස් අපිට ගොඩක් වටිනවා.........
Deleteඔබත් එක්ක 100%ක් එකඟයි........
ReplyDeleteලස්සනට පද ගලපලා අයියේ.ඇත්තටම ලස්සනයි...........
කාංචනා.
ගොඩක් ස්තුතියි නංගි.... නිර්මාණය ඇගයීම ගැනත් ලොකු සතුටක් දැනෙනවා... මේ නිර්මාණය මම කළේ ඇත්ත ලෝකයේ වෙන දෙයක් ගැන හිතලමයි.... අපි ආදරෙන් ඉන්න කාලේ නොපෙනෙන බොහෝ දේවල් බැන්දට පස්සෙ විතරක් පේන්න පටන් ගන්නේ ඇයි... මම දකින එක හේතුවක් තමයි ආදරය කරන කාලේ අපි අපේ පොඩි පොඩි වැරදි නොගැලපීම් අමතක කරනවා ආදරය රැකගන්න ඕන හින්දම... ඒවා ගැන කතා කරන්නෙවත් නෑ.... ඒත් බැන්දට පස්සේ දෙන්නට දෙන්න නීතියෙන්ම අයිති වෙනවනේ... ඊට පස්සෙ ඉතින් මොක කළත් මොකද අනික් කෙනා දැන් මගේනේ කොහොමත් කියලා හිතනවා... ඒත් එක දෙයක් අපි අමතක කරනවා... ඒ අපි මිනිස්සු බව....කසාද බැන්දත් අපිට ඉස්සර වගේම හැගීම් දැනීම් තියන බව බලෙන්ම අමතක කරනවා....වගකීම් සහිත ලෝකයක් හදාගන්නවා...මේ ලෝකේ මොන දේ තිබුණත් මිනිහෙක් විදිහට දෙයක් විඳගන්න බැරිනම් මේ කරන කිසිදේක ඇති වැඩේ මොකක්ද... රස්සාව...ලෝකෙ තියන ප්‍රශ්න...ගෙවල්...ඉඩම්....සල්ලි..... අපි අන්තිමේ මැරෙන්නෙ මොකක් හරි අපිම හදාගත්තු අභියෝග ටිකක් පස්සෙ දුවන්මින් හිටපු මිනිහෙක් විදිහට විතරයි....කිසිම තේරුමක් නෑ...ප්‍රශ්න එනවා...ඒක ඉතින් කොහොමත් ජීවිතේ හැටිනේ...හැබැයි මේවා ප්‍රශ්න නොව ස්වහාව ධර්මය කියලා තේරුම් අරන් හැමදේටම උත්තර හොයාගන්න පුළුවන්..... මේ ටික තේරුම් අරන් ආදරෙන් හැමදාම ලස්සනට ජීවතේ වින්දනම් ඒ ඇති....
Deleteඅයියේ....... හැබැයි සමහර දේවල් තියනවා ආදරය කරද්දිත් විවාහයෙන් පස්සෙත් වැරදිම තමයි.තව කෙනෙක්ගෙ ජීවිතේ සින්නක්කර ගද්දී අපිට වගකීමක් ත්යෙන්න ඔීනි අකමැත්තෙන් නමුත් ඔහු හෝ ඇයව නොරවටා ඉන්න.අයියා කියනවා වගේ හිතක් බිඳුනට පස්සෙ බෙහෙත් කරන්න අමාරුයි.
Deleteෆේස්බුක් යන්න එපා කීවාම හොරෙන් ට්විටර් යනවා වගේ උදාහරණයක් දුන්නොත් මේක කරන්න එපා කීවම එවැනිම තව වරදක් දිගින් දිගටම කරොත් ඔය කියන විධියට කතා කරලම එපා වෙනවා.තව කතා කළත් ඔච්චර තමයි කියලා දැනෙද්දි කතා කරන්න බැහැ හිතෙනවා.
සින්නක්කර ලියා ගත්ත පමණින් ආදරය සම්පූර්ණ වෙන්නෙ නැහැ.විශ්වාසය ආදරය රැකවරණය මේ හැමදේම ඒකට එකතු වෙන්න ඔීනි.එහෙම නැතිව අපි අපේ වැරදි හදානොගන්නතාක් ආදරයේ ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ කියන එකයි මගේ අදහස...........
තමන්ගෙ සහකාරයාට හෝ සහකාරියට පණ වගේ ආදරය කරන්න පුළුවන් සමාජයකට අපි පැතුම් එක් කරමු.....
කාංචනා
ඔයගෙ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි නංගි...... විශ්වාසය නැති තැනක නම් ආදරයක්, විවාහයක් නෙවෙයි යාළුකමක්වත් තියාගන්න හොඳ නෑ.... ඒ තරම් හිත රිදෙන දෙයක් විඳවන්න වෙන දෙයක් නම් කාටවත් වෙන්න එපා කියලයි පතන්නේ... ඒ තරම් අමාරුයි විශ්වාසය නැතිවුණාම.......මගේ කවියේ මම විශ්වාසය කියන දේ විශේෂයෙන් නොකිව්වේ ආදරය කරන දෙන්නෙක් ගොඩක් වෙලාවට විවාහ වෙන්නෙ විශ්වාසය තියන හින්දා කියල හිතූ නිසා ( සමහර විවාහ නම් තියනවා ගනුදෙනුවක් බිස්නස් එකක් විදිහට විතරක් කරන... ඒවා ගැන නම් නෙවෙයි මෙතන කියන්නේ). ඒ තුළ ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න කතා නොකර මහ ප්‍රශ්න කරගන්න එක ගැන මම ගොඩක් හිතුවා..... කොහොම වුණත් ඔයාගෙ මතයට මම සම්පූර්ණයෙන්ම එකඟයි නංගි....ගොඩක් ස්තුතියි ඔයාට....ඔව් අපි සුබ පැතුම් එක් කරමු ආදරණීය සමාජයකට....
Deleteමේ දිවි මගේ.... ඔබ මට සොඳුරු නවාතැනක්....
ReplyDeleteඇත්තටම ලස්සන පද ඇමුණුමක්..
ගොඩක් ස්තුතියි ඔබට....නිර්මාණයක් ලස්සනයි කියලා ඇහෙද්දී දැනෙන සතුට විඳගන්න ඉතින් නිර්මාණයක් කරලම බලන්න ඕන...ඔබ ඒ අවස්ථාව ලබාදුන්නට බොහොම ස්තුතියි....එය අපිට දිරියක්...හැමදාම මේ පැත්තෙත් එන්න.....
Deleteකවියක්ද, කථාවක්, කවි කථාවක්ද, කයිකථාවක්ද, සඳැසක්ද, නිසැඳසක්ද,
ReplyDeleteමොන මළදානයක්දැයි මට නොතේරේ...
හැබැයි ලස්සනයි මචෝ.............................
ජ ය වේ වා !!!!!!!!!!!!!!!!!!!!!!!
විදානයෝ...උඹට ඉතින් හැමවෙලේම කටේ තියෙන්නෙ මළදානෙම තමයි නේද....පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් නෝනා හාමුයි නෑදෑ සනුහරේමයි ඔය නම වර්ණනා කරන එකට....මමත් මේ හොය හොය ඉන්නේ උඹ කලින් අහලා තිබුණා වගේ ගණ පිහිටුවලා නමක් දෙන්න...හැබැයි පුතෝ නිකම්ම බෑ... මුදල් අය කරනු ලැබේ...!!!!
Deleteඒක නෙවෙයි....ඇත්තම කතාව කිව්වොත් මම මේ නිර්මාණ එකක්වත් කරන්නේ පොතේ හැටියට නෙවෙයි බං.....මට දැනෙන හැටියට...පොතේ වැඩ මට ඒ තරම් අල්ලන්නේ නෑ....ඒ හින්දා ඇත්තටම මම ලියන්නේ කවිද කතාද ගීතද නිසඳැස්ද වෙන මොනවා හරිද කියලවත් මම දන්නෙ නෑ...අවංකවම.....ඒත් කරපු නිර්මාණයක් උඹලගේ විචාරයට ලක්වෙන එකනම් මාර සතුටක්.....
පොඩි වෙනසක් වගේ..
ReplyDeleteලස්සනයි...
ගොඩක් ස්තුතියි සංචාරක අසංකයෝ.....උඹ අපිට හයියක්......
Deleteරටාවේ වෙනසක්.. මම මේවගේම තව එකක් දැක්ක මේ බ්ලොග් එකේම.. අසංකමද ලිවුවෙ නම් මතක නෑ ඔන්න..
ReplyDeleteඇත්තටම මටත් මතක නෑ දිනේෂ්...... ඒ වුණත් මේ වෙනස ඇගයීම ගැනත් නිර්මාණය රස විඳීම ගැනත් ඔබට ගොඩක් ස්තුතියි....හැමදාම අපිත් එක්ක ඉන්න....
Delete>>ඒත් දැන් ඇයි මේ...... අපි අතර නොරිස්සීම........ නොගැලපීම......<< .....
ReplyDeleteදෙදෙනා එකතු වූවායින් පසු ඉහත සදහන් දෙක නොඑන්න කටයුතු සිදුවුනොත් තමා වඩාත් යෝග්‍ය.........
ඒ දෙක ආවයින් පසු සාර්ථකව ඉන්න ඇහැකිද කියා මා නොදනිමි.....
මොකද මට අත්දැකීමක් තිබෙන නිසා මචෝ.....
මොන දේ වුනත් පබැදුම කදිමයි........
ගොඩක් ස්තුතියි කෙන්ජියෝ ඇගයීමට... උඹ කිව්වා හරි.... හිත් රිදිලා බිඳිලා ගියාට පස්සේ නොගැලපීම් ඇතිවුණාම ආපහු ඒවා මුල් තත්ත්වයට ගන්න බොහොම අමාරුයි ....සමහර විට සදාකාලයටම බෑ.... ඒ වුණත් බරපතල නැති තත්ත්වයනුත් අපි විහින්ම බරපතල කරගන්නවා නේද....උඹට වෙලාව තිබුණොත් මීට ඉස්සර කමෙන්ට් වලට මම දීපු උත්තර සේරම කියවපන්...මට මේ ගැන දැනුණු හැමදේම ඒවයේ තියනවා....නැවත වතාවක් උඹට ගොඩක් ස්තුතියි....හැමදාම අපිත් එක්ක ඉන්නවට....
Delete