තෙරපි හද සන්තානයේ
ස්නේහයේ හිම බිංදු
සීතලෙන් ගුලි ගැහී
උණුහුමකි පතන්නේ
තවමත් හමු නොවූ හදවතකින්......
නිම් තෙරක සුව සොයා
සිත දුරක රැඳවුවා
මායාවි සිහින මැද
මධු බඳුන් හිස්ව යයි
බමන මතින් ඔබ ගැනම කොඳුරමින්......
තැඹිලි රතු හැන්දෑවෙ
දිනිඳු රැස් නිවී ගොස්
තරුපතිගෙ කිරණ මැද
තරු මල්ද පීදිලා
මගෙ තරුව කොහෙද ඔබ......
සිසිල වූ නිශා යමේ
ගිනියම් වු සුසුම් වැල්
තනි යහන කළඹමින්
මඳ පවන සිපගනී
සුහදිනියේ එන්න මගෙ වෙතට......
තනිකමත් පාළුවත්
මිරිකිලා දියවෙලා
බිඳු කඳුළු සේ ගලා
යයි නුවන් සිසාරා......
දරාගන්න බෑ මේ හුදකලාව තවත් මට......
දෛවය...... නුඹ සරදම් කළා මදිද මට තව......
මගෙ හිමිකාරිය සඟවාගෙන හිඳිමින් තවත්......
එවනු ඇය මා වෙතට......
මියැදෙන්නට පෙර මා තනිකම වෙලාගෙන......
අසංක ගයාන් අබේසිංහ
කළුනික කස්තුරි අගතැන්පත් අගය බැඳී
ReplyDeleteසොයනු හමුවනු දුෂ්කරබව සිතනු සකී
නමුදු දිනෙක හමුවෙනු ඇත පැතූ ලෙසින්
එතෙක් ඉවසපන් පාරමී පුරා සකී
එළිසමය, එළි වැට මොකුත් නෑ. මං කාවිකාරයෙක් නෙවෙයි. ඒත් හදවතට දැනුන දේ අසංක, ඔන්න මං ලියල තිබ්බා.
Deleteමොක නැතත් ඒක පට්ට බං. +++++++++++++++++++
Deleteමං උඹව පට්ට ගහනවා පෝස්ට් එකක් දැම්මෙ නැත්තං.
Deleteඇත්තම කිව්වොත් මනෝෂ්...ඔබ ලිව්ව කවිය මට මම ලියපු එකටත් වඩා හදවතට දැනුණා...ඇත්තමයි....ඔබ කවිකාරයෙක් නොවෙයි කිව්වට ලියන දේ අනිකාට දැනෙන්න ලියන්න පුළුවන්...මම වුණත් පොතේ හැටියට කවි ලියන කෙනෙක් නෙවෙයි...මම නිතරම ලියන්නෙ මට දැනෙන හැටියට විතරයි...ගොඩක් ස්තුතියි මනෝෂ් ඔබට....ඔබ කවිය තවත් අලංකාර කළා....
Deleteමනොශ්
Deleteනියම කවිය
ඒක තමයි මනෝජ් මමත් කිව්වේ අපේ මනෝෂ් එයාගෙ දක්ෂතා හරියට එළියට දාන්නෙ නැත්තෙ මොකද මන්දා....මාරම කවියක් තමයි මේක නම්...
Deleteඔන්න ඔහෙ විචාරයක් ලියාගෙන පාඩුවෙ ඉන්න දීපල්ලකො..හිතට ආවොත් නම් ඉබේම ලියවෙනවා. හැබැයි මේ කපේකදි උවමනාවකටනම් කවියක් ලියාගන්න බෑ.
Deleteහරි...හරි ....අපි උවමනාව ඇති කරවන්නම්කෝ....
Deleteහිමිකාරය ඒවි ඉක්මනින්ම. එතෙක් ඉවසන එක තමා වැඩේ.
ReplyDeleteනියමයි අසංක.
උඹ දැන් ඔය මොන හිමිකාරී එනකල්ද බලං ඉන්නේ?
Deleteඔව් ප්‍රියා..ඔබ හරි... ඇත්තම කතාව කිව්වොත් මේ ගොඩක් කවි මගේම අත්දැකීම් ගොඩක් එක්ක ලියන ඒවා කිව්වොත් නිවැරදියි....මටත් ජීවිතයේ එක එක කාල වලදී සතුට, දුක, වේදනාව, හුදකලාව, විරහව කියන මේ හැමදේම හොඳින්ම අත්දකින්න ලැබුණා...ඒ ලැබුණු හැමදේමත් උපරිමයෙන්ම ලැබුණා...නැතිවෙනකොටත් ඒ හැමදේම උපරිමයෙන්ම නැතිවුණා...ඔය කියපු අත්දැකීම් වචන වෙලා තමයි මටත් නොදැනී අද එළියට එන්නේ...ඔබත් ඒවා රසවිඳිනවා....ඔබටත් ඒ හැමදේම දැනෙනවා....ඒවයින් මම ලබන්නේ වෙන කවරදාකටත් වඩා සතුටක්....ඔබ හැම වෙනුවෙන් නිර්මාණ කරන්න ලැබීම මට ගෞරවයක්....
Deleteපට්ට ඈ...
ReplyDeleteමග බලනා ළග හිදිනා ඔය
නෙතු මගේ වෙලා
හිහි
ගොඩක් ස්තුතියි මහේෂ්...ඔබ කවිය තවත් හැඟීම්බර කළා....
Deleteඔය හිමිකාරිය නැතිව හිටහං ඉවරයිනේ එතකොට..
ReplyDeleteහිමිකරගත්ත එකේ කරුමෙ ගෙවන ඇත්තො තමා ඔය කියන්නේ.
Deleteබලමුකෝ දේශකයෝ...උඹලා හැමෝම කාව හරි හිමිකරගෙන....ඉතින් අපි කවුරුහරි හිමිකරගන්න හැදුවාම තමයි බාල්දිය...නේද....
Deleteමනෝෂ් හරි...දේශකයා දැන් කරුමෙ ගෙවනව වගේ...එකනේ විරුද්ධ වෙන්නේ මේ හැඟීම් වලට...
Deleteපාළුව තනිය හුදකලාව හැරුනම වෙන මාතෘකා ඇත්තේම නැද්ද
ReplyDeleteතියනවා තියනවා ජීවන...ඒත් ඉතින් මේකත් ඉතින් අපේ හිත් වල ප්‍රධාන තැනක් ගත්තු හැඟීමක් නේ....ඒක ඉතින් කොච්චර එපා කිව්වත් එනවා....කොයිතරම් ආදරය කළත් ආදරය ගැන තියන කවි ගීත වලට වඩා විරහව දුක ගැන තියන ඒවනේ වැඩි...මේක ඉතින් හැටි තමයි....ගණන් ගන්න එපා ඕවා...
Deleteවිෂ්කි … ගල් … රා … කරිංඥං … ඕං මම දුන්න වැදගත් මත්තුරුකා ටිකක්. ලියන එකයි බස බස ගාල . ඕ යේස්.
Deleteමේ දුන්නු ඒව ගැන නම් ලිය ලියා ඉන්න හිතෙන්නෙ නෑ පත්තරේ....පාවිච්චි කරන්නමයි හිතෙන්නෙ...මාත් ඉතින් මෙහෙම කවි ලිව්වට ඕවා පාවිච්චි කරන්න පුරුදු වුනෙත් එක එක කාලවල වෙච්චි දේවල් හින්දම තමා ඕං...ඒත් මම ඒවත් එක්ක මේවත් ගානකට බැලන්ස් කරගත්තු හින්දා අද මෙහෙම කවි ටිකක්වත් ලියාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙනවා....ස්තුතියි පත්තරේ හැමවෙලේම අපිත් එක්ක ඉන්නවට....
Deleteපත්තරයා විසින් කරන ලද තවත් සාහසික සාපරාධී ක්‍රියාවක්!
Deleteහිදීවි කොතැනක හෝ..
ReplyDeleteහිමිකාරයා උපන් නුඹේ නම්න්...
වඩීවි කෙදිනකහෝ..
ඒ එනතුරා හිත හදාගෙන ඉදින්...
ගගකට සයුරක් මුණ ගැසේවී....
රලකට වෙරලක් මග හිඳීවී..
නියගෙට වැස්සක් ඇද හැලේවී..
නුඹටත් කෙනෙක් හිඳීවී,
දවසක සොයාන ඒවී..........
අකුලක පිපෙන නැවුම් මලක් සේ...
නදියක නැගෙන තරංගයක් සේ...
නලලත සිඹින පවන් රොදක් සේ..
නොසිතුව විටක ලඟාවී,
නුඹවිඳි අඳුර නිවාවී....
පද . කුලරත්ත ආරියවංශ
තනු . රෝහණ වීරසිංහ
හඬ . සුනිල් එදිරිසිංහ...
ඔය තියෙන්නෙ ගී පවුරේ කවියෙ තත් කාලීන ගීතය.
Deleteයකෝ.... බලාගෙන ගියාම අපේ විදානෙත් මාර කෙනෙක්නෙ....ඕනම කවියකට ඒකට ගැලපෙන තව එකක් ඉදිරිපත් කරන්න මාර දක්ෂකමක් නෙව තියෙන්නේ...ඔය හැකියාව තව තව දියුණු වේවා....ඇත්තටමයි කිව්වෙ හොඳේ.....
Deleteආයිත් අහල. කයියයි සිංදුවයි තකට තක. නිකං සෝඩයි ගලුයි වාගෙ. ඕ යේස්.
Deleteඋඹට ඉතිං හැම උලව්වකටම සුරාවම තමයි නේද පත්තරයෝ....
Delete"මා මල පසු සොහොන් කොතේ ගල් කාලක් අඳිනු මැනවි
Deleteඑතකොට ඒ ගල් කාලෙන් මහ රෑටත් තනි රැකේවි"
මීට,
පත්තර මල්ලී
//දරාගන්න බෑ මේ හුදකලාව // මට නම් හුදකලාව තරම් හොද මිතුරෙක් තවත් නැ.
ReplyDelete"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්....."
Deleteඔව් නලියා..ඔබ හරි....මම වුණත් හුදකලාව ගොඩක් ප්‍රිය කරන කෙනෙක්...ඒ වුණත් මේ කියපු හුදකලාව නම් හරි අමුතු එකක්...මට ඒක දැනෙනවා ගොඩක්...ඒ හින්දමයි මෙහෙම ලිව්වේ....ගොඩක් ස්තුතියි නලියා හැමවෙලේම අපිව දිරිමත් කරනවට....
Deleteපළුව තනිකම මට වද දෙන විට
Deleteකෙලෙසක මා තව් ඉවසන්නේ
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ
සත්තකින්ම පත්තරේ...ඔබත් හරි හැඟීම්බරයිනේ බලාගෙන ගියහම...මම අවංකවම මේ කියන්නේ....ඇත්තටම හිතට වැදුනා මේ පද ටික....
Deleteපත්තරය කොච්චර හැඟීමබරද කියනවනම් ඇඟෙන් කිලෝ දහ අටක්ම තනිකරම හැඟීම්ලු.
Delete// තැඹිලි රතු හැන්දෑවෙ
ReplyDeleteදිනිඳු රැස් නිවී ගොස්
තරුපතිගෙ කිරණ මැද
තරු මල්ද පීදිලා
මගෙ තරුව කොහෙද ඔබ...... // වැඩිපුර හිත ගියේ මේ පද පේලියට... අපූරුයි..
ගොඩක් ස්තුතියි තුෂානි...ඇත්තම කිව්වොත් මගේ පද මාලාවේ මමත් කැමතිම කොටස තමයි ඔබ මේ පෙන්වලා තියෙන්නේ...ගොඩක් ස්තුතියි තුෂානි අපි එක්ක හැමදාම ඉන්නවට...
Deleteඅපූරු පද පේළී ටික.. ලස්සනයි
ReplyDeleteඋඹ ඉන්න විදියට දුක හිතෙනවා බං.
Deleteඅම්මප තමයි....මේ මොකාද බං මේ...මම එච්චරම රූපෙ දිහා බැලුවෙ නෑ ඉස්සෙල්ලා....මේ අපේ සංචාරකයාමද...
Deleteහැමදාමත් අපිව දිරිමත් කරන ඔබට බොහොම ස්තුතියි සංචාරකයෝ....
ReplyDeleteඔය හුදෙකලාව දරා ගන්න එක හුඟක් අමාරුයි.. දවසක් දෙකක් ඉන්න බැරි එකේ ඈතටම යන්න ගියාම කොහොමද බලාගෙන ඉන්නේ..
ReplyDeleteලස්සන අදහසක් අසංක..
ඒක ඇත්තටම ඇත්ත දිනේෂ්... ප්‍රශ්න ඇතිවෙලා වෙන්වුණු මුල් කාලෙ නම් හිතුණා තනිකම හොඳයි කියලා... ඒත් කල් යන්න යන්න ඇත්ත තේරුම් යද්දී ප්‍රමාද වැඩියි.... ඒ හැඟීම තමයි මේ වචන වුණේ....ගොඩක් ස්තුතියි දිනේෂ් හැමදාම අපිව දිරිමත් කරන එක....
Deleteවෙනද වගේම පස්ට සිතිවිල්ල බං ......
ReplyDeleteඔහොම විඳවන්නෙ නැතිව පත්තරෙ දැන්වීමක් දාල බලපං ... හෙක්..හෙක්....
ස්තුතියි කෙන්ජියෝ හැමවෙලේම අපිට අවංකව අදහස් ප්‍රකාශ කරන එකට...ඔබ හරි.... විඳවන එක විතර අමාරු වැඩක් තවත් නෑ....මම කැමති හැමවෙලේම හිනාවෙලාම ඉන්න...ඒත් ඉතින් ජීවිතේ කොහේ හරි අඩුවක් තියනවා නේද කියලා අකුණක් ගැහුවා වගේ එක එක මොහොතවල් වලදී හිතෙනවා....මේ කවිය ලියවුණේ එහෙම වෙලාවක...හැමෝටම හැමදේම ලැබෙන්නෙ නෑ කියල මම තේරුම් ගත්තෙත් මගෙ ජීවිතෙන්මයි....බලමු බලමු....
Deleteහුදකලාව රසයි කිව්වත් කියන තරම්ම රසක් නැති බව ඇත්තයි අසංකයෝ.
ReplyDeleteමේ ජීවිතේ අපි ලබන ගොඩක් දේවල් එහෙමම තමයි මනෝජ්....පෙනෙද්දි, බලද්දි, දකිද්දි, හිතද්දි තියන දේ නෙවෙයි ලැබෙද්දි අත්දකින්නේ...ඔබ හරියටම හරි...
Delete