Thursday, August 21, 2014

මට පිස්සු.....


















මොකක්දෝ උලව් අහේතුවක් හින්දා......

මම තනියම හිනාවීමි...
ඔහේ උඩ බලාගෙන සිටියෙමි...
මගදී හම්බවුණු එවුන්ට විරිත්තීමි...
තනියම කතා කළෙමි...
අතට අහුවෙන දේවල් පොළවේ ගැසීමි...
පාර පුරා හෙළුකුට්ටෙන් නැටීමි...
දත් නොමැද නාන්නේ නැතුව ජීවත් වීමි...


ඒ හැර......


ජරාව බුදින ඌරෙක්...
ස්ත්‍රී දූෂිත කුපාඩියෙක්...
දහදුරා වැඩ කරන වලත්තයෙක්...
මිනී මරන අසික්කිතයෙක්...
පස් පඩංගුවේ බොරු කියන පජාතයෙක්...
හොරකම් කරන ජඩයෙක්...
මැරකම් කරන පාදඩයෙක්...
පක්කලිකම් කරන පඩත්තලයෙක්...
කාගෙවත් බලෙන් රැස්පොට් දාන සෙවලයෙක්...
අනුන්ගෙන් ජීවත් වෙන ගමන් ලෝකයට කොකා පෙන්වන හම්පඩයෙක්...
හොරට සිල් රකින බුම්මට්ටෙක්...
ගන්න පඩියට වැඩ නොකරන පිංගුත්තරයෙක්...
කාපු පතේ පහරන සක්කිලියෙක්...
මිනිස්සු රවට්ටන අවලමෙක්...
කේලම් කියන නරිප්පඩයෙක්...
නීතිය වනසන මූකලන් බස්සෙක්...
පළාතම ගඳ ගස්සන උරුලෑවෙක්...
අලජ්ජි වැඩ කරන මුස්පේන්තුවෙක්...
බක තපස් රකින හාල්පාරුවෙක්...
ඇඳුම් ඇඳගෙන වාචාලකමින් හෙළුව පෙන්වන කැනහිලෙක්...
සෙප්පඩ විජ්ජා පෙන්වන පොළොස් කොට්ටෝරුවෙක්....



නොවීමි


ඉතිං......

ඉහත කී අලුකුත්තේරු වැඩ අම්මමෝ නැතිව කරන නස්කූනි පාහරයන් රැළක් කියන විදිහට නම් මට ඔල්මාදය ය......නුහුගුණය ය......පිස්සුය......

උන් මාව කුදලාගෙන ඇවිත් මේකට දැම්මෙව්වෝ ය......මාව කොටුවිය......

දැන් අපි වගේ වාහෙලා ගොඩක් ජොලියේ ජීවත් වෙන මේකට කියන්නේ පිස්සන් කොටුවය......

එබැවින් මම පිස්සෙක් වෙමි.



නවතම පුවතක්: පිස්සන් කොටුවේ සිටින අයවලුන්ගේ රෝගී තත්ත්වයන් සඳහා සාර්ථක ප්‍රතිකාර ඇති නමුත් එළියේ සිටින හිකනලුන් රැළගේ නිදන්ගත රෝග සඳහා සක්වළ ගලෙන් මෙපිට කිසිදු ප්‍රතිකාරයක් හෝ නොමැති බව අලුත්ම පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.


අසංක ගයාන් අබේසිංහ


26 comments:

  1. පිස්සු උනත් ජොලියෙ ඉන්න තියෙනවනම් ගොඩ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...අපි මේ ඉන්නෙ...නැද්ද උමේෂ්....ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ කාලෙකින් ගොඩ වුණාට..

      Delete
  2. මං ඇතුලෙ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මට හිතුණා...විදානෙ ඇතුලෙ ඉඳන් ළඟදී ඇවිත් තමයි කියලා...මේ දවස්වල කරන කියන දේවල් වලින් නම් පේන්නෙ තාමත් නිට්ටාවට සුව නොවී ඇති බවය...හිකිස්...

      Delete
  3. මෙච්චර දෙයක් හිතුනා කියන්නේ පිස්සුම තමා..

    තනියම කළුවර කාමරේකට දාල තියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ්...අපි හිතුවට වැඩ කරන එක අමාරුයි කියලා ලෝකෙ තියන හොඳම දඬුවම් වලින් එකක් තමයිලු කළුවර කාරමරේක දාලා නිකම්ම වැඩක් නොකර ඉන්න දෙන එක...

      Delete
  4. පිස්සෝ වැඩියෙම ඉන්නේ එලියේ..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මාතලන්...මට මේකෙන් කියන්න ඕන වුණෙත් ඔය දේම තමයි....ඔබ ඒක හරියටම තේරුම් ගත්තට ගොඩක් ස්තුතියි....

      Delete
    2. මාතලන් කියලා කියන්න ඕනේ දේ

      Delete
    3. ඒකනේ මනෝජ්...අපේ මාතේ අනිත් අයට කියන්න දෙයක් ඉතුරු කරන්නෙම නෑ නෙව...

      Delete
  5. එවැනි රෝහලක සිටින වුන් ගැන බොහෝ දෙනෙකුට නොපෙනෙන යථාර්ථය ඔබ බොහෝම සංවේදීව දැකල තියෙනවා අසංක. ඒ විතරක් නෙවෙයි, ඒ දැකපු දෙය අපේ හිත් වලට කතාකරල අපි ඇත්තටම හරිද කියල අපෙන්ම අහන තත්වෙට අපව යොමු කරවන හරි අපූරු නිර්මාණයකට පරිවර්ථනය කරල තියෙනවා.

    විශිෂ්ඨයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝෂ් මට මේකෙන් ඕන වුණේ අපේ සමාජයේ බුද්ධිමත් කියන මේ එළියේ ඉන්න අය කොයි තරම් විනාශයක් කරනවද කියල පෙන්වන්නයි...විශේෂයෙන්ම දේශපාලකයෝ...ඇත්ත මානසික රෝගියෝ ගොඩක් ඉන්නෙ එළියෙ තමයි....ඒ ඉහළ මට්ටමේ රෝගියෝ හින්දම අද සමාජයේ පහළ කෙනා ඒවා ආදර්ශෙට අරන් ඊටත් වඩා රෝගී වෙනවා...අද ඉපදුන පුංචි එකාගේ පටන් දරුවන්ට මේ සමාජෙන් ගන්න තියන ආදර්ශ මොනවද...මේවා ගැන කල්පනා කරද්දී ඒක මෙහෙම කියන්න හිතුණා...මුලින්ම හිතුණා මේක සැර වැඩිද කියලත් ...පස්සෙ හිතුණා මේ වෙන දේවල් එක්ක මෙහෙම එකක් සුළු දෙයක් කියලා....ගොඩක් ස්තුතියි මනෝෂ්...

      Delete
  6. මටත් පික්ෂු....
    හිහි...
    හරිම මාන්දමිකයි...
    පට්ට මචෝ...
    උපරිමයි ඈ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් මහේෂ්....මේක ලියන්න ගිහින් මටත් පිස්සු හැදුණා...ගොඩක් ස්තුතියි මහේෂ්....

      Delete
  7. හයියෝ ගණන් ගන්න එපා බං, මටත් පිස්සු!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රියා...අපි අපි සෙට් වෙන්නේ නේද....ගොඩක් ස්තුතියි ප්‍රියා...හැමදාම අපිට දක්වන සහයෝගයට....

      Delete
  8. වටිනා නිර්මාණ ශීලී බ්ලොග් වියමනක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාට...සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ නේද...ඇත්තටම මම ටිකක් අඩමානෙකින් හිටියේ මේ නිර්මාණය සැර වැඩිද කියලා...භාවිතා කළේ සමාජයේ තියන රස්තියාදු භාෂාවනේ...ඒත් මේ වචන නැතුව මේක වැඩකුත් නෑ කියලා හිතුණා...

      Delete
  9. අලුගුත්තේරු වැඩ කරන්නේ නැත්තම් පිස්සෙක්ම තමා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉවාන්...මේ රට යන විදිහට නම් අලුකුත්තේරු වැඩ නොකර බෑ වගේ...ස්තුතියි ඉවාන් ඔබේ අදහස් දැක්වීමට...

      Delete
  10. මට නං පිස්සු… ආයෙ ඉතිං නෑ කිව්වත් උඹල පිලිගන්නවෑ … චැහ්

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් එකක් අවශ්‍යයි මලේ...

      එතකොට අපි පිළිගන්නම්...

      Delete
    2. ඔව් පත්තරේ...කෝ සැටිපිකේට් එක...ඒක නොදැක්කත් ඉතිං කාලයක් උඹ කරන කියන ඒවා බලා හිටපුවාම හරි....කෝ බ්‍රෑන්ඩ් එක...

      Delete
  11. ඔතෙන්ට යන්න හම්බුන එකනම් වාසනාවන්...යන්තම් එළියේ ඉන්න පැහැර කුපාදීන්ගේ බේරිලා නිවී සැනසිල්ලේ ජීවිතේ ගෙනියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට නම් අපිටත් ඒ වාසනාව උදාවෙයි වගේ විභීෂණ....නේද...ගොඩක් ස්තුතියි ඔබට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...