Friday, August 15, 2014

නුඹට ආසක්ත වූ මා......



















පාට දේදුන්නකින් වෑහෙනා
වර්ණ තැවරුණු මියුලැසි
හොරෙන් ඉඟි බිඟි පෑව ඒ රුව
හදෙහි පතුලෙහි සැඟවුනා......
 

නොමහැඟුනි මට අරුම පෙම් රස
යා වෙනා තුරු ඔබේ යුග නෙතු
කිම කළේ ඔබ මහද විජිතෙට
ස්වප්නයක් සේ ළං වෙලා......
 

රෑ පුරා පායන ඔබේ වත
සුපුන් සඳ වී රැඳෙයි මගෙ ලොව
ඉනු නොහැක මට එකම නින්දක
දෝරෙ යයි සඳ රැස් ගලා......
 

නිහඬ අරණක් වූ මගේ ලය
සියොත් කූජන නාදයෙන් පිරි
වසත් උයනක් කළේ ඔබමය
මියුරු රන් රස පාහලා......
 

උදාහිරු වැනි පෙමාතුර හද
රැඳී අමපෙම් ගඟුලෙ කිමිදෙන
දියත වේ නම් යම් තැනක්
හද පමණි ඔබෙ මිහිරියේ......




අසංක ගයාන් අබේසිංහ

60 comments:

  1. ආගන්තුකයා සිහි වීද බොට???

    ReplyDelete
    Replies
    1. තුෂාර විතාරණAugust 15, 2014 at 4:49 PM

      මෙච්චර කවියක් කියවලා ඔච්චර ද හිතුනේ...........???

      Delete
    2. හප්පයෙි නම මාරු වෙලා.. මම හිතුවේ “කුරුටු ගෑ ගී පොත“ කියල..

      Delete
    3. ඔහොම තමයි දේශකයෝ....වයසට යද්දී...බලන්නෙ මොකක්ද කියලවත් හරියට පෙන්නෙ නෑ...අවුලක් නෑ...අපි අපිනෙ...හික්ස්....කොහොම වුනත් බොහොම ස්තුතියි හැමදාම ( වැරදිලා හරි ) මේ පැත්තෙ ඇවිත් අපිව දිරිමත් කරනවට ඕං...

      Delete
    4. තුෂාර විතාරණAugust 15, 2014 at 9:23 PM

      දේශකතුමා වෙත අපි සමාව ලබා දීමට කටයුතු කළ බව කරුණාවෙන් දන්වා සිටිමු......................

      Delete
  2. ඒ මොකාද බං ආගන්තුකයා...මට හරියටම තේරුණේ නෑ....

    ReplyDelete
    Replies
    1. තුෂාර විතාරණAugust 15, 2014 at 5:02 PM

      දේශකයාගෙන් ම තමයි අහන්න වෙන්නේ................

      Delete
    2. ආගන්තුගයා යනු කුරුටු ගෑ ගී පොත ලියන කොටස් එකසිය
      බරගානක් වූ සදාන්දකාරවූ කියන මෙව්වා එකේ....... මේන් කැරැක්ටරේ........... මෙව්වා ඉතිං හැමදාම බොලාට කියල දෙන්න වෙලානේ, එදත් කිව්වා, ආයේනං කියන්නෑ බොලව් හැක්..

      Delete
    3. එහෙම තමයි විදානයෝ...අපි සෙට් එක ඉතිං තාම පොඩි එවුන්නෙ බං...ඔය පුංචි එවුන්ට මතක නැති වුණාට තරහ ගන්ට කාරි නැතුං...අපිට සමා පොජ්ජ මන්ද කරනවා හොඳයි වෙද.....

      Delete
    4. මාම කැච්චක් හොඳමයි.

      Delete
  3. ආදරය ගනු දෙනුවකි......

    ReplyDelete
    Replies
    1. දේනුවකි කියල කියන්න නේ ගියේ.. ඩිංගක් වැරදිලා..

      Delete
    2. මාත් දැකල තියන ගොඩක් ආදර කතා අන්තිමට ගනු දෙනු තමයි නලියා...ඔබ ගොඩක් දුරට හරි...ටිකක් දුරට වැරදි....අතරින් පතර අවංක ආදර කතාත් තියනවා...ගොඩක් ස්තුතියි නලියා හැමදාම අපිව දිරිමත් කරනවට....

      Delete
    3. ගනු දෙනු නෙමේ බං දෙනු විතරයි …

      අන්තිමට අපිට හුප්පෙ !!

      ආං එතකොට

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. පත්තරයත් ඉඳල ඉඳලා ගතයුත්තක් තියන දේවලුත් කියනවනේ....හොඳ කතාවක් තමයි කිව්වේ....ඔව් ඉතිං ඊට පස්සෙ බොන්න වෙන්නේ උඹ කියන දේවල් තමයි....

      Delete
  4. අද මගේ මීටර් ඇනේ හැලිලද කොහෙද??
    මෙලෝ බෝලයක් තේරුංගන්න බෑ..
    හතර පාරක් කියෙව්වා...
    අන්තිමට තේරුං ගත්තා..
    මට තේරුං නෑ කියලා...
    පස්සේ ඇවිල්ලා..
    ආයේ කියවන්නං බලන්නං..
    බත් ඩිංගක් කාලා එහෙම..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අග ඉඳන් මුලට කියෝල බලාන්.. :D

      Delete
    2. තුෂාර විතාරණAugust 15, 2014 at 9:24 PM

      ළගදි ඉදලා විදානේට ඔය විදිහේ ප්‍රශ්ණයක් තියෙනවාය කියලා හැගෙනවා හරිය...................

      Delete
    3. උඹේ ඔය මීටරේ කවදක හරි හොඳට තිබුණද බං ඈ...හා හා කමක් නෑ ඉතිං...පොඩි විහිළුවක් කළේ....හොඳයි බත් එහෙම කාලා ආයෙ බලපන්කො....අපේ සංචාරකයා කිව්වා වගේ අග ඉඳලා මුලටවත්... ඒත් තේරුණේ නැතොත් ඉතිං....???

      Delete
    4. දැන් ඔය සංචාරකයාට තේරිලාද ඔය ඔහොම බලං ඉන්නෙ, මොකාද එකාවගේ..!!

      Delete
    5. ෂිංදු වතුර ටිකක් බීල ආයි කොයෝල බලහං. තේරෙයි එකෙන්ම .

      Delete
    6. අන්න හරි....ඕන උලව්වකට පත්තරයගෙ අත්දුටු වතුර පෙත....

      Delete
  5. ලස්සනයි කවි පද ටික අසංකයො..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය සංචාරකයෝ අපේ නිර්මාණ හැමදාම රස විඳින්න මේ පැත්තෙ එන එකට...

      Delete
    2. ලස්සනයි සංචාරකයත්!!

      Delete
    3. දෙන්න බලන්න හොඳ හූවක්..
      හූ................................
      බොටනං මේ පුටෝ කෑල්ල ඇලජික්ම තමා..

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා...උඹලගෙ නොකඩවා දිරිමත් කිරීම හින්දා තමයි අපිට මේ විදිහට නිර්මාණ කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ....

      Delete
    2. අනිත් ගමන කඩ කඩා දිරිමත් කරපල්ලා..

      Delete
    3. ඔය කිව්වෙ...හිතුව මදි...කඩ කඩා බැරිනම් ඕන එකකට අපි රෙඩි...දන්නවනේ...කැඩුම් බිඳුම් මූට්ටු කරගෙන හරි අපි උඹලට නිර්මාණ ගේනවා හරිද...

      Delete
    4. තොපි මේ කියන එව්වට මං තනියෙන් හිනාවෙනකොට ගෙදාර මිනිස්සු බලනවා මට පිස්සුද කියලා.

      Delete
    5. බලන්න දෙයක් නෑ පික්සු තමා.. :D

      Delete
    6. ඒක නම් ඇත්ත වගේ සංචාරකයා...මටත් නිකමට හිතුණා ඔහොම....

      Delete
    7. මම නං උපං ගෙයි මෝඩයා … මැට්ටා !!!
      ඕ යේස් …

      Delete
    8. ඕක ඉතිං අපි දැනගෙන ගොඩක් කල්....ඒත් ඉතිං නොකියා නොකියා හිටියා පව්නේ කියලා...කොහොමත් ෂේප් එකේ දෙකක් දාගෙන වදයක් නොවී ඉන්න එකානෙ...

      Delete
  7. අප්පටසිරි! වැඩේ වෙලා වගේ. කලින් පෝස්ට් එකේදි ඔය කලුනික වස්තුව හොයාගන්න අමාරුව් කියල නේද කිය කිය හිටියේ.

    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන්සද ඇයි හිනැහෙන්නේ... //

    නැති දා ඇගෙ ගී රාවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..
    කොවුලනි ඇයි ගී ගැයුවේ..

    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයිනි ඇයි නැටුවේ..
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල් වන් දෙනෙතේ කාන්ති..
    පායා ඇයි හිනැහෙන්නේ..

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී... //

    ඇගෙ කඳුලැලි නැති විටදී..
    ඕනැ නැ දියමන්තී..
    ඕනැ නැ දියමන්තී..

    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි..
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ..
    නිල්වන් දෙනෙතේ කාන්ති...
    පායා ඇයි හි‍නැහෙන්නේ..

    .
    ගායනය - එච්.ආර්. ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි....වැඩේ ජෝන් බාස්ට ගියා වගේ....මනෝෂ් වැරදි පාරකයි ඔය යන්නේ...මේ කියන හැම නිර්මාණයක්ම තවම කරන්නේ මනෝ රාජ්ජෙක ඉඳන් විතරයි...පියවි ලෝකෙදි ඇත්තටම වුණු ගමන් සේරම ඉස්සෙල්ලම විශේෂයෙන්ම කියන්නෙත් අපේ බ්ලොග් සගයන්ට තමයි හොඳද...

      Delete
    2. හප්පේ මං නොදන්නවැයි! විහිලුවක් වත් තේරෙන්නෙ නෑ..

      මේං මං මාරු!!

      Delete
    3. හූයියා... මේයියා...

      http://kurutugegeepawra.blogspot.com/2014/08/blog-post_11.html?showComment=1407839606574#c4395165699799052064

      ගුටි කන්න කලින් ඔන්න ඇත්තමයි දැන් නම් මං මාරුවෙනවා..

      Delete
    4. ඔව්..ඔව්...දැන් ගහන්න කලින් ඉක්මනින් මාරු වෙයන්...ඒත් ඊළඟ නිර්මාණෙටත් වරෙන්...හ්ම්...හ්ම්....

      Delete
    5. හා වලිද … මේං මං ආවා …!!!!

      Delete
    6. අනේ නෑ...අපි නෑනෙ ඔය බේබද්දොත් එක්ක වලි...ඕන එකක් මනෝෂ් එක්ක බලාගන්න එකයි බුදු මහත්තයෝ...

      Delete
    7. එතකොට මං බේබද්දා??

      Delete
    8. නෑ...නෑ...මනෝෂ්....මම මේ කිව්වෙ පත්තරයට...ඒත් ඉතිං ඌ කියන ඒවට උත්තර දෙන්නනම් බේබද්දෙක්ම වෙන්න වෙයි වගේ...

      Delete
  8. කාලෙකින් ගී පවුර ඒ ඉසව්වෙදි දැක්කෙ නෑ. ඔබේ අදහස් නොමැති මගේ ලිපි හරි අසම්පූර්ණයි. ඒක ලොකු අඩුවක්.

    ReplyDelete
    Replies
    1. අනිවා...අනිවා....එනවා එනවා ඒ පැත්තේ...මමත් හැමදේම බැලුවට අදහස් විචාර කටයුතු කරන්න දක්ෂ ඉතින් අපේ තුෂාර සහෝදරයා තමයි...නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න බැරි හින්දා නිකම් හිටියා.... ඒ හින්දා තමයි මම සද්ද නැතුව හිටියේ...ළඟදීම ඔහුත් ඒවි.... ඒ වුනත් ඔබේ දේවල් අපි හැමෝම රස විඳිනවා..ඔබව කිසිදා තනි කර නොමැති බව සිහියේ තබාගනු මැන...

      Delete
    2. ස්තූතියි..ස්තූතියි නැවතත්..!

      පත්තරයගේ බාසාව මටත් පුරුදුවෙලා වගෙයි!!

      Delete
    3. මොකක්ද බ්‍රෑන්ඩ් එක..!

      Delete
    4. ආයිත් අහල සංචාරකයෝ

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    5. අම්මපා....??? උඹට ගල් පොවන්න නෙවෙයි ගල් වලින් ගහන්නයි වටින්නේ...ඕං කිව්වා....

      Delete
  9. >>නිහඬ අරණක් වූ මගේ ලය
    සියොත් කූජන නාදයෙන් පිරි
    වසත් උයනක් කළේ ඔබමය
    මියුරු රන් රස පාහලා...... << ........
    මෙහෙම කරනවානම් කොච්චර සෝයිද ..... මචෝ..... හෙක්...හෙක්.....
    anyway ......... සිතිවිලි නිර්මාණය ,,,,,,,, ෂෝක් ''''''''''''''''! ................

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව් කෙන්ජියෝ...සිතිවිලි නිර්මාණය නිර්මාණයක්ම නොවී ඇත්තක් කරගන්න උත්සාහයත් අතහරින්න හොඳ නෑ...ඒක උඹටයි මටයි අපිටයි හැමෝටම අදාළයි...හෙක්...හෙක්....බොහොම ස්තුතියි මචෝ හැමදාම අපි වෙනුවෙන් එන එකට....

      Delete
  10. පට්ටයෝ...
    උපරිමට දැනුන...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් මචෝ...උඹේ අගය කිරීමත් උපරිමේටම දැනුනා...

      Delete
  11. කදිම කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අමිල....මේ පැත්තෙ ඇවිත් කවි රස විඳින එකට....

      Delete
  12. ලස්සන කවි පෙලක් අසංක..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්...මට හිතුණා මේ වගේ ආදරයක් ලැබුණොත් කොහොම වෙයිද කියලා...ඉතින් හිතේ මැවුණු දේ කවියට නැගුනා....

      Delete
  13. සුන්දර ආදරයක්... ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. සුසී ගොඩක් කාලෙකින් මේ පැත්තේ...සාදරෙන් පිළිගන්නවා...ඔබ හරි...ආදරය තරම් සුන්දර දෙයක් මේ ලෝකෙ නෑ...ඒකනේ කවුරු මොනවා කිව්වත් ආදරය කියන දේ ගැන මේ තරම් ලියවෙන්නේ....ඒක සුන්දර කරගන්න ඕනත් අපිම තමයි...ඒත් ගොඩක් අය පොට පටලවාගෙන ආදරේ සුන්දරත්වය නැති කරනවා...මනුස්සකම ඔළුවෙ තියාගෙන හැමදේම සුන්දරව විඳගත්තනම් එයා දිනුම්....ගොඩක් ස්තුතියි සුසී....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...