Wednesday, August 13, 2014

රටේ ප්‍රශ්න...... මගේ ප්‍රශ්න......

























ආනේ පුතා කළු වෙලා... ඇදිලා ගිහිල්ලා...
 

කෙට්ටු වෙලා... කෑම හරියකට නැද්ද...
 

ජොබ් එක කොහෙද... සැලරි හොඳයිද...
 

සැලරි කීයද... ආපෝ එච්චරද...
 

උපාධිය මොකක්ද... අයියෝ ඔයිට වඩා ලොකු ජොබ් එකකට යන්නකෝ
 

වාහනයක් ගන්න අයිඩියා එකක් නැද්ද... ඔයාගෙ තත්ත්වෙට හරි නෑ ඔහොම...
 

දැන් කල වයසත් හරි නේද... බැන්දොත් හොඳයි නේ...
 

තාම කවුරුවත් නැද්ද... කාව හරි බලන්නද ඔයාට...
 

ගෙයක් දොරක් එහෙම තියනවද... දැන් දරු මල්ලොත් ඉන්න ඕන වයසනේ...
 

ඔයා නාකි වෙද්දි ළමයි බඩගාන වයසේ ඉඳියි... ඒ හින්ද ඉක්මනට බඳින්න...
 

හා බැන්දද ඔයා... කොහොමද හොඳයිද... ආව්... ආව්...
 

දැන් බබාලා එහෙම ඉන්නවද... මොන ඉස්කෝලෙටද යවන්නේ...
 

ආපෝ එහෙද... ඕක හරියන්නෑ... බොරු ඇඩ්‍රස් එකක් හරි අරන් ජාතික පාසලට දාන්න...
 

දෙක වසරෙ ඉඳන්වත් ළමය ටියුෂන් යවන්න... එහෙම නැත්නම් බෑ...

 

තව...තව... එලෝ කෝටියක් ප්‍රශ්න මතු සම්බන්ධයි...
 
දැන්... මගේ ප්‍රශ්න දෙක....

අම්මා සහ තාත්තා හැර... අනෙක් බොහෝ දෙනා... මේවා අහන්නේ අවංකවම ද ?...

මටවත් මම ගැන නැති ප්‍රශ්න ගොඩක්... ඒ අයට විතරක් තියෙන්නේ  ඇයි ?...


 

අනේ මන්දා....


අසංක ගයාන් අබේසිංහ





27 comments:

  1. මෙවැනි දෙයක් කොතන හෝ දුටුවා කලකට පෙර. මතක නැහැ.. ඒක නෙමෙයි බොලාට දැං හෙඩිම දාන්න අමතකම වෙනවා නෙව.. වයසේ වැරුද්දද

    ReplyDelete
  2. හත්තිලව්වයි....දේශකයාම මේ වගක් කියනකම් එකෙක්වත් කිව්වෙ නෑනෙ මේක...ගොඩක් ස්තුතියි ඔබට... මගේ කලින් ඒවාටත් හෙඩිම් දැම්මෙ වෙන විදිහකට... ඒ හින්දා ඒ හෙඩිම් ටිකත් කාටවත් පෙන්න නැතුව ඇති මගෙ හිතේ...මේක වයසෙ වැරැද්ද නෙවෙයි...මගේ තාක්ෂණ දැනුමේ වැරැද්ද...ඔන්න ඒක හැදුවා...මෙහෙම එකක් කලින් තිබුණද...හැබැයි මමනම් මෙහෙම එකක් ලිව්වෙ මේ පළවෙනි වතාවට මගේම අත්දැකීම් ටිකකුත් අරගෙන...හැකිනම් අර කියපු නිර්මාණයේ ලින්කුවත් දැම්මොත් වටී....අපිටත් බලන්න...බොහොම ස්තුතියි දේශකයෝ....

    ReplyDelete
  3. ඔව්වට ගමේ ගොඩේ කියන්නේ ඕපදූප කියලා...

    අසංකත් දැං ඕප දූප වලට සෙට්වෙලා වගේ....හැක් හැක්...

    ජ ය වේ වා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්...විදානයෝ...උඹලට නිර්මාණ කරන්න කරුණු හොයන්න ගිහින් දැන් ඕපෙටත් සෙට් වෙන්න වෙලා තමයි තියෙන්නේ....ස්තුතියි විදානයෝ...

      Delete
  4. ඕන්න මං අර කිව්ව ටික. වතාවක් දේශකගේ බ්ලොග් එකෙත් කිව්ව. ගී පවුර තුලත් ලිව්වා. දැන් ආයෙත් කියනවා. අපි හැමෝම මේ ලෝක රඟ මඬලෙ ඉඳල කරන්නෙ සමාජය තුල අපේ ප්‍රතිරූපයන් නඩත්තු කරන්න නොමැරී මැරි මැරි ජීවිතේ විඳවන එක. විඳින එක නෙවෙයි. අපි කරන ඒවයි සියේට අනූවක්ම අපි කරන්නෙ සමාජයේ පවතින්නනේ, අඳින්නෙ, ගෙවල් හදන්නෙ, හොඳ වාහන ගන්නෙ, මඟුල් තුලා කරන්නෙ, මේ වගේ බොහෝ දේවල්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත මනෝෂ්... අපි කරන ගොඩක් දේවල් කරන්නෙ අපිට ඕනවට නෙවෙයි...පොඩි කාලෙ ඉඳන්ම එහෙමයි අපිව හැඩගස්වලා තියෙන්නේ....ඒවයින් එලියට එන කරන්න ටිකක් අමාරුයි ඒත් පුළුවන්...හරිම පරිස්සමින් කරන්න ඕන සමාජ ගනුදෙනුවක්....

      Delete
  5. එහෙම අහන්නේ ඉට්ටැයිල් එකට අනේ.. මගෙන් ගොඩක් උන් අහනවා තව දරුවෙක් හදන්නේ නැද්ද කියලා.. මම කියන්නේ උඹලා කන්න දෙනවා කියලා ලියවිල්ලකින් දෙනවා නම් හදන්නම් කියලා. ඕක මහ දෙයක්ය.

    ReplyDelete
    Replies
    1. අන්න හරි....ඔබ හරියටම හරි මාතේ....විහිළුවෙන් හරි දෙන්න ඕන රිදෙන්න ඔහොම අහන උන්ටයි උපදෙස් විතරක් දෙන් උන්ටයි...

      Delete
  6. පික්ෂුද බං ...එහෙම අහන්නෙ මෝස්තරේට.........
    මගෙන් ඔය කතා අහන්න ආවෙ නැහැ....එක !@#@!ක්වත්......
    මොකද මම දෙන්නෙ අහන පිරිමි මාමලාවත් බඩ වෙන පිළිතුරු නිසා.... හෙක්..හෙක්...

    ReplyDelete
    Replies
    1. ඔබත් එක්කත් සම්පූර්ණයෙන්ම එකඟයි කෙන්ජියෝ....ඉස්සෙල්ලා මාතලන්ට දීපු උත්තරේම තමයි දෙන්න තියෙන්නේ....මම උනත් ඔහොමයි හැබැයි උඹලා තරම් දරුණු විදිහට ප්‍රශ්න අහන එවුන්ව කපලා දාන්න තාම පුරුදු නෑ...ළඟදිම පුරුදු වුණොත් හොඳයි වගේ මේ සමාජෙ දැන් යන හැටියට...

      Delete
  7. මාත් ඔය කිට්ටුවෙන් යන එකක් ලිව්වා ටික කාලෙකට කලින්...

    වෙස්මූණු...

    ReplyDelete
    Replies
    1. මමත් ඒක බැලුවා හිරු... ගොඩක් ලස්සනයි... ලොකු තේරුමක් තියනවා...ගොඩක් ස්තුතියි ඒ ලින්කුව දීලා නැවත ඒ ලිපිය මතක් කළාට.... ඇත්ත තමයි හිරු... අපිට වඩා අනෙක් අයටයි අපි ගැන අමාරුව... ඇති වැඩකුත් නෑ...උපදෙස් අනුශාසනා නම් කෝටියයි...ගොඩක් ස්තුතියි හිරු අදහස් දැක්විමට...

      Delete
  8. මටත් පේන්නම බැරි ප්‍රශ්ණ කන්දරාව!!!!

    ReplyDelete
    Replies
    1. උඹට වගේමයි මටත්... ඉන්න බැරි තැන තමයි ඒකෙන් නිර්මාණයක් කරන්න හිතුවේ....ගොඩක් ස්තුතියි ප්‍රියා ඔබට...හැමදාම අපිව දිරිමත් කරන මිතුරා....

      Delete
  9. මගෙ යාලුවෙක්ගෙ අයියගෙන් අසල්වැසියෙක් වින්හාග ප්‍රතිපල ඇහුවම පොර ඇහුවලු ඔයා එක පැන්සලක්වත් අරන්දීල තියෙනවද ඔවගැන අහන්න කියල

    ReplyDelete
    Replies
    1. නියමයි...අන්න එහෙම තමයි ඉන්න ඕන....ඇත්තටම අවංකව අහන එක වෙනම දෙයක්...කින්ඩියට ඉරිසියාවට අහන එක තව දෙයක්...ගොඩක් ස්තුතියි දමිත් අපිත් එක්ක එකතු වුනාට...

      Delete
  10. කොහොමත් අපිට වැඩිට අපි ගැන වදවෙන්නේ වෙන අයනේ..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි තියන ප්‍රශ්නේ දිනේෂ්...ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන්....මොකුත් නොදැනෙන ගානට...ඒත් ඉතින් එහෙම ඉන්නත් බෑනේ ගිහි ජීවිතේ...ගිහියෙක් විදිහට ජීවත් වෙනවන්ම් ඉතින් මේවත් හරි පරිස්සමින් බැලන්ස් කරන්නම වෙනවා තමයි....ගොඩක් ස්තුතියි දිනේෂ් ඔබට...හැමදාම ඇවිත් අපිව දිරිමත් කරනවට...

      Delete
  11. හිහි...
    ඕක නං පට්ටම පට්ටම පට්ට ඇත්ත...
    මොකද අපිටත් වඩා අපි ගැන හොයල බලන්නෙ අල්ලපු වැටේ ඉන්න උං නෙව..
    තූ ඉතරක්

    ReplyDelete
  12. ඒකනේ මහේෂ්...අපේ රටේ ගොඩක් උන්ට දියුණු වෙන්න බැරි හේතුව...අනුන්ගෙ ඇද හොය හොය ඉන්න වෙලාවෙ තමන්ගෙ ගැන බලාගත්ත නම් තමනුත් දියුණු වෙනවා ඒ දිහා බලාගෙන හරි අනුනුත් දියුණු වෙනවා...අපේ ගොඩක් උන් ඒ මොකුත් නෑ අනිත් එකා ගැන තමයි අමාරුව....සත පහක දෙයක් කරන්නෙත් නෑ...ඔන්න ඔහොමයි ඉතින්...ඕවත් එක්කම කොහොම හරි ඔළුව ගහගෙන ඉන්නත් එපායැ....ගොඩක් ස්තුතියි ඔබට හැමවෙලේම අපිව දිරිමත් කරන්න එන එකට...

    ReplyDelete
  13. ඕකේ දෙපැත්තක් තියෙනවානේද ?ඇත්තටම අපිට හිනා වෙන්න බලාගෙන අහනවා වෙන්නත් පුළුවන්.අවංකවම අහනවා වෙන්නත් පුළුවන්.සමහරක් විට ඒ අහන දේ අපි දෙගොල්ලන්ටම වැඩක් නැති වෙන්නත් පුළුවන්.එත් එහෙම අපෙන් අහයි කියලාත් අපේ හිත්වල බලාපොරොත්තුවක් නතුමත් නෙමේ නේද?

    ReplyDelete
  14. අනිවාර්යයෙන්ම...මනෝජ් කියන දේ ඇත්තක් තියනවා....ඒ වුණාට බහුතරය දෙනා ඕ වගේ වැඩක් නැතිව හොට දාන්නෙ අවංක චේතනාවෙන්ම නෙවෙයි නේද...මම නම් අත්දැකලා තියෙන්නෙ නිකම් මූනිච්චාවට මේ වගේ අහන අය වැඩියි කියලා....අපේ හිතේ එහෙම අහයි කියලා බලාපොරොත්තුවක් තියෙන්නේ අපිට අවංකවම ආදරය කරනවා කියලා හිතෙන අයගෙන් විතරයි නේද..ඇත්තටම අපි කැමතියි අපි ගැන කවුරු හරි හෙවිල්ලෙන් ඉන්න එකට...ඒත් ඒක අපිට දැනෙන අවංක දෙයක් වෙන්නත් ඕන...අර මාතලන් සහ කෙන්ජි කිව්ව වගේ මෝස්තරේට විතරක් සීමා නොවී...

    ReplyDelete
  15. තුෂාර විතාරණAugust 14, 2014 at 9:01 PM

    කවිය නම් පට්ටය අසංක සහෝදරයෝ.................

    අදහස ඇත්තම ඇත්ත. මං ඕකත් එක්ක සීයට දෙසීයක් එකග වෙනවා කියලා ඔබ දන්නවානේ............................ ඒ වගේ ම මේ දවස් ටිකේ අපි කාර්ය බහුල වීම නිසා ඔබ විසින් බ්ලොගය වෙනුවෙන් දරන්නා වූ මහන්සියට බොහොම ස්තූතියි. නැත්තම් ඔය විදානයා එහෙම අහනවා උඹලා ඔක්කොම එකපාර බිසී වුණාද කියලා. අපි මොකට ද නිකං කතා අහගන්නේ නේද???

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තුෂාර මහත්තයෝ...ඒකනම් ඇත්ත....මේ විදානයගෙන් එහෙම කට කැඩිච්චි කතා අහන්නෙ ඇයි....ඒක හින්ද මමත් මේ සේරම වැඩ පස්සට දාලා මේ දවස්වල බ්ලොග් එක රන් කරන්න ගත්තා....මොනවා කරන්නද ඉතින්...අපේ මේ බ්ලොග් සගයෝ අනික් හැමදේටම වඩා අපිට වටිනවනේ.....

      Delete
  16. සහතික ඇත්ත... // මටවත් මම ගැන නැති ප්‍රශ්න ගොඩක්... ඒ අයට විතරක් තියෙන්නේ ඇයි ?... // ඔය ප්‍රශ්නේමයි මටත් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක ඉවසගෙන ඉන්න බැරි තැන තමයි තුෂානි මමත් මේ වගේ එකක් ලිව්වේ... ගොඩක් ස්තුතියි තුෂානි ඔබේ දායකත්වයට...

      Delete
  17. It's an amazing article for all the web viewers; they will get advantage from it I am sure.


    Also visit my web blog - property renovation ideas ()

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...