Saturday, January 11, 2014

නායකත්වය පුහුණුව ......................


උසස් පෙළින් සමත් වෙලා හිතට දැනුන සතුට අරං
කැම්පස් වෙනුවට ඇවිදින් හමුදා කදවුරු පෙරළං
බස් පුරවං උදේ ඉදන් හතර අතේ කරක් ගහං
නායකයෙක් වෙන අයුරුව ඉගෙන ගන්නේ කෝම කියං

සුදට ඇදන් PT ගිහිං අඩි දහයක් ඇවිද්දාම
දකුණ වමට බලා හැරිලා අඩි උස්සලා බිම තිබ්බම
නායකයින් වෙනවානම් අනේ ඔයිට වඩා හොදට
කොක්කු රෑන් පිටිං ඉදියි නායකයින් වෙලා යසට

කෑම වේල් තුනක් කාලා තේ තුනකින් බඩ පුරවන්
ෆිල්ම් බලලා බජව් අහලා නැටුවම තුනටිය කරකන්
පොළවෙන් ඉහළට උස්සලා සුරංගනා‍ ලෝක මවන්
නායකයෙක් වෙන්න කලින් පොළවේ දෙපයින් හිටගන්

අව්ව පොදක් වැටෙන්නැතුව නායකයින් රකින රටක්
වැහි බිදුවක් වැටෙන්නැතුව නායකයින් හදන රටක්
බඩගින්නක් දුකක් නැතුව නායකයින් දකින රටක්
කැම්පස් ගියදාට දැනෙයි අව් වැහි බඩගින්න හුගක්

කෑම බීම වතුර ඇදුම් ටෙන්ඩර් ගන්නේ කවුරුද
රැග් එක නවත්තන්න ගිහිං ඇත්තට රැග් වුණේ කවුද
කැම්පස් යන්නත් කලියෙන් කොක්කක් ගොඩ නොගියේ කවුද
තුන් සතියක සැපක් අරන් නායකයෙක් වුණේ කවුද

කසුප් අනුරාධ
.

4 comments:

  1. 10000000000000000%k patta.

    ReplyDelete
  2. hm niyamai......
    Mama surasena

    ReplyDelete
    Replies
    1. සූරයා,

      එහෙනම් ඔබත් මෙහෙට ආවා නේද???
      බොහොම ස්තූතියි ආවට, ඒ වගේ ම කමෙන්ටුවක් දාලා ගියාට. ආයෙත් එන්න. ගරිල්ලා පීටී කරන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...