Tuesday, November 10, 2015

පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං ..........



වයිෆ්-             මා සමග දොඩන්නට අද ඔබට වෙලා නැත
හස්බන්ඩ්-       මගේ වැඩ ලෝකෙ වැඩවලට මං හිරව ඇත 

වයිෆ්-             කඩදාසි තීරු වෙයි ඔබේ පෙම් ලෝකෙ අද
හස්බන්ඩ්-      දොඩන්නට ඔබ සමග පෙම් වදන් නොමැත මට

වයිෆ්-             එදා කීවානෙ ඔබ මං ඔබේ මුලු ලොවයි
හස්බන්ඩ්-       කවදාද මං කිව්වෙ මතක නෑ හැබෑමයි

වයිෆ්-             සිතුවෙ නම් ඔබ එදා පෙම් මැදුරු තනන්නට
                      ජීවිතේ හැම සැපම සෙනෙහසින් පුදන්නට 

හස්බන්ඩ්-       වැඩ බහුල ලෝකයේ ඉඩ කොහිද සෙල්ලමට
                      කෑ ගහන විට සිතෙයි තලන්නට හොම්බ කට

වයිෆ්-             ජීවිතේ එපා වී ආදරෙන් මුලා වී
හස්බන්ඩ්-       හෙට බාර නොදුන්නොත් ලොක්ක මට බනීවී

වයිෆ්-             පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං
                      එදා මට කියූ හැටි මතකවත් නැති තරං 

හස්බන්ඩ්-      ඔපීසියෙ මට තියෙන වැඩ ගොන්න දැක්කනං
                      එලොව පොල් පේනවා මෙලොවදිම දැං ඉතිං

වයිෆ්-             අනේ මොන කරුමෙදෝ එන්නේ මේ පෙරලිලා
                      යනවනං අනේ මං මේ ලොවෙන් මියැදිලා

හස්බන්ඩ්-      කියන්නේ ඇයි සුදෝ කරුමෙ මං කියාලා
                      ඔබ මැරුනොතින් මගේ හර්දෙ යයි පැලීලා

වයිෆ්-            කීවා නම් ඔය වගක් මං බනින්නට කලින්
                     මොන වැඩට හිර වුනත් මට කමක් නෑ ඉතින්

හස්බන්ඩ්-        පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං
                       උණු උණුවෙ ටී එකක් ගෙනාවොත් ඉස්තරං



ඉසුරිකා උත්පලානි



.

87 comments:

  1. මරු දෙබස...හස්බන්ඩ්ලා කසාද බැන්දට බැන්දට පස්සේ කසාය බිව්වා වගේ වෙනස් වෙනවානෙ.ඒ වුණත් නිතර කිවුවෙ නැති වුණාට එයාලගේ යටිහිතේ ආදරේ නැතිව නෙමෙි ..මට කවියෙන් දැනුනෙ එහෙම දෙයක්

    ReplyDelete
    Replies
    1. අනුත්තරා............... ඔබ බ්ලොගයක් කරගෙන යනවාද???? 

      කුගෑගීප

      Delete
  2. ආනේ...මම එක වෙලා නේද ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනූ.. ඔයැයි හැමදාම එක වෙන්නකො....... ඉස්තූතියි කොමෙන්ටුවට

      Delete
  3. ආනේ...මම එක වෙලා නේද ..

    ReplyDelete
    Replies
    1. ඔයැයිටත් කම්මල සින්ඩ්‍රෝම් එක බෝවෙලා.

      Delete
  4. වයිෆ් - ඔෆිස් වැඩ හෙට ගෙදර ගෙනාවොත් තෝව මං
    ඔෆීසියෙ එල්ලනව කනෙං ඇදගෙන ගිහිං

    කියල තමයිලු පහුවෙනිද කියල තියෙන්නෙ.

    මෙක අපේ මදාවියට වෙච්ච දෙයක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙනං අත්දැකීම් තියෙනව වගේ........

      Delete
  5. කුරුටු ගෑ ගී පවුරෙ ඉසුරිකා අක්කෙ බං
    උඹ ලියපු කවි පොඩ්ඩ මල් හතයි ඉස්තරම්

    ජයවේ!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි මල්ලිගේ කොමෙන්ටුවටත් ඉතිං.....

      Delete
  6. උඹ කොහොම නංගියේ මට වෙලා තියන දැං
    කරුම සන්තෑසියම ගෙස්(guess) කොළේ කියාපං

    නියමයි නගෝ...කමෝන්...මේ ඔෆිස් ජීවිතේ එක්ක මට වෙලා තියෙන්නෙත් ඕ වගේම දෙබස් කියවන්න තමා මේ දවස්වල...

    අසංක

    ReplyDelete
    Replies
    1. කාට කාටත් මෙහෙම වෙනව ඇති කියල මං
      හිතල ලිව්වේ අය්යටත් වෙලාලුනෙ දැං

      තෑන්කියු අයියෙ........

      Delete
    2. උඹ කොහොම නංගියේ මට වෙලා තියන දැං
      කරුම සන්තෑසියම ගෙස්(guess) කොළේ කියාපං

      නියමයි නගෝ...කමෝන්...මේ ඔෆිස් ජීවිතේ එක්ක මට වෙලා තියෙන්නෙත් ඕ වගේම දෙබස් කියවන්න තමා මේ දවස්වල...

      තුෂාර

      Delete
    3. ආ...........මේ මොකෝ????? අසංක අයියට වගෙ අපේ තුශාර අයියටත් වෙලාද?

      Delete
    4. ෂුවර් එකටම තුෂාරයට කිලිනික් යන්න වෙලා ඇති... හැක් හැක්...

      Delete
    5. අඩෝ ෆීල්ඩ් මාර්ෂල්... මං ඒනකල් තමා බල බල හිටියේ..... කොහෙද දැන් හැංගිලා ඉන්නේ...????

      Delete
  7. ලෝක ප්‍රසිද්ධ මායම් 64 න් එකක් වැඩකරපු අවස්ථාවට උදාහරණයක්.

    //වයිෆ්- අනේ මොන කරුමෙදෝ එන්නේ මේ පෙරලිලා
    යනවනං අනේ මං මේ ලොවෙන් මියැදිලා

    හස්බන්ඩ්- කියන්නේ ඇයි සුදෝ කරුමෙ මං කියාලා
    ඔබ මැරුනොතින් මගේ හර්දෙ යයි පැලීලා//

    මෙහෙම කිව්වනං ඔක්කොම ශේප්

    එපා සුදු මම හෙටම ජොබ් එකෙන් රිසයිනිං
    හෙට ඉඳං සොමියෙ ඉමු හැබැයි බං නෝ ශොපිං

    ReplyDelete
    Replies
    1. හා හා එහෙමත් කියලා බලන්ටකො හොඳේ........

      Delete
  8. ඔතනට දාපන් මෙන්ඩයි සදුයි කියලා..
    කවුද කියපන් කේලම කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ගෙවල් ලඟින් යනකොට ඇහුනලූ.. අනේ අය්යො අපි නං නෑ

      Delete
    2. ඉසුරිකා
      මේකේ සදු මෙන්ඩට මෝල් ගහෙන් ගහන ටික දාලා නෑනේ.ඉන් පස්සේ තමයි මෙන්ඩා ෂේප් වෙන්නේ.

      Delete
    3. මීලඟ කොටසින් බලාපොරොත්තුවන්න.......කියමුද මනෝ?

      Delete
    4. මම කිව්වයි කියල කියන්න එපා. මෙන්ඩට සඳු මෝල් ගහෙන් ගැහුවන් පස්සේ මෙන්ඩ ඒකට පලි ගන්නවා. සඳු නැති දවසක් අල්ලල මෙන්ඩ මෝල් ගහට තඩි බානවා. අසරණ මෝල් ගහ

      Delete
  9. ඔෆීස් වැඩ ගෙදර අරන් එක නම් වැරදියි....

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි ....

      ඉස්තූතියි මාතලන්

      Delete
    2. ඔෆිස් එකේ වැඩ 18 කනුවට අරගෙන ගියාට අවුලක් නෑනේද අයියන්ඩි?

      Delete
    3. දැන් මොකක්ද මේ 18

      තුෂාර

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඕකනෙ අපි නොබැඳම ඉන්නෙ. දැන් ඕන දෙයක් ගෙදර බැරිනම් ඕන තූත්තුකුඩියක ගෙනිහිං කරන්න පුලුවන්. ආයේ ඔෆීසියෙ මගුල් ගෙදර උස්සං එනව කියල කව්රු බනින්නද?

    කෝ ඔය බැඳපු නෝනලා, මහත්තයලා කියමු බලන්න අත උස්සලා අපේ ගෙදර මෙහෙම නෙවෙයි කියලා. දෙන්නෙක් කලින්ම ඔය අත උස්සං ඉන්නෙ. හරි හරි දැන් පහල දාගන්න. මෙන්ඩයි අසංකයයි.

    කවියත් මල් හතයි.ඉසුරිකානෙ ලියල තියෙන්නෙ. තුශාරයව නිවාඩු යවල හිටං ඉසුරිකා ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ආ...එහෙම හරියනවැයි...

      ඉස්තූතියි කසුන්

      Delete
    2. මේ හොදයි..අපේ ගෙදර සදු මට ගහන්නෙ කොස්සට චු කරලා ඔෆිස් එකේ වැඩ ගෙදර ගෙනල්ලා කරොත්

      Delete
    3. මේකට ඉසුරිට කමෙන්ට් ඒකක් දාන්න බැරි නිසා මං උත්තර දෙන්නද???

      තුෂාර

      Delete
    4. මෙන්ඩා
      ගෙදරදි ගුටි කෑවට ඕවා කියනවද බං මේ වගේ තැන්වල.තුෂාරවගෙත් එලුව ගෙඩි ගැහිලා තියෙන්නේ ඔලුවට ගුටි ඇනලම

      Delete
    5. මනෝ අනුන්ගේ මනස කියවන්න දන්නවාද බං.....???? අැත්තමනේ... කොහොමෙයි දැනගත්තේ....

      Delete
  12. පුහ් අපිටම චෝදනා එල්ල කරන්න නේ..
    මෙන්න බාරිගේ වෙනස (මගේ එහෙම නෙවෙයි හොදේ)

    විවාහයට පෙර - රත්තරනේ,පන,වස්තුව,මේ අහන්නකෝ,කන්නකෝ ඉතින්

    විවාහයට පසු - ඕයි,ඇහෙන්නේ නැද්ද මල වදේ,කාලා ඉන්නවකෝ

    අපේ කුරුට්ටෝ ඉතින් කවියක් ලිව්වොත් එලම තමයි...

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්ට එපා මනෝ, ඔව්ව ඔහොම තමයි.

      Delete
  13. ඔන්න ඕකනේ අපි සදා සිංගල් ඉන්නේ.. මොන වැඩේ කලත් කොච්චර බිසී උනත් කොහේ ගියත් කොච්චර කාලයක් ෆෝන් ඕෆ් උනත්, කිසි ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ටිකක් කට්ට කාල බලන්ට අඟහරුවො.
      හිතන තරං නරකමත් නැතුව ඇතිනෙ.......... නේ?

      Delete
    2. මේක බැඳගත්තොත් ඒ මනුස්සය කෝච්චියකට අහුඋනා වගේ තියෙයි.

      Delete
    3. ඉන්න වෙන්නේ ස්ටේසම් වල තමා...

      තුෂාර

      Delete
    4. Isurika and all others- බුදු අම්මෝ ඉල්ලං කටු කන්න බැරියෝ.. කෝච්චියකට අහු වෙන එක සැපයි බලාගෙන යනකොට. ස්ටේෂන් ඒකෙ ඉන්න තියනවා නම් කොච්චර එකක්ද? ප්ලැට්ෆෝම් ඒකෙ නම් නෙවේ හැබැයි..

      Delete
    5. ප්ලැට්ෆෝම් ඒකේ හිටියොත් ප්ලැට් වෙලා තියෙයි නේද??

      Delete
    6. ඔව්. ඒකනේ ඒකට ප්ලැට් ෆෝම් එක කියන්නේ.

      Delete
  14. 'ඔන්න ඔය ජොබ් එක දමල ගහල එන්න අනේ.. වෙන එකක් හොයාගමු.අඩුගානෙ හුස්මගන්න පුලුවන් එකක්.දවල්ට වැඩ.රෑට පාටි.මොකද්ද ඔය ජීවිතේ..?'
    හෙලෝ කියනවාට වඩා ගස්ලබ්බගෙ පෝන් එකෙන් ඇහුන වචන ටික. හෙහ් හෙහ්... සුටුස් ගාල මතක් උනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කට ඇරපිය උඔටත් රා කට්ටක් කටට හලන්න

      Delete
    2. මටත් හරියන්න බොලාලා රට ජාතිය වෙනුවෙන්ම කොඩි ගහගෙන බීව හරිය මදෑ... හෙහ් හෙහ්..
      ආ.... ඔන්න වක්කරහං.හිටහං ලුණු කැටයකුයි බීඩියකුයි ගන්න.

      Delete
    3. ඉස්තූතියි ගස් ලබ්බ.....

      Delete
  15. මරු දෙබස...හස්බන්ඩ්ලා කසාද බැන්දට බැන්දට පස්සේ කසාය බිව්වා වගේ වෙනස් වෙනවානෙ.ඒ වුණත් නිතර කිවුවෙ නැති වුණාට එයාලගේ යටිහිතේ ආදරේ නැතිව නෙමෙි ..මට කවියෙන් දැනුනෙ එහෙම දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කථාව අහලා නැද්ද? ගැහැණුන් කසාද බඳින්නේ මිනිසුන් විවාහයෙන් පසුවවත් වෙනස් වෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඒසේ නමුත් පිරිමින් එසේ වෙනස් නොවේ. පිරිමින් කසාද බඳින්නේ ගැහැණුන් විවාහයෙන් පසු වෙනස් නොවෙතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් සැම ගැහැණියම විවාහයෙන් පසු වෙනස් වේ.

      Delete
    2. ඔව් ...බලනකොට ඉතින් ඒ කතාවත් ඇත්ත තමයි.

      Delete
    3. ඉයන් කට ඇරපන් බදුරලියෙන් ගෙනාපු ගහෙන් බාපු අලි චුටිගේ කිතුල් රා කට්ටක් කටට හලන්න..

      Delete
    4. මෙන්ඩා.........

      ඔහොම කියන්න ඒපා බං අපිට විදානයාගේන් (ෆීල්ඩ් මාෂල්ගෙන්) විසුමක් වෙන ඒකක් නැහැ......

      Delete
  16. හැක් හැක්.. නියමායි... මගේ සඳ ඔබ , මගේ සඳ ඔබ.. එදා සඳ නොව මෙදා සඳ ඔබ..

    ReplyDelete
    Replies
    1. දැන් කවුද සදු ගැන කිව්වේ.............................

      උඹත් මෙන්ඩාව අවුස්සන්නම තමා යන්නේ නේද???

      තුෂාර

      Delete
  17. බැන්දට පස්සේ ගොඩක් රණ්ඩු ඉවර වෙන්නේ ඔහොම වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. බැන්දට පස්සේ ගොඩක් රණ්ඩු ඉවර වෙන්නේ ..
      අනේ..මට කොචචර හොද කොල්ලේක් බැද ගන්න තිබුනද? මගේ කරැමේ.
      (මම රහසින්..බම්බුව)
      මොනවද තමුසේ කුටු..කුටු ගාන්නේ.
      දඩං..බඩං.සලාං..චාටස්..පාටස්..

      Delete
    2. බැන්දට පස්සේ ගොඩක් රණ්ඩු ඉවර වෙන්නේ ..

      අනේ..මට කොචචර හොද කොල්ලේක් බැද ගන්න තිබුනද? මගේ කරැමේ.
      (මම රහසින්..අම්මපා මංම අහුවුණානේ.... කමක් නැහැ වෙන ඒකෙක්ව බේරපු පිනවත් මට තියෙයිනේ....)
      මොනවද තමුසේ කුටු..කුටු ගාන්නේ.
      ඩොං පටෝං සලාං බලාං..... චූස්...

      තුෂාර

      Delete
    3. බලාගෙන ගියාම කොයි ගෙදරත් එක වගේ

      Delete
    4. කොයි ගෙදරත් ඉන්නේ ගෑණුනේ මෙන්ඩෝ.................

      Delete
  18. අපේ උන්දැත් ඒ කාලේ ඉඳලම කියනවා ටිකක් ආදරෙන් කතා කරන්නවත් ඉගෙන ගන්නකො අනේ කියලා. හොඳා හොඳා කියලා මම පොරොන්දුවුනා..............

    පාන්දරින් අවදිවුනා. ඇඳෙන් නැගිටින්න බලනකොට සරම නෑ............

    ඔන්න මම කතාකලා අපේ ඇඹේනියට.

    ප්‍රේමිය..............................

    ඇයි මගේ සුපෙම්වත...........................

    කෝ *&^%$# මගේ සරම.

    ReplyDelete
    Replies
    1. මගේ ------- දුන්නාම දෙන්නං......

      තුෂාර

      Delete
    2. අා............. ඒකට ඒන්න ඔ්නේ තුෂාර කියලා නෙමෙයි.... මං ඉන්න් ඒහෙ නෙමෙයිනේ..... විචාමාමාගේ ප්‍රේමිය කියලා නම වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න.....

      තුෂාර

      Delete
  19. අන්න ක්‍රමේ , මේවා ඉතින් මෙහෙමම ඉගෙන ගන්න එපයි

    ReplyDelete
  20. පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං
    උණු උණුවෙ ටී එකක් ගෙනාවොත් ඉස්තරං


    කපටි කම නම් කීවට නෙවී...........

    ReplyDelete
  21. දෙන්නංය කීව සැප පොරොන්දු වූ පරිදිම
    දෙන්ට නම් මගෙ මැණික රෑ දවල් නොනිඳාම
    වැඩ කළ යුතුය මම ගෙදර ඉන්නේ කෝම
    යාන වාහන හේම දුවනවාද වතුරෙන්ම

    අල බතල තම්බලා පලා කොල මලවලා
    මයියොක්කා හිටවලා වගාවක් දමාලා
    මට අැහැකි ඔබ ලඟම ඉන්ට මෙහි නැවතිලා
    කැමතියිද මගෙ සුදා කියන් මට කොඳුරලා

    ReplyDelete
    Replies
    1. ඔබෙ සුදා ඉල්ලන්නෙ ලඟම දැවටීම නොව
      පෙම් කෙරූ සමයෙ මෙන් ආදරෙන් ඇමතීම

      ඔයි හැටීම අමාරුද අපේ මහතුන්ට මෙය
      ඉබ්බගෙන් පිහාටුව ගැනීමයි මීට සැප

      whatever තෙලිදිය වාඩියෙ කවිය ලස්සනයි.....ඉස්තූතියි

      Delete
    2. හහ් හහ් හා.. ස්තූතියි ඉසුරිකා.

      මනුස්සයෙක් උනාම අපගේ වගකීම
      ගෙදරට උවමනා ජාති අරගෙන දීම
      බිරිඳක් උනහම ඔයාල ගේ වගකීම
      පිරිමැස්මෙන් ගේදොර වැඩ ඉටුකරදීම

      ලැබෙන දෙයින් සතුටු වෙන්ට බැරි නම් ඔන්න
      අපහට සිදුවෙනවා දිවා රෑ වෙහෙසෙන්න
      ඒහෙම කරල ගෙදරට අා විට මං ඔන්න
      ඒල්ලෙන්නට හොඳයිද ඔයවගෙ දේවලට

      පෙම් සමයේ මෙන් අාදර බස් තෙපලීම
      නිතැතින් සිදුවේ කෙරුවොත් හොඳ සැලකීම
      අද කාලේ බිරිඳ කියන වචනෙ තේරුම
      දන්නැත්තන් කියවන්නකො සිරිත් මල්දම

      Delete
    3. තෙලිදිය වාඩියේ අදහස හැබෑ තමයි
      අඹු සැමි කාට කාටත් යුතුකමක් තියෙයි
      යුතුකම් ඉටු වුනොත් හැමදා සතුට තියෙයි
      කූරුටු පවුරෙ අපි කාගෙත් පැතුම එයයි

      ඉස්තූතියි තෙලිදිය වාඩිය

      Delete
  22. ඔපීසියෙ වැඩ ගෙදරත් ගෙදර වැඩ ඔපීසියටත් ගේන්න එපා කියන එක තමයි මට ලැබුන පලවෙනි උපදෙස.
    අපේ හාමිනේ නං කෑගහන්නෙ කොච්චරවත් ෆෝන් එකෙන් බුකිගත වෙනව කියල.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ mr.රාජ් මගේ කවියෙන්ද?
      පව් නේ? හාමිනේ.....

      Delete
  23. හස්බන්ඩයි වයිෆුයි දෙන්නම රස්සාවල් කරනකොට ඔය දෙබස සෑහෙන්න වෙනස් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් Dude,, වෙන්න පුලුවන්........

      Delete
  24. දවසින් දවස වාණිජ අරමුණු එක්ක තරඟෙට දුවන ලෝකෙක කසාද බැඳලා දරුවෝ හැදුවයින් පස්සේ පිරිමියෙකුට ගෑනු හුරතල් කරලා විතරක් වැඩක් වෙන්නේ නැහැ. මහන්සි වෙලා මුදල් ඉපැයුවේ නැති උනොත් පසු කාලීනව දරුවන්ගෙන් සහ ගෑනුන්ගෙන් කියන දෙකොට්ටාශයෙන්ම දොස් අහන්න වෙන්නේ ගෙදර පිරිමියටම තමයි පුළුවන් කාලේ මුදල් උපයල එයාලගේ ජීවිත සුඛිත මුදිත කරේ නැහැ කියල.. එතැනදී ගෑනු කියන්නේ නැහැ " අනේ ඔයා පැය අටේ රස්සාවට අමතරව කිසිම දෙයක් නොකර මාව හුරතල් කරා නේ ද " කියල... ගැහැනියගේ පැත්තෙන් මේ කවි ටික සර්වසාදාරනයි... එත් ඇට නැති දිව ගැන විශ්වාසය තැබීම බොහොම අන්වුඅන වැඩක්..හැක් ..හැක් .. ඉසුරිකා මා එක්ක තරහ වෙයිද මන්දා ..

    ReplyDelete
  25. අම්බලන්ගොඩ කතාව වැරදි නෑ.....
    ඒත් ඉතින් කාර්යබහුල ජීවිතේ හැඟීම්වලටත් පොඩි හරි ඉඩක් දීම අත්‍යවස්යයි කියල අම්බලන්ගොඩ කතාට හිතෙන්නෙ නැද්ද??
    මටත් ඔය කියන ජීවිතේ ගැන තාම හරියට තක්සේරුවක් කරන්න සුදුසුකම් නෑ.
    අන්තර්සම්බන්ධතාව ආරක්සා වෙන්න පොඩි ආදර වචනයක් වුනත් ඇති කියලයි මට නම් හිතෙන්නෙ.ඒක ඔයි හැටි අමාරුවක්යැ.........නේ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කාර්යනහුල ජීවිතය ඇතුලේ හන්ගීම් වලට ඉඩක් තියෙන්න ඕනෙමයි...ඒත් අන්තර්සම්බන්ධතාව ආරක්සා වෙන්න පොඩි ආදර වචනයක් වුනත් ඇති උනාට බහුතරයක් ගැහැණු ඔය වචනෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ නෙවැ .. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ..

      Delete
  26. හැහ් හැක්
    ඉසුරිකා නගා ලිව්වොත් ඉතිං සුපිරිම එකක් තමයි..
    අර යෝදයන්ගේ එව්වට වැඩිය මෙව්වා කොච්චර වටිනවද?

    (මේ ඔය සීන්එකේ සැමියා- තුෂාර, බිරිඳ- කාන්චනා නේද)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ....................

      උඹ මේ තරම් පොරක් කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ...... අැත්තට ම මං අැයි උඹ උඹේ ඉංගිරිසි නම භාවිතා කරන්නැත්තේ....... අැයි වෙල් විදානේ කියලා විතරක් භාවිතා කරන්නේ...... අර නම හොදයිනේ...???

      Delete
    2. ගොඩක් ඉස්තූතියි විදානෙ අයියෙ....

      Delete
  27. බදින්නම ඕනේ නැහැ යාළුවෙලා ඉන්න කෙල්ල එන්න කිව්වාම යන්න බැරි වුනොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ හිටං.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි මනොජ්

      Delete
  28. http://mamaiarui.blogspot.com/2015/11/blog-post.html

    ගිහින් බලන්න එල ද බ්‍රා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...