Thursday, November 26, 2015

වනේ සරණා අපිට කවුරු සරණක් වේවි ..........



වෑහෙනවා මහතුනේ අාදරේ හිත් අගින්
කැකෑරෙයි හද පතුලේ දරු සෙනෙහෙ දළුලමින්
නොමිනිසුන් නොවේ අප හිගා කෑවත් නුඹෙන්
මිනිස් ගති තේරෙනවා ඉදින් තරහා නොවෙන්

වෑස්සෙන කිරි කදුළු මුගේ කුස පුරවාවි
බඩ බැදන් කිරි කැටිය රැකවරණයත් දේවි
ඒත් කිරි උණන්නට කුසට අහරක් නේවි
වනේ සරණා අපිට කවුරු සරණක් වේවි

පුතේ දවසක නුඹට හැකිවේවි අැවිදින්න
අතුපතර හිත් විලස පැද්දෙමින් පියඹන්න
මේ මවට හැක තෙක් නුඹේ පණ රැකදෙන්න
පුතේ දහිරිය ගන්න.... වැරෙන් අල්ලාගන්න.................


තුෂාර විතාරණ

69 comments:

  1. ලස්සන සංකල්පනාවක්. කැළෑ එලි පෙහෙලි කරනකොට මේ වගේ සත්තු නම් මිනිස්සු ඉන්න තැන් වලට ඇවිත් හරි කෑම බීම හොයාගන්නවා. ඒත් එහෙම නොයෙන සත්තු කොයි තරම් අසරණ වෙනවද?

    //අතුපතර හිත් විලස පැද්දෙමින් පියඹන්න// මට නම් මේකෙ පියඹන්න කියන පදේ ගැලපීම මදි වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සද...............

      අැත්තට ම මේ //පැද්දෙමින් පියඹන්න// කියන පදේ දැම්මේ ලොකු සත්තු ගස් අතු අතර යන්නේ හරියට පියාඹනවා වගේ ....... ඒ නිසයි ඒ විදිහට ලියුවේ......

      Delete
  2. හරිම සංවේදී පබැඳුමක්

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට ලිංතොට මලයෝ . මගේ පොල්ල උඩට.. උඹගේ පොල්ල යටට. හැක් හොදා හොදා..

      Delete
    2. ඉයන්................

      යකෝ ඊයේ රූපේ නෙමෙයි අද....

      දේශා............ ඉයන් දේශකයාටත් වඩා වයසට ගිහින් ඒකයි ඒ...

      Delete
    3. @ දේශකයා,
      උඹේ පොල්ලත් හෙටානිද්දම පහලට වැටෙයි. හැක්.

      Delete
    4. ඔය අහගත්තේ මදි නොකියන්න......................

      Delete
  3. එල ද බ්‍රා මචං..
    අම්මගේ ආදරය ...නිර්වචනය කල නොහැකියි..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ.....................

      මේ සතියේ ගියා දුන්හිද බලන්න..... යන අතරේ මේ විදිහ පැටවු බඩබැදගත්තු අය කීපයක් ම හිටියා....... මිනිස්සු දිහා බලාන ඉන්නවා කන්න මොනවා හරි දෙනකල්....... ඒ දැනුණ දුකටයි මේ රූපය අරං අාවේ කවියක් ලියන්න........

      Delete
  4. නියමයි.
    හැබැයි මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න එක තමයි අමාරුම වැඩේ.
    ඔය සත්තුංගෙන් කරදරයි කියල පංසල්වල ඉන්න එවුන්ටත් පහුගිය කාලෙ ගේම් දුන්නයි කියල අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා................

      නුවර පැත්තෙත් ඔය ගැටලුව අාවා...... සත්තු මරලා තිබිලා ඔය ගැන සාකච්ඡාවක් අැති වුණා..... මිනිස්සු හැටියට අපිට කරදරයි තමයි.... ඒත් ඒ සතාගේ පැත්තෙන් බැලුවා ම මේක මාර දුක් කතාවක් ප්‍රසා අයියා.........

      Delete
  5. ඒයි මන්කි කිංඩම් එකේ කෑල්ලක්ද මේ

    ReplyDelete
    Replies
    1. හිටපු කෑල්ලක්............... දැන් කෑලි දෙකක්නේ බොල...

      Delete
  6. ඉතිහාසයේ දිනක අපට වැරදුන බැවින
    ඒ පවුකදම අප කරතබාගෙන යන ගමන
    අපි එක්ක එදා සිටි නෑ සියන් දෙස බලව
    කද බඩ දිග ඇරල උන් පැමිනි දුර ගමන

    දෙපා විතරක් ඇතිය පොලවෙ පය තබන්නට
    එබස් ඇසු අප එදා උන් ගතිමු සරදමට
    උන් ගන්න වෙහෙස දැක දරු වදන්නට
    ඒ දවසෙ අප අතර උන් ලක්වුනා සිනහවට

    අපේ සරදම් උන් ගත්තෙ නෑ ගනනකට
    උන් ඔජ වැඩුවෙ පිළිමල් මහපට ඇගිල්ලට
    සොබා දහමට මෙසේ එරෙහි වූ අකීකරුකමට
    කැතම කැත ඔලුවක් උන්ට හිමි උනා දඩුවමට

    අපේ දිග අත් පා කැලය වෙත සෙනෙහෙ බැද
    අන්තිමට මයිල්වත් නැති එකා රජෙක් විය
    නියද නැති දතුත් නැති ඌ මෙලෝ රහක් නැත
    ඒත් පුත එහෙව් උන් අද ඉන්න හැටි බලව

    බලන් පුත මෙය අපට හොඳ පාඩමකි
    ලැග්ග තැන ලගින්නට ගිහොත් එය විනාසෙකි
    අලුත් දේ අලුත් ඇසකින් දුටු උන්ම ජයගනිති
    මේ ගමන නුඹ හැර යන්න වෙන කෙනෙක් නැති.

    ReplyDelete
    Replies
    1. නියම නිර්මාණයක්නේ මධ්‍යස්ථ.................

      කියලා තියෙන කතාවනං අැත්ත.... ඒ වගේ ම ඒ රජවුණ සතාගෙන් මේ සත්තුන්ට තියෙන කරදරයත් බලන්න ඒපැයි නේද????

      Delete
  7. පුතේ දවසක නුඹට හැකිවේවි අැවිදින්න
    අතුපතර හිත් විලස පැද්දෙමින් පියඹන්න
    මේ මවට හැක එතෙක් නුඹේ පණ රැකදෙන්න
    පුතේ දහිරිය ගන්න.... වැරෙන් අල්ලාගන්න.................

    මැක්සා මචන් මේ ටිකෙන්ම ලොකු අරුතක් කියවෙනවා
    ජයවේවා තුෂාරයෝ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ................... ස්තූතියි

      Delete
  8. හරිම ලස්සනයි.. කියන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නිර්මාණය සාර්ථකයි.... ස්තූතියි.....

      කොහොමත් අපිට නිර්මාණයක සාර්ථකත්වය මනින්න තියෙන්නේ මේ කමෙන්ටු තමා...... ස්තූතියි

      Delete
    2. හදවතේ නවාතැන??? ඒ මොකාද බොල?
      නිදහසේ නවාතැනගේ ලොකු නංගිද?

      Delete
    3. අම්මපා................ මේ වචනත් මාරු වෙනවාද කොහොදෝ අර ඉයන්ගේ රූප වගේ.....

      Delete
    4. හෙ හෙ.. මේකනෙ ලොකු අයියා.

      හදාවතේ නවාතැන කියලා තමයි බ්ලොග් එක පටන් ගන්න හැදුවෙ. ඒ නිසා ඊමේල් එක හැදුවෙ ඒ නමට.
      ඊටපස්සෙ දැනගත්තෙ හදවතේ නවාතැන කියලා බ්ලොග් එකක් තියෙනව කියලා. පාසෙ බොල්ග් එකේ නම වෙනස් කලා. මේල් එක තාම ඒ විදියමයි. දෙන්නම එක්කෙනා ම තමා.

      Delete
    5. අා.................. ඔය තියෙන්නේ.............

      හදවතේ නවාතැන කියලා 2011 පෝස්ටු 03 ක් විතරක් ලියපු ශනුකි කියලා කෙනෙක්ගේ බ්ලොගයක් තියෙනවා තමා..

      Delete
    6. ශනුකි නම් නෙමෙයි මං. ඒ නමින් බ්ලොග් එකක් තිබුන නිසා දාපු නම වෙනස් කරා. ඉතින් අන්න එහෙමලු වුනා කියන්නෙ. කෝ මේ ඉවාන් ලොකු අයියා..

      Delete
    7. ඉවාන් ද ???? නෝනට කඩේ ගිහිල්ලා...................

      Delete
    8. හි හි ඔව් ඔව් තුශාර.. ඒවා යුතුකම්...

      Delete
    9. යුතුකම් විදිහට නෙමෙයි ඒක කරන්න වෙලා තියෙන්නේ වගකීමක් හැටියට.......

      Delete
  9. මටත් මතක් උනේ මන්කි කින්ඩම්. ලස්සනයි කුරුට්ටො.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබරේ...................

      මේලට පිළිතුරු ඒවා අැත.....

      Delete
  10. වන සංහාරයේ අතුරු පල ...සතුන්ට ජිවත් වෙන්න තැනක් නැති වෙන්න ...නියමයි කුරුට්ටෝ ..

    ගගන සරනා සියොතුනේ
    සොයා තුරු සෙවනක්
    බලන් මිනිසුන් වැලපෙනා බිම
    පතා දිය කඳුළක්
    ගගන සරනා මිනිසුනේ
    පතා සුව දසුනක්
    බලන් සියොතුන් වැලපෙනා බිම
    සොයා තුරු සෙවනක්

    ගතින් සියොළඟ වසා සිහිලස දී
    නිවා කුස ගිනි නැවුම් රස පළ දී
    මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී
    මිනිසුනේ ඒ වන අරණ
    ඔබ නමින් දිවි පිදුවේ

    නැගෙයි කුස ගිනි පුරන් වූ කුඹුරින්
    ගලයි ලෝ දිය බිඳුණු වැව් බැම්මෙන්
    හඬන්නටවත් තෙතක් නැති දෑසින්
    මිනිසුනේ මේ බලන් මිහිතල
    හැර ගියා දෙවියන්

    ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය : සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ..................

      හැමදාම වගේ සුපිරිම සුපිරි ගීතයක් ගෙනාවාට....

      Delete
  11. කොලඹ නගරය අවට ඉතිරිවී ඇති විශාලතම වන සතෙක් වඳුරා (පින්තූරයෙනම් රිලව් ) . උන්ගේ ඒ survival හැකියාව අගය කරන නිසාම ( සහ උන් බොහෝවිට එක්වර මියයන්නේ නැතුව වද විඳින නිසා ) උන්ගෙන් කොයිතරම් කරදරයක් වුනත් මං වායු රයිෆල් ඇති යාලුවන්ව අධර්යමත්කරනව උන්ට වෙඩි තියන එකෙන්. ලඟදිත් යාලුවෙක්ට හා ඔහුගේ බිරිඳට කිව්ව.

    ReplyDelete
    Replies
    1. ප්‍රා..................

      අපි කරන්නේ සතාගේ පැත්ත ගැන නොහිතා අපේ පැත්ත ගැන විතරක් හිතන ඒකයි.... අැත්තට ම හරිම අහිංසක සතෙක්...... අපි අලිමිනිස් ගැටුමට උත්තර හොයන්න දගලනවා... අැයි අපිට මේ සත්තු ගැනත් ඒ විදිහට හිතන්න බැරි.....

      Delete
  12. ශික් මේකට ඉතිං නියමයි කියන්න එපැයි. කොරන්න් දෙයක් නෑ තුශාරයා ලිව්වට ....:P

    ReplyDelete
    Replies
    1. අා.............................. උඹේ කටෙන් කියැවුණ ඒකනං ලොකු දෙයක්.....

      Delete
  13. ලස්සන සිතුවිල්ලක් ලස්සනට පද බැඳලා..... අනගියි .. සුබ පතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි...............

      අැත්තට ම දැකපු දර්ශනයක් නිසා හිතට දැණුනු දුකට කවියක් ලියන්නම හිත කිව්වා..... ඒක අන්තිමට මේ විදිහ නිර්මාණයක් වුණා.....

      Delete
  14. Replies
    1. ස්තූතියි.................. ලොක්කෝ.......

      Delete
  15. නොබා පෙරටෙන්න
    හැකිය ලොව ජයගන්න
    ලස්සනයි.

    ReplyDelete
  16. ඉතින් අපි කෙළවමු!!
    මිනිසුන් විතරක් වෙනුවෙන්!!
    මිනිසුන් අතුරිනුත් මං වෙනුවෙන් විතරක්..
    අනිත් හැමදේම වනසමු!!

    ReplyDelete
  17. මුන් හිඟාකන්න පුරුදු වෙන්න ඇත්තේ මිනිස් හිඟන්නන්ගෙන්ම වෙන්ටැති...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා................ මේ අහිංසක සත්තු දැන් හිගන්නෝ ගානට වැටිලා ඉන්නේ... අැත්තට ම අත දික්කරලා කෑම ඉල්ලද්දි පව් කියලා හිතෙනවා... දරු පැටියෙකුත් බඩේ බැදගෙන...

      Delete
  18. ...//ඒත් කිරි උණන්නට කුසට අහරක් නේවි
    වනේ සරණා අපිට කවුරු සරණක් වේවි//....

    මේ අසරණ සතුන් දිහා සංවේදිව බලන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් තුෂාර.

    සිතුල්පව්වේ ඉන්න රිලව්නම් ගරිල්ලා ගෙම් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දඹුල්ලෙත් ඒහෙම නේද???? මට මතකයි පොඩි කාලේ කකා හිටපු ඒක අරන් ගියා........... අම්මා කිව්වා හොද වෙලාට ඒක අරං ගියේ ඔයාව අරං යන්නැතුව කියලා..... හැක්

      Delete
    2. හපොයි නිකම් හරි තුශාරව අරන් ගියා නම්.. තුශාරත් ඉදියි ගහක් උඩට වෙලා ගරිල්ල ගේම් දෙන්න බලාගෙන

      Delete
    3. නෑ නෑ මාව ගෙනිච්චානම් මාව කාලා උෟට පිස්සු හැදෙනවා..

      Delete
  19. මාර ලස්සනනයි මචං..
    උඹ කවියක් ලිව්වොත් නං නියමම තමයි..

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. මොකා................... මේ මොකාටද ඒන්න හදන්නේ....?????

      Delete
    2. සපත්තු දෙක දාගෙන ඔය පැත්තෙ එන්න හදන්නෙ.

      Delete
    3. හත්තිලව්වයි.............. දැන් මගෙ කවිත් හොදයි කියනවා..... ප්‍රසා අයියේ බේරගනියෝ...............

      Delete
    4. විදානයට අඩු නැට්ට විතරයිනේ බං.

      Delete
  20. Replies
    1. ස්තූතියි අජිත් අයියා......................

      මේල් අප්ඩේට් දිගට ම ඒවා අැත......

      Delete
  21. කියන්න වචන නෑ හරිම සංවේදී කුරැටු

    ReplyDelete
    Replies
    1. ශානු...........................

      මගේ පුංචි කැමරාවේ සටහන් කරගත්තේ හිතට දැණුන දුක නිසාමයි.... කවියක් ලියලා ඒ දුක අඩු කරගත්තා....

      Delete
  22. කවි සංකල්පනාව බොහොම ඉහලයි.

    හැබැයි මේ දවස්වල මෙයාලා අපේ පැත්තම වනසනවා ගෙවතුවලට පැනලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාමාමේ................

      මේ ගැටලුව බොහෝ පැතිවල තියෙනවා... ඒකෙන් මිනිස්සු විතරක් නෙමෙයි මේ සත්තුත් බොහොම කරදරවලට ලක් වෙනවා.. අැත්තට ම රිලවුන්ගෙන් කරදර වෙන පැති වල මිනිස්සුන්ට මේ සත්තු පේන්න බැහැ..... ඒත් අපි මේ කවියෙන් උත්සහ කරේ උන්ගේ දුක් ගැනත් මිනිස්සු ටිකක් සංවේදී කරන්නයි..... තරහා ටිකක් හරි අඩුවුණා නේද විචාමාමේ...

      Delete
  23. Replies
    1. ස්තූතියි සාරිකා.....................

      Delete
  24. Very sympathetic. මං අහලා තියෙනවා වෙඩි වැදුනම තුවාලෙ අතගාලා ලේ පෙන්නනවා කියලා. මුතුන් මිත්තො කියලා නෑ අපි උන්දැලටත් තියල දානවනෙ.

    අනික් අතට සංඛපාලෙ ගිහිං බලපංකො. දැන් මං පහරන සෙට් ඒකක් ඉන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...