Tuesday, November 3, 2015

දීපං යකෝ......!!!




දිනක් දේශපාලකයකු හොරෙකුට හසුවෙයි. ඌ පිස්තෝලය උරුක් කරගෙන සිටින්නේ මොහු මැති සබේ උත්තමයකු බව නොදැනය.

හොරා : දීපං යකෝ උඹ ළඟ තියනා සල්ලී
දේශපාලක : දෙන්න සල්ලි මා ළඟ දැන් නෑ මල්ලී

හොරා : ඒත් උඹේ පෙනුම වෙයිනෙ මහමෙරක
දේශපාලක : ඒත් අනේ මා වෙමි හරි අහිංසක

හොරා : දුප්පත් කමක් උඹ අහලක නැති ගානයි
දේශපාලක : ඒක ඉතිං අපි කළ පිං මහිම තමයි

හොරා : ලොව කා වතුර බිව් පෙනුමක් ඇත උඹට
දේශපාලක : එහෙම නැතුව බෑ මේ රට කරන්නට

හොරා : මොකක් බොලං උඹ දැන් කිව් ඒ හරුපේ
දේශපාලක: ඇයිද යකෝ උඹ නොදනිද මගේ රූපේ

හොරා : මට මොකටද උඹෙ පිංබත් මැටි රූපේ
දේශපාලක : එහෙම කියනු නරකයි වදිනව සාපේ

හොරා : හා හා කියමු උඹෙ ජොබ් එක නොයා වටේ
දේශපාලක : මා වෙමි උතුම් පාලකයකු අපේ රටේ

හොරා : අම්මට හුඩු එහෙනම් මට හොර සල්ලී
             ඉල්ලනු අවැසි නැත උඹගෙන් දැන් මල්ලී
             මෙතුවක් කලක් හොරා කාල යැව් පිල්ලී
             දීපං යකෝ උඹලා ගත් මගෙ සල්ලී


අසංක ගයාන් අබේසිංහ

59 comments:

  1. එල ද බ්‍රා මචං
    හොරකමක් නෙමෙයි දේශපාලකයා මුගෙන් හොරකමෙන් ගත්ත සල්ලි ආපහු ඉල්ලන්නේ

    ReplyDelete
    Replies
    1. ලොකුම හොරා මොකාද කියල හිතපංකෝ ඉතිං...

      Delete
  2. පලා බබාලා
    නීල කාසලා
    රතු මල්ලිලා
    හොරු ඔක්කමලා.

    ReplyDelete
    Replies
    1. අද ලංකාවේ දේශපාලනේ එපා වෙලා බං...

      Delete
  3. ...//දීපං යකෝ උඹලා ගත් මගෙ සල්ලී//.....

    පිස්සුද එහෙම දෙන්න පලුලුවන්ද අපි දුක් මහන්සියෙන් හොරකම් කරපු මහජන දේපල මිලමුදල්........

    මොකද උඹ මගේ බිලොග පැත්තේ ඇවිල්ලම නැත්තේ..

    (මම හිතුවේ උඹ කැම්පස් ලමයින්ට ගහපු එක ගැන පොඩි පෝස්ට් එකක් දායි කියලා.ඒ සිද්දිය උඹට දැනිලා තිබුන බව පෙනුනා)

    ReplyDelete
    Replies
    1. උඹ අර හූනියම කපල ඉවරද?

      Delete
    2. නුලටම ඉවරයි මචං....
      කුරුටුටත් වශියක් කරගන්න ඕන කියලා කීවා...තවම අත්තිකාරම් මුදලක් ගෙව්වේ නැ..

      Delete
    3. හිටපං අපි එන්නම් ඒ පැත්තේ...හැමදාම මේ වෙන අසික්කිත දේවල් ගැන කතා කරලම පෝස්ට් කිරිල්ලත් එපා වෙනව බං...

      Delete
    4. කුරැටු
      මනෝගේ එකට යන්නම ඔනේ මතක අතුව මගේ කමෙන්ටුවටත් රිප්ලයි එකක් දාලා වරෙන්

      Delete
    5. යනවා මචෝ යනවා අනිවාර්යයෙන්ම...උඹේ කොමෙන්ට්ස් වලටත් ඉතිං රිප්ලයි නොදා කොහොමද (මෙලෝ රහක් නැති කොමෙන්ට්ස් දැම්මට උඹ ඉතිං අපේ එකානෙ...)

      Delete
    6. මෙන්ඩෝ.................

      උඹ ලියපු දේවල් වලට කමෙන්ටු කරන්න විදිහක් නැහැ.. මොකද මනෝටත් වැඩිය කමෙන්ටු දාලා තියෙන්නේ උඹනේ......

      තුෂාර

      Delete
  4. එහෙම දෙන්නෙ කොහොමද මල්ලී
    උඹලම තමයි අපිව ඒ තත්වෙට පත්කලේ මල්ලී
    ඡන්දෙ දුන්නෙ හොරකං කරන්න නේද මල්ලී
    දැං එහෙනං කට වහගං හොර මල්ලී

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කීවට ප්‍රසන්
      හොරකම අද හැම තැනට උඩින්
      ඉතිං අපි කට වහන්
      ඉන්නේ කොහොමද හා කියන්

      Delete
  5. ආ.... අසංක කොල්ලා....
    හරි හරි හරි දැං ඉතිං මංකොල්ල කාලවත් ජීවත් වෙයන්කෝ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැක හැක අන්න හරි චාමර

      Delete
    2. තෝව තමා ඉතිං ඉස්සෙල්ලම බාවන්න එන්නේ...ඊළඟට ඉවානයව...හැක්...හැක්...

      Delete
  6. හුහ් හිටපං දෙන්න. බොගෙ සල්ලි කොහෙද යකෝ? මේව අපේ පිනට ලැබුනු වස්තුව. උඹලටත් ඕනෙනම් අපේ ෆීල්ඩ් එකට වරෙල්ලා.

    අසංකයෝ. තුශාරය මොනවහරි කිව්වද? මේකෙනම් වැඩේ හරි. කිව්වෙ නැත්තං උගෙන්ම අහගං.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඒ වැඩේ...මේකා මට තාම කිව්වේ නෑනේ...ඕං බලපං අපේම නෑයොන්ගෙ හැටි...

      Delete
    2. කසුනෝ කියන්නේ කොහෙද බං.......

      අසංක අයියා තාම බ්ලොග් කියවන්න හැකි තත්වයක ඉන්නවා කියලා දැනගත්තෙත් දැන් බං....

      Delete
    3. කියන්න බැරි වුණානේ මම තුෂාර

      Delete
  7. ඔය හුඟක් එවුන් මසටවත් විකුනන්න පුළුවන් වුනා නම් හොඳ ගානක් හොයාගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඌරු මස් වලටත් වඩා තෙල් කෑලි තියෙයි මයෙ හිතේ...

      Delete
  8. පිං ඇති උත්තමයෝන්ට අපහාස නොකරන් ..

    අසංකයා දැක්ක කල්, දැන් සනීපද . ;)

    ReplyDelete
    Replies
    1. හපෝයි...දණිස්සෙ අමාරුව තාම එහෙමමයි බං...

      Delete
  9. නවතිල්ලේ හිතල බැලුවාම ඒකත් ඇත්ත තමා.. උන්ගාව තියෙන්නේ අපේ සල්ලි නේන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ හෙණ ඔක්කොම අපිට...අපේ සල්ලි වලින් අපිවම හූරගෙන කනව...

      Delete
  10. දවසක් අපි හතර දෙනෙක් අපේ ටියුෂන් සර් කෙනෙකුගෙන් කාර් එකේ රෝදයක් ඉල්ලුව.

    ReplyDelete
    Replies
    1. දැන් උන්ගෙන් නම් කාර් එකයි ගේයි ඉඩමයි ඉල්ලුවත් පාඩු නෑ...

      Delete
  11. Replies
    1. මොනාද අනේ මේ.. හොරාගේ රහස් භෂාවද

      Delete
    2. නැ නැ මේක රහස් භාෂාවක් නෙවෙයි...
      බැබුන්ලා කතා කරන්නේ ඔහොමයි...මේක බැබුන් දෙදෙනෙකුගේ කතාවක්...

      Delete
    3. අර පස්ස රතු එවුන්ද මේ...???

      Delete
    4. මම සත්තු වත්තේ කූඩු වලට කෑම දානකොට මුන් දෙන්නම හිටියා

      Delete
    5. ඔවුවො දෙන්න ගුලි කාල.

      Delete
    6. වෙල් විදානෙයි, හරුප දේශකයිද????

      තුෂාර

      Delete
  12. හොරා අලුගසා දාල කවදා හරි නැගිට්ටොත් ! උතුමානන් වහන්සේලා දවල් තරු දකීවි. නස්පැත්තිය වෙලා තියෙන්නෙ කොච්චර හොඳ හොරකු වුනත් උතුමාණන්ලගේ බිලි කොකු ගිලින එකනේ.

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම කරන්නේ ලණු ගිලින එක තමයි සාරිකා...

      Delete
  13. හී හී හී ඒකනම් ඇත්ත කුරුට්ටෝ

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං...උඹ තමයි හොරා කියන එකද...හැක්...හැක්...

      Delete
  14. හි..හි... අසංකගේ කවි ටිකක් කාලේකින්...

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ...මං මේ ටිකක් බලාගෙන හිටියා වෙන දේවල් දිහා...

      Delete
  15. Replies
    1. ස්තුතියි ඉන්දරේ...

      Delete
  16. පට්ට....... සුපිරි...........

    ReplyDelete
    Replies
    1. අවංකවම ස්තුතියි...

      Delete
  17. නියමයි..
    ඒත් ඉතින් ඔය අමාරුවෙන් හොරක්න් කරගත්ත මහජන මුදල් ඉල්ලන්න පව් අප්පා සර්ව සදාරණ මිනිස්සු නෙ ඒ උත්තමයො

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇඬෙනවා ඒ සාධාරණ වැඩ දැක්කම...

      Delete
  18. හොරෙන් කෑව කියන්නෙ ඔය මොන බොරුද
    රටෙන් අහල බලපං උඹ දන්නැද්ද
    පස්ස විපස්සේ හා පොලෝසිය ඒක්ක
    පෙන්න පෙන්න කෑවේ මං හා නැද්ද

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ඊළඟ අවුල...මොන වැරැද්දක් කළත් ඒකට වගකිවයුතු එකෙක්වත් අල්ලගන්න බෑ...හැම එකාම එකිනෙකාට සම්බන්ධයි...හොරාගෙ ඉඳන් හොරු අල්ලන්න ඉන්න එවුන් දක්වා...ඉතිං අපේ රටට සම්මා සම්බුදු සරණයි...

      Delete
  19. අහලා තියෙන කතාවක් උනත් මෙහෙම ඇහුවම තවත් එළ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ල තවත් රසවත්...ස්තුතියි මචං...

      Delete
  20. බොල් ණයට කපහං.. බොල් ණයට කපහං.... ඔය පොඩි මිනිහෙක් ගෙන් පාඩුව පියවගමු.
    ජයවේවා..!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...