Saturday, March 7, 2015

ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නෑ පුතේ .............



හිනා වෙන වත වහං කරනවා වේදනාවන් බෝමයක්
අැල කරං ඔය මූණ කියනවා දරා ගන්නට බැරි දෙයක්
ගතේ වැරහැලි හිතේ දුක් ගිනි කුසේ ගින්දර මහ ගොඩක්
පුතේ ඔය නෙත පුංචි කරලා කියනවාදෝ මට කුමක්

කොහෙන් අහුලා ගත් දෙයක් දෝ දරාගෙන ඔය කිහිල්ලේ
වතුර බෝතල් වන උන්මයි ගිනි ගැහුවෙ උඹෙ කැදැල්ලේ
මටත් ගෙවලා මාව වලා අැත්තෙ පෙන්නන්නට බලේ
කොහොම කරමිද මගේ පැටියත් උඹ වගේමයි හුරතලේ 

අාවෙ අැයි දැයි අහයි නම් උඹ කුමක් කියමිද මං පුතේ
උඹේ අම්මා අප්පා මරනට තිබුණේ නෑ තරහක් හිතේ
ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නං නැතේ
මූට අණදෙන මාමලා ගැන කියන්නං දවසක පුතේ

පුංචි අත් පා කන්න මොකවත් අහනවා නම් මං වෙතිං
කුසේ අැතිවත් අරං දෙන්නම් නිවන්නට කුස ගිනි උඹෙං
ඒත් උඹගේ හෙට දවස ගැන අහයි නම් දැනෙනා සැකෙං
කියන්නට දේ බොහෝමැයි මට නොතේරේ අරඹනු කොහෙං ..............


තුෂාර විතාරණ


.

56 comments:

  1. පට්ට....ඕන් මං එකලු...

    ReplyDelete
    Replies
    1. ඒක හරි................... අදනම් ඒක තමයි.............
      ඔය සෙනසුරාදා .... ඉරිදා දවස් වලට පොඩි චාන්ස් ඒකක් කියෙනවා.... ඒ අැයි කියලා කියන්න පුළුවන් ..... ඒත් අපේ අහිංසක බ්ලොග් කාරයෝ ගැන්සිය පව්නේ.............

      Delete
  2. බලන කල මට දයා ගුණයයි පෙනෙන්නේ නුඹෙ නෙත් පුරා
    කරන්නේ නුඹ කුමක්දැයි මට නොතේරේ ඔය අවි දරා
    හදෙහි ඇති තෙත ගන්න හැකි නම් ඔය රුදුරු මකරගෙන් පෙරා
    පියෙකු විලසින් එන්න හැකිවෙද නොබෝ දිනකින් මා කරා....

    ReplyDelete
    Replies
    1. අතේ අවියක් දරා ඉන්නේ පුතුගෙ කුස පුරවන්නටයි
      සටන් අැදුමක් දරා ඉන්නේ උන්ගේ අණ පිළිපැදුමටයි
      හිතේ දාහක් පැතුම් අැත්තේ අවිය නාෙම ඔසවන්නටයි
      තවත් දවසක් ගෙවා ගන්නේ නුඹ දනින්නට ඒන්නටයි

      Delete
    2. චෑම්ස්.......................

      සතුටුයි අායෙත් අපේ බ්ලොග් ලෝකයට අාවාට..... ඒහෙම කිව්වේ කාලෙකින් දැකපු නිසයි.... අැත්තට ම අලුතෙන් සහෘදයන් ඒකතු වෙනකොට සතුටක් දැනුනත් හිටපු බොහොමයක් නොපෙනෙන කොට ලොකු කණගාටුවක් දැනෙනවා..... ඒ නිසා දිගට ම ලියන්න... අපිත් ඒක්ක සංවාද කරන්න කියලා ඉල්ලන්න කැමතියි...........

      Delete
  3. තුශාරයා පට්ට කයියෙක්නේ බලන් ගියාම ..

    බලපම් ඉතිං අර අසංකයා කියන්නෙම බොරුනේ , තුශාරයා උගෙන කවි කොපි කරනවා කියලා .... අම්මේ ඉතිං ඈ

    ReplyDelete
    Replies
    1. //පට්ට කයියෙක්නේ//

      ඔව් බොල ඉවානයෝ.............. කයියා හරියට දැක්කා නම් උඹ දුවනවා

      Delete
    2. හොඳ වැඩේ ඉවානයට...හැක්...හැක්...හෑ...වරෙන් මාත් කයියෙක් පෙන්නන්න උඹට...

      අසංක

      Delete
    3. ඔව් අසංක අයියා.......... මුගේ විසිල් විතරයි කරණම් නෑ..... දැන් බලන්න අාගිය අතක් නෑනේ...... අාවා අපිට සද්දේ දාන්න...... හ්ම්.........

      Delete
    4. හිකිස් .. අඩෝ උඹලා හිතුවද මං බින්කුන්ඩෝ දැකලා නෑ කියලා .... හිකිස්

      Delete
    5. ඉතිං ඒක තමයි බොල කිව්වේ...උඹ කයියව දැක්කනම් දුවනවා කියලා...ඉවානයා ඉතිං බිංකුන්ඩත් බය එකානෙ...හැක්...හැක්...

      අසංක

      Delete
    6. නෑ නෑ ඉවානයා............. උඹ උඹේ බිංකුන්ඩාව දැකලා අැති..... ඒත් මේවා බිංකුන්ඩෝ නෙමෙයි බොල.............. හහ් හහ් හා...............

      Delete
  4. Replies
    1. ඔව් ඉන්ද්‍රජීත්.....................

      මැදපෙරදිග රටවල් බහුතරය යුද්ධය නිසා නොමනා බැට කනවා.. ත්‍රස්තවාදීන් යැයි හදුන්වන කණ්ඩායක් හතු පිපෙන්නා හේ ඒහෙ මතු වෙනවා.... උන් අහිංසක නිරායුධ ජනතාව මරනවා... ඒ මදිවට ඒකට අතදාන බටහිර තෙල් පෙරේත රටවල් ටික තවත් මේ ගින්න අවුලුවනවා.... ක්‍රමයෙන් පාලනය තමන්ගේ අතට ගන්නවා.. තම හමුදාවන් ඒ රටවල් වල තැන තැන ස්ථාපනය කරනවා... අන්තිමට අාණ්ඩුව පවා පෙරළලා තමන්ට අවශ්‍ය පාලනය හදනවා.. ඒත් ජනතාව මේ සියල්ල වෙනතුරු අපා දුක් විද විද බලාන ඉන්නවා... දරුවන්............................ අනේ මන්දා..

      Delete
  5. ප්‍රභාකරන්ගේ පොඩි එකා මතක් උනා....

    ReplyDelete
    Replies
    1. අැයි උෟ බෝතල් පත්තර ඒකතු කරාද??????

      Delete
    2. අපෙත් එකෙක් ඉන්නවා මාතලන් වගේමයි. මුලින්ම මතක් වෙන්නේ ප්‍රභාගේ පුතාව.
      අපි කවුරුහරි බලෙන් මතක් කළත් මෙන්න මේ පහළ ලින්ක් එකේ ඉන්න ජාතියේ පොඩි එව්වන්ව මතක් වෙන්නේ තියා ගණන් ගන්නෙවත් නැහැ.
      පෝස්ට් එකේ ෆොටෝ බලන්න වෙනම ලින්ක් එකකුත් තිබේ.

      http://hisahasa.blogspot.com/2011/10/blog-post_24.html

      Delete
  6. මූ අද අර එළිසමයද මොකද්ද එකත් රැකලනේ.ශුවර් එකට බාගයක් අමුවෙන් ගහල ඉන්නකොට තමා ලියල ඇත්තේ.
    පිස්සු වගේ තුශාරයෝ.උඹ මාරයිනේ.සිරාම සිරා අද.කවුරු මොනව කිවුවත් ලෝකේ කොහේ සිද්දවුනත් යුද්ධය කියන දෙයින් වැඩියෙන්ම අසාධාරනයක් වෙන්නේ පොඩි එවුන්ට.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. අඩේ කසුට්ටා........................

      මේක ලිව්වේ අමුවෙන්මයි..... අනුමත වුණානම් ඉතින් අකුරෙන් අකුරට ඒළිසමය රකිනවා ෂුවර්........

      Delete
  7. පට්ටයි කුරුට්ටෝ ..කියන්න දෙයක් හිතට එන්නේ නැ මචෝ .

    " යුධ බිම ඔබ සටන් කරනා විට නොපැකිල
    මට ද විය සටනක් රුදුරු බියකරු කුරිරු සටනක්
    අනාතව අසරණව අතරමංවී යුධ බිම
    වැටී හුන් දරුවෙකුට මම ලැගුම් දුන්නෙමි
    තනිවී දුරු කතර වැටී හඬනා බිම..
    බැටළු පැටවෙකු ගෙන යන ලෙසින් කරපින්නා "

    ගායනය - මානෙල් ජයසේන

    ++++++++++++++++++++++++++++++++++++++++
    මා තොටින් එන උතුරු හුළඟේ
    ගිණි සිඹින මඩු පල්ලියේ
    දෑස් අග මුතු කඳුලු හංගන
    සරෝජා මගෙ දෝණියේ
    වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
    මක් කරන්නනද පැංචියේ
    ගුරුතුමී මා සිසුවියයි නුඹ
    ඒත් අපි එක පංතියේ...

    කරවටේ අත දමා හිනැහුනු
    කෝ නුඹේ පොඩි යාළුවන්
    දයාවක් නැති ලෝකයක් දැක
    උන් ගිහින් පැන මායිමෙන්
    තාත්තා හීනෙන් ඇවිත් අත වනන
    තුරු කඳවුරු දොරින්
    කාටවත් නැති දුවේ කවුරුන්
    නුඹ රකීවිද සෙනෙහසින්...

    මන්දිරේ දොර නුඹව කැඳවයි
    බේබිලා හඬනා හඬින්
    මායිමේ වැට හඬගසයි හෙට
    අවි දරා රකිනා ලෙසින්
    දමා ගොදුරට කෙලෙස යන්නද
    ඒත් යන්නට වෙයි ඉතිං
    වරක් දැක සිත නිවාගන්නට
    දුවේ ඩින්ගක් හිනැහියන්...

    ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

    ReplyDelete
    Replies
    1. සින්දුවෝ....................

      යුද්ධය විසින් දරුවන්ගේ ජීවිත විනාශ කරනා අාකාරය මෙම ගීතය මනාවට විස්තර කරනවා..... පාසල හැර අාපසු ඒන ගුරුවරියකගේ සිතිවිල්ලක් මේ ගීතය.... අැත්තට ම අධ්‍යාපනයක් හරිහැටි දෙන්නවත් විදිහක් නැහැ.... දුන්නත් වැඩක් ගන්න ඔවුන්ට තේරුමකුත් නැහැ.. අැත්තට ම ඒ පරිසරයට අධ්‍යාපනයෙන් කරන්නට පුළුවන් දෙයකුත් නැහැ... ඒ ප්‍රදේශයටම අනුරූප වුණ යුධමය පරිසරයක් යුද්ධය විසින් නිර්මාණය කරලා ජීවිත සියල්ල ඒ දෙසට යොමු කරනවා...... ඒක යුද්ධයේ හැටි...........

      Delete
  8. මාතොටින් ආ උතුරු හුලඟ තමා මතක් වෙන්නෙ. සින්දුවා ඔය දාලා තියෙන්නෙ.
    ඇතැම් දේ ගැන කියන්නට අකමැතියි... ජාතිවාදී ලේබලය වදින නිසා....

    ReplyDelete
    Replies
    1. මාධවී......................

      කිසිම ගැටලුවක් නැහැ.. සංවාදය තමයි වැදගත්.. අපි කොයිතරම් දේවල් හිතේ තියාගෙන හිටියත් සංවාදයක් ගොඩනැගෙන්නැත්තං වැඩක් නැහැ... සංවාද තමයි අලුතෙන් දැනුමක් අැති කරන්නේ... ඉතින් අපි කතා කරමු... විවේචනයන් ගැන නම් අපිත් ඒකග නැහැ... විවාද නෙමෙයි වැදගත් වෙන්නේ සංවාදයයි................

      Delete
  9. තුෂාර. මෙය ඉතාම සංවේදීයි. මීට පෙරත් මා ඔබේ ප්‍රබන්ධ කියවා තිබෙනවා. ඔබ ඉතා දක්ෂ රචකයෙක්. මෙය මා , මගේ වෙබ් පුවත්පත ව ශ්‍රී ලංකා විත්ති 2015 අප්‍රේල් කලාපයේ පළ කරන්නද ?

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටලුවක් නැත පළ කරන්න... මගේ නම නෙමෙයි.. කුරුටු ගෑ ගී පවුරේ නම සහ ලින්කුව සටහන් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.....

      ස්තූතියි සහයෝගයට

      Delete
  10. කියා නිමකරන්න බැරි තරම් වටින අදහසක් කියවෙන්නක්. අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්...................

      ඔය වචන කියන්න බැරි තරම් ශක්තියක්............ ස්තූතියි

      Delete
  11. Replies
    1. අා............ රූපේ...............

      ස්තූතියි අගය කිරීමට....... ජයවේවා.............

      Delete
  12. අගේ ඇති කවි ටික.. පින්තූරෙනුත් සෑහෙන්න දෙයක් කියවෙනවා.. මගේ හිතේ පින්තූරේ දැකලා හිතට ආව අදහසක් වෙන්න ඕන මේක..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්......................

      අවශ්‍යතාවය තිබුනේ මැදපෙරදිග දරුවන් යුද්ධයෙන් බැටකන ඒක ගැන ලියන්නයි.. රූපයක් බැලුවා... මේක තමයි හොදට ම හිතට වැදුනේ.. රූපයෙන් කියැවෙන දේට මගේ අදහස ඒකතු කරලා ලියුවා.......... රූපය ගොඩක් දේවල් කියනවා....... ඒ නිසා කවියටත් අගයක් ඒකතු වෙනවා.........

      Delete
  13. එල ද බ්‍රා මචං..
    දැනෙන්ම ලියලා..උඔගේ හැකියාව එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අඩේ බ්‍රා................

      උඹෙන් කලිනුත් ප්‍රශ්ණයක් අැහුවා.. උත්තර නෑනේ..... උඹේ බ්ලොගය මොකක්ද බොල,,,,???

      Delete
    2. උගේ බ්ලොග් එකේ නම "ගල් සහ බ්‍රා".

      Delete
    3. අනේ මන්දා බොල...............

      මෙන්ඩා මේවට උත්තර දෙන්නෙත් නෑ... බ්‍රා කතාවත් උෟට ද අදාල. හත්තිලව්වයි නොදැනයි ඔය කතාව කිව්වේ............ කොල්ලා අවුල් වෙලාද දන්නෑ,...

      ඒක නෙමෙයි බොල මේකගේ බ්ලොගය මොකක්දෑ............?????

      Delete
    4. උඔලා හැමෝගෙම බෝලග් මගේ තමයි..
      මට බිලොග් එකක් නෑ බං.
      මම උඔලාට ආදරේ කමෙන්ටර්..
      එල ද බ්‍රා මෙන්ඩා නෙහොත් බෑන්ඩ් එක ගල්

      Delete
    5. යකෝ..................

      මාස ගාණක් හොයලා හොයලා අැහුවේ.... ලැජ්ජත් හිතුණා අහන්න.... ඒත් අැහුවා.... බැලින්නම් උඹ බ්ලොගයක් ලියන්නැ නෙවැ..... ඒත් අැයි????

      Delete
  14. කාලෙකින් දැනෙන කවි පන්තියක් කියෙව්වා...
    ජය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු පුතේ................

      Delete
  15. උඹේ කවිවල තියනවා තුෂාරයො මිනිස්සුන්ගෙ පපුවටම වදින අමුතුම මානුෂික ගතියක්...දිගින් දිගටම ලියහන් කම්මැලි නොවී...සදා ජය...!!!

    අසංක

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..................... අසංක අයියා.........

      මේ සති අන්තය ටිකක් විතර නිදහස් වුණා... නුවරත් ගියා... ඒ අතරේ කවියක් දෙකක් විතර ලියැවුණා... රස්සා විසින් අපේ කවි කම උදුරන් යනවා බලාගෙන ඉද්දි........ දාහක් ප්‍රශ්ණ තෙරපෙන ඔලුවල කවි පද ගෙතෙන්නේ අඩුවෙන්....... මොනවා කරන්නද??

      Delete
  16. අම්ම අප්පව මැරුවෙ ඕකුන් පළිය ගන් ලේ වල පුතේ
    මාමලා දෙවියන් සමඟ ඉඳ බැම්ම වයරෙන් තද කලේ
    දෙන්න බැරිවුන නිසා අම්මට වතුර ටිකකුත් මගෙ අතේ
    පුපුරන්න හිත දෙන්නෙ නෑ මේ තාත්තම වාගෙයි අනේ

    ReplyDelete
    Replies
    1. අඩෝ ගස්............... වෙෙරී කයියක් නෙවැ......

      මොනවා වුණත් අගේ අැතිව අකුරු කරලා.. නියමයි..... ජයවේවා... කවියෙන් ම උත්තර දුන්නාට

      Delete
    2. ලබ්බත් කවියෙක් එහෙනං ඈ ... ලියහන්කෝ කවි ටිකකුත්...

      Delete
    3. අපිත් ඒකමයි කියන්නේ............... ගස්ගේ ඊළග පෝස්ටුව කවියක් වුනොත්................ ෂෑහ් නියමයි නේද අදහස??????

      Delete
    4. වයිරී නෙමෙයි බං... මේ කාලකන්නි පොඩි එවුන්ගෙ ඇඟේ බෝම්බ බැඳලා එවනවා...අන්තිම සටනෙත් මට මතක විදිහට එහෙම උනා.. ඒ වගේ දරුවො පවු.. එයාලගෙ වැරැද්ද තමා ප්‍රසිද්ධ නැති එක.
      තං තෝසෙයි හොඳේ..
      එහෙනම් කයියකුත් පදගහමුකො..

      Delete
    5. අඩෝ ...................

      ඊළග නිර්මාණය කවියක් ඒහෙනම් හරිය................ අපෙන් සහයෝගය........ ජයවේවා..................

      Delete
  17. හැබෑටම බං උඹ කවියක් ලියල නේහ්.. එළදබ්රා..

    ReplyDelete
    Replies
    1. නෑ බං නිකං වචන ටිකක් ලියුවා...........

      Delete
  18. අපූරුයි.... සිරාවටම... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාජ්ජේ.................. ඔය අදහස් මාර වටිනවා..........

      Delete
  19. නෙතට කඳුළු හිමකරදුන් තවත් නිමැවුමක් කුරුටු

    ReplyDelete
    Replies
    1. ඒ කඳුලට වටිනාකමක් තියනවා සාරිකා...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  20. අපූරුයි...

    ජ ය වේ වා !!!
    (විදානේ..)

    ReplyDelete
    Replies
    1. ඒයි තුෂාරයා...මෙන්න මේකා අපේ සයිට් එක හැක් කොරලා...හැක්...හැක්...

      අනේ යකෝ...උඹව මේකට වැද්දගන්නෙ නැති හන්දා මෙහෙමවත් වරෙන්...පව් කියලත් හිතෙනවා....

      ඒත් ඉතිං බොහොම ස්තුතියි...

      අසංක

      Delete
    2. හත්තිලව්වයි.................... විදානයා රිංගලා..............

      ඒ ගමන් සයිට් ඒකත් අවුල් වෙලා.. උඹ මොනවද යකෝ කලේ.......?????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...