Wednesday, March 4, 2015

ගත වැහැරිලා එල්ලෙන මස් වැදලි යටින්..............



නැත   ඉස්පාසුවක් තිස්සෙම කරන         වැඩෙන්
තෙත  මනයයි උගුරට දෙන කහට          ටිකෙන්
ගත     වැහැරිලා ල්ලෙන මස් වැදලි        යටින්
හිත     දහිරිය ද හත්තිය දෙන ගතට          තදින්

උර     පිහදා බර උර මත්තට                  ගන්නේ
බර     කර ගැහුම ජීවිතයයි               මහතුන්නේ
තර     කර ගන්න පඩියක් නැහැ     හිමිවෙන්නේ
තාෙර කර ගන්න ජීවන බර       වෙහෙසෙන්නේ

පට     වන බර දමා රෝදය                කරකනවා
ගෙට  ගෙන න්න කී බඩු ගැන       සිහිවෙනවා
අැට   දෙක තුනත් බත් පතකට         සෑහෙනවා
හෙට  නම් දිනක් නැතිනම් අප        තුටුවෙනවා

"ඔය  ඉහ පැහුණේ අකලට නොව කලට  තමයි
ඔය    ජීවිතය නිරුවත් උඩුකයට             කැපයි
පය    තිය තියා මහ පාරට හෙට්ටු             කරයි
බය    ය නොවෙයි, ජීවන මග තවත්        දුරයි "..............


තුෂාර විතාරණ


.

66 comments:

  1. ආඩම්බර වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හිගා නොකා දුක් මහන්සියෙන් හම්බ කරන එකට

      Delete
    2. ඒකත් අැත්ත මචං...... මොනවා වුණත් ඒකත් සතුටක් තමයි.. ඒත් තව පැතිත් තියෙනවා නේද?????

      Delete
    3. මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට අනුකම්පාව නෙමෙයි තව වැඩ කරන්න ශක්තියයි දෙන්න ඕන..

      Delete
    4. ඒක හරි දේශකයෝ...............

      අතපය හතරම තියාගෙන හිගාකන මිනිස්සු ඔ්නේ තරම් මේ රටේ ඉන්නවා.... ඒ මිනිස්සුන්ට සල්ලි දිදී අනුකම්පාව දිදී අපි තව තවත් ඒකට ම පොළඹවනවා.... ඒත් මේ වගේ මිනිස්සු ගැන ටිකක්වත් හිතන්නෑ..... අතපය අඩුවක් තියෙන මිනිහෙක් සුයිප් ටිකට් ඒකක් අරන් අාවත් අපි ගන්නෑ..... ලොතරැයි ගැනීම මම කරන්නෙත් නැහැ... ඒත් ඒ මිනිහා මහන්සිවෙලා කරන රස්සාවට අපි සහය වෙන්න ඔ්නේ..... මේ මිනිස්සුන්ටත් ඒහෙමයි....

      Delete
  2. මේ මිනිස්සු ඔතනින් ඉහලට ගන්න කිසිම දේසපාලුවෙකුට බැහැ. එදත් අදත් මේ මිනිස්සු එතනමයි. හෙටත් ඒ ටිකම තමයි. ඒකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. රටේ තියෙන නොසලකා හැරි සමාජ කොට්ඨාශයක්.... අැත්තට ම මේ මිනිස්සුන්ගේ දුක කාටවත් පේන්නෙත් නැහැ.. අවශ්‍යතාවයන් බලන්නෙත් නැහැ..... ඒත් මේ රටේ ම අපි වගේම තවත් රැකියාවක් කරන ජනතාවක් නේද???

      Delete
  3. නියමයි තුෂාරයො...ඇත්තම කතාව ගත්තොත් අපිට ලෝකෙ ගැන හිතාගන්නවත් බැරි දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔය මිනිස්සුන්ගෙ ජීවිත අධය්‍යනය කළානම්...ඒව මේ කොහේවත් විශ්ව විද්‍යාල වලින් ඉගෙනගන්න බෑ...

    අසංක

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත අසංක අයියා......

      මේ ජීවිත වලින් ඉගෙන ගන්න වගේම හදාගන්න දේවලුත් බොහොමයි... අපිට මේවා මගහැරිලා කියලයි මට හිතෙන්නේ... අපිට මග හැරෙන දේවල් බොහොමයි අසංක අයියා

      Delete
  4. වේලාවකට අපේ ඡිවිතත් මේ වගේ..
    මැරෙන්න ඉස්සර ඡිවිතේ ටික කාලයක් හරි සදු ලගට වෙලා ඉදගෙන හැම තත්පරයක්ම එයා වෙනුවෙන් අවධානය දිලා ආදරය කරන්න තියනවානම් කියන බලාපොරෝත්තුවක් යටි හිතේ තියනවා..ඒත් ඒකට කවදාවත් අවස්තාවක් ලැබෙන එකක් නෑ බං..අපි මැරෙනකන් අපි ආදරය කරන අය වෙනුවෙන් ඡිවන සටන ගෙනියන්න වෙලා..
    ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒක හරි බ්‍රා.................. (අවුල්ද අලුත් නම ගැන))))

      හැම ජීවිතයක් ම හිර වෙලා.. ලෝකය මහ අමුතු තැනක් මචං....

      Delete
    2. නෑ මචං..මම ඡිවිත් වෙන්නෙ ඒ නම නිසානේ..මට ඒක ආඩම්බරයක්

      Delete
    3. යකෝ.............. ඒතකොට අනික්වා..............

      Delete
    4. මචං මෙන්ඩා............... උඹේ අඩවිය මොකක්ද?????

      Delete
    5. //උඹේ අඩවිය මොකක්ද???//
      කුරුට්ටෝ යකෝ උඹ තවම දන්නේ නැද්ද උගේ අඩවිය "තංගල්ල "කියලා .. :-)
      එලද බ්‍රා
      ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල්

      Delete
    6. මොකක්ද බොල තංගල්ල කියන්නේ.................. අැත්තටම මොකක්ද මෙන්ඩාගේ අඩවිය මචං

      Delete
  5. පව් අසරණ මිනිස්සු... රූපයේ අරුත හිතට දැනෙන්න පද වැල් වලින් ඉස්මතු කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි......

      මේ වචන තමයි ලොකුම හයිය... වෙන මොනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නද? මේ වගේ කමෙන්ටුවක වටිනාකම කියන්න බැරි තරම්... ස්තූතියි

      Delete
  6. මට මේක කියවපු ගමන් නුවරදී මගේ ළඟ වැඩ කරපු නාටාමිලා සෙට් එකම මතක් උනා මචෝ ...උන්ගේ ජිවිත කතාව ...නියමයි කුරුට්ටෝ

    සිද්ධාර්ථ!
    ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
    ඉරතුවෙන් ඉර්තුවට සත් මහල් ප්‍රසාද
    රජ ඉසුරු අපට නැත
    එබැවින් ඔබට මෙන්
    ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්

    මා ගියහොත්
    අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
    දරුවෝ දණගානා නොදරුවෝය
    උන්ට බොන්ඩ ටින් කිරි පිටි හොයා දෙන්ඩ
    මා නැත්නම් කෙනෙක් නැති ය
    අනාගතය දෑතින් මිට මොලවා ගෙන
    මා දිහාම බලා හිඳිති උන් හැම දෙන

    (මහගම සේකර - ප්‍රබුද්ධ )

    ReplyDelete
    Replies
    1. උඹනම් නියමයි සින්දුවෝ.. ....

      උඹේ කියැවීම උපරිමයි... ඒක අපිට දායාද කරනවාට තවත් ස්තූථියි.... මචං ඒ ජීවිත ගැන උඹේ අත්දැකීමත් ඒකතු කරපංකෝ................... වටිනවා අපිට

      Delete
  7. බ්ලොග් ලෝකේ මේ ගැන වැඩිය කතාකරපු බවක් මතක නෑ. ඇත්තටම කැකෑරෙන ජීවිත. එක පාරක් පත්තරේක තිබුණා ලිපියක් මේ මිනිස්සු උදේ කෑම ඉස්තරම් විදිහට කන හැටි ගැන කියලා. දවල්ට රෑට කන්නෙ කොහොමද කියලානම් තිබුණේ නෑ. අනික මේ මිනිස්සු හරිම කෝපාවිෂ්ඨ වුණු චරිත කියලයි මට හිතෙන්නෙ. පොඩ්ඩ වැරදුනොත්/පාර හරස් වුනොත් වරුසාවයි. ඒ ඉතින් එයාලා විඳවන නිසා තමා. අනුකම්පා කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. අහ්... ඉතාම අපූරු නිර්මාණයක්!

      Delete
    2. ස්තූතියි මාධවී..... මොකක් ද බොල මේ අලුත් නම... කවි සරණිය.... මොනවා වුණත් කවි නේ.... ගොඩ අපි ඒකගයි.....

      මේ ජීවිත ගැන නම් ඉතින් කතා කරන්න දේවල් අනන්තයි... අැත්තට ම අත්දැකීමක් නැහැ.. දැකලා තියෙනවා.... ඒත් ළගදී මිනිහෙක්ව දැක්කා.. ඒක ටිකක් තදින් හිතට වැදුනා... මේ රූපේට බොහෝ සමානයි.... ඉතින් ඒක කවියක් වුණා...... හැගීම් ගොඩක් ප්‍රකාශ වුණා කියලා මටත් හිතුණා... ඒත් තව කියන්න දේවල් තියෙනවා... ඒවා වලට මං ගාව වචන තිබුණත් පද ගැලපෙනවා අඩුයි.... ඒක අපිට වෙන දෙයක්.......

      Delete
    3. පිට පිට දෙපාරක් රීනේම් කලා. ඉංගිරිස් නමක්නෙ තිබ්බෙ. මාත් අනගාරික ධර්මපාල, පුරන් අප්පු වගේ නම වෙනස් කොලා.

      Delete
    4. කමක් නැහැ... අගෙයි දැන්.... හත්තිලව්වේ මං දැක්කේ කවි සරණිය වගේ.. ඒත් මේක රස සරණිය වෙලානේ දැන්.. යකෝ කෑම ද උයන්නේ බ්ලොගේ

      Delete
    5. //යකෝ කෑම ද උයන්නේ බ්ලොගේ//
      අයි බන් මු කවි උයාගෙන කන්නේ රස කර කර ....
      මමත් බැලුවා අලුත් බෝගක් ඇවිත් අපේ මදාවියාට කෙල වෙලා කියලා .....

      Delete
    6. යකඩෝ රස සරණිය කිව්වා ම ස්වර්ණවාහිනිය වගේනේ...

      Delete
    7. අඩෝ සින්දුවා... කවද්ද බොල තනියෙං කෑවෙ. අපේ බඩට නොකා හරි අපි වෙලාවට උඹලට කන්න දීලා ඇති... හුහ්

      Delete
    8. කුරුටු, රස කිව්වම මල්ලී එක එක රස තියෙනවා. කවි රසය, සංගීත රසය, ශෘංගාර රසය... යනාදී වශයෙන්. ඔය හැම එකම උයලද කන්නෙ. බොලාටත් ඉතිං කෑම කිව්වම....

      Delete
    9. ඔය “රස සරණිය“ කෑල්ල උපන් ලපේ වගේ හෙඩර් එකේ මුල ඉඳම්ම තිබ්බා අනේ...

      Delete
    10. අා................ ඒහෙමද?????? අපිට ඉතින් මතක මධාවි කියන ඒක විතරනේ.... ඒහෙනම් ඉතින් අවසර දෙන්න පුළුවන්..... හැබැයි කෑම උයන ඒවා ඒහෙම දානවා නෙමෙයි... මොකද ඉතින් (කුණුහරප) කවියක් කියවන ඒකත් නැතුව යයි අපිට.......

      Delete
  8. ඉතා අගෙයි
    දිවි රිය සක කැරකෙන යුරු
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණ...............

      අැත්ත මේක තමයි.. අපි නොදකින අැත්ත.. සමාජයේ අපි නොදකින පැති තව තවත් කොච්චර නම් අැත්ද?????

      Delete
    2. තිස් තුන් කෝටියක් දෙවියන් සිටින රටේ
      දෙකෝටියක මිනිසුන් කිම මෙලෙස දුකේ
      හදවත් ගිනි අරන් ගිණි කෙළි මවන පැයේ
      මිනිසුන් විසල් පුරයක සිරි මවති ලොවේ

      ඇතුළු නුවර සැනකෙලි වෙස් දිදුලන්නේ
      සිරි කත බැලුම් හෙලමින් එහි රගමින්නේ
      සිරි කත නොදුටු දුක් ගිනි පිට නුවරුන්නේ
      ඇතුළු නුවර නිරිඳකු කෙලෙසක දන්නේ

      පිරුවට ගත දරා මෙත් සිත් පතුරන්නේ
      කිරි කළ හතක් ගෙන බෝධිය නහවන්නේ
      වැහැරුණ දෙතන මුව තුළ පන යදිමින්නේ
      කිරි කදුලකට බිළිඳකු ඉකිලුම් ලන්නේ


      සබරේ ඇනෝ

      Delete
    3. තව ඇස් ඇරගෙන පලයන් කුරුට්ටෝ ....

      හැම තැනම ජීවිත....

      කුරුට්ටා කොහොමත් ලස්සනට ලියනවා

      Delete
    4. ස්තූතියි සබරේ අැනෝ.................

      ඔය වචන ලොකු හයියක්.... ඒත් තාමත් හැංගිලා නේද ඉන්නේ???? මං හිතන්නේ ඔය නමම ස්ථිර වෙයි වගේ......................

      කවි කෑල්ලනම් පට්ටයි... කවදද බ්ලොගයක් පටන් ගන්නේ... අපිත් අාසයි මේ හැකියාව නිර්මාණ වෙනවා දකින්න

      Delete
    5. සංවේදී කවි පොකුරක්..
      ජය වේවා...!!

      Delete
    6. ඒක තමයි ගස් අපිත් කිව්වේ.... දැන් බ්ලොගයක් පටං ගනිමු කියලා... අපි ඉන්නවානේ සහයට......

      Delete
  9. අපේ සයිට් එකේ ටෙන් වීල් එකක් වැඩකලා නාකි පොරක්.හෙන නීති.තෙල් බාන්නෙ නෑ.හරියටම වැඩ.කාව වත් ආශ්‍රයක් නෑ..
    මම ටිකක් හොයල බැලුවා.පොර තනියෙන් බබෙක් ඉන්න ගැබ්බර දුවව බලාගෙන මිනිහගෙ පවුලත් නඩත්තු කරගෙන ඉන්නෙ.
    බුලත්විට දෙකක් කනව දවසේ ආහාරය විදිහට.
    සමාජෙන් හැංගිලා ඉන්නෙ බීඩියක් වත් ගන්න සල්ලි නැතිනිසා.හැබැයි හොරකම් කරන්නෙ නෑ..
    මේ කවිපද ඒ මිනිස්සු වෙනුවෙන් කැප උනාවෙ...

    ReplyDelete
    Replies
    1. අැත්තට ම ගස්...... මේ මිනිස්සු අතර හැබෑ මිනිස්සු බොහාෙමයක් ඉන්නවා..... ඒ මිනිස්සු අතර මනුස්සකම තියෙනවා... මහා සමාජය පෙන්නනවා කියලා කියන කට්ටියට ලග සමහර විට මේ දේවල් නැහැ .....

      Delete
    2. මචෝ මගේ ළඟ වැඩ කලා නාටාමිලා පස්දෙනෙක් නුවරදී .මගේ ජීවිතේදී මුණ ගැහුණු සුන්දරම අවංකම මිනිස්සු සෙට් ඒක .ඔක්කොම එකම පවුලේ .මාමයි ,පුතාලා සෙට් එකයි .මචෝ වැඩ කරන තැනින් කිසිම දෙයක් හොරකන් කරන්නෙත් නැ කාටවත් හොරකන් කරන්න දෙන්නෙත් නැ .අපේ කවුරුවත් නැතිව ගබඩාව බාර දෙන්න පුළුවන් .උන් සෙට් එකම ළමයින්ට හොදට උගන්නනවා .නිකමටවත් නාටාමි කිට් එකෙන් එලියට යන්නේ නැ දරුවන්ගේ යාළුවො දකියි කියලා .මමත් පඩි ගත්තාම හැමදාම වාගේ පොත් සෙට් එකක් අරන් බෙදලා දෙනවා ළමයිනට ගිහින් දෙන්න.උන් එක්කම ඉඳගෙන විටක් කනවා .කිසිම වෙනසක් පෙන්නුවේ නැ .අදටත් මම ගියොත් දෙය්යන්ට වාගේ සලකන්නේ ..තව සුන්දර මතකයන් ගොඩයි මචෝ .

      Delete
    3. අැත්ත සින්දුවෝ....................... ඒ මිනිස්සුන්ගෙන් බහුතරය ඔය බර කර ගහන්නේ බඩගින්න නිවා ගන්න.. ඒ මිනිස්සු මනුස්සකම් දන්න සරල ජීවිත ගත කරන අය... ඔබේ අත්දැකීම් බෙදා ගත්තාට තුති.....

      Delete
  10. විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන මිනිස්සු.. තුඃ නොදෝකින් මේ රටේ දේශපාලුවෝ...

    ReplyDelete
    Replies
    1. මාතේ ඒකයි මන් දවසක් කිවුවෙ ලියල ලෝකෙ පෙරලන්න හදනව වගේ

      සමාජෙ ඉන්න අහින්සක දුප්පතුන්ටත් යමක් කරන්න පුළුවන් විදිහක් බලන්න කියල කොහෙද මේක මහ ලොකු සයිබර් යුගේනේ නේද

      blog පට්ට ගහනව විතරයි.... එහෙම බලද්දි ගල් යුගේ හොදා...

      Delete
    2. මාතා..............................

      අැත්ත කතාව.... ජීවිතයේ සැදෑ සමය ගෙවන්න ඔ්නේ අය... ඒත් තාම මහපාරේ.................

      Delete
  11. පපුව හිරිවැටුනා.. හරිම සංවේදියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිළිනි...............

      තව තවත් හයියක් මේ අදහස්

      Delete
  12. උඩින් දේශා කියලා තියෙනවා වගේ කාටවත් අත නොපා ජිවත් වෙන මිනිස්සු.අපි මිට වඩා සංවේදී වෙන්න ඕනේ ඒ අය ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්.............. ඒක හරි

      ඒත් ඒ රස්සාවට අද කිසිම තැනක් නැහැ... පිළිගැනීමක් නැහැ...... අපි දැක්ක තැන පිළිකුල් කරනවා... ඒකයි වෙනස් වෙන්න ඔ්න්..... මේ කවියේ බලාපොරොත්තුව අපි ටික දෙනා හරි අායෙම පාරක් ඒ මිනිස්සු දකිද්දි වෙනස් විදිහකට බලන ඒකයි........

      Delete
  13. දිවි දිය කරත්තය රෝදය....... සමය කියා
    සවි දී ගතට බර වැඩි මුත්... බිම නොතියා
    අවි ගෙන අතට පල වෙද ලොව දුකයි දයා
    කවි ගී වලින් සැනසීමට............ වටී ලියා

    ReplyDelete
    Replies
    1. සුපිරියි කමියා.....................

      කවිය නම් පට්ටයි.... අගෙයි... කොහොමත් උඹ කවියානේ......

      Delete
  14. ජීවිතෙ බර දැනෙන ඒ බර උසුලන මිනිස්සු තමන්ගේ වයස ගැනවත් හිතන්නේ නෑ කියන එක මම හොදාකාරවම දැකලා තියෙන දෙයක්..

    කවි ටික වෙනදා වගේම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්............

      මේ මිනිස්සු බහුතරය වයසටත් වැඩිය වයස පේනවා... ඒ මේ රස්සාවේ හැටි... ඒත් වයස 60 පහු වුණ බහුතරයත් මේ රස්සාව කරනවා.... පෙන්ෂන් යන්නේ හුස්ම ගිය දවසට තමා......

      Delete
  15. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

    දා ගැබ් මහ වැව් කලා නිකේතන
    නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
    ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
    මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ

    රජ සැප විඳිනට රජ දරුවන් හට
    නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට
    මොන රජ දරුවද පැලකට වැඩියේ

    නිකමට මතක් උනා. සින්දුවගේ ජොබට කෙලිය එහෙම නෙවෙයි ඕන් ..

    ReplyDelete
    Replies
    1. පට්ටයි සාජ්ජේ................. බොහොම ස්තූතියි....

      මේක තමයි අැත්ත කතාව මචං... අදටත් මේ මිනිස්සු රවට්ටලා ඡන්ද ටික ගන්න පුළුවනි නම් ඒකත් කරයි... ඒත් අවුල තමා ඡන්දෙ කාලෙටවත් මේ මිනිස්සු ගැන කවුරුත් කතා නොකිරීම......... රවට්ටන්නවත් ඒ ගැන කතා කරන්නැති තරම් මේ රස්සාව කුණු කූඩෙට වැටිලා

      Delete
  16. //පය තිය තියා මහ පාරට හෙට්ටු කරයි
    බය එය නොවෙයි, ජීවන මග තවත් දුරයි//

    නියමයි තුෂාර අයියේ... කියන්න වචන නෑ.. මේ වගේ රූප නිහඬව කතා කරනව කියලයි අහල තිබුනේ.. ඒත් මේ කවි කියවද්දි හිතුනා ඔයා මේ රූපෙට පට්ට සාධාරනයක් ඉෂ්ඨ කරල තියෙනව කියල.. එල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි (අදුරු) මහේෂ්......

      මේ අගය කිරීම වැඩිද කියලත් හිතුණා... ඒත් උඹ හැගීම් අකුරු කරලා කියමු ඒකට ස්තූතියි.... ඒක බොහොම තදින් හිතට වැදුනා... අැත්තට ම කියනවා නම් මේ රූපය කවියක් ලියන්න මට බලකලේ නැහැ.... කවිය ඒ රූපෙම තිබුණා.. මට තිබුනේ ටයිප් කරලා පබ්ලිෂ් කරන්න විතරයි....

      Delete
  17. Replies
    1. ඔව් ඉන්ද්‍රජීත්... හැබෑ ලෝකයේ ජීවත් වන හැබෑ මිනිසුන්

      Delete
  18. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියලා පෙනහළු රිදෙන තරම් ලොකු හුස්මක් හිරකරගත්තා ,, කියන්න දේවල් ගොඩයි :(((((

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා..... අැත්ත

      අැත්තට ම කවිය ලිව්වා නෙමෙයි ලියැවුණා... ඒ තරම් දේවල් මේ රූපය කිව්වා...

      Delete
  19. කොයි තරම් දුක් වින්දත් නිවනක් නැති ජීවීත. ගැලපුම නම් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්....................

      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා

      Delete
  20. Replies
    1. ස්තූතියි තරිදු.......................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...