Sunday, March 22, 2015

ෆීල්ඩ් මාර්ෂල්, විධායක ජනාධිපති, ජාතික අාණ්ඩුව සහ අපි.........


ජනරාල් අද ගන්නවා ෆීල්ඩ් මාර්ෂල් කම
දැන් ගන්න තියෙන හොදම දේ තමයි
කවදාවත් ගන්න පුළුවනි කියලා හිතුවෙත් නැහැ
ඒත් අායෙම හමුදා සේවයට යන නිසා
නැති වෙන්නේ දේශපාලනය කරන ඒකද........????

මහින්ද ගන්න බලනවා අගමැතිකම
දැන් කරන්න තියෙන හොදම දේ තමයි
කවදාවත් පරදියි කියලා හිතුවෙත් නැහැ
ඒත් අායෙම අගමැති වෙන නිසා 
නැති වෙන්නේ අාරක්ෂාවට තිබුණ මුක්තියද........?????

රනිල් අද බිහිකරනවා ජාතික අාණ්ඩුව
දැන් කරන්න තියෙන හොදම දේ තමයි
කවදාවත් කතු වෙයි කියලා හිතුවෙත් නැහැ
ඒත් අායම විපක්ෂයට බලයක් යන නිසා
නැති වෙන්නේ විධායක ජනාධිපති සිහිනයද........????

අපිට අද ලැබෙනවා හැමෝම කරන අාණ්ඩුව
පළමු වතාවට ලැබෙන හොදම දේ තමයි
කවදාවත් කතු වෙයි කයලා හිතුවෙත් නැහැ
ඒත් හැමෝම අාණ්ඩු කරන්න යන නිසා
නැති වෙන්නේ අපි වෙනුවෙන් කතා කරපු විපක්ෂයද........????


රූපය - නෙත් ගෙන්.....


තුෂාර විතාරණ


.

35 comments:

  1. කුරුටු අද කත කරනවා ජාතික ආණ්ඩුවක් ගැන
    දැන් කතා කරන්න තියෙන හොඳම මාතෘකාවත් ඒක
    කවදාවත් කලින් කරල නැති උනත් උත්සාහය හොඳය
    ඒත්.. සියල්ල හොඳින් වේ යැයි පතන නිසා
    නැතිවෙන්නේ මින්පසු අපිට වාද විවාද කර ගන්න මාතෘකාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත කමියා............

      කිසිම දෙයක් අති සාර්ථක වෙයි කියලා අපි හිතන්න බැහැ.. අපි වාද විවාද කරන්න තියෙන අවස්ථාව නැති කර නොගෙන ඉමු... මොකද මේ ජාතික අාණ්ඩුව හැදුවා ම අමාත්‍යංශ නැති අයටත් අධීක්ෂණ වැඩ හෝ කමිටු වැඩ වැටෙයි.. ඊළගට වැරදි අඩුපාඩු හොයන අය නැති වෙයි.... ඒ වෙලාවට අපි අවදියෙන් ඉන්න විචාරශීලී ජනතාවක් අත්‍යවශ්‍ය වෙනවා.. ඉතින් අැයි අපි විවාද නොකරන්නේ.... දැන් ඒකට කාලයයි

      Delete
  2. ජාතික ආන්ඩුවකට යන එක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.. විමල්ට විතරමයි ඔය ගැන අවබෝධයක් තියෙන්නේ.. 26 මම යනවා රත්නපුරේ.. බ්ලොග් සම්මන උළෙල වගේද මගේ මව් රට. ඒකේ බව් බව් මික අන්ඩවාතය, ඒකිය භාවය.

    ReplyDelete
    Replies
    1. මාතා ...............

      මෙහෙමයි මේ හැමෝම කරන්න යන දෙයින් නැති වෙන දෙයක් තියෙනවා.. ඒත් ඔවුන් ඒක කොහොමින් හරි අායෙම අත්පත් කරගන්නවා... ඒත් අන්තිමට ජනතාව වෙන අපිම තමයි අමාරුවේ වැටෙන්න්..... හා නැද්ද???

      Delete
  3. රට වෙනුවෙන් හිතනවාලු
    දැන් කරන්න තියෙන හොඳම දේ තමයි
    කවදාවත් හිතයි කියලා හිතුවේම නෑ
    ඒත් ඔක්කොම වංචාකාර හොර තක්කඩි නිසා
    රැවටෙන්නේ පොදු ජනතාව ම ද?

    ReplyDelete
    Replies
    1. ජාතික අාණ්ඩුවක් වුණාම කවුද ගස් අඩුපාඩු වංචා වැරදි හොයන්නේ..... ඒතකොට අසරණ වුනේ අපි නෙමෙයි ද හා???

      Delete
  4. අපිට අද ලැබෙනවා හැමෝම කරන අාණ්ඩුව
    පළමු වතාවට ලැබෙන හොදම දේ තමයි
    කවදාවත් එකතු වෙයි කයලා හිතුවෙත් නැහැ
    ඒත් ්‍රධාන පක්ෂ සියල්ල එකතුවන නිසා
    නැති වෙන්නේ සියලුම ආකාරයේ සුලු පක්ෂ නේද........????

    ReplyDelete
    Replies
    1. ෂැහ් නියම පද ටිකක් බදිනවා කට්ටිය....... මේ තමයි අපිට නැති වෙන අනික් දේවල්... හැම ලබා ගැනීමක් තුළ ම අහිමිවීමක් තියෙනවා... ඊළගට ම මේ කට්ටිය ඒ දේ ලබා ගන්න මොකක් හරි ගේමක් ගහනවා..... ඒක තමයි මේ දේශපාලනයේ හැටි....

      Delete
  5. Replies
    1. අඩෝ විදානේ.............. උඹ අපිට ගේම කෝල් කරනවා වගේ.... තව කෑ ගැහුවොත් සහ අපේ දේවල් කොපි කරොත් උඹව ජාතික අාණ්ඩුවට දානවා හිටං/....

      Delete
  6. දැන් නම් මේ යන විදිහ ගැන හිතේ තියෙන්නේ ප්‍රශ්ණ ගොඩක් වගේම බයක්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..................

      මේක අමුතුම විදිහේ දේශපාලන ක්‍රියාවලියක්... ලංකාවේ දේශපාලනය හරිම සක්‍රීයයි.. දැන් බැලුවා ම රනිල් තමන්ගේ හයිය දාලා මහින්දව යවපු ඒක විතරක් කරා... ඊළගට ෆීල්ඩ් ඒක ක්ලියර් කරගත්තා.. දැන් කවුරු අාවත් ප්ලේ කරන්න හැකි නිසා.... ඒ වෙලාවේ ජවිපෙ ක්‍රියාකාරීත්වය ගන්නකෝ..... මෙෙත්‍රීට ඡන්දය දෙන්න කියලා කිව්වේ නැහැ.. ඒත් මහින්ද ව ගෙදර යවන්න දිගට ම සටන් කරා...... මේක තමයි සක්‍රීය දේශපාලනය..... දැන් ජාතික අාණ්ඩුව..... මේක රටක් විදිහට අපිට හොදයි..... අපි ඒකතැන පල්වෙන යල්පැන ගිය දේශපාලන රාමු වලට කොටු වෙලා නැහැ........ තාම උණුසුම්...... ඒක ජනතාව හැටියට අපිට වැදගත්

      Delete
  7. අනේ මන්ද කුරුට්ටෝ.. ඔලුව කර්පට් වෙනවා මොනවයින් මොනවා වෙන්න එනවද කියල දැන්...

    ReplyDelete
    Replies
    1. මේකයි සාජ්ජේ...............

      මේ හැම ඒකක් තුළම ලැබීමක් සහ අහිමිවීමක් තියෙනවා..... ඒ වගේමයි අපිටත් අමුත්තක් සහ අවස්ථාවක් තියෙනවා... මේක ඒක විදිහක ගේම් ඒකක්... අපිත් ප්ලේ කරන්න ඔ්නේ. ඒකයි අැත්ත............... අපි ගේම අතහැරියොත් පරදිනවා.........

      Delete
  8. අන්තිමට කොහෙන් ගියත් මට්ටු වෙන්නෙ එකම කෙනා

    ReplyDelete
    Replies
    1. ඒ කෙනා තමයි අපි ගිමන්

      Delete
  9. බලන් හිටිය පහුවෙලා හරි හොඳක් වෙයි කියල. අන්තිමට උනේ මුනුත් අපිට කෙලලම ගිය එක තමයි. අනේ හුකේ මුන්ගේ යහපාලනය. අපිට අබ සරණයි. කොහොමද එස් බි දිසානායකත් යහපාලානේ. දැන් යවයි චන්ද්‍රිකා .හෙලුවෙන්ම. අම්මලන්ට........

    ReplyDelete
    Replies
    1. ඒස්.බී....... ඒක්ක කාෙරන්න පුළුවන් යහපාලනය ගැන නම් අනිවාර්යෙන් ම අපි සාකච්ඡා කළ යුතුයි ටික්ක..... මිනිස්සු මේවා දැක්කා ම මොනවා නොහිතාවිද??? ලැජ්ජාවටවත් නොගෙන ඉන්නයි තිබුනේ..... ඔච්චර දුන්න ඒකේ විමල්ටයි ඩලස්ටයි දුන්නත් මොකද????

      Delete
    2. ඒක නෙමෙයි ටික්කා... අැයි අර බ්ලොග් ටික දැන් ලියන්නැත්තේ... ඒකක් පටං ගෙන ලියමුද????

      Delete
  10. දැන් තමයි ප්‍රබලතම විපක්ෂය ගොඩනැගෙන්නෙ කුරුටු.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර පැහැදිලි කොරහංකෝ................

      Delete
  11. විපක්ෂය කතාකලේ ජනතාව වෙනුවෙන් නෙවෙයි එයාලගෙ වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. ඒ හරහා අපිට අාරක්ෂාවක් ලැබුණා.. සියල්ල විවේචනය කරා තමයි... ඒත් කළ යුතු විවේචනයන් සියල්ල ඒ අතර තිබුණා.. දැන් කවුද ඒක කරන්න්..... ජවිපෙ නම් කැමතියි.. මොකද ඔවුන්ට මහා බලයක් සහ ජනතා ප්‍රසාදයක් ලැබෙනවා මේ වැඩෙන්.......

      Delete
  12. බස් එකක් හැප්පුනාම තුවාල කාරයෝ ගෙනියන්න ගමම එකතුවෙනවා. තුවාල කාරයන්ගේ ලේ ගෑවෙනවට බයේ සමහර වාහන එතන නොනවත්වා යනවා. නමුත් මිනිස්සු කරෙන් හරි තුවාල කාරයෝ අදිනවා. ත්‍රී වීල් මල්ලිලා ඕනෙ කෙහෙම්මලක් පටවාගෙන ඉස්පිරිතාලෙට අදිනවා.

    බස් ඩ්‍රයිවර්ට ගහන්න, බස් එක ගිනිතියන්න හදන පිරිසකුත් ඉන්නවා. තුවාල කාරයන්ට කිසිම උදව්වක් නොකර, සිද්ධිය ගැන මහා හඬින් බනින, විවේචනය කරන, පිරිසකුත් ඉන්නවා.

    හැබැයි ඔක්කොම එකතුවෙලා මීට පස්සේ බස් හැප්පෙන්නේ නැති විදිහේ මාර්ග විනයක් හදාගත්තනම් කවුරු කවුරුත් ගොඩ.

    ReplyDelete
    Replies
    1. වාව්.......... විචාරකතුමාගෙන් මනා වූ විචාරයක්.... දැන් තියෙන දේශපාලන ක්‍රමයත් බසයක් හැප්පුනාම අැති වුණා වගේ තත්වයක් තමයි.. ඒත් අපි ඒක හරියට කළමනාකරණය කර ගැනීමයි වැදගත්... නැත්තං අැත්තට ම මිනිස්සු බර ගානක් මැරෙයි... තුවාල කාරයොත් ලේ ගිහිල්ලා මැරෙයි.. ඒ නිසා අපි මේ තත්වය හරියට කළමනාකරණය කරගන්න අවශ්‍යයි.... ඔබගේ පරිණතකම මේ පැහැදිලි කිරීමම තුළම තියෙනවා කියලා අපිට හිතෙනවා....

      Delete
  13. පත්වෙච්ච ඇමතිවරු සුදුසුද?

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම නැහැ ඉන්ද්‍රජීත්...... මේ අාණ්ඩුවත් පැවැත්ම සම්බන්ධයෙන් වූ ගැටලුවට මුහුණ දෙනවා... ඒතැනදි ගන්නා තීන්දු තීරණ මත ජනතාව ඔවුන් ගැන තීරණ ගන්නවා.... මේක තමයි අතික්‍රමණය කළ යුතු පොයින්ට් ඒක... මොවුන් ඒතැනදී මහින්දට වඩා කිසිම වෙනසක් නැහැ... පරාදයි.........

      Delete
  14. නැවත කතිරයක් ගසනා දිනය පැමිණෙන තෙක් සියළු නාඩගම් දෙස උපේක්ෂාවෙන් බලාගෙන සිටීමේ වාරය නැවතත් උදා වී ඇත...

    ReplyDelete
    Replies
    1. අවුරුදු පහකට සහ හයකට වරක් මේ අවස්ථාව රීෆ්‍රෙෂ් කරගන්න ලැබෙනවා නේ අපිට................. හොද පුතා

      Delete
  15. ඔය ඔක්කොක්ම ලොක්කෝ බලන් ගියාම එකයි බන්. හොදක් කියන්න කවුරුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ උබලගේ සයිට් එකේ ස්ක්‍රිප්ට් එකක පොඩි අව්ලක් තියෙනවා, පොඩ්ඩක් බලහං.

      Delete
    2. නිමෝ.............. මොකක් හරි අවුලක් තියෙනවා.. පෝස්ට් කීපයකට ම යන්න බැරිව තිබුණා.. ඒවා ඩිලීට් කරා... ඒත් හොම් පේජ් ඒකට යන්න බැහැ.. අැයි දන්නෑ???? පොඩි උපදෙස් ටිකක් දීපංකෝ

      Delete
  16. මටනම් ඔය කිසිම දෙයක ලොකු ගතයුත්තක්වත් වටිනාකමක්වත් නෑ බං..මට තියන එකම දේ උඔලා ලියන ඒකයි කියවන ඒකේ සතුට විතරයි.

    ReplyDelete
  17. ඇත්තටම මේකට ජාතික ආණ්ඩුවක් කියන්න පුළුවන්ද? මේ ඔවුනොවුන්ගේ ගැටලු සහ ප්‍රශ්ණ විසඳා ගැනීමට සදාගත් හවුල් ආණ්ඩුවක් නොවේද. අර හත් හවුල වගේ. මෙතනත් ඉන්නවානේ කොටස් කීපයක්ම.

    ReplyDelete
  18. //අපි හොරු අල්ලනවා. ආයෙ හොරුන්ට ඉඩ නැතිවෙන්නම අර මොකද්ද කෙහෙම්මල වෙනස් කරනවා. // මෙහෙම කයියගහමින් ඉන්නෙත් හොරුද මන්දා. මෙහෙම කිය කිය ඉදල 19 කියල එකක් ගෙනාවා. ඒ ගමන්ම කට්ටිය බෙදිලා කටවල් වලින් ගහගන්නවා. අපි හුරේදම දමා ඇණකොටාගන්න නාට්ටිය බලා
    ඉන්නවා. ඔය අස්සෙ උඹ රොබට් නෙවෙයිද කියල කියල මේ කෙහෙම්මලත් අහනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...