Thursday, March 19, 2015

අතීතයේ ගිය උන්ට වගේම අනාගතයේ යන්න ඉන්න උන්ට..........



උඹලා පාඩමක් කියලා දුන්නා
අතීතයේ ක්‍රිකට් ගහපු උන්ට වගේම 
අනාගතයේ ක්‍රිකට් ගහන්න ඉන්න උන්ට
මෙන්න මේ විදිහට හැදියං කියලා
උන්ට යන්න පාර විතරක් නෙමෙයි
හයියත් උඹලා අරන් දුන්නා

උඹලා පාඩමක් කියලා දුන්නා 
අතීතයේ හිටපු නායකයන්ට වගේම
අනාගතයේ වෙන්න ඉන්න නායකයන්ට
අවශ්‍ය වෙලාවට කරලා අතඅැරපං කියලා
උන්ට කරන විදිහ විතරක් නෙමෙයි
අතඅරින්නත් උඹලා කියලා දුන්නා

උඹලා පාඩමක් කියලා දුන්නා
අතීතයේ සමුගත්ත උන්ට වගේම
අනාගතයේ සමුගන්න ඉන්න උන්ට
මෙන්න මේ වෙලාවට පලයං කියලා
උන්ට යන විදිහ විතරක් නෙමෙයි
යන කාලයත් උඹලා කියලා දුන්නා

තව ක පාඩමක් කියලා දීපල්ලා
අතීතයේ ගිය උන්ට වගේම
අනාගතයේ යන්න ඉන්න උන්ට
ගියාට පස්සේ මෙහෙම හිටපං කියලා
උන්ට නම්බු පිට ඉන්න විතරක් නෙමෙයි
නම්බු පිට මැරෙන්නත් කියලා දීපල්ලා ..............


තුෂාර විතාරණ


.

59 comments:

  1. ඕ යේස් ,,,, මං එක.....!!!

    ReplyDelete
    Replies
    1. ඔ් යේස්......... උඹ ඒක

      Delete
    2. //උන්ට නම්බු පිට ඉන්න විතරක් නෙමෙයි
      නම්බු පිට මැරෙන්නත් කියලා දීපල්ලා //

      ජයවේවා....!!!

      Delete
    3. යකෝ දැන්ද කවිය කියෙව්වේ.............

      Delete
    4. නැත්තන් යකෝ,
      ඕක කියව කියව ඉන්නකොට කවුරුහරි ඇවිත් ප්‍රථම ස්ථානයට කෙළගෙන යයි.

      Delete
    5. ඒකත් හරිනේ........... උඹ මොළකාරයා

      Delete
  2. හරියටම හරි ඒකයි වෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි........ සංගා සහ මහේල ගත්තා ම මට නම් පේන්නේ ලංකාවේ ක්‍රිකට් වලට මහත්මාකම ගෙනාපු මිනිස්සු දෙන්නා විදිහටයි...... කලින් හිටපු අයගෙන් අර්ජුන ලගත් ඔය ගතියම තිබුණා.... ඒත් අර්ජුන මේ තරම්ම සාර්ථක ව ක්‍රිකට් ජීවිතය ප්ලෑන් කරලා තිබුන් නැහැ.... සංගා මහේල ඒ අතින් සාර්ථකයි

      Delete
  3. අනික තමා දේශපාලනේට ගිහිං කිච වෙන්න එපා කියන එක!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නම්බු පිටින් ජීවත් වෙනවා කිව්වේ.......... දැන් සනත් ඒහෙම ඉන්නේ හෙලුවෙන්නේ.............

      Delete
  4. Replies
    1. යකෝ....... බ්‍රා......

      කයිය ගැන නෙමෙයි බොල අර්ථය ගැන කතා කර.....................

      Delete
    2. මට ක්‍රිකට් ගැන ලොකු දැනුමක් නෑ..ක්‍රිඩකයෝ දෙන්නා ගැන දනනෙත් උඔලා පත්තර මිඩියාස් කියන ඒවා තමයි..නොදන්න දෙමලේට ගිහින් වරිගේ නහගන්නෙ නැතුව මට දැනුන දේ කිව්වා බං.

      Delete
    3. ඒ අතින් මෙන්ඩා නියම කොල්ලා....... බොක්කෙන් ම කියනවා කියන්න තියෙන දේ............ හක්කේ මොකුත් නැහැ

      Delete
  5. විශිෂ්ටයි මචෝ. අතිවිශිඨයි. මට ලොකූ විස්වාසයක් තියෙනවා මහේල සංගා ඒ අන්තිම පාඩමත් කියලදෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අා......................... උඹ තාමත් ජීවත් වෙනවා නේද???? අැයි හිටපු ගමන් සද්ද නැතුව යන්නේ.... මචං පුළුවං හැම වෙලාවෙම ලියපං..... බ්ලොග් වලින් අෑත් වෙන්න ඒපා... උඹට තවත් යෝජනාවක් මං කරා.... දැන් ඒකට කාලේ

      Delete
    2. අහ්, බඳින්නද ? : D
      බොලාල හදන්නේ උඹලා වැටිච්ච වලේ මනෝෂ්වත් වට්ටන්නද ?

      Delete
    3. මනොෂ්,, අහුවෙන්න එපා ඔය ගැටේට...!!
      ඉස්සර සිංහයෝ වගේ හිටපු උන් දැන් බැන්දට පස්සේ බලු වෙලා.. :D :D ඉන්නවා. ඔන්න කිව්වා.. උබට ඕනේ එකක් කොරගනින් ... :P :P

      Delete
    4. අඩෝ................. සදරුවා... නිමෝ......

      උඹලා කොල්ලොද බං බදින්න ඉන්නේ.... මචං මේකයි.. තාම ලංකාවේ ඒකට අනුමැතිය දීලා නැහැ.. උඹලාට ඒහෙම අයිඩියා පාරක් තියෙනවානම් මචං කසාදය ලියාපදිංචි කරන්න ඒපා.... බැන්දේ නෑ වගේ ඒක ගෙදරක ඉදපං.... නැත්තං දන්නවානේ කතා හැදෙයි

      Delete
    5. මට වෙලා තියෙන අලකලංචිය බොලාල දන්නවනෙ. ඉතින් සමාවක් දීපියවු වෙනද වගේ එන්න බැරුවට. මෙහෙම හරි ගොඩවෙන්නෙ උඹල නැතුව බැරි නිසා. හැබැයි කවදාවත්ම බ්ලොග් එකනම් අතාරින්නෙ නෑ. මේ ටික කාලෙ ඇදන් ගියානම් ආයෙ අවුලක් නෑ.

      සඳරුවයි නිමෝයි මට හොඳ උපදෙසක් දුන්නෙ, උඹ වැටුනු වලේ නොවැටෙන්න. බොලාට ඉරිසියයි ඉතින්. (කවිකාරි මෙය නොදකිත්වා)

      Delete
    6. හත්තිලව්වයි........... මං නැට්ට පාගාගෙන..... යකෝ සදරුවා කියලා තියෙන්නේ වෙනමම කතාවක්.. මං ඒත් බැලුවා සදරුවා වගේ අහිංසක කොල්ලෙක් ඒහෙම කතාවක් කියයිද කියලා.... ඒත් නිමෝ විශ්වාස නැති ඒකා.. ඒකයි මං නොමග ගියේ......

      මනෝෂ්.......... උඹත් රෝන්ග් නේ... මං කිව්වේ යෝජනාවක් කියලා ඒහෙම දෙයක් නෙමෙයි........ මං උඹේ අවසානෙට දාපු කොමෙන්ටුව බලාපං.... ඒක කියෙව්වා ම තේරෙයි..........

      Delete
    7. ආ.. හරි හරි ඒව හරි. මං ඒවට රිප්ල්‍යි කරල තියෙන්නෙ.

      Delete
    8. උත්තර ලියලා මදි... වැඩේට බැහැපං

      Delete
    9. @ කුරුට්ටා,

      මම සුවර් නැති බුවා....
      අනේ නිකන් පලයන් යන්න.... උබ තමා සුවර් නැති මුනියා...!!

      @ මනොෂ්
      උබ නොබදින තාක් කල් බොට නිදහසේ ඉන්න හැකිවේවී....!!!
      (උබේ කවිකාරි මෙයත් නොදකිත්වා)

      Delete
    10. මචං නිමෝ මං මේ නිකමට අහන්නෙ. මුනියා කියන වචනෙ ලොකු තේරුමක් තියෙනවා නේද බං???

      Delete
    11. හා.. හා.... මේ... "මුනියා" කියලා කිව්වේ ජොලියට....!!!
      (මූ මගුලක් කතාකරනවා)
      වෙන කිසිම තේරුමකින් තේරුම් ගන්න හදන්න එපා බං. මොකද, "තුෂාර' කිව්වම ඊට වඩා වැඩිය තේරුම් තියෙනවා,
      (වැඩිපුරම නසරාණි වැඩවලට.)

      Delete
    12. @ මනෝෂ්................

      නිමෝ කිසිම දෙයක් ගණන් ගන්නැතිව කිව්වාට ඒකේ මොකක් හරි වෙනස් අදහසක් තියෙනවාද??????

      @ නිමෝ.....................

      අරකා වැදගත් දෙයක් කියන්න යන්නේ.... සද්ද නැතුව අහගෙන හිටු

      Delete
  6. සංගා මහී දැනටමත් බොහෝ පාඩම් කියා දී ඇත.
    ඉදිරියේදීත් ඔවුන් ආදර්ශවත් වනු ඇතැයි සිතමි.
    ගී පවුරට ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණ කු....

      ඒක තමයි ඔවුන්ගෙන් ඉදිරියට බලාපොරොත්තු වෙන්නෙත්.. සංගා සහ මහේල ඒක්ක ඩිල්ෂාන් ගත්තා ම වෙනස ඔ්කයි....

      Delete
  7. කුජීත වු දේශපාලනේට නෑවිත් හිටහල්ලා එච්චරයි..

    ReplyDelete
    Replies
    1. ඔ්ක ටිකක් පිළිවෙලට කියපු ඒක විතරයි උඩ තියෙන කවියන් අපි කරේ බොල

      Delete
  8. වැඩි දෙනෙක් කතා නොකරන සැබෑව මතුවීමට මග පෑදුවාට ස්තුතියි කුරුටු

    ReplyDelete
    Replies
    1. සාරිකා.......................

      ඒ අගය කිරීම හරිම වටිනවා......

      Delete
  9. අනිවාර්යෙන්ම ඔවුන් දෙදෙනා ඒ පාඩමත් කියා දේවි. ඒක බහුතරයකට වටිනා පාඩමක් වේවි. වෘත්තීය භේදයකින් තොරවම.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් අැත්ත සදරු.......

      අපේ මිනිස්සු බොහොමයක් දෙයක් අතහරින්න බයයි... බයටත් වඩා ලෝභයි....

      Delete
  10. //තව එක පාඩමක් කියලා දීපල්ලා
    අතීතයේ ගිය උන්ට වගේම
    අනාගතයේ යන්න ඉන්න උන්ට
    ගියාට පස්සේ මෙහෙම හිටපං කියලා
    උන්ට නම්බු පිට ඉන්න විතරක් නෙමෙයි
    නම්බු පිට මැරෙන්නත් කියලා දීපල්ලා ..............//
    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස් මචං

      Delete
  11. චා වෙන්නේ නැතිව හිටියොත් වෙනත් රටවල් වලින් සලකයි අඩුවක් නැතුව..

    ReplyDelete
    Replies
    1. මොකක් ද බොල ඒකේ තේරුම.......

      Delete
  12. තව එක පාඩමක් කියලා දීපල්ලා
    අතීතයේ ගිය උන්ට වගේම

    ක්‍රීඩාවේන් පසු උබලට
    දේශපාලනය කරන්න පුළුවන් කියලා

    හි හි හි .........

    ReplyDelete
    Replies
    1. මචං මැලේ......

      ඉස්සර හිටියා ලංකාවේ ක්‍රිකට් ගහපු නායකයෙක් අර්ජුන කියලා..... ඒයා ක්‍රිකට් වලින් සමු ගත්තාට පස්සේ දේශපාලනය කරන්න පුළුවන් කියලා කියලා දුන්නා.... තව හශාන් කියලා ටෙස්ට් නායකයෙකුත් හිටියා... ඒයත් ඒක කියලා දුන්නා.... තව මචං මෑතක ම විශ්‍රාම ගිය සනත් ජයසූරිය කියලා ක්‍රිකට් ගහපු කෙනෙකුත් ඒකම කරන්න ගිහින් අනාථ වුණා. ඒ හින්දා මෙයාලට කියලා දෙන්න පාඩම් ඒ පැත්තෙ නම් ඉතුරු වෙලා නැහැ... ඒ කට්ටියට මෙයාලට ටියුෂන් දෙයි.............

      Delete
  13. සමුගන්නේ හොඳම වෙලාවේ හොඳම තැන.
    දැන් තවත් අලුත් දෙන්නෙක්ට ඉඩ තියෙනවා.තමන් නැත්තම් ලංකාවේ ක්‍රිකට් නැහැ කියලා හිතන්නේ නැතුව අලුත් අයට ඉඩ දෙමින් යන මේ සමුගැනිම ඇත්තෙන්ම හොඳයි.
    උඹලා දෙන්නා අපේ හිත්වල හැමදාම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වැදගත් ඒකයි මනෝජ්.............

      මට මතකයි අරවින්දගේ අන්තිම මැච් ඒකේ ඔහු දෙවැනි ඔ්වරයත් දැම්මා... දිගට ම බෝල් කරා විතරක් නෙමෙයි ඒ ඔහු පීක් ඒකේ හිටපු කාලයක්...... ඔහු නම්බු පිටින් ගියා..... තාමත් ඉන්නවා.....

      Delete
  14. බිස්නස් බැරිනම් ඕන බඩකඩුත්තුවක් කරගෙන ඔය හිටියා වගේ ඩීසන්ට් පිට හිටපල්ලා... අර සනත් වසූරිය (මාතලන් ගෙන් කොපි කලෙමි...) වගේ අපිට ලැජ්ජ කරන්නනං එපා මෙච්චරකල් උඹලයෙ ඩයි හාඩ් ෆෑන්ස් ල උනු එකට.. නොදකින් තොපි දෙන්නා.. (දේශපාලනේදී.. :-)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම ප්‍රාර්ථනා කළ යුතුම දෙයක් කමියා

      Delete
  15. දේශපාලනේට ඇවිල්ල ක්‍රීඩා ලෝලීන්ව දෙකෙන් බෙදන විදිය උගන්නන්නෙපා.. මරු අදහස් ටික...

    ReplyDelete
    Replies
    1. තැන්කූ සාජ්ජෙයෝ

      Delete
  16. වෙන්න ඕන අන්න ඒක තමයි.. කලින් අය වගේ පක්ශයකට හේත්තු වෙලා චාටර් වෙන්න තරම් ඕන කමක් නැතුව ඇති කියලා අපි හිතනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දිනේෂ්.................

      මේ මිනිස්සු දෙන්නා මේ තරම් කාලයක් වැඩ කරපු විදිහ නම් හොදයි... ඒ නිසා දේශපාලනයට නොඒවි කියලා හිතමු......

      Delete
  17. Replies
    1. නියම කොමෙන්ටුව

      Delete
  18. ඒ අන්තිම පාඩමත් උගන්නන් ඕනි.. නැත්නම් මෙච්චර දවසක් ආදරේ කරපු අපිම එයාලවත් පිලිකුල් කරන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අනිවා මහේෂ්..........................

      Delete
  19. මෙවැනි ක්‍රිකටර්ස් අතීතාච
    මෙවැනි ක්‍රිකටර්ස් අනාගතා
    පච්චුප්පන්නාචයේ ක්‍රිකටා
    අහං වන්දාමි සබ්බදා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...