Saturday, March 14, 2015

කොටාපන් මට කොටාපන් තව හයියට ..........



දෑතේ වීරිය දමා මා ගෙල සිදින්නට නුඹ තනනවා
පවක් මිස ඉන් පිණක් නොලැබෙන බවක් නුඹ නොම දන්නවා
නුඹේ දරුවෙක් වෙතොත් මයෙ තැන කෑ ගසා දිවි පතනවා
නුඹේ ඔය අත රැදුණු මුවහත කොහොම පහළට හෙළනවා

දැනට මරලා අම්මා අප්පා මිතුරු කැළ මා හා සිටී
තවත් ඉදලා කුමටදැයි මට බලාපන් ලේ යන හැටී
කිසිත් කරදර නුදුන් උන් හැම මැරුණේ අැයි තැන තැන වැටී
මාත් මරලා දෙවියෝ තුටු කොට සැනහියන් මට ය වටී

කීව දහමක් කීව දෙවියෙක් වේවි නම් අප මරණට
ගොහින් හොද හැටි බලාපන් ඉන් ලබෙන දේ ගැන නුඹලට
පණක් නහලා ගන්න හැකිවෙද සුගතියක් දිවි ගමනට
ගන්න හැකි නම් කොටාපන් මට කොටාපන් තව හයියට ..........


තුෂාර විතාරණ


.


41 comments:

  1. උන්ගේ විස්වාස නේ බහුබූත. මේ ලෝකේ කාටවත් එක වගේ මොලයක් දැනුමක් දෙන්න බෑ බං.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒත් මෙහෙම වැඩ කරනවාද??? සිය දහස් ගාණක් සත්තු මරලා මොනවා ලබා ගන්න ද බං

      Delete
    2. ඒක තමා මාත් අහන්නේ.. දැං උඹ අහල බලහං උන් ගෙන්ම මොකක්ද මේකේ තේරුම කියලා.

      Delete
    3. අන්න ඒකයි දේශකයෝ ගැටලුව... උන්ට කවුරු හරි උගන්නනවා මේක තමයි අාගම කියලා... ඉතින් උන් සත්තු මරනවා... වැරැද්ද උන්ටත් වඩා මේවා ප්‍රචාරය කරන උන්ගේ... මේ අාගම් වැරදි විදිහට භාවිතා කරන උන්ගේ

      Delete
  2. මිත්‍යාව බව දැන දැනත් එහිම ගැලෙන්නා, මනුෂ්‍යයකු නොව, මනුෂ්‍ය රූපයෙන් සිටින ප්‍රේතයෙකි.

    ReplyDelete
    Replies
    1. දැං බලන්න මයේ මාමන්ඩියෝ.. මහින්ද මිත්‍යාවක් බව දැන දැනම අපේ උන් දේවාල හදන්නේ. මේකත් ඒ වගේ..

      Delete
    2. විචාරකතුමෝ................

      කතාව අැත්ත... මිත්‍යාව කියන දේ අපි දැක්කාට... ඔවුන් දකින්නෑ,.. ඔවුන්ට අනුව ඒක තමයි ඒකම දහම.... ගැලවීම.... පවු සේදීම.... යකඩෝ පව් හොදනවා කිය කිය පව් පුරවා ගන්නවානේ..... මිනිස්සුන්ට මේ අන්ධ භක්තිය දුන්නේ කවුද???

      Delete
    3. බොල දේශකයියේ.............

      දැන් මහින්ද කොහොම ද මෙතෙන්ට අාවේ......... මේක මැක්කාගේ කතාව වගේ වුණානේ....????

      Delete
  3. මැරෙන එකාද, මරණ එකාද හරකා කියලා හිතෙනවා.........

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි මැලේ................

      මේවා මොන දේ කරත් තවත් පණක් නහනවා කියන දේ නම් පිළිගන්න හැකි දෙයක් නොවෙයි.....

      Delete
  4. මන්නය උස්සන් උන් ෙකාටන්ෙන් උන්ෙග්ම අාත්මයට වග උන්ම ෙනාදනී

    ReplyDelete
    Replies
    1. ඔව් වැව්.......

      මේ කරන්නේ පවක් කියලා නොතේරෙන ඒකයි වැරැද්ද... මේකෙන් වෙන දේ නොතේරෙන උන් සතාට දැනෙන දේ ගැන කවදා හිතයිද????

      Delete
  5. හැඳි ගෑවී පලයං ය අල්ලපු නිවැස්සා
    පතලා හූනියං බලි බිලි පුදල්ලා
    උණු ලේ හොයන මේ නොමිනිස් සියල්ලා
    විණ දෙන්නේ ලොවට දෙවියනි බලල්ලා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ගස්............... ඔය දේව සංකල්පය නොවන්නට මිනිස්සු මීට වඩා හොද වෙන්නටත් ඉඩ තිබුණා.............

      Delete
  6. නෙත් කකියවන ඉමේජයක්!
    හද කකියවන කවියක්!!
    හිත පාරවන කොමෙන්ටුත්!!!
    හෝමො සාපියන් කිව්වට අපි අතර තවමත් හෝමෝ ඉරෙක්ටස්ලා ඉන්නවා


    ReplyDelete
    Replies
    1. වාව්............ සාරිකා.............

      හිත ගැස්සිලා යන විචාරයක්

      Delete
  7. ආත්මයක් නැති හැත්ත..
    ආගම ආගම කියල මේ කරන්නෙ අමු තිරිසන් වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්න ඔලුවක් නැති ජාතියක්...... අමීර්ඛාන් ඉන්න පී.කේ ෆිල්ම් ඒකේ අභියෝග කරන්නේ මේ විකාර අාගම් වලට තමයි... අාගමක කියන දේවල් මිනිස්සු විසින් තමන්ගේ අවශ්‍යතාවයට විකෘති කර ගැනීම තමයි මේකට හේතුව.... මේ විදිහේ දේවල් අාගම් වල කියලා තියෙනවානම් විශේෂයෙන් ම අාසියවට නෑකම් කියන අාගම් වල සත්තු මරන්න කියනවානම් ඒ අාගම ගැන අායෙම හොයලා බලන්න වෙනවා...

      Delete
  8. මිත්‍යා විශ්වාස අදවගේ දියුණු යුගයකත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තව කොච්චර ලෝකය දියුණු වුණත් මිනිස්සු නොදියුණු වෙනතාක් මේවා ලෝකයේ තියේවි....... අපි දියුණුයි කිව්වාට සත්තුන්ටත් අන්තයි වෙලාවකට

      Delete
  9. කවදා මේ දුර්මත ලෝකෙන් තුරන් වෙඉද මන්දා.

    ReplyDelete
    Replies
    1. අැත්ත ගිමන්.... ඒදා වෙනකල් අපිත් කැලෑ සත්තුන්ට සමාන ජාතියක්.. මිනිස්සු කිව්වා ම තියෙන්න ඔ්න ගති අපේ ළග නැතිනම් මනසේ උසස් කමක් නැහැ........

      Delete
  10. වේදනාව ඕනිම සතෙකුට දැනෙනවා. ඒත් අපි මදුරුවෙක් මරන්න පැකිලෙන්නෑ. සතෙක් ලොකු වෙන තරමට ඌ මරන එක අමාරුයි. ඌ විඳින මරණීය වේදනාවත් වැඩියි වගේම විඳවන වේලාවත් වැඩියි. සංවේදී පැදි පෙලක් තුෂ්..
    ෴මධුමාධවී෴

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධ්..................... (අනේ මන්දා,.......)))))

      Delete
  11. ආපෝ මට මේක දැක්කම කටට ආව සෙට් එකක්.. මේ කීබෝඩ් ඒකෙ තෝර තෝරා ටයිප් කරන්න බැරි කමට නිකා ඉන්නවා.. විකාර මනස්ගාත විශ්වාස..

    ReplyDelete
    Replies
    1. ඔව් අගහරුවෝ...............

      මෙහෙම ලෝකයක් මේක....

      Delete
  12. මට මෙතන ගැටළුවක් තිබෙනවා. සයිබරයේ පොෂ් පිරිස ( ඔබ ඉලක්ක කරගෙන කීවක් නොවේ. ) බිලිපූජා වලට විරුද්ධයි. මස් සදහා සතුන් මැරීමට එකඟයි. අලින් පෙරහරේ ගෙනයනවාට විරුද්ධයි. මේ පරස්පරය කුමක්ද
    බිලිපූජා යනු ඒ අයගේ ආගමික හැඟීමකින් එන ශුද්ධ දෙයක්. ඒකට විරුද්ධ වෙනත් විශ්වාසයන් තිබෙන අයයි.ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මස් සදහා සතුන් මැරීම වැරදි නැහැ.මුළු ජීවිත කාලයම සිරුරේ ප්‍රමානයට තැනූ කුඩා කොටුවක දැමූ ඊරියන් ගැන ප්‍රශ්නයක් නැහැ.
    පසුගිය කාලයේ ගව ඝාතන වලට එරෙහි වූ භික්ෂූන් ගේ පරස්පරය ඝැනත් මම ප්‍රශ්න කළා . මා මෙය දකින්නේ පොෂ් සංස්කෘතිය ( එනම් පශ්චාත් ක්‍රිස්තියානි සංස්කෘතියා තුල හරි වැරදි ගැන ඔවුන්ටම ආවේණික මිණුම් දඩු තිබෙන බවයි.

    ආහාර පිණිස සතෙක් මරනවා එහි වරදක් නැහැ. ඒක එයාගෙ විශ්වාසය හා කැමැත්ත. සතුන් මිනිසාගේ ආහාරය පිණිස මවා ඇත කියන එක.කැලේ කොටියාත් කරන්නෙ ඒකනෙ. යම් ප්‍රාර්ථනාවක් සඳහා බිලිපූජාවක් කරනවා .ඒක එයාගෙ විශ්වාසය හා කැමැත්ත. එහි අමුතු වරද කුමක්ද

    මම කියන්නද වැඩක්. අපි මේ දෙගොල්ලන්ගෙම විශ්වාසයන්ට ගරු කරමු.

    මිනිස්සු නිර්මාංශ වෙලා අවුරුදු දෙදහසක් වත් නෑ. ඒක ස්වාභාවික දෙයක් නොවෙයි. ඒ වගේම හැමදාමත් බිලිපූජා කළා . අපි උපේක්ෂාවෙන් බලමු. සුද්ද කෝට් දාගෙන බිලිපූජා කළා නම් අපට පොඩි ත්‍රිලක් තියනව .ඒකයි මෙතන අවුල.සුද්දගෙ රාජ විකාර වලට අපි ග්‍රීටින් කියල කියන්නෙ. අපේ ඒව වැඩවසම් විකාර කියන ගමන්. මෙතනත් එහෙම දෙයක්.

    ReplyDelete
  13. ඌණ පූරණයක් කරන්න අවශ්‍යයි. මම නම් සතුන් මැරීමට විරුද්ධ නැහැ. විරුද්ධ මරන ආකාරය ගැනයි. ස්පාඤ්ඤයේ ගොන්පොර ගැන ලොකු විරෝධයක් සයිබරයේ නැහැ. ඒත් ඉන්දියාවෙ බ්ලිපූජා ගැන සයිබරය පිරිලා. ගොන්පොරවලදි ගවය මරන හැටි ම්ලේච්ඡයි. හැබැයි කරන්නෙ ශිෂ්ට සුද්ද
    හරි වැරැද්ද තීරණය වෙන්නෙ එතනදි
    සත්ව පාලනය නරක දෙයක් නොවෙයි.ඒත් මස් සදහා ඇතිකරන සතුන් හදන්නෙ ඉතාම අපහසු වේදනාකාරී ක්‍රමවලට.
    අලින්ට ලංකාවෙ දෙන වධවලට මම විරුද්ධ ඒක නොනවට්‍රහින විදවීමක් නිසා. මරන එක එකයි එතනින් ඉවරනෙ.
    අලින්ට වධ දෙන එකට විරුද්ධ පොෂ් අය ඌරන් වැනි සතුන්ට දෙන වධ වලට විරුද්ධ නැහැ. යමකට විරුද්ධනම් ඒක පැහැදිලි වෙන්න ඕන
    මස් රස වෙන්න කියල සතුන් එකපාර නොමරා වධ දී මරන ක්‍රම තියනව. ඒ එකකටවත් සයිබරයෙ විරෝධයක් නෑ.
    සයිබරයෙ අවිහිංසා ආකල්ප සාධාරණ නැහැ. එතනයි ගැටළුව. ඔබේ නිර්මාණය තුලින් මා වෙනත් ඉසව්වකට ගියා. නිර්මාණය විචාරය කළේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් මට නැහැ.

    ReplyDelete
    Replies
    1. මචං................ ම.ම

      කමෙන්ටු දෙකට ම ඒකපාර සාකච්ඡාවක් ගන්නම්..... පොෂ් සංස්කෘතිය ගැන නම් දන්නෑ... ඒත් අපි මොනම සතෙක්වත් මොනම දේකටවත් මරණවාට කැමති නැහැ... මචං සතෙක් කියන්නේ පණක්... උෟට දැනෙන දේ..... ඒ සතා මරන්න අපි උෟව හදලාද,,,??? ඒක වෙනම ජීවිතයක්.... අපි මේ කතා කරන්නේ අවිහිංසාව තමයි.... මොන අාගමක්ද මචං පණක් නහන්න කියන්නේ.... ඒහෙම කියනවා නම් ඒ අාගම ගැන ඒ මිනිස්සු දෙපාරක් හිතන්න වෙනවා.... අපි මේ කවිය හරහා උත්සහ කරේ සත්තු මරණ ඒක ගැන කතිකාවක් හදනවාටත් වැඩිය අාගම් භාවිතා කරමින් මිනිස්සු කරන ව්‍යාපාර ගැන කතා කරන්නයි...... ඔබ සත්තු මැරීම යම් අාකාර වලට අනුව අනුමත කරනවානම් ටිකක් හිතන්න කවුද පොෂ් කියලා.....

      නිර්මාංශ කියන සංකල්පයට ඒච්චර පරණ ඉතිහාසයක් නැතිනම් ඒක හොදයි.. ඒ කියන්නේ මිනිස්සු දැන් කැලේ සත්තුන්ගෙන් වෙනස් වෙමින් යනවා.. ඒක තමයි විය යුත්තේ..... අපි ඒ සත්ව ගති වලින් ඉවත් විය යුතුයි.....

      Delete
  14. මරන්න කැමති හමෝම "අත්තානං උපමං කත්වා"
    මොන දේකට උනත් තවත් පනක් නසන්න තිරිසනෙකු නොවන කිසිවෙකුට අයිතියක් නැහැ. එහෙම ඇතැයි යමෙක් සිතනවානම් ඔහු මරා දැමීමත් තවත් අයෙකුගෙන් සිදුවන සධාරණ ක්‍රියාවක් විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඒකගයි ලංකා............. උපරිමයෙන්ම

      Delete
  15. කමෙන්ටුවක් කොටන්නවත් හිතෙන්නෙ නෑ පිංතුරය දැක්කාම.

    ReplyDelete
    Replies
    1. ඒහෙනම් බිස්නස් ඒකක් කරගෙන හිටහං

      Delete
  16. මේක හරිම විවාදාත්මකයි.. අපි හැමෝටම නොයෙක් නොයෙක් ආකරයෙන් ඇඟිල්ල දික්වෙන මාතෘකාවක්.. මොනව උනත් මේ ක්‍රමයනම් හරිම තිරිසන්.. ආගමික ඇදහීමක් පමණක් කියල හිතලා 'මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම' කියල ඉන්න පුළුවන් කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කමියා කතාව... මේ අාගම් වල මේ දේවල් මෙහෙම කරන්න කියලා නැහැ.... අාගමික නායකයා ගත්තා ම මේ දේවල් කියලා නැහැ... හැම අාගමක් ම හරිම අවිහිංසාවාදීයි... ඒත් ලෝකයේ මිනිස්සු සත්තු මරන තරමක් මරන්න අාගම තමයි භාවිතා වෙන්නේ

      Delete
  17. මරණාසන්න කවියක්
    අනගියි
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ කු

      Delete
  18. කාලකණ්ණි යක්කු බං මුන්. වෙන මොනා කියන්නද.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.................. මොකද මේ දවස් වල සද්ද නැත්තේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...