මාමේ මාමේ එස් බී මාමේ
කොහොමද ඕවා කියන්නේ මාමේ
99යෙ හොර කළ හැටි මාමේ
රෙදි අැදගෙනදැයි කියන්නේ මාමේ
ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ
මරිච්ච ඡන්දත් දැම්මද මාමේ
ගහලා පන්නලා හොර කළ මාමේ
මාමා කළ වැඩ මේවද මාමේ
මේ ඡන්දෙත් මෙහෙවනවද මාමේ
හොර ඡන්දත් වට්ටනවද මාමේ
මැරිච්ච, නොඅාව ඡන්දෙන් මාමේ
මහින්ද මාමා දිනයිද මාමේ
කලින් දිනෙක කට හින්දා මාමේ
දෑ වසරක් හිරගේ දුටු මාමේ
මෙදත් විපක්ෂයේ හිටියොත් මාමේ
තියෙන දෙකත් නැති වෙනවා මාමේ
99යෙ රස කතාව මාමේ
14රේ දී දිගහැරි මාමේ
15වෙ කරනා බලුකම් මාමේ
කියන්න ඉන්නේ කවද්ද මාමේ ......................
කසුප් අනුරාධ
.
ගීපවුරෙ ගී වල අන්තිම කොටස තමා හැමදාමත් මරේ මරු.මේ මනුස්සය මේ කරපු කතාව පාරාවලල්ලක් වෙනව.චන්දෙන් පස්සෙ මහින්ද දිනුවොත් විපක්ෂෙ මේ කතාව පට්ට ගහයි.
ReplyDelete1999 කතාව ඇත්ත. ඒ වෙලාවෙ දෙවෙනි මනාපෙ ගනින්න වෙනව . ඇහැට වැටුන චන්දත් එක්ක 50% ගත්ත.හොරචන්ද 2% යි ඇහැට වැටුන චන්ද 2% යි එකතුවෙලා 50% ගත්ත.
මෙතන එස් බී විතරක් නොවේ එස් බීව මෙහෙයවපු අයත් වගකියන්න ඕන.
1994- 2005 කතන්දර හුඟක් එලියට එයි
නොදකින් මේ බල්ලා උගේ පඩික්කම් කටෙන් කතාකරන ඒවා අහන්න දකින්න ලැබීමත් අපේ පූරුවේ පවක්. මුන්ව තමයි ඉස්සරවෙලාම දේශපාලන කුනුකූඩේට දාන්න ඕනෙ. අනේ අම්මපා අපේ මිනිස්සු මේ වගේ බල්ලන්ටත් ඡන්දෙ දෙනවනේ.
ReplyDeleteදේශපාළණ වසලයෝ කියන්නේ මේ වගේ උන්ට. මුන්ගේ කටේ රෙන්න ඕන දවසක.
ReplyDeleteමේ කතාව නිව්ස් වලට මෙයාගෙ කටින්ම ඇහුවම මට හිතුනෙ මෙහෙම කෙනෙක් අපේ සෞරග්‍රහමණ්ඩලයෙ ඉන්නවනෙ කියල.
ReplyDeleteවතුරේ උන්නත් මාළුත් මාමේ
ReplyDeleteනැහෙන්නේ කට හින්දලු ලොකු මාමේ
බෝක්කු කට යලි ඇරියද මාමේ
ReplyDeleteජම්පර ඇන්දා මතකද මාමේ
පිස්සුද නැත්නම් හැටිමද මාමේ
කැම්පස් ටිකටත් මේමද මාමේ
පේන්න බෑ ඔය වාචාලයා... අපේ සමහර මාධ්‍ය මගිනුත් මේ වගෙ උන්ගෙ මෝල් කතා හොය හොයා ප්‍රවෘත්ති මැද වෙනමම දාල ප්‍රමෝට් කරන්නෙ ඔය. තුක්.......
ReplyDeleteහොද දස්සයා. පව් ඒත් දැං නං..
ReplyDeleteමටනම් මහා අප්පිරිය මනුස්සයෙක්.. ටීවී එකේ පෙන්නපුවම ටී වී එකේ තිරේ සෝදන්න හිතෙනවා.
ReplyDeleteහොරු සමග හෙලුවෙන්.................
ReplyDeleteතුක් ඉතරක්...........
කවි පෙල නං පට්ට පට පට කුරුට්ටෝ
//ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ
ReplyDeleteකියන්න ඕන ඔක්කොම මේ පේලියෙන් කියවෙනවනෙ.
ඇයි මේ රට ඉන්න අපි වගේ අයගේ ඡන්ද.. ඒවත් අපි නැතත් වැටෙයි මං හිතන්නේ..
ReplyDeleteඑල ද බ්‍රා
ReplyDeleteසන්මිනිහගෙ උසස් කමක් නැති නිසාද කොහෙද පව් මහින්ද ලොක්ක "උසස් " කියල තියෙන ඇමති කමක් දීල තියෙන්නෙ. කරුමෙට ඒක "උසස් අධ්‍යාපන " ම් උනානෙ. සුදු බණ්ඩා අකුලගෙන ගියා වෙලාවට
ReplyDelete