පොඩිනම : නායක හිමියනි මා හිත පෙළනා පැනයකි
නායක හිමි : කිමද කියා එය පවසන් පොඩිනම දැන් හැකි
පොඩිනම : ගැහැණුන් ගැන බුදු දහමේ දේ මට පැටලෙයි
නායක හිමි : කිමෙක්ද ඒ ටක්කෙට මට තවම නොතේරෙයි
පොඩිනම : කෙලින් අසන්නට මගෙ සිත බිය වී වෙයි මැලි
නායක හිමි : කියමු ඉතින් දැනගන්නට නැහැ මට ඉවසිලි
පොඩිනම : ගැහැණු ඇසුර මහණ අපිට අකැපද හිමියනි
නායක හිමි : නපුරු කාම ගින්න එයම වෙයි පොඩි හිමියනි
පොඩිනම : තනිවුවොතින් මාත් සමග තරුණ ළඳක් කෙසේ ?
නායක හිමි : මඟහරිමුකො ඇයව ඉතින් පත්තු නොවී විසේ
පොඩිනම : ඒත් අරුම වෙලාවකදි වූවොත් කරදර
නායක හිමි : ඒ කුමක්ද කියමුකො මම දෙන්නම් සැක හැර
පොඩිනම : නිදාගන්න සිදුවුවොතින් තරුණ ළඳක් ළඟ
කුමක් වෙයිද මහණ කමට හිත කරවයි දඟ...
නායක හිමි : පවක් නැතිය නිදියනවානම් සිදු වන්නේ
ඒත් නිදා නොගන්න එක නොවැ මහ ප්‍රශ්නේ...
අසංක ගයාන් අබේසිංහ
හැක් හැක්.. නිදි කරවලයි බලන්න තිබුනේ..
ReplyDeleteහප්පේ දේශකයා සෑහෙන කාලෙකින්...ඒක තමයි...දොයිය බබා කොයෝලම බලමු නේ...
Deleteමරු යකෝ ස්ට්ටි නමටත් තියෙන පුරස්න...
ReplyDeleteහැබැයි දෙන්නම තකට තක...
හිහි
ජයවේවා
බලහන්කො මහේෂ්...අපිටවත් නැති ප්‍රශ්න නොවැ වහන්සේලාට තියෙන්නේ නේද...
Deleteකියලා වැඩක් නෑ පවසලා පලක් නෑ
Deleteනිදියනවානම් නැත පව් සිදු වන්නේ
ReplyDeleteනිදි වදිනා එකනොවැ මහ ලොකු ප්‍රශ්නේ
ෂෝක්...!
ගිහින් ගිහින් අපේ දහම එක්කත් නිදිවදින වහන්සේලා තමයි ප්‍රශ්නේ මධුමාධවී...
Delete/නිදි වදිනා එකනොවැ මහ ලොකු ප්‍රශ්නේ
Deleteෂෝක්...!/
දැං එතකොට ෂෝක් කිව්වේ නිදි වදින එකටද??? හැක්හ හහහහනකැ්
ඒක කොච්චර ෂෝක්ද?
Deleteමං කිව්වෙ කුරුටුගෙ කවි ටිකට. (මේ විදානෙ මහත්තයනං අම්මපා...!)
මේ විදානයට මහත්තයෙක් කිව්ව හැකිද ඈ...?
Deleteමාධවී................
Deleteවිදානයාට විදානිවත් මහත්තයා කියන්නේ නැහැ..... වැඩි ගෞරවයක් දෙන්න එපා ගෝණි නැතුව කරේ නගින්න එයි///
තුෂාර
පොඩි නම නම් ලොකු නින්දක් ගහල වගේ...
ReplyDeleteඋන්වහන්සේ නිදාගෙන නැහැල්ලු බං...ඒක කරන්න කලින් නොවැ අහන්න හිතල තියෙන්නෙ...
Deleteහාන්දුරුවරු නිදා ගන්නේ නෑ.. සැතපෙනවා..
ReplyDeleteඑහෙම හාන්දුරු කෙනෙක් එක්ක නිදා ගන්න සින්දුවක් තියෙනවා අහලා තියෙනවද..
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ //
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ
ඇසිපිය හෙල හෙල අත වනා //
මදහස මතුකොට හිනැහුණා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
උකුලත සුව පිට හිත තියා //
නැලවුණි මධු රස ගී කියා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ රන් ගිරවෙකි
සිඹ සිඹ මගෙ වත සැනසුනා
සුර ලොව සුර සුව වැටහුණා
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ පිපි කුසුමෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
ගායනය - සුජාතා අත්තනායක
සංගිතය - එම්.කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර
අල්ලපු ගෙදර චිත්‍රපටියෙන්
උපුටා ගැනීම
- ගී පැදුර බ්ලොග් අඩවිය -
මාතලන් හරියට හරි...වහන්සේලා සැතපෙනවා තමා...ඒත් මම ඒ වචනය නොදැම්මේ හිතලමයි...ඒකට හේතුව දැන් ගොඩක් වහන්සේලා කරන වැඩ දැක්කම ගිහි වචනම හරි ඊට එහා තියන වචන හරි විතරක් ගැලපෙන හින්දා...මේ සින්දුවාගෙ දක්ෂතාව බෝ වෙලා තියෙන්නෙ හැමෝටම...මරු...බොහොම ස්තුති වේවා ඉතිං මේ දක්වන අනුග්‍රහයට ඕං...
Deleteෂැහ් අසංක අයියා..............
ReplyDeleteකවිය නම් නියමයි... අම්මපා මේ පොඩි නමලාටත් තියෙන ප්‍රශ්ණ...... හැබැයි පොඩි නම කිව්වට පොඩි ගතියක් නම් පේන්නෙම නැහැ.................
සහෝ,
Deleteඋඹත් ඉතිං දැකලා ඇති නොවැ අපේ සමහරක් නමලා කොරන පිං අතේ වැඩ නෙහ්...
දැං එතකොට උඩ කොමන්ට්එක දාපු එකාට නමක් නැද්ද??
Deleteතියනවා... සී.ජේ. විදානේ...
Deleteවිදානේ..................... නමක් තියෙනවා උඹට දැනගන්න ම ඕනේද?
Deleteතුෂාර
දැන් නින්ද යයි නේද??????
අසංකයටත් හිතෙව එව්වා. සිරාවටම බං හාමුදුරුවො ගැනනම් මහ අප්‍රසාදයක් තියෙන්නෙ මට දැන්. දැකල ඇතිනෙ අර ගන පැටවු සෙට් එකක් ආවාස ගෙයක් ඇතුලෙ "මගෙ ස්වීටි කෙල්ල" කියන විදිය.
ReplyDeleteමනෝෂ්...බුදු දහම වුණත් යම්කිසි කාලෙකදී නැතිවෙලා යන බව බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවනේ...මේ පහල වෙන්නේ ඒ රෝග ලක්ෂණ...
Deleteකතාකරන්න එපා ඔය ගැන. වැඩක් නෑ, දැන් වෙනදේවල් දැක්කම හිතන්නෙ සසුන්ගත වෙන්නේ තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙන්න මිසක් වෙන කිසිදේකට නෙමෙයි.
ReplyDeleteගොඩක් ඇත්ත නිමෝ...සමහර අය මහණ වෙන්නෙ නොමිලේ ඉගෙන ගන්නයි, බස්වල යන්නයි, සේවා ලබාගන්නයි, ඉඳුම් හිටුම් කෑම බීම ගන්නයි, පුද සත්කාර ගන්නයි, ඒත් එක්කම ගිහියොන්ටවත් නැති කාම ආතල් ගන්නයි...අපේම බාල මහලු තරුණ අම්මණ්ඩිලත් ඉන්නවනේ ඉතින් රහස් පූජා කොරල මහත්ඵල මහානිශංස තියන පිං ලබාගන්න සැදී පැහැදී ඉන්න...මේ සේරොම අපූරුවට කරගෙන හිමින් සැරේ සිවුරු ගලෝල හොඳ රස්සාවක් කරගෙන පවුල් වෙලා ගිහියෙක් වෙනවා...හරිම ලේසි වැඩේ...
Deleteඋඹටත් එන්නෙ මරු අදහස් තමා... :D
ReplyDeleteබොහොම ස්තුතියි සංචාරකයා...මේව මගෙම අදහස් නෙවෙයි සම්පූර්ණයෙන්ම...මටත් ඔය කොහෙන් කොහෙන් හරි කනට වැටෙන අමුතු කතා කෑලි එකතු කරලා හදන ඒව නොවැ...හික්ස්...
Deleteහුඟක් පොඩි හාමුදුරුවරු අවබෝධයෙන් කළකිරිල නිවන් මාර්ගයෙ යන්න හිතාගෙන පැවිදි වුන අය නොවෙයි.දැන් ඒ අය ඔය ප්‍රශ්න අහන්නෙ ලොකු හාමුදුරුවන්ගෙන් නොවෙයි බුකියෙ පොරවල් වලින්
ReplyDeleteමට මතක්වෙනව කුරානයෙ මේ ගැන කියල තියෙන එකක්
ගැහැණියක් හා පිරිමියෙක් තනිවුනහම තුන් වැනියා ලෙස ශෙයිතාන්(සාතන් නම් මිනිසුන් නොමඟ යවන යක්ෂයා ) එනවළු.
ආ තව එකක්.මේව බුකියෙ දැම්මනම් ලයික් දහස් ගනනක් එයි.දැනටමත් බුකියෙ ශෙයා වෙනවද මන්ද මම බුකියෙ නැහැනෙ
බොහොම ස්තුතියි මතයෝ...මේකට මට හිතුණු හරියනම උත්තරය මීට කලින් කමෙන්ට් එකෙන් නිමෝට දුන්නා...ටිකක් බලපන් තරහ නැතුව...බුකියනම් ඇත්තම කියන්න මට පේන්න බැරි තැනක්...ඒක මට හිතෙන්නෙ හරි අනවශ්‍ය හිසරදයක් බලෙන් හදාගන්නවා වගේ වැඩක්...
Deleteඅසංක.....................
Deleteඔය උඩින් කමෙන්ටුව දාලා තියෙන්නේ කලින් හිටපු යකා... දැන් මේකා නම වෙනස් කරලා...
මධ්‍යස්ථ යකා.....
ඇත්තම කතාව අපි කණ්ඩායමක් හැටියට බුකියේ නැහැ. ඒ වගේ ම මටත් බුකියේ අකවුන්ට් එකක් නැහැ... බුකියේ ගණුදෙනු අපේ බොහොම අඩුයි... අපිට ඇත්තට ම අවශ්‍ය වෙන්නේ බ්ලොග් සහෘදයන් වගේ දැනුමක් සහ බුද්ධිමත්භාවයකින් කටයුතු කරන සමූහයක් එක්ක එකතු වෙන්නයි. බුකිය කියන්නේ කාලකන්නින්ගේ තෝතැන්නක්..... ඒක බ්ලොග්කරුවන් අතර ඇතිවන විදිහේ සංවාද වලට හෝ නිර්මාණ වලට හෝ සුදුසු තැනක් නෙමෙයි.................
මම තුෂාර
ඔව් තුෂාරයෝ...මම දන්නවා මූ ඉස්සර යකා කියලා...දැන් ඉතින් ඔය කොයි නමින් ආවත් යකා යකාමනේ නෙහ්...හික්ස්...
Deleteලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට නලිනි ජාතකය කියලා දුන්නානම් ඉවරනේ
ReplyDeleteඇත්තටම විචාරකතුමා මම නලිනි ජාතකය කියවලා නෑ...ළඟ තියනවා...දැන් කියවන්න ඕන...
Deleteමරු ඈ :D
ReplyDeleteහා...ඈ...චන්දනයො...
Deleteසා... සා.... සා....
ReplyDeleteමටත් මහනවෙන්න හිතුනා...
ජ ය වේ වා !!!
අපෝ...දැන් මේ සෑසනේට වෙලා තියන හරිය මදෑ...
Deleteපූජ්‍ය නිට්ටඹුවේ විදාන හිමි...
Deleteඅඩේ සංචාරකයා අන්න කතාව.. අම්මපා ඕකව අල්ලලා මහණකරලා දාන්න ඕනේ................ එතකොටවත් හැදෙයිද බලන්න....
Deleteතුෂාර
යකෝ...බඩත් ඇමැට්ටි වෙනවා බං උඹ කියන කතාවලට සංචාරකයෝ...පූජ්‍ය නිට්ටඹුවේ විදාන හිමි...!!! හිහි...
Deleteඕකට තව 'අතිපණ්ඩිත' කියල වගේ බුහුමනකුත් එකතු වුණා නම් මරු...
ඇත්තටම පව් නැද්ද ?? :D
ReplyDeleteකවුද හංසි...???
Delete// පවක් නැතිය නිදියනවානම් සිදු වන්නේ
Deleteඒත් නිදා නොගන්න එක නොවැ මහ ප්‍රශ්නේ...
මෙන්න මේ ගැන නෙ අහන්නෙ
ඒකනේ ඉතිං...මොකදෑ කොරන්නේ...
Deleteඑක පාරක් විතරක් කියවල ආසාව යන්නේ නැති නනිසා තුන් හතර පාරක්ම කියෙවුව :) බැලුවහම හාමුදුරුවන් වහන්සේලාටත් තියෙන ප්‍රශ්න ගිහි අපිටත් වඩා වැඩි කියල හිතෙනවා :D නියමයි :)
ReplyDeleteහොරෙක් වුණත් අවංක හොරෙක්...හිහි...ඇත්ත තමයි...ප්‍රශ්න වැඩි ඒ වහන්සේලාට...ඒත් ඒ බුද්ධාගම ගැනනම් නෙවෙයි...
Deleteපොඩි නම: මට නම් නිදියන්නම හිත ඒත් හිමියනේ
ReplyDeleteනායක හිමි: එහෙනම් තව මොකටද ඔය හැටි තටමන්නේ
පොඩි නම: පුංචි එකා නැගිටිනවා නෑ නිදියන්නේ
නායක හිමි: ඉගිලෙන මාලුවෙක් තමයි දෙන්නට වෙන්නේ.. :D
යකඩෝ කල්‍යාණත් ලේසි පාසු පුතයෙක් නෙවෙයි නෙව බලාගෙන යද්දී...ඇට්ටි හැලෙන්න දෙබස් ටික කවියෙන්ම දීල තියන ලස්සන...ඇත්තටම නියමයි...ඔබේ හැකියාව අගය කරමි...(අනේ ඇයි ඉතින් අර අහිංසක ඉගිල්ලෙන මාලු මරන්න හදන්නේ...හිහි...)
Deleteකොට්ටේ මැදින් දාලා නිදා ගන්න තියෙන්නේ අර ඉස්කෝලේ සෑර් වගේ..
ReplyDeleteඔව් නේ...කොට්ටෙ උඩින් පැනගන්න අමාරු වුණොත් තමා කාරිය...හිහි...
Deleteසිරාවට අපිට වුනත් නිදා ගන්ට තමා බැරි..
ReplyDeleteහ්ම්...හ්ම්...ඔය අහුවුණේ සෑමගෙත් හැටි...හිකිස්...
Deleteදැන් පොඩි නමලා අහ අහ ඉන්නේ නැහැ..
ReplyDeleteඒක හැබැයි මෙන්ඩියා...අහ අහ ඉන්නෙ නෑ...කෙලින්ම නමනවා ඇරෙන්න...හිකිස්...
Deleteපොඩි නම කට වහගෙන ගිහින් චූ කරලා නිදාගන්නවා. අනවශ්‍ය දේවල් අහලා මගේ පොඩි නමත් නැගිටින්න හදනවා...මීට ලොකු නම.
ReplyDeleteඅන්න නියම ලොකු නමලා...පොඩි නම නමන්න කලින්ම වැඩේ නමලා අරිනවා...හික්ස්...
Deleteහයියූ හයියූ...හමුදුරුවොන්ටත් හිතෙන ඒවා..
ReplyDeleteහයියූ...හයියූ...සාදු සාදු නංගෝ...
Deleteනින්ද යන්නේ නැතිනම් බන කතාවක් කිව්වම අහවරයිනේ
ReplyDeleteඑතකොට මොන බණ කතාද?බණ තලනව මිස.
Delete@ මනෝජ්,
Deleteඋඹ වගේ පොඩි නමක් නම් ඉතින් බණ කිය කිය ඉඳී...හිකිස්...
@ කටුසු,
ඕන්න අපි ඔය වචන කණපිට ගහල නම් බැලුවේ නෑ ඕං...හිකිස්...