නොවිමසනු ආයෙත්......
ඇසුවා ඔබ මගෙන්...
"කොපමණ තරම් ආදරේද මට?" කියා...
ගොළුවිය මා එසැනින්...
සැබැවින්ම මා එය නොදන්නා නිසා...
එහෙත්...
කෑ ගසා නොකීවද
මම ඔබට ආදරෙයි
මම ඔබට ආදරෙයි
තනිව හිඳිනා විට හැඬවෙනා තරම්...
එක්ව හිඳිනා විට සිහිනයක් තරම්...
විමසනු නොමැනවි එය ඉතින්
තවත් පැහැදිලි කරනු කියා...
අසංක ගයාන් අබේසිංහ
කුරුණියකින්
ReplyDeleteකෝදුවකින්
තරාදියකින්වත්
මනින්නට හැකිද,
........ආදරය!
ඔය මොකෙන් මැනල හරි නොකිව්වොතින් මාර අවුලක් තමා මධුමාධවී...ඒක විසඳන එක ඊළඟ අවුල...
Deleteඅහ් එහෙමත් පුලුවන්ද ?
Deleteඑහෙම බෑ කියල තමයි නංගෝ මේ තරම් කියන්නේ...මේක මේ ගද්‍ය වලින් තේරුම් කරන්න බැරි හින්දා පද්‍ය වලින්වත් කියන්න බැලුවා...ඒත් නොතේරෙන හැඩයි...හිහි
Deleteමේ තරම්ම සංවේදීව කියලත්....අනේ මන්දා...
Deleteසංවේදී වැඩිවුණාමත් පිස්සු හැදෙනවලුනේ...මම හිතන්නෙ දැන් එහෙම වෙලාද කොහෙද...
Deleteඑහෙම නම් මේන් මේක කියලා බලමුද?
Deletehttp://www.youtube.com/watch?v=Ku0JyLVJ8W0
බුදු අම්මෝයි...මේක කිව්වොතින් නම්...මගේ ඉස්සරහ දත් ටික ආනයනය කොරන්ඩ තමා වෙන්නේ...හිහි... (නියමයි නංගියෝ...හැබැයි කාටවත් කියන්න එපෝ...)
Deleteබ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගෙ රන්කඳ ඔයාව
ReplyDeleteආදර ගඟ සේදී දෙගොඩ තලා යන වතුරේ
අහස් ගැබේ තරු කැට ගානේ ආදරය සුන්දර වළඳකී
ආදරියේ නටන්න.....ගිඩි ගිඩි ඩිගි ඤෑව්........ :ඪ්
කොහොමද ආදරේ ගැන මගෙ කවිය. තේරෙන්නෙ නැති තැනක් තියනව නම් ඔය කාගෙන් හරි අහන්න. මගෙන් නෙවෙයි හරිය... :D :D
(අසංකගෙ කවිය ලස්සනයි, හැමදාම වගෙ..)
Flapping with river bank of the love
Deleterelieving wind blows
At the time of you are with me
the world is so beautiful
පුලුවන්නම් තෝරන්න
තෝරන්න ඉංග්‍රීසි ඉගෙනගෙන ඉන්න එපැයි.......මේ ක්ලාස් යන ගමන්.
Deleteමලලසේකරයි කිව්වලු. දැන් තෝරපන් කො තේරවිලි.. :D
Deleteමං හිතන්නෙ අරු අයියා ඔය මධුමාධවී කියල තියන්නෙ අර හාවගෙයි ඉබ්බගෙයි කතන්දරේ..!!!
ඔන්න හාවයි ඉබ්බයි ගං ඉවුර දිගේ දුවගෙන එන කොට එක පාරටම "හායි මෙයා.." කියාගෙන හාවිච්චියෙක් පැනල හාවගෙ බඩේ එල්ලුනා. එතකොටම වේගෙන් ආපු ඉබ්බ වැදුන අර දෙන්නගෙ ඇඟේ. ඒ වැදුනු පාර උන් තුන් දෙනාම උඩින් විසි වෙනව ගඟ දිහාට. එතකොට චලනය වෙන වාතයෙන් හැදුනු සෞම්‍ය මන්ද මාරුතය වදිනවා ගන්ඝ් ඉවුරෙ ඉන්න කිඹුලෙකු ගෙ නහයෙ. ඌ " සා..... අද නම් ලස්සන දවසක්" කියන්න කට ඇරල සා.. කොටත් අර තුන් දෙනා උගෙ කට ඇතුලෙ. ඒක දැකපු ගහක් උඩ හිටි පිළිහුඩු ජෝඩුවක් "අනේ මේක කොච්චර ලස්සන ලෝකයක් දෑ...!! කියල කම්මුලේ අත තියා ගත්තා.
හ්ම්ම්... වෙනත් අදහස්, යෝජනා ????
@ මධුමාධවී
Deleteබුදු අම්මෝ...මේ මොකක්ද...ඔයා මාව බය කරනවනේ...තේරුම තියා මේක දැක්කමත් ඔළුව කර්පට් වුණා...හික්ස්...
@ අරූ
අරූ අයියා හරි...ඉංගිලිසි ඉගෙනගෙනවත් බැරිවෙයි මේකෙ තේරුම කියන්න...
@ චන්දන
මම හිතුව හරි...උඹට නම් නහුතෙට පිස්සු...ඒත් ඉතිං මේ මධුමාධවී කියන එව්වට පිස්සු නොහැදුනොත් තමයි පුදුම...
Flapping with river bank of the love
Deleteආදර ගඟුලෙහි ඉවුරෙ වැදී
relieving wind blows
සහන පවන් සැලූ...
At the time of you are with me
මා ලඟ ඔබ සිටිනා විටදී
the world is so beautiful
ලොවම දැකුම් කලූ
(ට්‍රිප් එකක් යනකොට කියන්න)
හලි තෝයි හලූ....
Deleteහරි තෝයි කියන්නේ පිස්සු සිංහ පීකුදු...මධුමාධවිත් ලේසි පාසු කෙනෙක් නෙවෙයි වගේ බලාගෙන ගියාම...හිහි...සුද්දොත් සිංහල වෙන වැඩනෙ කරන්නෙ...හිකිස්...
DeleteMouse mango jungle සින්දුව සම්පූර්ණයෙන් අහලා තියෙනවාද?
Deleteමධුමාධවී,
Deleteනියමයි ඈ. නිකමට වත් හිතුනෙ නෑ ඔහොම එකක්.
අසංක,
:P
අරූ, කියන්නකො බලන්න.
DeleteMouse mango jungle
Delete"මී අඹ වනයේ ගී හඬ පතුරා කාටද අමතන්නේ..."
Deleteහිහි...ඒක නේදෝ...මම හරි නේදෝ...
Somethings are better left unsaid..
ReplyDeleteYes Dishan...the unsaid things are very much meaningful and powerful...but the bad side of it that the understanding will occur at the last moment...however, the ultimate joy is very high...thanks for you...
Deleteඔය ටික තේරුම්කරල දෙන්න කොච්චර අමාරුද අප්පා.. ඒ උනාට ඔය නිතර කියවන එකෙත් අමුතුම ගතියක් තියෙනවා. පද වැලනම් බොහොම අපූරුයි අසංක.
ReplyDeleteඅම්මප තමයි මනෝෂ්...කොච්චර තේරුම් කළත් නොතේරෙන ඒත් කොච්චරවාත් අහන පුරස්නෙ ඕකම තමා...
Deleteඅහ් ඒ කියන්නේ අපේ අසංක අයියට වැඩේ හලි වගේ...
Deleteවැඩේ හලි කියන්නේ නංගෝ හලියට හලි...තව හලියයි ඉස්සලහට...හොම්බ වැදිල නැවතුණාම මම ඕගොල්ලන්ට නොවලදවාම කියල්ලම් හොලේ...
Deleteයේ යේ ජයවේවා!!!!!!!!!!!! සෙනසුරු මාරුවෙන් ජයයි වගේ...
Delete;)
හෙනහුරා මමලුනේ නංගෝ...ඉතින් මටම වරදින්නේ කොහොමෙයි...???
Deleteඅහ ඒකත් හැබැයි
Deleteඅහන්නෑ නොව
ReplyDeleteකියුවනම් ඔබ
ඇත්තටම එය
කොපමණක් තරමද කියා...
පුංචි කාලේ
කියනවා වගෙ
දෑත් විදහා
'මෙච්චරක් ආදරෙ' කියා... :D
අපුච්චේ...අත් දෙක පෙන්නලා බේරෙන්න බෑ කල්‍යාණ...එහෙම පෙන්නුවම අහනවා ඔච්චරද කියලා...
DeleteAsanka Ayya,
ReplyDeleteNice poem. But I haven't Unicode facilities with this com. So will comment you later...........
Thushara Witharana
Thanks saho... what has happened your computer..???
Deleteඕක ගෑනු ළමයින්ට තියන පොදු ලෙඩක්ද කොහේද.කියන්නෙ නැතුව,fb ස්ටේටස් දාන්නෙ නැතුව ක්‍රියාවෙන්,සැලකිල්ලෙන්,බැල්මෙන් ලැබෙන ආදරේ ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන එකට වඩා වැඩියි කියල කවද තේරුම් ගනියිද මන්ද?
ReplyDeleteඔබේ කතාවේ තියන සත්‍යතාව ගැන කියන්න වචන නෑ කටුසු...දැන් ඉන්න කෙල්ලන්ට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද...මේ මූණු පොතෙයි අනෙක් බහුබූතයි පස්සෙ අන්ධයො වගේ සීමාවක් නැතිව ගිහින් කවදා නියම ආදරය තෝරගයිද දන්නෙ නෑ...
Deleteඋත්තර දෙන්න අමාරු ඒත් අහන්න ආස ප්‍රශ්න වලින් එකක්ලුනේ ... :)
ReplyDelete'ලු' නෙවෙයි බොලේ තුශානි ඕක මේ බ්‍රෑන්ඩ් එකේ ඔන්බෝර්ඩ් එන කොටසක්...
Deleteකතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
ReplyDeleteහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි... //
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනි වී...
විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු... //
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී...
ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
නියමයි ඉවාන්...ඒත් කෝ මේ අපේ සින්දුවා...උඹලා කස්ටිය ඌටත් බැස්ටිය දීලා වගේ...
Deleteආදරෙයි කියල ඉතිං කොහොම මනින්නද ? :D
ReplyDeleteමනින්නත් බැරි තේරෙන්නෙත් නැති එකම සංකල්පය...
Deleteආදරය තරම් කවියට ගීතයට පදනම් වුන තවත් දෙයක් නැති තරම්.
ReplyDeleteආදරය හින්ද මතුවන විරහව තරම් ගීත ලියවුණු ක්ෂේත්‍රයක් නැති තරම්...
Deleteඅනන්ත සෙනෙහසට කරන්න සම
ReplyDeleteලොවේ කොහිද, උපමා , උපමේය
එහෙම හොයාගත්තු දවසට ආදරයත් නැතිවේවි සඳරු...ඒ කිව්වෙ මේකට උපමා උපමේය හොයන්න බෑ කියන එක...
Deleteඔබ සමඟ 100% එකඟයි.
Deleteමේරා කොමෙන්ට් වෙයාර් හේ....?????
ReplyDeleteබු ද් සා!!!!
ස්පෑම් හේ ලු හේ, ඕ නහී හේ...!! :D
Deleteඉට් ඉස් ඉන් යුවර් අන්ඩර් වෙයාර් හේ...
Deleteබොහොත් අච්චාහේ....
Deleteබොහොත් බොහොත් කුෂී...විදානේ සහබ් හේ කිලාඩියොංකා කිලාඩි හේ...
Deleteමමත් ආසයි ඔය ප්‍රශ්නේ හැම තිස්සෙම අහන්න....:)
ReplyDeleteඅහපිය...අහපිය...මේ ආත්මෙ ඉවර වෙනකම්ම අහ අහ හිටපිය...හරි උත්තරේ හම්බුවෙනව කියලයි ආයෙ...ඒක හම්බුණත් හිතට මදි...
Delete