බේබද්දෙක් එක දවසක හැන්දැ කොරේ
පාර පුරා යයි උස්සා සරම කරේ
බීමරගාතෙ දොඩමින් නොමැතිව චාරේ
යන මිනිසුන්ට නොහැකිය බේරෙනු පාරේ
මේ මිනිහා යන පාරට ඉතා ළඟින්
රේල් පාර වෙයි කලබල නිරන්තරෙන්
දැන් මිනිහා වැනි වැනි යයි සැහැල්ලුවෙන්
ගොඩවී රේල් පාරට හරි ලොකු ජොලියෙන්
මෙහෙම යද්දි හෙළුවැලි පසුපස පෙන්නා
කෝච්චියක් පිටිපස්සෙන් දිව එන්නා
මේක නොදන්නා බේබදු බම්මන්නා
කුණුහරුපයක් කියමින් සතුටින් ඉන්නා
ගහයි කෝච්චිය හූ හඬ නළාවෙන්
බේබද්දා පන්නනු ඉවතට පාරෙන්
නළාව ඇසි මේ ගොබිලා කේන්තියෙන්
ඉවතට පැන මරහඬ දෙයි මහ සද්දෙන්
කවුද අඩෝ හූ කියන්නෙ මෙමා හට
කෝච්චියෙත් වෙනසක් නැත මේ පොරට
එහෙම කියා දිගහැර අතපය පෙරට
ගැහුවෙ පයින් පාරකි යන එන්ජිමට
සිහිය නැතුව මොහු දැන් ඉස්පිරිතාලේ
පයින් ගැහුව කකුල කපා ඇත මෙවෙලේ
සිහිය එන විටත් නොදනී ජංජාලේ
ඇහැරෙන විට ඇඳ වට මිතුරන් වේලේ
දැන් දැන් මතක් වෙයි උන්දැට පෙර දිනය
අන්තිමටම හිටියේ හරි ජොලියෙන්ය
ගැහුවෙ කෝච්චියට පයින් හරි කෙළිය
ඇහුවෙ මෙලෙස මිතුරන්ගෙන් වුණු හරිය
අඩෝ මචං...කෝච්චිය පෙරලුණාද බං ?...පයින් ගැහුව විතරයි මට මතක......!!!
( අසා තිබූ කතාවක් කවියෙන් ඉදිරිපත් කිරීමකි )
අසංක ගයාන් අබේසිංහ
පික්ෂු බුවෙක්නෙ!! හැක් හැක්…
ReplyDeleteකවි ටික නම් මරු, අසංක.
බොහොම ස්තුතියි ප්‍රියා මචෝ...අපිත් ඉතිං ඕවගේ පික්ෂු බුවාලනෙ නේද...බිව්වම නොහැක්කක් නොමැත...හැක්...හැක්...
Deleteහිනා කෝටියයි.. :D :D
ReplyDeleteබොහොම ස්තුති කෝටියයි...හි...හි...සංචාරකයෝ...
Deleteදයා රාජපක්ෂගේ කයි කතන්දර මතක් උනා..
ReplyDeleteඅන්තිම කෑල්ල වල්ල පට්ට.. ඒකත් කවියෙන්ම ලිව්වා නම් තමා අගේ...
ඔබේ මෙවැනි අගය කිරීමක් නම් වල්ල පට්ට කිලෝ දහයකටත් වඩා වටී...බොහොම ස්තුතියි මාතේ...අන්තිම ටික කවියෙන් ලියන්න ඕන විදිහක් හිතට ආවෙම නෑ එවෙලෙ...ඒකයි නිකම් වචනෙන් දැම්මෙ...
Deleteකෝච්චියේ කෑලිත් නෑ..
ReplyDeleteහරියට තෙල්වත්තෙ දි උනා වගේ...
විදානයට සිග්නලුත් නෑ...
Deleteහරියට නිට්ටඹුවෙදි වුණා වගේ...
ඇති ඔයින් ගියා කෝච්චියට වෙච්ච දේ අහන්නවත් ඌ ඉතුරු උනා මදැයි
ReplyDeleteඒක නෙවෙන්නම් අජිත්...ඌ කොච්චර වුණත් සාධාරණ මිනිහ නේ...කකුල නැතත් කෝච්චිය ගැනත් හොයලා බැලුවනේ...හිකිස්...
Deleteබීලනම් හිටියේ නැහැ. 1988 - 89 කාලේ එක්තරා කඳවුරකදී වූ දෙයක් මේ. මම එදා නින්දට ගියේ දවස පුරාම වෙහෙසිලා. රාත්‍රියේ මම දැක්කා කවුරුහරි මිනිහෙක් හරියටම මගේ ඇඳට ඉහළින් වහලේ උළු අයින් කරලා කඹයක් දාලා බහිනවා. කොට්ටේ යට තිබුණු පිස්තොලෙට අත යවන ගමන් දුන්න අරූට පයින් එකක් උඩ යන්ඩ. අම්මෝ කියවුණා. ඌට නෙවෙයි මට. මම හීනෙන් පයින් ගහලා තියෙන්නේ ළඟ තිබුණු බිත්තියට. කකුලට බෙහෙත් කරන්න වුණා සුමානයක් විතර.
ReplyDeleteඒකාලේ කරපු දේවල්වලට බොලාට තාමත් හොඳට නින්ද යනවද
Deleteහි...හි...විචාරකතුමාට වුණු දේ ගැනත් කවියෙන්ම දෙන්නද එහෙනං?...
Deleteඋඹට කියන්න ඔහොම පොරක් අපේ ගමෙත් ඉන්නවා. හිටහං එක වෙලාවක ලියනන්..
ReplyDeleteඅප්පට සිරි දේශා...ඒ පොර උඹ එහෙම නෙවෙයි නේද...හිකිස්...කියහං කියහං පෝස්ට් එකකින්ම ඕං...
Deleteගමේ එකෙක් කියලා තමන් ගැනම ලියනවා එහෙමෙ නෙමේ..:D
Deleteඒක තමයි මනෝජ්...අපි හොඳ අවදියෙන් ඉන්ට ඕනෑ...මූ තමන් ගැනම ලියයිද දන්නෑ අනුන්ගෙ නමක් දාලා...හිහ්...හිහ්...
Deleteඅපේ ලොකු තාත්තා හෙඩ් ගාර්ඩ් කෙනෙක්, එයාත් දවසක් සාගරිකා එකේ යද්දී මොරටුව පැත්තේ පොරක් බෝතලේකුත් තියාගෙන කොච්චි පාරේ ගිහින්, පොරටත් ඔය ටික වෙලා පොරත් පයින් ගහලා, හැබැයි පොර නම් එතනමයි, කෝච්චිය නවත්තලා බොඩිය ගාඩ් රුම් එකට දාද්දි තමා දැකලා තියෙන්න පොඩ්ඩක් එහායින් බිඳිලා නැතිව බෝතලේ තියෙනවා බාගෙකට වැඩිය, ඉතින් බෝදොයත් එක්ක එකත් දාගෙන යන ගමන් අරුඋට පින් දිදී අන්ඩර් ගාඩ් එක්ක ගගහා ගියාලු ඉතින්.
ReplyDeleteඒක කයි කතන්දරේට වඩා ආතල්..
Deleteඅඩේ බං සොමියා...ඔය කතාව මම කලින් දැනන් හිටියනං මේ කයිය තව ටිකක් ඇඩ්වාන්ස් කොරන්න තිබුණා...මේකත් මාර කතාවක්නේ යකෝ...නියමයි...හිකිස්...
Deleteඋඹේ මේ ටයිප් එකේ කවි නම් පට්ට ආතල් බං.පුදුම රසක් දෙන්නේ ඒවා.
ReplyDeleteඋඹලගේ මෙවැනි අගය කිරීම් ගෙනදෙන්නේ පුදුම දිරිමත් කිරීමක් මනෝජ්...බොහොම ස්තුතියි ඔබට...
Deleteහැමදාම ලියන ක්‍රමයට වඩා වෙනසක් තියනවා..ඉදලා හිටලා ලේ පිරිසිදු වෙන මේ වගේ කතාවකුත් ලියන්න.
ReplyDeleteඑල ද බ්‍රා...
එළ එළ බ්‍රා මෙන්ඩියෝ...ලේ පිරිසිදු වෙන්න මටනම් කවි ලියන්නම ඕන නෑ බං උඹලගෙ මෙවැනි ඇගයීම් දැක්කම...බොහොම ස්තුතියි...
Deleteඋදේ කාර්්‍යලයට ආපු කෙනෙක්ගේ මුනේ දැලි ගැවිලා තියනවා දැකලා අනිත් උන් අහලා මොකද බං මුනේ දැලි කියලා
ReplyDeleteපොර කිව්වලු ගැනි ගමේ යන්න කෝච්චියට නැග්ගුවා මම එන්ඡිම ඉම්ඔා කියලා.
උදේ කාර්යාලයට ආපු මෙන්ඩියගේ මූණේ දැලි ගෑවිලා තියනවා දැකලා අනිත් උන් අහලා මොකද බං මූණේ දැලි කියලා...
Deleteමෙන්ඩිය කිව්වලු වයිෆ් ගමේ යන්න කෝච්චියට නැග්ගුවා මම එන්ජිම ඉම්බා කියලා...
හිකිස්...ඔහොම නේද මෙන්ඩියෝ ඇත්ත කතාව...???
කෝච්චියට පයින් ගහල කකුල කඩන් ඉන්නේ
ReplyDelete'අහපු කතා' කියලයි ඒවා එලියට එන්නේ
ඒ වුනාට අපි නම් ඕවට නොම රැවටෙන්නේ
අසංකමලු කෝච්චියට පයින් එකක් ඇන්නේ:D :D
කෝච්චියට පයින් ඇන්න පාඩුවකුත් නෑනේ
Deleteචන්දනයගෙ කවි දස්කම එනිසා හෙළිවන්නේ
උඹලාගේ ඇගයුම් මැද ඉදිරියටම යන්නේ
මේ ලෙස තව ඉදිරියටත් අපිත් එක්ක ඉන්නේ
තිබුනත් දෝස යවහන්
ReplyDeleteවී නැත රසය අවහන්
ආල කවි නම් මටත් අරහන්
මෙවැනි කවි තව තවත් මවහන්
අපේ ඉන්දික මැතිඳුන්
Deleteපිළිගමු බොහොම සතුටින්
අතරින් පතර මෙලෙසින්
කවි කතාවන් ලියමි ජොලියෙන්
හි.. හි... :D පද වැල් ටික නියමයි...
ReplyDeleteහි...හි...හීහ්...හි...හි...බොහොම ස්තුතියි තුශානි...
Deleteපිස්සු හැදෙන සඳ කිව්වලු..
ReplyDeleteපට්ට ස්ටොරිය බොලව්..
අන්තිම කෑල්ල තවත් රසවත්....
Deleteඅර මොනවද බිස්කට් වර්ගයක් තියෙන්නේ...ඒ වගේද විභී...??...බොහොම ස්තුතියි අගය කිරීමට...
Deletewelcome!!!
DeleteThank You!!!
Deleteහම්මේ... ඔන්න මාත් යන්තම් අන්තිම පෙට්ටියෙන් කෝච්චියට ගොඩ උනා. අපූරුයි අසංක. මේ කතාවත් මට මතක් කලේ ඔබ කලින් මේ විදියටම ලියපු හෝටලේට ගිය මුදලාලිගේ සන්තෑසිය. මේ වගේ දේවල් ලියන්න ඔබට තියෙන හැකියාව ඔබටම සුවිශේෂි වෙච්ච දෙයක්.
ReplyDeleteජය වේවා!
මම මේ ඒත් බොහොම හිත් අමාරුවෙන් හිටියේ අපේ මනෝෂ් මොකද නැත්තේ කියලා...වෙනදට කලින්ම එන කෙනා...හිතුවේ හිත් අමනාපයක් හරි අපිව එපා වෙලා කියල හරි...කමක් නෑ...අන්තිමට හරි ආවට අපි බොහොම සාදරෙන් පිළිගන්නවා...බොහොම ස්තුතියි ඔබට...
Deleteහප්පා... හීඑනෙකින්වත් එහෙම න ම් හිතන්නෙපා. පහුගිය දවස් ටිකේ හුස්ම ගන්නවත් වෙලාවක් නැතිව හිටියෙ. ඒකයි..
DeleteMaru kaviya Loku Aiye (Asanka)
ReplyDeleteඅප්පට සිරි මල්ලි...උඹ මාව අඳුරගත්තද...කමක් නෑ...කමක් නෑ...බොහොම ස්තුතියි...
Delete