මා සතුව බොහෝ දේවල් නැතැයි
දුක් වීමි මම................
වෙර වීරිය දරා සෙවූවෙමි
ඒ සියල්ල ලබා ගැනීමට සිතූවෙමි
සිහින මැවුවෙමි.....................
අවසන
ඒ සියල්ල මා ලැබූවෙමි......................
මා සතුව නොවූ මුදල් වෙනුවට
රිසි සේ ජීවිතය විදීමට මුදල් ලැබූවෙමි
මා සතුව නොවූ තත්වය වෙනුවට
ජීවිතය ඔසවා තබන තරම් තත්වය ලැබූවෙමි
මා සතුව නොවූ පහසුකම් වෙනුවට
ජීවිතය සැපවත් කරවන්නට තරම් පහසුකම් ලැබූවෙමි
මා සතුව නොවූ උසස් සමාජය වෙනුවට
බාගෙට ඉංගීසියෙන් හිනාවෙන් මිතුරන් ජීවිතයට ලැබූවෙමි
මා සතුව නොවූ සිහින වෙනුවට
ජීවිතය සිහින වලින් පුරවාගනු ලැබූවෙමි
නමුත්
ඒ සියල්ල තුළින් ජීවිතය විදීමට
මට තවමත් නොහැකි විය
මන්ද
ඒ සියල්ල ලැබුණු සැනින්
මට මගේ ජීවිතය අහිමිවුණි.........................
තුෂාර විතාරණ
.
අපි බහුතරයක් එහෙමයි තුෂාර... අල්පේච්ඡතාවාදය උගන්වන දහමක කොටස් කාරයන්වෙල. අපි හොයන්නෙම සෝබනේ... අන්තිමේ මොන දතක් කාල හරි ඒක හොයාගත්ත කියමුකො ඒත් ඊට පස්සෙ අපිට දැනන්න ගන්නව මොකද්ද මේ මගුල කියල. කොටින්ම කියනව නං හති වැටිල ඒත් සමහර වෙලාවට අපි විසින් ඇදල බැදල ගන්න දේවල් ම අපිට ලෙහාගන්න ඕන වෙලා බැරි වෙනකොට.....??????
ReplyDeleteකවිය නං පට්ට තුශාර
ජයවේවා
ස්තූතියි මහේෂ්....
Deleteජීවිතේ අපි ගන්න තීරණ කොයිතරම් වැරදිද කියලා තේරෙන්නේ ඒ දේ වෙලා ඉවර වුණාම තමයි. හැබැයි මහේෂ් මේක අපේ ජීවිතය නිසා මෙහෙම වෙන්න දෙන්නත් බැහැ නේද???
අසංක විසින්...
ReplyDeleteබොහෝ කලකින් කාර්යබහුලතාවෙන් මිදී පැමිණි ඔබව සාදරයෙන් සහෝදරකමින් පිළිගනිමු... කොහොම වුණත්...ඔබ පහුගිය කාලෙදි කාර්යබහුලතාව මගින්ම ලබාගත් අත්දැකීම් මගින්ම මේ කවිය හැදුනද කියල මට හිතෙනවා...කොහොම වුණත් ඉතාම ලස්සන ඒ වගේම ඇත්තක් ප්‍රකාශ කරන කවියක් කියලත් කියන්න කැමතියි...
මගේ ජීවිතය ගත්තොත්...ඔබ මෙහි කියන දේවල් එක්ක මම 100% ටත් වඩා එකඟයි සහෝදරයා...අපි මේ ආභරණ කඩුකස්තාන නම්බුනාම අරවා මේව සියල්ල අයින් කළහම තියන සැහැල්ලු ජීවිතයේ තියන ආධය්‍යාත්මික සතුට ලඟාකරගන්න ක්‍රමයක් මම තාමත් හොයනවා මේ ගිහි ජීවිතේ ඉඳන්ම...
අසංක,
Deleteමේ ඇත්තට ම මට දැන් වෙලා තියෙන දේ තමයි. මේක ලස්සන කවියක් කියනවාට මම නම් එකග නැහැ. මට ලස්සන කවියක් ලියන්න ආසයි. ඒත් ඒකට මට වෙලාවක් නැහැ. මගේ හිත නිදහස් නැහැ.වෙලා තියෙන දේ මෙහෙම කතා කරලා මදි. අපි හම්බෙලාම කතා කරමු.. එතෙක් ........................
පට්ටම පට්ට ඇත්ත ඒත් අපි ආදරය කරන අය වෙනුවෙන් මේ තරගය දුවන්න වෙලා නේද?
ReplyDeleteකතාව නම් ඇත්ත සංජීව....
Deleteඒත් අපි මේ දේවල් කරන්න යන අය ගැන බලන්නවත් වෙලාවක් නැති වෙනවා නම් අපි කරන දේ මොකට ද කියලත් හිතෙනවා. ජීවිතය හොයන්න ගිහිල්ලා ජීවිතේ එපා වුණාම හිතට දැනෙන දේ ගොඩක් වෙනස් නේද????
කතාව නම් ඇත්ත සංජීව....
Deleteඒත් අපි මේ දේවල් කරන්න යන අය ගැන බලන්නවත් වෙලාවක් නැති වෙනවා නම් අපි කරන දේ මොකට ද කියලත් හිතෙනවා. ජීවිතය හොයන්න ගිහිල්ලා ජීවිතේ එපා වුණාම හිතට දැනෙන දේ ගොඩක් වෙනස් නේද????
ගොඩක් වෙලාවට අපිට ඔය ත්රන්ගේ දුවන්න් වෙනවා අනික් සියල්ල අහිමි කරගෙන , මොකද මේ ලෝකේ ඇතුලේ ඔය තරඟය නොදුවා පවතින්න් බැරි නිසා . එතකොට නොදනිම අපිට ජීවිතය අහිමි වෙනවා
ReplyDeleteකාලෙකින් අසංක බැටන් එක දීලා තුෂාරට
අනේ නෑ බං ඉවාන්...බැටන් එක අපි ඕන එකෙකුට අරන් දිව්ව හැකි...මේ එකෙක්වත් ගත්තෙ නෑනෙ...ඉතින් උඹලට පේන්න ඇත්තෙ මම දුවද්දී ඒක වෙන කාටවත් දුන්නෙ නැතුව වගේ...හහ්...හහ්...බොරුනම් අහපන් අපේ තුෂාරයගෙන්...
Deleteඅසංක...
අඩෝ අසංකයා එහෙම එකක් කිව්වා නෙවෙයි , වැරදි අදහසක් ඉස්මතුවෙලා පේනවනම් සොරි වෙන්න ඕන . මං කියන්න හැදුවේ කාලෙකින් වෙන කෙනෙක් යමක් ලියල තිබ්බ නිසා , හිත් රිදීමක් වුනානම් සමාවෙයන්
Deleteඉවාන් මචං
Deleteපහුගිය ටිකේ ම අසංක අවුලෙන් හිටියේ. අපි කවුරුත් ලියන්නැහැ කියලා. අපිත් ඒක අසංකගේ ඇගේ ගහලා පැත්තකට වුණා වගේ වුණා. ඒත් ඒ දවස් ටිකේ අපි හැමෝම ගොඩක් කාර්ය බහුල වුණ නිසා. අසංක තනියම බ්ලොගය ඇද්දා. මුලින් ම ඒකට ස්තූතිවන්ත වෙන්නට ඕනේ. මට කෝල් කර කර අසංක කිව්වා උඹලා ගැන බ්ලොග් සගයෝ ටික අහනවා මොනවද කියන්නේ කියලා. මටත් උත්තරයක් තිබුණේ නැහැ. දැන් නම් හරි මචං. කොහොම හරි ආයෙම මේකෙන් අයින් නොවී දිගට ම ලියන්න හිතාගෙන ඉන්නවා. කොහොම හරි කරමු නේද ඉවාන්.......
අවුලක් හිතන්න එපා අසංක කවදාවත් වැරදියට හිතන්නේ නැහැ. ඔය සද්දේ දැම්මට අහිංසක මනුස්සයා................ හැක්..............
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ………
ReplyDeleteකාලෙකින් තුෂාරගෙ කවියක්! ලස්සනයි තුෂාර.
https://www.youtube.com/watch?v=4KrAFKIxOFg
Delete:)
ස්තූතියි ප්‍රියා.................
Deleteඔබේ අගය කිරීම දිගට ම ලියන්න මට දිරි දෙනවා. ඇත්තට ම පහුගිය ටික කාලෙම වෙලාවක් නැතුව ආයෙම ලියන්න එන්නට විදිහක් නැතුව හිටියා. ඇත්තට ම මේක මාර දුකක් මචං. දැන් ඒවා අමතක කරලා ආයෙම පුළුවන් විදිහට ලියනවා කියලා හිතාගත්තා....... ඉතින් දිගට ම හමුවෙමු.................
දිලිණි.
Deleteලස්සන ළමා ගීතයක්.................... ස්තූතියි මග පෙන්වීමට.................
"ලොව පුරා
ReplyDeleteසෙවුවෙමි
සොයන්නට
වෙහෙසුනෙමි
මා කැමත්තට
රිසි
මා අදහසට
කැමති
තවකෙකු.........
හමු නොවූයෙමි
එවන්නෙකු
මා රිසි දෙයට
රිසි
ම කැමැත්තට
කැමති.........
තේරුම් ගත්තේමි
එම ගැඹුරු සත්‍යය
මා රිසි දෙයට
රිසි
ම කැමැත්තට
කමති
තවකෙකු
නොමති බව
මෙදියත.........
එනම්
මා දකින
සිහිනය
තවකෙකු
නොදකින
බව...........
වාව් සොමියා.................... පට්ට කවියක්නේ කුරුටු ගාලා තියෙන්නේ. ඇත්තට ම අගේ ඇති පද පේලි ටිකක්. අගෙයි අගෙයි...............
Deleteමුලින්ම තුෂාරණ ඔබව ආයෙමත් සාදරයෙන් පිළිගන්නවා. ගී පවුරෙ ඔබල නැති අඩුව පුරවන්න පහුගිය දවස් ටිකේ අසංක පුදුම කැපකිරීමක් කලා. ඒ නිසාම ගී පවුරෙන් අපිට කිසිම අඩුපාඩුවක් දැනුනෙ නෑ.
ReplyDeleteනිර්මාණය ගැන කියනවනම් තුෂාර, අපි හැමෝගෙම ජීවිත වල අවසන් ඵලය තමයි ඔය. ජීවිතේ කියල හොයාගෙන අපි බොහෝ දේවල් අහිමි කරගනිමින් නොනවතින තරඟයක නියැලෙනවා. අවසානයේ අපේ අරමුණු කරා ළඟා වෙලා ආපසු හැරිල බලපුවාම තේරෙනවා අපි අපේ ජීවිතේ කියල හොයාගෙන ආව ගමනෙද අපිට අපේ ඇත්තම ජීවිතය මඟ හැරිලා කියලා. අපිට අපේ ජීවිතේ ජීවත් කරවන්න බැරිවෙලා තියෙනවා.
ස්තූතියි මනෝෂ්......................
Deleteඇත්ත මනෝෂ් අසංක ගොඩක් මහන්සි වුණා පහුගිය ටිකේ. මමත් ගොඩක් වැඩ වල හිටියේ. ඉදලා හිටලා ඇවිල්ලා බලලා ගියාට ලියන්නම බැරි වුණා. දැන් නම් කොහොම හරි ලියනවා කියලා හිතාගෙන ඉන්නවා. විශේෂයෙන් ම ඔබලාගේ අදහස් තව තවත් මාව උනන්දු කරනවා ඉස්සර වගේම................. ස්තූතියි මනෝෂ්...........
තුෂාර විතාරණ????????
ReplyDeleteමොකා ලිව්වත් කයිය ස්තරං....
ජ ය වේ වා
(ආයේ තොලොන්චි වෙනවා එහෙම නෙවෙයි)
අනිවා විදානේ............................
Deleteඅයේ නම් බ්ලොගය දාලා යන්නේ නැහැ. දැන් ඉතින් යන්නත් බැහැනේ උඹ සද්දේ දාලා තියෙන විදිහට මං බය වෙලා ඉන්නේ..................... හැක්....
මොනදේ ලැබුනත් ජීවිතය අහිමි කර ගන්න නරකයි. දෙකම බැලන්ස් එකේ ගෙනියන්න ඕන. මට නම් බොරු චරිත රඟපාන්න අමාරුයි.. ඔෆීසියල් උනත්.. මම මමම වෙන්න බොහෝම උත්සාහ කරනවා.. නැත්නම් රෑට නින්ද යන්නේ නෑ..
ReplyDeleteකතාව ඇත්ත මාතලන්...
Deleteඒත් මචං අපි ජීවිතේ ගන්න සමහර තීරණ අපේ ජීවිත මුලුමනින් ම වෙනස් කරනවා. ආයේ හරිගස්සන්න අමාරු තීරණත් අපි ගන්නවා. ඒ වගේ දෙයක් මුළු ජීවිතයම වැරදි තැනකට ගෙනිහින් කියලා දැනුනම හිතෙන දේ හරිම වෙනස්. අපිට නැති ව තිබූ දේවල් ලැබෙයි. ඒත් අපි ළග තිබුණ අපිට වටිනාකමක් නොදැනුන දේවල් අපෙන් උදුරගෙන තියේවි. අපිට ඒ දේවල් වල වටිනාකම දැනෙන කොටත් ඒවා අපෙන් ගොඩක් අෑත් වෙලා තියේවි.....
කොක්කක් නැති වීම සමහර වෙලාවට දුකක්..ඒත් කාලයක් කොක්කක් නැතුව ඉදලා කොක්කක් ඇති ුවනාම ඒකත් අමුතු දුකක්..
ReplyDeleteස්තූතියි අමිල අදහසට...................
Deleteමං හුඟක් දුර දිව්වට පස්සෙ තේරුම් ගත්තෙ අවාසනවට.. ජීවිතය තියෙන්නෙ මේ ඉන්න මොහොතේ.. අතීතයෙත් වර්තමානයෙත් ගිලෙනකොට මේ මොහොත අතීතයට ඇදිලයන්නෙ අපිට නොදැනී. සතුට තියෙන්නෙ මෙතැනයි,.. ඒක වැටහෙන්නෙ පසුකර ගියාමයි.. ඔය ටික වටහාගන්න මට පාඩම ඉගැන්නුවේ මරණය දැකීම... ඒ ගැන මම මගෙ බ්ලොග් එකේ කතාවක් ලිව්වා. හැම කෙනෙක් දිහාම අළුතින් බලන්න මං පුරුදු උනා. මං දිහාත් අළුතින් බලන්න ම්ං පටන් ගත්තා. මෙච්චර කාලයක් මට තිබ්බ වටිනා දේ මං දැක්කා. වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්නකො.. මෙන්න ලින්ක් එක ..ඇඩ් එකක් නෙවෙයි.. http://lankapriyagesithivili.blogspot.com/2012/01/blog-post_31.html
ReplyDeleteකියෙව්වා ලංකා.........
Deleteපට්ට කතාව මචං.. මිනිස්සු ජීවිතය තේරුම් ගන්න තැනක් තියෙන්නට ඕනේ. ලංකා තේරුම් ගත්ත තැනත් හරිම අවධානම් තමයි. මං තේරුම් ගත්ත විදිහ ඊටත් වඩා වෙනස්. ඒත් මට දැන් ආපහු හැරෙන්න ටිකක් අමාරුයි. දැන් ළග නැති දේවල් මගෙන් ගිලිහුණා කියලා දැනෙද්දි කලින් ජීවිතය හොදයි කියලා හිතෙනවා. දැන් ආපහු හැරෙන්න බැහැමයි කියලා දේකුත් නැහැ. ඒත් මං මේ කතා කරන්නේ අපේ මනුෂ්‍ය ගතියෙහි තියෙන ගැටළුව ගැනයි ලංකා......................
හැල්මේ දුවද්දී අපි බොහොම දෙනෙක්ට අමතක වෙන දෙයක් තමයි ඕක.. හුගක් පහු වෙන්න කලින් ඒ දේ මතක් වෙනව මිනිහා දිනුම්.. අනිකා ඉතින් මොන දේ තිබුනත් පරාදයි..
ReplyDeleteඇත්ත දිනේෂ්................
Deleteමේදේ තේරුම් ගන්න කෙනා ජීවිතය හොයා ගන්නවා. ඔබ කියන දේ ඇත්ත. මේක නොතේරී සල්ලි පස්සෙම දුවන මිනිහා ජීවිතය අහිමි කරගන්නවා......................
නැති දේවල ගැන හිතනවට වඩා තියෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා.
ReplyDeleteස්තූතියි තුශානි....................
Deleteකතාව නම් සීයට සීයක් ඇත්ත. අපිට තියෙන දේවල් තේරුම් නොගෙන අපිට නැති දේවල් පස්සේ දුවන්නට යෑම තමයි මිනිසාගේ වැරැද්ද. තියෙන දේවල් නැති කරගෙන වෙන දේවල් හොයලා වැඩක් නැහැ කියලා අපිට තේරෙද්දි අපි ආයෙම හැරෙන්න බැරි තැනක ඉන්න පුළුවන්....................
අපි හැමෝම බොහොම දරුණු සහ අසාධාරණ තරඟයක ධාවකයෝ ...
ReplyDeleteවෙන මොනවා කියන්නද...?
ඇත්ත කතාව විභී
Deleteඅපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කළ යුතු වෙන කොටසක් තියෙනවා. ඒත් අපි ඒක පස්සේ වැඩිපුර නොයා සිටීම හොදයි කියලයි අපේ නම් අදහස. අපිට සීමාවක් තියෙන්න ඕනේ. අවබෝධයක් තියෙන අයට විතරයි මේ දේ කළ හැක්කේ.......................
කවදාවත් මිනිස්සු සැහීමකට පත් වෙන්නේ නැහැ.දෙයක් ලබා ගන්න තවත් දෙයක් අහිමි කරගෙන අහිමි වෙච්චි දේ ගැන දුක් වෙනවා අර දේ ලබා ගත්තයින් පස්සෙත්.
ReplyDeleteඇත්ත මනෝජ්,
Deleteඇත්ත ම තත්වය ඕක තමයි. අපි කළුවරේ ජීවිතය හොයන්න යෑම තමයි වරද....
ස්තූතියි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට