මිනිසත් බව වියැකී යාදෝ...
ගුණවත් බව වැළලී යාදෝ...
පහන් සිලක රැඳි සුමුදු එළිය පොද
ලෙස දිලෙනා අපගේ
සොඳුරු මිනිස් බව
රුදුරු වෙසින් එන
ලොව අදහම් හමුවේ...
වියැකී යාදෝ... වැළලී යාදෝ...
පවනක සිසිලස දැවටුණු වදනින්
හදින් බැඳෙනු හැකිවේ
මුව රැඳි අකුටිල සිනහව පුරමින් සෙනෙහස වපුරවමින්
යා කර මිනිසත් බව රැඳි මිතුදම් යදම් ලෙසින් සවියෙන්
බැඳ ලා ලිය යුතු වේ...
සියුමැලි සුන්දර රසයන් විඳිනට
බාධක පිරි දිවියේ
ඉසිඹුවකින් තොර මිනිස් සිතට අප
හුරු කර ලිය යුතු වේ...
කණ කැස්බෑවෙකු දකීද අහසක්
සිදුරින් විය මෙලොවේ
ඒ ලෙස පෙර පිනකින් ලද දිවියේ
මිනිසත් ගුණ වඩවා
අප ලද දිවියේ සුවඳ විහිදුවමු
මිනිසත් බව පුබුදා...
ගුණවත් බව වඩවා...
අසංක ගයාන් අබේසිංහ
මේ පද වැල් ගීතයක් ලෙසින් ඇසිය හැකි නම්!!! අපේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා!
ReplyDeleteනියමයි අසංක.
එකතු වෙමි...
Deleteබොහොම ස්තුතියි ප්‍රියා...විදානේ...අපි බලමු ...ඉදිරියට...
Deleteඑකගයි ප්‍රියා සමග..
ReplyDeleteඑල ද බ්‍රා අංසක..
බ්‍රා නම් මෙන්ඩිස් - මෙන්ඩිස් නම් බ්‍රා....
Deleteබොහොම ස්තුතියි බ්‍රා මෙන්ඩියා...ඒත් මගේ නම 'අංසක' නෙවෙයි 'අසංක' තමයි ඕං...මං තලායි...නම වැලැද්දුවට...
DeleteThis comment has been removed by the author.
Deleteඅංසක 90 :P
Deleteනෑ නෑ නංගියෝ මම දැන් අංසක 180...අනික් පැත්තම හැරිලා ඉන්නේ...හික්ස්...
Deleteඊළඟ භවයේ හමුවන්නේ අපි
ReplyDeleteකොහොම ද කොතැන ද කවුරු ලෙසේ
හඳුනා ගන්නේ කෙළෙස ද අපි අපෙ
සතුරන් මිතුරන් නෑදෑයෝ...
මේ භවයෙත් එය වටහනු බැරි වී
අපි අප ඇසුරෙහි පසුවන්නේ...
එනමුත් සේරොම විහාර මළුවෙදි
එක පහනෙහි තෙල් පුරවන්නේ...
අපි අප කවුදැයි යළි උපදින දා
හිරු සඳු පමණ ද ළඟ ඉන්නේ...
කුල මල ආගම් බෙදී බිඳී ගොස්
ඇයි මිතුරන් සතුරන් වන්නේ
ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා ගායනය: වික්ටර් රත්නායක
සින්දු ඇනෝ.....උඹ ගැන ආපහු ලියන්න ඕන නැහැ. උඹ ලෝකය දකින ,ලෝකය අත පත ගාන සොඳුරු මිනිහෙක් බව නම් කිව යුතුමයි. උඹේ කාලය සහ උඹේ නුවනට මගේ වැඩිහිටි වයසින් ගෞරව කරමි!!!!!!!!!!
Deleteජය වේවා!!!
Deleteවිදානේ නිට්ටඔුවේ..
Deleteඇත්තටම අරූ කිව්ව වගේ සිංදු ඇනෝ කියන්නේ ලෝකෙ ගැන බොහොම අවබෝධයක් තියන කෙනෙක් වගේ...මොන දේ කිව්වත් ඒක ගැන දන්නවා...ඒ ගැන තියන සිංදුවක් හොයලා දෙනවා...ඒකම කොයි තරම් අමාරුද...මම නම් සත්තකින්ම සිංදුවා දෙන සමහර ගීත දන්නෙවත් නෑ...කොහොම හොයාගන්නවද මංදා...මගෙත් ආචාරය පුද කරනවා ඔබේ හැකියාවට සහ රසවින්දනයට...
Deleteවිදානෙයා ඉතිං කොයි සෙයිලමේ ඉඳන් හරි අපිව හොයාගෙන එනවනේ නේද මෙන්ඩියා...ඒකම කොයි තරං අපිට වටිනවද...
මටත් නිකං මේක ගීයක පදවැලක් වගේ දැනෙන්නේ.
ReplyDeleteමටත් එහෙමයි..
Deleteමටත් එහෙමයි මනෝජ්...විදානේ...හි..හි...බොහොම ස්තුතියි ඔබ දෙපළටම...
Deleteමමත් එකඟයි මේ මෑතක ලියපු බහුතරයක් ගීත ලෙස ගත හැකියි..ඔහොම ගිහිං
ReplyDeleteගීත එකතුවක් විදියට එළිදැක්වුවොත් මොකද??? මට නම් හිතෙනව සාර්ථක වෙයි කියල...ජයවේවා අසංක අයියේ!!! දිගටම ලියමු..ගීත එකතුවක් කරමු :)
හරි ගීත එකතුවක් කරමු.. හැමෝටම සරුවත් වීදුරුව ගානේ මගෙන්..
Deleteදිලිනි නංගිගෙ අවංක සුභ පැතුමට ගොඩක් ස්තුතියි...ගොඩක් පිං...මුලින්ම...ඔබ වැනි අය හින්දම නිර්මාණ කරන මට මේවා ගීත නොකළත් පොත් නොකළත් කමක් නෑ...මට ඊට වඩා ඔබ සැමගේ මෙවැනි අගය කිරීම් වටිනවා...සත්තකින්ම...අපි බලමු ඉදිරියට...ඒත් මම කැමති නෑ තනිව ගමනක් යන්න...මට ඔබ සැමගේ සහයෝගය ඕන...විශේෂයෙන්ම මම දැකපු කවි අතරේ දිලිනි නංගිගෙ කවි වල තියෙනවා අපූරු සංවේදී අරුත්...ඒකම මම මගේම කවි වලටත් වඩා කැමතියි...කොහොම වුනත්...ඔබ කැමති නම් මාව සම්බන්ධ කරගන්න...මෙන්න මගේ ඊමේල් එක...අපි එකතු වෙලා ගමනක් යමු...මේ නිර්මාණ ලෝකය අර්ථවත් කරමු...මේ ආරාධනය අපේ අනෙක් සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ටත් එක්කයි...
Deleteasankagayanpga@gmail.com
විදානයෝ...ඊමේල් එකක් දාලම සරුවත් බොමු නේ...හික්ස්...
සැමදා නිබද පැතුවත්
ReplyDeleteකිසිදා සැබෑ නොමවෙත්
ජනපති සිහිනය
Deleteඅත පය හකුළා සිටියොත්
Deleteකිසිවක් සැබෑ නොමවෙත්
සමාජයේ වැරදි පෙන්වා දීමේ ඔබේ ආදර්ශය බොහොම වටිනවා මාතලන්...ඉතිං ඔබ වැනි අයත් මොකුත් නොකියා ඒවා හෙලි නොකළොත් මේක තවත් නරකාදියක්ම වෙයි...මේවා කීමෙන් කිසිම ප්‍රතිථලයක් අත් වුනත් නොවුනත් අපි මේවා කිව යුතුමයි නේද...
සින්දුවකට ගැලපෙනව තමා..
ReplyDeleteඒකනේ කියන්නේ..
Deleteඒකනේ...ඒකනේ...යකඩෝ...මේ විදානයා නැති තැනක් නෑ නෙව...බොහොම ස්තුතියි චන්දනයෝ...
Deleteකුරුටු ළමයි ලෝකය දකින්නේ දැසින් නොව, මනසින් බව මම තේරුම් ගත්තේ කාලයකට ඉහතින්. මේ නිර්මාණය තවත් නිදසුනක්. යමු ඔහොම!!!!!!!!
ReplyDeleteපාගල යං.. ආයේ මග නවත්තන්න එපා...
Deleteබොහොම ස්තුතියි අරූ...ඔබ වැනි අයගේ මෙවැනි ප්‍රකාශ අපිට මහමෙරක් තරම් වටින බව කිව යුතුමයි...
Deleteපාගලා ගියාම ඉතිං බ්‍රේක් නැති වුණොත් නං සොරි තමයි විදානේ...
One Day
ReplyDeleteරයිට්, මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...
ReplyDeleteවෙනදා වගේම පදවැල සුන්දරයි අසංක...
කට්ටියම කිව්වා වගේ සිංදුවක් කරමුද??
ජ ය වේ වා !!!
මොකෑ බං නිට්ටඹුවට ඔය හැටි සිග්නල් නැත්තෙ..
Deleteඋඹ මේ විදිහට කලබලකාරී ජීවිතය අස්සේ ඉඳන් හරි මේ කරන දිරිමත් කිරීම් වල වටිනාකම කියලා නිම කරන්න බෑ විදානේ...උඹටත් ජය වේවා..!!!
Deleteසංචාරකයෝ...මේ විදානෙ මළ යකා නිට්ටඹුවේ කැලේක නිධන් හාරනවද දන්නෙත් නෑ...කොයි වෙලෙත් සිග්නල් නෑ ලු...හික්ස්...
පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඇත්තට "මිනිස්සු" කොතනද ඉන්නේ? මනුදම් ගුණ වඩන්න?
ReplyDeleteරුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
Deleteඅවුරුදු ගානක්ම හොයනවා ..
බොහොම කලක් තියෙන දිවිය ..
හම්බ උනොත් ගෙනත් දෙන්න
නොකා නොබී මාත් හොයනවා ..
ලඳක් නොවෙයි හැඩරුව ඇති
දෙයක් නොවෙයි බොහොම වටින
ඒ උනාට අපිට වටිනවා
කරුණාකර හොයා දෙන්න තෑගි මුදල අරන් යන්න
රුපියල් ලක්ෂයක් තියනවා ..
මලක් නෙවෙයි වැලක් නෙවෙයි
ඔබත් නෙවෙයි මමත් නෙවෙයි
උඩ පැන පැන තවම හොයනවා
ඔයක් නෙවෙයි ගඟක් නෙවෙයි
යකෙක නෙවෙයි සතෙක් නෙවෙයි
තිබුන දෙයක් තවම සොයනවා ..
රටක් වටින දෙයක් මේක
ඉස්සර අපේ රටේ තිබුන
නිධානයක් වගේ හොයනවා
රනින් පිරුන නිධානයක් නෙවෙයි ඒක අතගෑවෙන
ජිවත් වෙන අපිට වටිනවා ..
සල්ලි වලට ගන්නට බැරි දෙයක් මේක හොයලා දෙන්න
ලක්ෂ මුදල මෙන්න ගෙනාවා
තියන තැනක්වත් කියන්න එහෙන් ගිහින් බලාගන්න
මමත් තවම මේක හොයනවා ..
අටුවල නැ පුටුවල නැ
ගමේ නගරේ කොහෙවත් නැ
හැම මුල්ලේම තවම හොයනවා
සාධාරණකම තියනා තැනක් ලෝකේ පෙන්නා දෙන්න
ලක්ෂයකින් තෑග්ග දෙනවා ...
රුපියල් ලක්ෂයක් .....
ගායනය -ෆ්‍රෙඩ් සිල්වා
පද රචනය - හඩ්සන් සමරසිංහ
http://www.infolanka.com/miyuru_gee/
(මේ සින්දුව හොයාගන්න මාව දැනුවත් කල ඉන්දිකට නොහොත් සිංහයාට බොහොමත් ස්තුතියි )
මෙවැනි දෙයක් කියන්න හරි උඹේ මනුස්සකම තියනවා නේද සොමියා...ඉතිං ඒ වගේ මිනිස්සු තව ඉන්නවා හැංගිලා...බයට නැත්තම් කලකිරීම හින්දා...කොහොම හරි අපේ ආගම් වලින් කරන මග පෙන්වීම් හරියට කලා නම් මේවා කිය කියා ඉන්න ඕන නෑ බං....ආගමක තියෙන්න ඕන සෘජු බව අද කෝ... අද ආගමත් වාසියට කරන බිස්නස් එකක් වෙලා..දේශපාලන පිළිකාව නැත්තෙ කොතනද... ඉතිං හොඳ මිනිස්සු යට ගිහින් ඔහේ ඉන්න එකෙන් උඩ ඉඳන් දඟලන එවුන් ටික මේක කනවා....
Deleteසිංදුවාගේ හැකියාව ගැන නැවත කිව යුතු නොවේ...ඉහතදී ප්‍රකාශ කර ඇත...
මොකෑ කියන්නෙ හැමෝම කිව්ව වගේ ගීතයක්වත් කරමුද..
ReplyDeleteඋඹෙ පදවැල් නං කවදත් ලස්සනයි..
ජය වේවා.
අපි බලමු සංචාරකයෝ ඉදිරියට...බොහොම ස්තුතියි උඹට මේ කරන දිරිමත් කිරීම් වලට...
Delete20-20
ReplyDeleteමිනිසත් බව ඇති ලෝකයක් , සැමදා හීනයක් පමණයි
ReplyDeleteඒ හීනය හැබෑ කරන්න පුළුවනුත් අපිටමයි ඉවාන්...ඒ මොකද මොකක් කලත් අන්තිමට අපිට ඕන වෙන්නෙ මනුස්සකම විතරක් හින්දා...
Delete