Saturday, July 5, 2014

අල්ලපු ගෙදර කෙනාගේ නිරුවත බලන විදිහ .......



කාන්තාව - අනේ සර් මට විය හරි විලිලැජ්ජාවක්
පොලිස් රාළහාමි - මොකක්ද මේ හතරබීරි කතාවෙ අරුතක්

කා - තට්ටු දෙකේ නිවසක ඉමි තනිපංගලමේ
රා - ඉතින් මොකද පැමිණිල්ලට හේතු වලාමේ

කා - තට්ටු තුනේ නිවසකි මගෙ අල්ලපු ඉඩමේ
රා - දැන්නම් මගේ පනිනවා මායිම් ඉවසීමේ

කා - හරි හරි මම කාරණාව කියනෙමි කෙටියෙන්
රා - ඒක හොඳයි විසඳන්නට මේක ලේසියෙන්

කා - අල්ලපු ගෙයි මිනිහා ඉන්නේ අමු හෙළුවැල්ලෙන්
රා - හත්වලාමෙ ඒක කැතයි නොවැ එක එල්ලෙන්

කා - ඒ මිනිහා ඇවිදියි එය මට පෙනෙන්නට
රා - එහෙනම් අපි හනිකට යමු එය බලන්නට

කා - දිය යුතු වෙයි ඌ හට රජකාලෙ සම්බුවක්
රා - ඒකට මේ මං ඉන්නවා නොමැත කිසි බයක්

(දෙදෙනාම කාන්තාවගේ නිවසට පිවිසෙති. කාන්තාව විසින් රාළහාමිට තම නිවසේ සැකැස්ම පෙන්වයි.)

කා - මෙන්න මෙතන ජනේලයෙන් දකිමි උගෙ වත
රා - කෝ බලන්න කෝ බලන්න ඌගේ නිරුවත

කා - අන්න අන්න දැක්ක ද ඌ ඉන්න සෙප්පම
රා - නිරුවත නොව උගෙ කඳබඩ දැක්කෙමි තවම

කා - ඔහොම නෙමෙයි මම නම් නිරුවත නරඹන්නේ
රා - මේ මොන හරුපයක් ද දැන් ඔහේ කියන්නේ

කා - තබා උඩින් මේ මේසෙට අර උස පුටුව 
        පුටුව උඩට නැග්ගට පසු දිස්වෙයි හෙළුව


අසංක ගයාන් අබේසිංහ


.

61 comments:

  1. ඔන්න ඔහොම තමයි ගොඩක් වෙලාවට වැඩේ වෙන්නේ , පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්.............. තැන්තූ තැන්කූ

      Delete
  2. හතර රියන් හා දෙරියන් තාලෙට නියෙමට යනවා මේක.

    අනේ අම්මපල් මෙහෙමත් උදවිය. ඔහොම ඈයො තමයි තමන් තමන් විසින්ම දූෂණය කරවගෙන පොලිසි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්..........

      ඔව් මනෝෂ් බොහොමයක් ගෑණු අල්ලපු ගෙවල් වල කුණු හොයන්නේ මෙහෙම තමයි. ගැහැණුන් ආසම මාතෘකාවක්නේ ඔය.............

      Delete
    2. ඕං ඔහොම කට්ටියට දුක හිතෙයි කියල තමා අපි … … … :D

      Delete
    3. @පත්තරේ..........

      //දුක හිතෙයි කියල තමා අපි … … … :D//

      හිස්තැන් පුරවන්න...

      Delete
    4. @පත්තරේ..........

      //දුක හිතෙයි කියල තමා අපි … … … :D//

      හිස්තැන් පුරවන්න...

      Delete
    5. ඔව් ඉතින් අපි? කියන්න කියන්න ඉතිරි ටිකත්.

      Delete
  3. අපරාදේ බං අර මිනිහට තිබුනේ ගෙවල් දෙක පුට්ටු කරන්න..

    ReplyDelete
    Replies
    1. ගෙවල් දෙක කෙසේ වෙතත් හෙට අනිද්දා ම පූට්ටු වෙයි මෙහෙම ගියොත්..............

      Delete
  4. අහල තිබ්බ කතාවක් බොහොම ලස්සනට කවි දෙබසින් දිල තියෙන්නේ අපුරුවට..

    ReplyDelete
    Replies
    1. මමත් කතාව තමයි ඇහුවේ... ඒක කවියකින් ම දෙන්න හිතුවා... ස්තූතියි අගය කිරීමට නලියා............

      Delete
  5. හික්ස්...
    ගෑනු කන්ද කෙන්ද කරගන්නව මනෙ..
    ඊටත් එයාට පේන්න යනව කෙසේවෙතත් එයා අරයගෙ හෙලුව බලනව වගෙයි..
    මේවට කියන්නෙ විලිසංගෙ නැති වැඩ..
    හැක්...
    පට්ට අසංකයො..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මහේෂ්......... ගෑණු වහලේ උඩ නැගලා හරි අල්ලපු ගෙදර කේලම් ටික හොයනවානේ........... හැක්

      Delete
  6. ඔය තියෙන්නේ.. බලන්න ඕන මේසේ උඩට නැගල අල්ලපු ගෙදර ඇන්ටි ඉන්නේ කොහොමද කියලා.. හැක් හැක්.. තැන්කිව් මේ මග පෙන්වීමට...

    ලස්සන දෙබස..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවොත් කියපං… තෙල් බෙහෙත් අරන් අපි එන්නම් බලන්න. :D

      Delete
    2. @ විදානේ............

      අපි එහෙම තමයි විදානේ.. ඒ වගේ උදව් අපි කරනවා. නැත්තම් ඉතින් කොල්ලෝ පව්නේ.................

      Delete
    3. @ ප්‍රියා............

      ඒක එච්චර අවුලක් නෑලූ. ප්‍රියාට දැන් ගුටි කාලම ඒක පුරුදු වෙලාලු.....................

      Delete
    4. එ්කනේ ප්‍රියාටට ගුටි කාලම පුරුදුයි.. හැක් හැක්...

      Delete
    5. මේ මං එද්දි උඹට දුර බලන අර බයිස්කෝප් ද මොකද්දෑ එකක් ගෙනත් දෙන්නං .. ඒකෙං පේනවා ටොපට .මැක්කෙක් හිටියත් කීයහැකි .ඕ යේස් !!!

      Delete
    6. @පත්තරේ...

      කාටද ඒක ගෙනත් දෙන්නේ විදානෙට ද ප්‍රියාට ද ???? මොකද කලින් ම ගුටි කන එකා හොයා ගන්න එපැයි... හැක්

      Delete
  7. හා හා පට්ට කවිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු................

      කවියක් කිව්වට එක විදිහක කතාවක් තමයි මේක. අහපු කතාවක් කවියෙන් ගෙනාවා..........

      Delete
  8. Replies
    1. තැන්කූ ............. තැන්කූ................

      Delete
    2. අත් හදා බලන්න යන්ඩෙපා ප්‍රියෝ . කන්ඩ වෙයි ඈ !! :D

      Delete
    3. ගුටි කන්න වෙනවා කියලා පත්තරයා හරියට ම දන්නේ කොහොමෙයි??? කෑවාවත් ද ??? හැක් හැක් ..........

      Delete
  9. හිකිස්..මාර සීන් එක තමා ඒකත්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සංචාරකයා.........

      අදහස් දැක්වීමට ස්තූතියි............

      Delete
  10. හෙහ්....මරු .....

    ඈ බං ......මං විතරද කාන්තා නියෝජනය.....

    ReplyDelete
    Replies
    1. මේක දෙපාර්ශවයට ම අදාලයි ඈ ...මං කිවුවේ තමන් වැරදි කරලා අනුන්ට චෝදනා දීම ...

      Delete
    2. ස්තූතියි රෙහානි.............

      කාන්තාවන්ට බැන්නට තරහා ගන්න ඕනේ නෑ ඉතින්... පිරිමි කියලා වැඩි වෙනසක් නැහැනේ. දන්නවා නැතෑ ඒ ගැන නම් නේද????

      Delete
  11. හික්ස්....
    කාගෙම හරි මොකාක්ම හරි වැරද්දක් හොයන්න සමහරු කැමති නොවැ...
    එහෙම වැරදි හොයන් කෑගැහුවට එතනින් පේන්නෙ කෑගහන් කෙනාගෙම පහත් කම තමයි ඉතින්..
    මරු අදහස....

    ReplyDelete
    Replies
    1. තැන්කූ සුසී.............

      බොහොමයක් මිනිස්සු මෙහෙම තමයි දැන් කාලේ චෝදනා කරන්නේ. වැරැද්ද තමන්ගෙම අතේ තියාගෙන අනුන්ට බනිනවා.

      Delete
  12. Superb ..!
    මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ, Comment 1 ක් නොදා යන්න හිතෙන්නෙත් නැහැ.
    ( සමාවෙන්න ! )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු අගය කිරීමට.....

      ඒ වගේ ම කමෙන්ටුවක් කොටලා යෑම ඔබේ අදහස් දැන ගැනීමට වැදගත් වගේ ම එය තවත් ආකාරයකින් අපිව දිරිගැන්වීමක් සඳරු................ ස්තූතියි............

      Delete
  13. අහපු කතාවක් වුනාට......
    ලෙසට කවියකින් කියෙව්වමයි..... මං .....
    සාර්ථකයි මචෝ උත්සාහය.......
    සුපිරි'''''''! .....................................

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෙන්ජියෝ............

      කෙන්ජියා එහෙම සුපිරියි කිව්වාම අපිට දැනෙන්නේ ලොකු සතුටක්... උත්සහය සාර්ථකයි කියලා දැනෙද්දි හෝ ගාලා කවි ලියන්න හිතෙනවා. මාර ෆිට් එකක් දැනෙන්නේ................. ස්තූතියි කෙන්ජියා...............

      Delete
    2. කෙන්ඡි කියන්නේ ඉතින් හිතේ කුනු නැති පොරක්.

      Delete
  14. පට්ට... වෙන කියන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ................... වෙන කියන්න දෙයක් නෑ............

      Delete
  15. චික් මොන ජරාකතාවක්ද මේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොහොම ද මේක ලියන්න ඕනේ..............

      Delete
    2. ඇන්ටි දැක්ක කල්.. කොහෙදෑ ගියෙ ??

      Delete
    3. ඇන්ටිට රහ මොන වගේ කථාද?

      Delete
  16. ලස්සනට කවිකරල.කතාවනම් අහල තිබුන

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් කතාව නම් ටිකක් පරණ එකක්..... ඒත් කතාවේ රස වැඩි වෙන්නත් එක්කම කියලා කවියක් කරන්න හිතුවා...ස්තූතියි කවිය අගය කළාට......

      Delete
  17. අපි ඔහොම නේන්නම් ඕන් නැති දේවල් දිහා බලන්නේ. එහෙම බලලා බයවෙලා තොවිල් නටලා, නූල් බඳිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව අරූ.............

      අපේ කාන්තාවන්ට ඉතින් පුටුවක නැගලා හරි කමක් නෑ ඕපදූපයක් නම් ...

      Delete
  18. හෙහ්, පුටුව කඩලා දාලා ආවනම් කේස් එක ක්ලෝස් නේ..

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ............

      දිනේෂ් ඉන්න තිබ්බේ ලංකාවේ.... ෆාමසියක් දාන්න නෙමෙයි පොලීසියේ වැඩ කරන්න... හැක්

      Delete
  19. තමනුත් කරමින් වැරදි
    දිගු කරයි අනුනට ඇගිලි
    ගැහැණුන් නම් ඔහොම තමයි
    විශ්වාස කල නොහැකි

    ReplyDelete
    Replies
    1. වාව්..............

      මනෝජ්ගේ කවි නියමයිනේ... ස්තූතියි කමෙන්ටුවට... කවිය අගෙයි..

      Delete
  20. Repossessed cars for sale -
    Good day! I could have sworn I've been to this website before but after checking through
    some of the post I realized it's new to me. Anyhow, I'm definitely
    glad I found it and I'll be book-marking and checking back frequently!


    Here is my web blog - vehicles

    ReplyDelete
  21. අන්න කෙල්ලෝ. කුලියට ගන්න බැරිද අල්ලපු ගෙදර?

    ReplyDelete
    Replies
    1. කුලියට නෙමෙයි පුළුවන් නම් සල්ලිවලට ම ගනියි..... හැක්

      Delete
  22. හෙළුවට ඇති ඇල්ම
    එකවැනිය සියළුදනහට
    අඳෝමැයි ගැහැණුන්
    නො එසේයැයි කියති තික් පිට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලංකා..............

      කවිය නම් නියමයි... ඉතින් හැමෝම හෙළුවට ඔච්චර කැමති නම් ඇයි අපි හැමෝම බොරුවට රෙදි අඳින්නේ........ හැක්

      Delete
  23. වැඩේ මරු.. කතාව දැනගෙන හිටියට මේක මෙහෙම කියවන්න මෙහෙටම එන්න වුනා නෙව.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා ඇලෙක්ස්................

      අපි ඉතින් කතා කවි කරනවා නෙවැ.......... කතා විතරක් නෙමෙයි කතා හද හද කවි කරන්නත් පුළුවන්... හැක්...

      ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  24. පට්ට පොස්ට් එක.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...