උණු කඳුළු හිර දෙඇස
හිරි වැටුණු හද සසල
පණ නැතිව ගිය ගතම
කිති කවයි මයෙ ඇඟම........
පෙරුම් පිරු ජීවිතය
විසිරිලා පාමුලම
හිරවෙලා හදවතම
නැවතිලා මයෙ දිවිය........
පොතේ හුන් බිරිඳක්ව
උන්නු මා පෙර දිනක
නුරා සුව ඈ සමඟ
වින්ද බව අමතකද...........
ගතින් බෝ නික්මිලා
ගොසින් හැර මා දමා
සිතින් ඔබ යන යුරා
කෙලෙස අදහම්ද මා........
සෙනෙහයේ රන් යදම්
ලිහිල් වී දිය වෙලා
ඔබෙන් මා පැතූ ලොව
වෙන තැනක ඉදි වෙලා.......
ස්නේහයේ
සප්ත ස්වර
බොඳ වෙලා විසිරිලා
අලුත් හිරු එනතුරා
මග බලා හිඳිමි මා.........
කාංචනා චන්ද්‍රසේකර
ඔබෙන් මා පැතූ ලොව
ReplyDeleteවෙන තැනක ඉදි වෙලා.......
මෙන්න මේ දේ ඉවසගෙන් ඉන්න එක තමා අමාරුම දේ
ඉවාන් අයියත් එක්ක සපුරා එකඟ වෙමි.
Deleteඉවාන් ඇත්තටම ඒක හරිම අමාරු දෙයක්.දහසක් බලාපොරොත්තු බිඳිලා යද්දි......හිතන්නත් අමාරුයි...
Deleteස්තුතියි අදහසට........
"උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
ReplyDeleteසංවේගය ඉවසමි මම කඳුළු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා
අගේට දිවි කුසලානයෙ මිහිර පිරේවා
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා
අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා"
ඔය අතරෙ අන්න එහෙම හිතල හිත හදාගන්න පුලුවන් අයත් ඉන්නවා. ඒත් මේ නිර්මාණය තුල කැටිවුන වේදනාවනම් දරාගන්න හරිම අමාරු දෙයක්.
ඇත්තටම සඳුමල් හැමෝටම එහෙම හිත හදා ගන්න අමාරු වුණත් ඒ හැකියාව තියන අය ඉන්නවා.වෙන මාළිගා හදන්න අර අදින අය එහෙම කරන ඒවා ප්‍රායෝගික සමාජයේ සුලබයිනෙ.ලියන මගේ පැතුම මේ වේදනාව මෙලොව කිසිවකුට හිමි නොවන්න කියන එක.........
Deleteස්තුතියි අදහසට........
අපි මේ හිතාගෙන ඉන්න හැමදේම ඒ විදිහම නෙමෙයි. අපි දකින හැම දේම ඒ දකින දේම නෙමෙයි. අපි කරන කියන හැම දෙයකදීම තවත් අමතර සැලසුමක්, ඒ කියන්නේ අපිට මේ මොකුත් නැතිවුනොත් ඊළගට මොකද වෙන්නේ කියලත් හැමවෙලේම හිතන්න වෙනවා. ඒ හැමදේටම මුහුණ දෙන්න තරම් අපේ හිත් හයිය වෙන්න ඕන. හැමවෙලේම හැමදේම වෙනස් වන සුළුයි. ඒ ඇත්ත කොයි කාලෙටත් එකයි.
ReplyDeleteගරු කරනවා ඔබෙගේ අදහසට. ඇනී.වෙනස් වෙන ලෝකයක ආදරය වෙනස් නොවෙයි කියලා කියන්නේ කොහොමද?අපි හිතන හැම දේම නම් නිවැරදි නොවන්න පුළුවන්......ශක්තිමත් හිතකට පුළුවන් ඒක දරා ගන්න.අමතර සැලසුම් ගැන හිතලා කරන්න පුළුවන් නම් හොඳයි.නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ආදරය වගේ දේකදී එහෙම කරන්න අපහසුයි කියන එක තමයි මගෙ නම් අදහස.........
ReplyDeleteස්තුතියි ඔබට.......
මම මෙතන අමතර සැලසුම කියලා අදහස් කළේ මේ ආදරය හරි වෙන දෙයක් හරි කවදහරි නැතිවුණොත් මොකද කරන්නේ කියලා හිතලා තියන එකටයි...ඒකෙන් මම කියන්නේ නැහැ අඩමානෙට හැමදේම කළ යුතු බව...කිව්වේ මේ හැමදේම නැතිවන සුළු බව සිහි තබාගෙන ඕනවට වඩා උද්දාම නොවී උපේක්ශාවෙන් හැම දෙයක් එක්කම ගනුදෙනු කළ යුතු බව...
Deleteහ්ම්ම් අපි පතපු අපේ ලොව අපේ නෙවේ කියන එක තරම් දුකක්.
ReplyDeleteහිතන්නවත් අපහසුයි........
Deleteඒත් මුහුණ දෙන්න උනොත් කරන්න වෙනවානෙ ප්‍රියා නේද?නැත්තම් ඉතින් කලින් ඇනී කීව වාගේ සැලසුම් සහගතව ආදරය කරන්න ඔීනි.නැත්තම් ඒක දරා ගන්න අපහසු තරම් දුකක් තමයි...........
කෝ මා පැතූ ඔබෙ ආදරේ .. ;(
ReplyDeleteහ්ම්.......
Deleteමොනව කරන්නද තව ගෙයක් හදාගන්න තියෙන්නේ සිමෙන්ති ගණන් යන්න කලින්
ReplyDeleteඒක තමයි හැක් ඉක්මනින් හදන්න ඔිනි.දැන්ම පටන් නොගත්තොත් මැරෙන්න කලින් හදාගන්න බැරිව යනවානෙ..........
Deleteකවුද මේ අලුත් ඉර කියන්‍නේ ? ජීවිතයට එකතු වෙයි කියලා හිතන අලුත් කෙනෙක්‍ද? එහෙම නම් එයත් කලින් කෙනා වගේ නොවෙයිද ? මට හිතෙනවා
ReplyDeleteස්තූතිය යසස් අදහස් දැක්වීමට.............
Deleteඇත්තට ම කියනවානම් යසස්, මේ කවියෙන් කියන්න උත්සහ කරන්නේ අලුත් ම ඉරක් ගැන නෙමෙයි. ලෝකෙට තියෙන්නේ එක ඉරයිනේ. ඉතින් අලුත් ඉරක් කියන්නේ දවසක් ඉවර වෙලා ආයෙම පායන ඉර. ඉතින් හෙටවත් හොද වෙයි කියලා බලන් ඉන්නවා............. බලමු උත්සහ කරලා............................
ගතින් ඉන්නට නැතත් ලංවී
ReplyDeleteසිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...
ගතින් ඉන්නට..
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...
ගතින් ඉන්නට..
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
මට මේව්වා උනේ මේ ගීය... හප්පේ කාන්චනා කියන නම දැක්ක කල්..
ජ ය වේ වා !!!!
පහුගිය ටිකේ ටිකක් වැඩ වැඩි වුණා විදානේ............
Deleteදැන් දිගට ම ලියන්නම්.. ඉතින් විදානේට මෙව්වා වුණ ගීතයත් ලස්සනයි. ස්තූතියි ඒක එකතු කරාට.................
ආදරය කියන්නේ මාර දෙයක්. ඒක විවිධ විදිහට දකින්න පුළුවන්. දුක වේදනාව විතරක් නෙමෙයි සතුට සහ තෘප්තියත් ඒ තුළ තියෙනවා. අපි ඒවා සමග කරන ගණුදෙනුව තමයි ආදරය කියන්නේ. නේද විදානේ???
මළා මේ මක්කෙයි වෙන්න යන්නෙ ඈ...
ReplyDeleteකවිය නං පට්ට කාංචනා...
සුපිරි.. ජයවේවා
සුතුතියි මහේෂ්.......
Deleteඅලුත් ඉරක් පායන එක හොඳ නැද්ද ඉතින්???
ජීවීතේ ගෙනියන්නේ හීන. හීන කුඩු උනාම. ජීවිතෙත් කඩා වැටෙනවා. ඒත් ඉතින් තව හීන දකින්න තහනමක් නෑ නේ. මාත් පොඩි සින්දු කෑල්ලක් කියන්නම්..
ReplyDeleteවැටි වැටි අවිදින මගේ පුංචි පුතා හැංගුනදෝ..
ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ..
ඔව් මාතලන් හීන දකින්න නම් තහනමක් නැහැ තමයි.හැබැයි කලින් හීනෙට වඩා ලස්සන හීනයක් දැක්කොත් විතරයි අපි දිනන්නෙ.නැත්තම් ආයෙමත් අපිම පරාජය වෙනවා...........
Deleteකාන්චනා..........................
ReplyDeleteමුලින් ම කියන්න ඕනේ කවිය නම් ලස්සනයි..... ඇත්තට ම වෙනදා ඔබේ කවි තරම්ම ලස්සනයි... ඒත් අදහස ගැනනම් ටිකක් ගැටළු සහිතයි. සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා හිතන දේවල් හැම දේම හරි නැහැ කියලා අපිට ම තේරෙන්නෑ. ඒත් අපි දකින පැත්තකින් විතරයි දෙයක් විග්‍රහ කරන්නේ. අනෙකාගේ පැත්තෙන් බැලුවොත් ඒ ප්‍රපංචය ම බොහෝ දුරට වෙනස් කියලා අපිට තේරෙයි. ඉතින් පුළුවන් තරම් මධ්‍යස්ථව හිතන්න කියලයි මං නම් යෝජනා කරන්නේ.....................
අනික අළුත් ඉරක් දිහා බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක් ඒ ඉර පායපුවාම තමයි ඒකේ රඟ තේරුම් ගන්නේ. තිබ්බ ඉර කොයිතරම් හොදද කියලා අපිට තේරෙන්නේ එතකොට. අනික තමයි තමන් සතුව තියෙන දේ වටිනාකම තේරෙන්නැති එක අපේ මිනිස් ගතියක්. ඒ තුළ නැති දේවල් හොයනවා විතරයි. ඒත් ඒක නැතිවුණ දවසට එ්කේ අගය තේරෙනවා. ඒත් එදාට ඒ දේ අපි ළඟ නැහැ............................
.....................පසුතැවීම.....................
ස්තුතියි තුෂාර.....
Deleteමධ්‍යස්ථව හිතන්න උත්සාහ කිරීම නම් හොඳයි තමයි.අලුත් ඉරක එළිය වැඩි නොවෙයි කියලා අපි කොහොමද තුෂාර තර්ක කරන්නේ???
ඔබටත් මටත් මේ දුක උරුම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්කො.......
ඔබට යන්නම ඔනැනම් ඔබ යන්න තින් නික්මි
ReplyDeleteමෙ කාමරයෙ පුරා රැදුන සුවදත් අරගෙන
----------------------------------------------------------------------
මුඩ් ෆික්ස් කරන්න ගන්න ජින්ගෙර් බිස්කට් එකක්.
ඇත්තට ම දමිත් විවාහ ජීවිතේ කියන්නේ ජින්ජර් බිස්කට් කන්ටේනරයක් ළඟ තියාගෙන කරන්න ඕන දෙයක් තමයි.................
Deleteස්තූතියි අදහස් දැක්වීමට..................
ආ.................... ඔය කාන්චනාත් ඇවිල්ලා තියෙන්නේ.... ඇයි දැන් වැඩිය ලියන්නැත්තේ. දිගට ම ලියන්න. ඔබේ ආරයේ කවි කියවන්න අපි ආසයි. ඉතින් නිවාඩු වෙලාවට කවියක් එහෙම දාන්න අමතක කරන්න එපා.......... හරිය...
ReplyDeleteඔව් ඇනී කාලෙකින් තමයි පද ටිකක් කුරුටු ගෑවේ.විභාග 2ක් අත ළඟ හින්දා ටිකක් කාර්ය බහුලයි.ඒත් පුළුවන් වෙලාවට කුරුටු ගාන්නම්.ස්තුතියි මගේ නිර්මාණ ඇගයුවාට.............
Deleteඅපි දකින හීන වල අපි පතන අය වෙනුවට වෙනත් අය හිටියාම හිතට දුකයි.
ReplyDeleteඑක මහා මුස්පේන්තු අඳුරු හැඟීමක්.හැබැයි ඉතින් අලුත් ඉරක් පායලා ආවම ඔය ඔක්කොම හරි යාවි තමයි.
ඒක ඇත්ත මනෝජ්.අපි කොච්චර ආදරය කළත් ඒ අයගෙ හීන අපි ළඟ තියෙන්නෙ මූනිච්චාවට විතරක් කියලා දැනෙන වෙලාවල් තියනවානෙ.අපේ හීන තව අය හොරකම් කරනවා.සදහර විටක අපේ හීන ඔවුන් උගසට තියනවා...........
Deleteස්තුතියි අදහස් දැක්වීමට.......
// ස්නේහයේ
ReplyDeleteසප්ත ස්වර
බොඳ වෙලා විසිරිලා
අලුත් හිරු එනතුරා
මග බලා හිඳිමි මා.........// අලුත් ඉරක් අලුත් ආරම්භයක් ලබා දේවී... ලස්සන පද වැල් ටිකක් ...
අලුත් ඉර ඔය කියන ලස්සන අරගෙන ආවොත් හොඳයි නේද???
Deleteස්තුතියි ඔබටත්......
/////ඔබෙන් මා පැතූ ලොව
ReplyDeleteවෙන තැනක ඉදි වෙලා.......///////////
මෙන්න මේක තමයි දරාගන්න්ම බැරි. අත්මාර්ථකාමී සිතීමක් වෙන්න ඇති. නමුත් දරාගන්න බැහැ. මටත් ඔය අත්දැකීම දැනිලා තියෙනවා.
ඇත්තටම ආර්මාර්ථකාමී සිතිවිල්ලක් තමයි අරූ.අපේ අපේ කියලා තියාගන්න අය අපේ නෙවෙයි කියලා දැනෙන එක කොයිතරම් වේදනාවක්ද..........
Deleteස්තුතියි අදහසට......
ආදරය වේදනාව හුඟක් ලගම තියෙන දෙයක්නේ.. අපූරුයි කවි පෙල..
ReplyDeleteස්තුතියි දිනේෂ් කවිපෙළ ඇගයුවාට........
Deleteම්ම්ම්...... හොද සිතිවිල්ලක්.......
ReplyDeleteඊයෙ ඉදලම හිතුව මොකක් ද ලියන්නෙ කියල.......
මොකද.....ඔය අත්දැකීම් ලබලත් මට සැහැල්ලුවෙන් ඉන්න ඇහැකි නම් අනිත් එවුන්ට මොකද බැරි කියල මං ආත්මාර්ථකාමී ලෙසට සිතන නිසාද මන්ද.... බං ......
එහෙම ඉන්න විධිය අපිටත් කියලා දෙන්නකො කෙන්ජි...........
ReplyDelete