අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්න
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............
මුදල් යහමින් සතුට සමගින් නිතර අත මිට සැරි සරත්වා
නිදහසේ සුව සමග මුහුවුණු සිනා රැළි මුව නැගී එත්වා
උතුරනා කිරි රැල්නගා ගෙන නිවස ආරක්ෂා කරත්වා
ගැමුණු තෙජබල වීර පැරකුම් සිංහ සෙයියාවෙන් සිටිත්වා............
රුවෙන් අගඇති ගුණෙන් පිරිපුන් සිරිකතක් හෙට ලැබෙනවා
කිරි සිනා හඬ කොමල වදනින් ගෙදර සතුටින් පිරෙනවා
හිතේ ඇති පැතුමන් දිනා ඔබ රජෙකු ලෙස සැරිසරනවා
එහෙව් ගමනට අපි හැමෝමත් එක සිතින් සුභ පතනවා...........
කුරුටු ගෑ ගී පවුරේ සහෘදයෝ.
පසුවදන - කුරුටු ගෑ ගී පවුරේ අසංක ගයාන් අබේසිංහ සහෝදරයා අලුත් නිවසට සුභ මොහොතින් 2014-08-01 දින පිවිසීම නිමිතෙන් වූ අපගේ සුභ පැතුමයි.
සුභ පැතුම්..... වල් කෙන්ජියා ගෙන්.... :) '''
ReplyDeleteස්තූතියි කෙන්ජියෝ අපිත් එක්ක එකතු වුණාට....................
Deleteමගේනුත් සුභ පැතුම් :))) අසංකට ..කවියක්ම ලියන්න තිබුණා නම් හරි අගෙයි ..
ReplyDelete[අර රූපේ දැකලා කෙල ගිල්ලෙ නෑ ;)))) ]
ස්තූතියි සහෝදර.....................
Deleteහෙට අලුත් ගෙදරට යන අසංකට සුභපතන්නට අපිත් එක්ක එකතු වුණාට..................
අපෙත් සුබපැතුම් පුතා.
ReplyDeleteඒ් කියන්ෙන් ඔබතුමා අපිව අදුරගත්තා ෙන්ද?????
Deleteස්තූතියි.............................
අසංක වගේම ඔබ සියලුදෙනාම වාසනාවන්ත දරු කැලක් බව මා හඳුනා ගෙන සෑහෙන දවසක් වෙනවා
Deleteහෙට දින ගෙට ගෙවදින ඔබට නිවසට පා තබන මොහොතේ ගෙතුලට ගෙන යන සතුට පවතීවා දිවිතුරා ...!
ReplyDeleteස්තූතියි ෙරහානී අසංකට සුභ පතන්නට අපිත් සමග ඒකතු වුණාට..........
Deleteගෙට උවමනා මල්ටි පර්පෝස් ඉක්විප්මන්ට්/මැෂින් එකක් අරගෙන නැද්ද??
ReplyDeleteජය වේවා
හරියට හරි ෙද්ශකයා ෙපායින්ට් ඒක අල්ලගත්තා. අපිත් තාම ට්‍රයි කරනවා සහයක් ෙදන්න. ෙකා් වුවමනාවක් තියනවා කියලයෑ........
Deleteමං හිතුවේ එහෙමවද්දෝ කියලා.. කොහොම නමුත් කොල්ලා තාම වාසනාවනතයි...
Deleteඒක හරි.................
Deleteතාමත් වාසනාවන්තයි විදානේ. ඒත් කට්ටිය දගලන විදිහට හෙට අනිද්දා ම අමාරුවේ දායි කියලත් හිතෙනවා. තාම වේකන්ට්.............
අසංක වාසනාවන්තයා.. අපි තමා බං අවාසනාව බලෙන්ම කරේ දාගත්තේ.. හැක්..
Deleteඅසංක සුබපැතුම් ඔබට... කිරි පැණි උතුරණ නිවසකට...
ReplyDeleteජ ය වේ වා !!!!
ස්තූතියි විදානේ...................
Deleteඅසංකගේ ජීවිතේ වැදගත් වෙලාවක සුභ පතන්නට අපිත් එක්ක එකතුවුණාට..........
නව නිවස කිරියෙන් පැණියෙන් සතුටෙන් හිතේ සැනසීමෙන් ඉතිරේවා!!!!!!!
ReplyDeleteඅපිත් හදවතින්ම සුබ පතනවා!!!
ස්තූතියි ප්‍රියා.....................
Deleteඑදත් අදත් හෙටත් අපිත් එක්ක ඉන්න අපේ මිතුරන්ගේ සුභ පැතුම් ඔහුට දෙන්න හොදම ක්‍රමය මේක තමයි කියලා හිතුවා. ඉතින් ඒ සුභ පැතුමට අපිත් එක්ක එකතු වුණාට ස්තූතියි ප්‍රියා....................
සිනා බෝ වේවා...
ReplyDeleteසුභ පැතුම් අසංකයො...
අනිවාර්යයෙන් සංචාරකයා................
Deleteඑන්න බැරියැ ඒ පැත්තෙත් සංචාරයක්..........
සංචාරකයා කිව්වට මයෙ ඇත්ත නමත් අසංක.. :D
Deleteසුභ පැතුම්....
ReplyDeleteස්තූතියි දමිත්..............................
Deleteමගෙනුත් සුභ පැතුම්.අපිට තාම බැරිවෙච්ච එකේ කවුරුහරි හැදුවා කියන්නෙ හොදයි නෙ *^_^*
ReplyDeleteඔව් මල්ලියා....................
Deleteවැඩියෙන් ම සුභ පතන්නට ඕනේ ඒ නිසායි...........................
ස්තූතියි මේ පැත්තට ඇවිත් අපිත් එක්ක එකතු වුණාට...
පුදුම සතුටක් මේ කවි ටික දැක්කම..
ReplyDeleteදැන් ඉතින් තව තෑගී ගෙනියන්න ඕන වෙන එකක් නෑ..... :)
ඇත්ත මාතලන්........
Deleteඅපිට තියෙන කණගාටුව අපේම සහෝදරයෙක්ගේ වැදගත් වෙලාවක අපිට එතන ඉන්න බැරිවෙන එකයි. මොනවා කරන්නද මාතලන් රැකියා විසින් අපේ ජීවිත අපෙන් උදුරගෙන නේද?????
ඇත්තෙන්ම මුලු හදවතින්ම සුබපතනවා අසංකට. තමන්ගෙම කියල සොඳුරු නිවහනක් ගොඩනඟාගන්නෙක අද කාලෙ ජීවිතේ ලබන ඉතාම ලොකු ජයග්‍රහනයක්.
ReplyDeleteදිවිගමනට සුබාසිරි!
ස්තූතියි මනෝෂ්...............
Deleteමේ වගේ වෙලාවක අපිත් එක්ක එකතු වුණාට ස්තූතියි. අපි හැමෝම එකතු වෙලා අද සිද්ධ වෙන අසංකගේ ජීවිතේ වැදගත් ම අවස්ථාවක දී අපි ඔහුට සුභපතමු....................
ඔන්න මගෙනුත් සුබ පැතුම්..
ReplyDeleteස්තූතියි දිනේෂ්...........................
Deleteසිනා බෝ වේවා... :)
ReplyDeleteජයෙන් ජය අසංක යො...
ස්තූතියි මහේෂ්..................
Deleteඅපේ ප්‍රාර්ථනයත් ඒකම තමයි. හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න අසංකගේ ජීවිතය ම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියන එකයි අපේ ප්‍රාර්ථනයත්........................
සුබ පැතුම්...!
ReplyDeleteවැඩේ සර්ව සම්පුර්ණ වෙන්න නම් ශ්‍රීයා කතක් ගෙන්නත් වේවි.
ස්තූතියි මනෝජ්.......................
Deleteඅපිත් එක්ක හැමදාම එකතු වෙන අපේ මිතුරන් මේ සුභ පැතුමට එකතු කරගන්න තමයි අපි අසංක වෙනුවෙන් මේ කවිය පළ කළේ.... ඒ සමග එකතු වීමට ස්තූතියි. අසංක තාමත් උත්සවයේ කටයුතු වල ඇතැයි සිතමි. එනිසාදෝ තාමත් ඔහු මෙම පෝස්ටුව දැකනැති බව පෙනේ....... දුටු විට හැමදෙනාට ම ඔහුගේ ස්තූතියත් පළකරාවි.........
දහඩිය , කඳුළු , බාධක මැද සැබෑ කරගත් සොඳුරු බලාපොරොත්තුවට හෘදයාංගම සුභපැතුම් !!
ReplyDeleteකරදර - බාධක , කඳුළැලි කිසි, ලං නොමවෙන
සාමය , සතුට , සැනසුම නිති රජ කරන
දිව්‍ය මාළිගයක් වේවා, ඔබේ නව නිවහන
සුභ පැතුම් ගෙනෙමි මෙසේ, හද පත්ලෙ ඉපදුන !!!
මට පොඩි ප්‍රශ්නයක් ????
දහසක පැතුම් මැදින් තැනූ කැදැල්ලේ
කුරුල්ලා තවමත් ඇයි නිදැල්ලේ
ස්තූතියි සදරු.........................
Deleteඅසංක අදයි බ්ලොගය බලලා තිබුණේ. ඔහුට පුදුමයි. කතා කරලා කිව්වේ බ්ලොග් එක අපේ පවුල වගේ දැනෙනවා කියලා. කට්ටිය වෙනුවෙන් ම අසංක ඉක්මනින් ම අදහසක් පළකරාවි. ඔහුට හරිම සතුටුයි කට්ටියම මේ වෙනුවෙන් එකතු වුණාට...............
ඉතින් ඒ වෙනුවෙන් අපි සමග එකතු වුණ ඔබටත් බොහොම ස්තූතියි සදරු...........................
අඩෝ බොක්කෙන්ම මගේ සුභපැතුම් මස්සිනේ.. දෙයියනේ කියලා නැගපං අඩියෙන් අඩිය.. !!!!
ReplyDeleteඅලුත් ගෙදර වාසනාවන්ත කැදැල්ලක් වේවා.
ස්තූතියි පත්තරයෝ...............
Deleteඔය හදවතින් ම දෙන ආශීර්වාදය වෙනුවෙන්ම තමයි අපි මේ කවිය දැම්මේ.................. ස්තූතියි පත්තරයා.........
පත්තරයා සීරියස් දාපු පළවෙනි කමෙන්ටුව විදිහට මෙම කමෙන්ටුව ඉතිහාසගත වෙනවා නේද????
ජීවිතේ ලොකු කඩඉමක් ජයගත්තු අසංකට මගෙනුත් සුභපැතුම්..
ReplyDeleteස්තූතියි ඇලෙක්සන්ඩර් අසංකට සුභ පතන්නට අපිත් එක්ක අත්වැල් බැදගත්තාට......................
Deleteඔන්න අපෙනුත් සුබ පැතුම් :::::::)
ReplyDeleteධනුෂ්................... තෑන්ක්ස්...........
Delete