Monday, July 28, 2014

ඔබ නැතිව................ මම තනිව...



ඔබ නැතිව..................

මම තනිව.................

අනන්තයට ම දුක් වින්දා

ඔබව ම සෙව්වා
මට මාවද අමතක වන තුරා
කඳුලැල් හලා යැව්වා
නෙතට කඳුළුද අහිමි වන තුරා

ඉතින් දැන්..............

ඔබ නැතිව ද මා සමග
සිටිනු හැක මා හට මේ ලොවේ
මට නැත කිසිත් වෙනසක්
ඉසිඹුවකි මේ ජීවිතය අද මට

නොකියමි එනු එපා කියා ඔබට
තවද, නොකියමි එන්න කියා හෝ යළි

සියළු සොම්නස් හැඟුම් සිත පුරා තවරා
ඔහේ පාව යන වරා මලක් සේ සුළඟේ
ගුවනේ සැරිසරා යන පියාපතක් සේ නිදැල්ලේ
සැහැල්ලුවෙන් සරසමි මගේ ජීවිතය අද

සතුටින් ඉපිලෙමින්

මම තනිව ................

ඔබ නැතිව ...................


අසංක ගයාන් අබේසිංහ


.

28 comments:

  1. shoak kai tika neda

    ReplyDelete
    Replies
    1. හ්ම්.................... හ්ම්.....................

      ස්තූතියි අදහසට ඇනෝ.............

      Delete
  2. ඒක එහෙම වෙනවනම්..ඒ විදියට හිත හදාගන්න පුලුවන්නම්.. ඒක කොච්චර දෙයක්ද අසංක. ඒත් ඒකම නේද කරන්න අමාරුම දේත්. කවිය පැති කිහිපයකින්ම විග්‍රහ කරන්න පුලුවන්, ඒත් මං කැමති මතුපිටින්ම පේන පෙම්වතියකගේ අහිමි වීම කියන ප්‍රස්තුතය පදනම් කරගෙන මේක රසවිඳින්නයි.

    කොහොම උනත් නිර්මාණයනම් අපූරුයි කවදත් වගේ.

    ”ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
    ආපසු එන්න කියා”

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝෂ්.......................

      අහිමිවීම කියන්නේ ජීවිතයක අනිවාර්ය අංගයක් තමයි. ඒත් අපි හැමදාම ඒ අහිමිවීම් දිහා බලන් දුක් වෙන එක විතරයි කරන්නේ. අපිට පුළුවන් නම් ඒ අහිමි වීම වෙනුවෙන් කල්පනා කර කර දුක්වීමට වඩා වෙනත් දෙයක් කරන්න ඒකයි වැදගත්. අහිමිවීම ආයෙම හිමි වෙන්නේ හෝ තව දුරටත් අහිමි වෙන්නේ තමන් කල්පනා කරන ප්‍රමාණය හෝ දුක්වෙන ප්‍රමාණය මත නොවන නිසා අහිමිවීම සහ දුක්වීම අතර පැහැදිලි සම්බන්ධතාවයක් පෙන්නන්න අමාරුයි මනෝෂ්.................

      ස්තූතියි අදහස් දැක්වීමට............. ඒ වගේ ම බ්ලොග් වලින් ඈත් වෙලා හිටපු එක අතහැරලා ආයෙමත් අපි අතරට ආවාට...............

      Delete
  3. වරා මල් හ්ම්ම්ම් පද ටික සුපිරි ,...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයෝ...........................

      Delete
  4. ඔප්ෂන් ඔක්කොම තියනවා
    කොයික තොරගත්තත් ගොඩ
    + තිංකි

    ReplyDelete
    Replies
    1. තැන්කූ............... තැන්කූ...................

      Delete
  5. Replies
    1. ස්තූතියි දිළිණි............

      Delete
  6. මට මතක් වුනේ ප්‍රසන්න් විතානගේ ගේ ඔබ නැතුව ඔබ එක්ක ෆිල්ම් එක . බලලා තියෙනවද ඒක?

    ReplyDelete
    Replies
    1. ඔය කවියේ තියෙන අදහස ගැන මෙහෙම හිතන්න බැරිද?

      " නරියා කිව්වලු මිදී තිත්තයි කියලා " එහෙම නැත්තම් "පෙරලුනු පිට හොඳයි කියනවා " වගේ දෙයක් .... මොකද කරන්න දෙයක් ඇත්තෙම නැත්තම් ඔහොම හිතනවා ඇර ....?

      Delete
    2. කරන්න දේවල් නම් ගොඩක් තියනවා ඉවාන්.............. ඒත් සාධාරණ විසදුමක් වෙන්නත් ඕන නේද?.....අපිට දෙයක් බලෙන් තියාගන්න පුළුවන්....ඒත් ඒකෙන් නියම සතුටක් ලැබෙනවද...අපිට ඕන වුනාට අනික් කෙනාට අපිව එපා නම්...මේ වගේ අමාරුවෙන් හිතලා අන්තිමේදී ඇත්තටම සතුටු වෙන එක තමයි හොද... ගොඩක් ස්තුතියි ඉවාන් ඔබ මේ කවිය අමුතුම පැත්තකින් හිතලා... ඒවැනි විචාර අපිව තවත් දුර හිතන්න පොළඹවනවා...

      Delete
  7. ඔය ටික ඔය විදිහටම හිතට ගන්න පුළුවන්නම් හොදයි. ඒත්………

    ReplyDelete
    Replies
    1. මම දැන් ඔය ටික ඔය විදිහටම කරන කෙනෙක්... කවියෙ තියෙන්නෙ කරන්න බැරි දෙයක්ම නෙවෙයි කියලා මට හිතෙනවා... ඒ මම දැන් මෙහෙම හිතන හින්දා... මේක කරන්න පුලුවන්... ඒත් හිතන තරම් ලේසි නෑ තමයි...ඒත් හැමෝටම මෙහෙම කරන්න බෑ කියලත් මට තේරෙනවා... ඒත් එහෙම පුළුවන් වුණු එක මගේ පින තමයි ඉතින්...

      Delete
    2. ඇනෝ එක්ක මමත් එකඟයි.ඒක කරන්න පුළුවන්.

      අසංක ඔබේ නිරිමාණය ලස්සනයි.

      යන අයට යන්න දෙන එක තමයි හොඳම දේ.යන බව දැනගෙන ලං කරගන හිටියත් ඒ අය හොරෙන් හරි වරදේ බැඳෙනවා.ඒ වගෙ දේවල් තමන්ගෙ ඇස් දෙකෙන් බලන්න වෙන්නෙ යන අයට යන්න නොදී තියාගත්තම.දෙන්නාට දෙන්න පණ වගේ ආදරය නොකරණ තැනක පැවැත්මක් නැහැ.යන බව දැන දැන ළංකරගෙන මට ඉතිරි වුණේ ඉවසන්න අපහසුතරම් පසුතැවීමක් විතරයි.ඒ හින්දා අසංක ඔබේ අදහස හරි.ජීවිතයට අළුත් පණක් දෙන්න උත්සාහ කරමු.ඇත්ත කිසි දිනක පරදින්නෙ නැහැ.මට ඒක විශ්වාසයි........

      ස්තුතියි ඇනී ඔබටත්...............

      Delete
    3. ඔව් ප්‍රියා...ඔබත් එක්ක මාත් එකගයි...ඒත් අමාරුවෙන් හරි එහෙම හිතන්න දිරිය තියනවනම් අපිට ගොඩක් දේවල් දරාගන්න සහ අනාගතය ජයගන්න පුළුවන් නේද?...

      Delete
    4. බොහොම ස්තුතියි ඇනෝලා දෙන්නටම.........

      ඔබ දෙදෙනම ගොඩක් යථාර්ථවාදීව සහ ධනාත්මකව මේ වගේ දේකට මුහුණ දෙන විදිහ පෙන්වා දෙන බවයි අපේ අදහස..........මෙය තමයි විය යුත්තේ....ඇත්ත තේරුම් ගෙන ඒකට නිවැරදිව මුහුණ දීම.......

      Delete
    5. /////යන අයට යන්න දෙන එක තමයි හොඳම දේ.යන බව දැනගෙන ලං කරගන හිටියත් ඒ අය හොරෙන් හරි වරදේ බැඳෙනවා.ඒ වගෙ දේවල් තමන්ගෙ ඇස් දෙකෙන් බලන්න වෙන්නෙ යන අයට යන්න නොදී /////
      මේක තමයි මම දකින සත්‍යය. මේ තමයි ප්‍රායෝගිකව මමත් දැකලා තියනදේ.

      Delete
    6. මේ ප්‍රායෝගික දේ ගොඩක් අයට කරන්න බැරි එක තමයි ප්‍රශ්නෙ අරූ... ගොඩක් අය ඉන්නේ ජීවිතේ ඇත්ත තත්ත්වය ගැන අවබෝධයකින් නෙවෙයි වගේ...ඔහේ ඉන්නවා වෙන මොකුත් හිතන්නේ නැතිව...තමන්ගෙ ලෝකේ තමයි හරි කියලා හිතාගෙන...සමහර විට අපි දකින හිතන දේම නෙවෙයි හරිම දේ...ගොඩක් ස්තුතියි අරූ ඔබේ වටිනා අදහස් දැක්වීමට...ඔබ අපිට දිරියක්...

      Delete
  8. තවත් වටිනා කරුටු ගීයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට සහ දිරිගැන්වීමට...

      Delete
  9. පටන් ගත්තෙත් ඔබ නැතුව
    ඉවර උනෙත් ඔබ නැතුව
    ඒකෙත් පොඩි ගතියක් තියෙනවා....

    හි හි ලස්සනයි නිර්මාණේ

    ReplyDelete
    Replies
    1. හි...හි...ස්තුතියි සුසී.........

      Delete
  10. ////////සියළු සොම්නස් හැඟුම් සිත පුරා තවරා
    ඔහේ පාව යන වරා මලක් සේ සුළඟේ////////////

    මෙතන මේ පද යොදාගත් හැටියට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලෙස අපිව අගය කිරීමෙන් අපේ කවි හැකියාවන් තව තව දියුණු කරගන්න හිතෙනවා... ගොඩක් ස්තුතියි අරූ ඔබේ දිරිගැන්වීමට...

      Delete
  11. //සතුටින් ඉපිලෙමින්
    මම තනිව ................
    ඔබ නැතිව ...................//

    සිරාවටම එහෙම කරන්න පුළුවන්නම් හොදයි ඉතින්.. හැබැයි කී දවසකටද කියන එකයි ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. දිනේශ් හරි තමයි... ඒත් කී දවසකට හරි ඒක කරන්නම වෙනවනේ...කාලය තමයි ගොඩක් ප්‍රශ්න වලට හොදම විසදුම...ටික කාලයක් යද්දී ඕනම දෙයක් ගානක් නැතුව යනවා...හැබැයි එතකන් ඉවසන්න පුළුවන් හැකියාව තියෙන්නෙ නම් ඒ ඒ කෙනා අතේම තමයි...එහෙම නොවුනාම ඉතින් වෙන දේවල් අපිට එකම එක පත්තරයක් වුණත් බැලුවාම හිතාගන්න පුළුවන්නේ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...