Friday, July 25, 2014

ලෝකයේ ලොකුම සැප දන්නවාද............???



යටගිය දවස එක් සමයක රජකාලේ
බලගතු රජකු හට ඇතිවිය ආසාවක්
එයනම් අරුම ආසාවකි ටක්කෙටම
මෙතුවක් කලක් කිසි රජකුට සිතුනෙ නැති............

රජු හට ඇතිවුණේ ආසාවකි ප්‍රබල
ලෝකෙ ලොකුම සැප කිමදැයි සොයන්නට
ඉතින් එයට උත්තර ලබනට රිසිව
ඔහු කැඳවීය තුන් කට්ටුව පුරෝහිත...........

එම්බා පුරෝහිතයිනි තොප දන්නවද
මා හට සිත් වෙලා ඇත මහ පුරස්නයක්
තොප කිව යුතුය දැන් මා හට සහසුද්දෙන්
කිමද කියා ලොව පවතින ලොකුම සැප...........

බිරන්තට්ටු විය දැන් මේ තුන්දෙනම
කකුල් හයම ගසමින් තරඟෙට මැඩ්ලින්
දෙන පිළිතුරට වූවොත් රජතුම උදහස්
හිස බේරන්න බැරිවන බව නිසැකමය...........

රුවෙන් උතුම් අඟනුන් හා යහන්ගත
වේමැයි උතුම් සැප මේ ලොව තුළ තිබෙන
තොලකට වෙව්ලමින් මේ ලෙස අමාරුවෙන්
නායක පුරෝහිත දුන්නා උත්තරයක්...........

යුද්ධ කරලා මුළු ලෝකෙම අල්ලගෙන
රජකම් කිරීමයි ලොව ඇති උතුම් සැප
දෙවැනි උන්දැ කියා දැම්ම පසු එලෙසින්
තුන්වැනි එකා වෙත හැරුණා රජදෙනෙත...........

අංකුරෙකිය තුන්වැනියා පුරෝහිත
අළුතෙන් ආව රජසේවෙට මෑතකදී
බෙල්ල ගියත් කිවයුතු වෙයි මගෙ මතය
කියලා දුන්නා උත්තරයක් යස රඟට...........

මෙළොව ලොකුම සැප වේ නම් මා දන්නා
වැසිකිළියාම පමණයි මහ රජතුමනි
මෙය ඇසුමෙන් නැගිටුනි අපෙ රජ්ජුරුවෝ
සිංහාසනේ උල්කටුවක් ඇණුනු ලෙසින්...........

මොකක් ගෙරිය කිව්වේ උඹේ කැත මුඛයෙන්
හිතුවද මෙතන විගඩං මඩුවක් කියලා
අපහාසයකි තෝ කෙරුවේ රජකමට
ගසා දමන්නට වෙනවා තොගේ හිස...........

රජු අඩි පොළවේ හප්පා කළ ගර්ජනයෙන්
තක්කු මුක්කු වී ඇත මුළු සභාවම
අන්තිම කැමැත්තත් විමසයි මේ අතර
තුන්වැනි පුරෝහිතගෙන් මරණෙන් ප්‍රථම...........

හා හට අවැසි මුළු රජ මැදුර තුළ
රිසිසේ සුවැති සතියක් ගත කරන්නට
පුරෝහිතගේ ඒ අන්තිම ඉල්ලුමට 
රජ අනුමැතිය ලැබුණේ බාධා නොකර...........

පුරෝහිතයා දැන් ඉන්නේ රජ මැදුරේ
කිසිදා නොවිඳි සැප සම්පත් අතරතුරේ
කමින් බොමින් රාජ බොජුන් පැලෙන්නට
රිසිසේ දින ගෙවයි මරුවා එන තෙක්ම...........

මේ ලෙස දින හයක් ගත විය දුන් සතියේ
හත්වැනි උදේ මූ කෙරුවා මිෂන් එක
රාජකීය වැසිකිළියට රිංගාලා
වසාගත්තා ඒ දොර මූ අගුල් දමා...........

රජු හට ඇති වුණා උදේම මහා බරක්
දුවගෙන ආවා සරීර කිස කරන අටින්
ඒත් ඇතුළේ ඉන්න එකා ගැන දැනුණෙන්
රජුට නැග්ගා කවදත් නැති උෟරු ජුවල්...........

බැහැපිය කැණහිලා මාගේ වැසිකිළියෙන්
ගෝරනාඩු දෙනවා රජු එළියේ ඉඳන්
ඒත් ඇතුළේ ඉන්නා මේ අංකූරා
නොගයි හිතට රජු කියනා වදනක්වත්...........

දැන් දැන් රජුට ඉන්නට බෑ ඇඹරෙනවා
බඩ මිරිකමින් රවුම් රවුම් කැරකෙනවා
ඇඟ හිරිවැටිලා ඇස් වල කඳුළුත් එනවා
තේජස් බිඳුණු රජු මේ ලෙස පවසනවා...........

අනේ කොල්ලෝ දැන් නම් බෑ ඉවසන්න
රටම උනත් දෙන්නම් මම උඹෙ නමට
එළියට වරෙන් මාගේ සුදු පුරෝහිත
එලෙස යදින විට වැසිකිළි අගුළ ඇරේ...........

වැදී විදුලි වේගෙන් රජු ඇතුළතට
හිඳගන්නට ගතවු සුළු පරක්කුවෙන්
සුසුමක් සමග ගිළිහුණු බර කන්ද මතින්
පසක් වුණා රජු හට ලොව ලොකුම සැප...........


අසංක ගයාන් අබේසිංහ


.

40 comments:

  1. // ලෝකයේ ලොකුම සැප දන්නවාද. ??? //

    අහන්නත් දෙයක්ද බං…
    ගල් ඩිංගක් බීලා කාණු පල්ලක ලගින එකනෙ .… ෂහ් !!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මනෝෂ් එතකොට පත්තරයාට රජ්ජුරුවන්ට වුණ දේ වුණොත් මොකද දන්නෑ කරන්නේ????

      Delete
    2. 1න්ම එකගයි.. පත්තර මල්ලි.
      එකට බිලා කරට අත දාගෙන දෙපැත්තට වමනේ දාන එක..ෂා..ෂා.. එහම සැපක්

      Delete
    3. සංජීවත් පත්තරයාට ම සහයෝගයක් දීලා තියෙන්නේ................ අනේ මන්දා එක බෝට්ටුවේ අයනේ........

      Delete
  2. 0WWA THAMA LOKE THIYANA SEPA, KAKKA, CHOO, PADA ARINA EKANE.

    ReplyDelete
  3. කොහෙන්ද ගී පවුරේ මේ කතාව හොයා ගත්තෙ? ඊටත් වඩා හපන්කම මේ මුලු කතාවම කවියකින් ඉදිරිපත් කරල තියෙන විදියනෙ.

    හප්පා..ඒ වෙලාවටනම් ඊට වඩා මෙලෝ සැපක් නෑ කොහොමත්.

    වෙනස් ආරක්.වෙනස නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්..................

      කතාව අහලා තියෙන එකක්..... ඒත් කවියකින් ම ඉදිරිපත් කරන්න හිතුණා..................

      Delete
  4. ෂ්හා...මේකනම් මරු ඈ.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරක මලයා...............

      Delete
  5. පත්තර මල්ලිට ගල් උනාට මටනම් රා

    ReplyDelete
    Replies
    1. රා කියානෙ අමුර්තෙ මචෝ … !!!

      Delete
    2. ජීවන්ත කියන්නේ ගමේ කොල්ලෙක් කියලා ඒකෙන් ම පේනවා. පත්තරයා වගේ නෙමෙයි..................................

      ඔය කිව්වේ පත්තරයාට මොනවා හරි කමක් නෑ කැරකෙනවානම්......

      Delete
    3. කුරැටු වැරැදි මචං පත්තරේ කියන්නේ ඔරිඡනල් හදවතින්ම ගමේ කොල්ලෙක්.

      Delete
    4. ආ.. එහෙමද??? මටත් හිතුණා පත්තරයාගේ ගමේ ගතියකුත් තියෙනවා කියලා... එහෙනම් පත්තරයාත් ගමේ කොල්ලා ආ.................

      Delete
  6. ""මෙළොව ලොකුම සැප වේ නම් මා දන්නා
    වැසිකිළියාම පමණයි මහ රජතුමනි""

    අම්මප ඇත්ත ඕයි... ආයේ අහන්නත් දෙයක්ද? නොදකින් අර ගොන් රජා

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගැන දන්න කොල්ලෙක් ඉන්නවා. ස්තූතියි ඉවාන් කතාවේ සත්‍ය අසත්‍ය ගැන සාක්ෂියක් වුණාට............... අවුල්ද???

      Delete
  7. හම්මෙ....
    //දැන් දැන් රජුට ඉන්නට බෑ ඇඹරෙනවා
    බඩ මිරිකමින් රවුම් රවුම් කැරකෙනවා
    ඇඟ හිරිවැටිලා ඇස් වල කඳුළුත් එනවා//

    මැවි පෙනවා ...

    ReplyDelete
    Replies
    1. හැමෝට ම මේ දේ වෙලා තියෙනවා ෂුවර්.................

      Delete
  8. එහෙමත් සැපක් අම්මපා

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගැන දන්න තවත් කොල්ලෙක්............

      ස්තූතියි ශෂී.............

      Delete
  9. කවි ටිකත් පට්ට අදහසත් පට්ටනේ. සිරාවට ලගකදි දැක්ක සිරාම කවි පන්තිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මදාරා.....................

      අගය කිරීමට බොහොමත් ම ස්තූතියි.... එය අපිව දිරිගැන්වීමක්..... ඇත්තමයි..........

      Delete
  10. හ්ම්..................

    ReplyDelete
  11. Replies
    1. ස්තූතියි ප්‍රියා.............................

      Delete
  12. Replies
    1. ස්තූතියි වැව්........................

      Delete
  13. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නෙත් බොරුවක් කියලා මම දැනගත්තෙත් ඔය සැප වින්දට පස්සේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විචාරක ඉවසුවාම මෙතන දී සැනසීම ලැබෙන්නැත් ද ???
      මේකේ තියෙන රසය මේකයි. වැඩිපුර ඉවසපු තරමට වැඩිපුර රසවිදීමක් තියෙනවා.................. බර ඉසිලීම නම් මෙන්න බර ඉසිලීම.........

      Delete
  14. මේක තමා ලොකුම සැප කියලා මීට කාලෙකට කලින් වතාවක් මාරයත් පෝස්ට් එකක් දැම්මා... මට මතක් වුනේ ඒක..

    කවි ටික නම් සිරා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්............................

      මේක ඉතින් අපි හැමදාම උදේට අත්හදා බලනවානේ. කොහොමද උදේම වැසිකිලි පෝලිමකට එහෙම සෙට් වුණොත්. ආය ඉතින් ලොව ලොකුම සැප විදින්නට අනිවා හැකි වෙනවා.................

      Delete
  15. ඒකනං පට්ට අය්ඩියාව මචෝ...
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්.............................

      ලියලා ඉවර වෙලා කියවද්දි මටත් හිනා.

      Delete
  16. Replies
    1. තැන්කූ ‍බ්‍රෝ................

      Delete
  17. පට්ටෙන් පට්ට බං.
    ඇස් වලට කඳුළුත් අවා හිනාවට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්................

      ඔබේ සතුට අපේ ප්‍රාර්ථනාවයි.. ස්තූතියි ඇත්තම කියලා ගියාට..............

      Delete
  18. මෙච්චර කල් මං හිතං හිටියේ ලෝකයේ ලොකුම සැප 'කම් සැප'යි කියල නැවැ...මේක කියෙව්වාම නේ මට ඇත්ත තේරුනේ...එහෙනම්, ලෝකයේ ලොකුම සැප 'කක්ක සැප'... වැඩ දාල කක්ක කරන හැටිත් ලියන්න වෙයිද අපට එහෙනං?

    කවිය නම් අපූරුයි සහෝ..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...