Sunday, June 16, 2013

කවිය නුඔයි බිතු සිතු රූ මාගේ....


නුහුලන දුක
හදවත ඉපදී
නළියයි සිත තුළ
රිදුම් දි දි.....
ඒ දුක අභියස
පන්හිද පණ දී
ලියැවෙයි. පුරවයි.
පත් ඉරු
තීරු පුරා....
කවිය නුඔයි මා
බිතු සිතු රූ මෙන්
සිටියේ එන දුක සැප
සම සමව
බෙදා
ඒ ඔබ දවසක
මා ඇතැරැ ගිය දා
මා මිය යාවී..........


හසිත හර්ෂණ

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...