පැල් කවිය
වැට මොට බඳිනවද අලි පෙරලා යන්ට
දළු මොට දානවද සත්තුන් හට කන්ට
අල මොට එරෙනවද මීයන් හාරන්ට
පැල මොට රකිනවද දෑහම පියවෙන්ට
කරත්ත කවිය
කුර ගෙවිලා ගොං අඩමානෙට යන්නේ
පටි ගෙවිලා රෝදෝ බාගෙට යන්නේ
සඳ ගෙවිලා අඩ සඳනේ පායන්නේ
කල් ගෙවිලා අපි තංගල්ලට යන්නේ
පාරු කවිය
පාරුව පාවෙනා මේ මහ ජලකදට
හිතේ දුක කියන්නද මං මාළුන්ට
ඉර බැහැ ගිහිං කලියෙන් තව රෑ වෙන්ට
වරෙං තව එකෙක් වත් එගොඩට යන්ට
තුෂාර විතාරණ
.
අසංක
ReplyDeleteඑදා කවි වල තිබ්බ පද, ගීතවත්බව ගැන අපි කතා කරන්නම ඕනේ කියලා හිතෙනවා. අද අපි දකින ගීත වලට වඩා දියුණු පද්‍ය සාහිත්‍යයක් අපේ ගැමියෝ ගාව තිබ්බා
මට හිතෙන විදිහට කවිය සරල වෙන තරමට සුන්දරයි. ඒ සුන්දරත්වය මේ කවි වලත් තියෙනව.
ReplyDeleteසිතුම් සයුර
හෂාන්
ReplyDeleteසිතුම් කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ඒක එදා ගැමියන්ගේ ජීවන ක්‍රමය හා සම්බන්ධ වුණ දෙයක්. ඒ මිනිස්සු හරිම සරලයි. කන බොන දේ සරලයි. අවශ්‍යතාවයන් හරිම සරලයි. ජීවන ක්‍රමය ම හරිම සරලයි. ඒ නිසා ඔවුන් කතා කරපු විදිහත් හරිම සරලයි. ඒකයි ගැමියන්ගේ තොලින් ගිලිහුණු කවිත් හරිම සරල වුනේ.
අපි ගැන හිතන්නකෝ. අපි අනවශ්‍ය විදිහට අපේ ජීවිත කොච්චර සංකීර්ණ කරගෙන ද ? ඒ නිසා අපේ හැම දෙයක් ම සංකීර්ණ වෙලා. අන්තිමට අපි අපි කරන කියන දේ අපිට නොතේරෙන තරමට ම සංකීර්ණ වෙලා. අපි මේ මායාවක ජීවත් වෙන්නේ කියලයි මටනම් හිතෙන්නේ.