Saturday, June 15, 2013

උඹ ගිහින් නොවැ මයේ කවි හිතත් උදුරාන .......




හීං සීරුවේ පියාඹන විත්
හිනා වෙනවා උඹ හරි අගේට
මයේ හිත ලෝභ වෙලා උඹෙ හිනා කටට
හිනාව දෝර ගලන ඔය මූණ බලන්න
කෝම නෑවිදිං ඉන්නද මං................

මුදුන් වෙලා හද තරු පිරිවරාන
බලාන ඉන්නවා මං කදුළු පුරෝන
මං කියලා වෙන මොනවා කරන්නද ඒ ඇරෙන්න
උඹ ගිහින් නොවැ මයෙ කවි හිතත් උදුරාන.................

හීත හුළං කෝඩයක් මයෙ වටේ දිගෑදිලා
මවන්න හදනවා උන් හීන ලෝකයක්
ඒවා හිනා ගේන වැඩ, උඹත් නොදන්නවා යෑ ඉතින්
උඹෙං තොර ලෝකයක් මට නැති වග......................

පිච්ච සුවදනං ගලනවා ඉස්පාසුවක් නැතුව
ඇස් ඇරලා බැලුවාම උඹ නෑ......................
නෙත් ඉමේ උඹ නැතුවා තමා මයේ පෙර පවට
හැබැයි හිත් ඉමේ ඉදී උඹ උණුහුමට..........................


                                                                                  තුෂාර විතාරණ



1 comment:

Related Posts Plugin for WordPress, Blogger...