Monday, September 19, 2016

පිටුපා ගියේ ඇයි......



නෙතු සන් කළේ ඔබ
කිම මියුලැසි
පිටුපා ගියත් මට
අමතකව නෑ දැන්
ගිනිගන්න නෙතු අග
කඳුලක්ව නිතරම
හමුවේද... නොමවේද...
ඔබ යළි තවත්...

නෑ උරුම මේ ලොව
සැනසුම් පවන්
සුවඳ රොන් බිඟු රස කෝ
නිදි නැති යමේ
ආදරේ වේදනා
විරහ ගී සරසලා
දියවෙලා යයි මගේ
තුණු යම ඉතින්...

රෑ අහසෙ තරු පමණයි
තනියට මගේ
තරුපතිද නිති හිනැහෙයි
ඔච්චමට වගේ
ආදරේ වේදනා
සඳ කිරණෙ දියවෙලා
ගලා යයි ජීවිතේ
හුස්මට උඩින්...



 

අසංක ගයාන් අබේසිංහ

27 comments:

  1. නෙතට අගුළු දා කදුලැලි මැකුවාට
    පොතට වද දිදී කුරුටුව රැව්වාට
    ගතට හිරිගඩුව සරදම් මැව්වාට
    හිතට දුකයි ඇය මා ළග නැතුවාට

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි...මූට ගිය කල...මේකත් නරකම නෑ...බොහොම ස්තුතියි දුමී...

      Delete
  2. එවන්නෙයි අහසට, මෝඩ ඉර දෙවියා. හැක්

    ReplyDelete
  3. ඇයි කුරුටු මේ තරම් විරහව ගැනම ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. හිටහංකො ඊළඟ එකෙන් දෙන්න ජම්බු...හැක්...

      නෑ බං ඉතින් අරක්කු කියන්නෙ කටට රස බීමක් නෙවෙයි වුණත් බිව්වට පස්සෙනෙ වැඩේ දැනෙන්නෙ...විරහවත් එහෙම තමා...ඒක දුක වුණාට තියෙද්දිත් අමුතු ආතල් එකක් තියෙන්නෙ...

      Delete
  4. නෙතු ගිනි ගන්නවනං අග කඳුලක් තියෙන්නෙ කොහොමද වාෂ්ප වෙලා යන්නැතුව. හැක්..

    නියමයි.

    ReplyDelete
    Replies
    1. උඹව තමා වාෂ්ප කරල දාන්න ඕන...ස්තුතියි ප්‍රසා...

      Delete
  5. ගීතයක් සේ මතුවෙයන්
    නොසිතු වෙලාවක
    හීනයක් සේ ඉපදියන්
    තනි වු විරාමෙක
    මා හැර දමා ගිය මියුලැසි..


    හෙට දිනක් පෙර මගක්
    අරමුණක් නැති ගෙවෙන දිවියේ..
    ඉසිඹුවක් ලෙස හෝ...
    ගෙවුනු රස බර මතක මතුකර හිනහියන්
    මා හැර දමා ගිය මියුලැසි..


    හිනෙහෙමින් වැලපෙමින්
    තුටු සිතින් පෙම් පිරු සමයේ
    සලකුනක් ලෙස හෝ..
    පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
    මා හැර දමා ගිය මියුලැසි..

    ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස්

    ReplyDelete
  6. Replies
    1. ඉන්දරයා 'අපූරුයි' කියන කෑල්ල කොහෙ හරි ලියල සේව් කරල තියල වගේ...හැමදාම අඩුවක් නැතුව අපූරුයි කෑල්ල කොපි පේස්ට් කොරනවද කොහෙද...හැක්...

      හා හා ඉතින් ස්තුතියි බොලං...

      Delete
  7. තනියට තරු හෝ ඉන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තරු හැමවෙලේම පේන එකත් අමාරුයි බං...

      Delete
  8. මේ හොඳිං කියන්නෙ, යලට මහට නැතුව එකදිගට බ්ලොග් එක ලියාපියව්. මං නරක මිනිහ කියන්න එපා පස්සෙ අරී

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් එක දිගට බ්ලොග් ලියලා මලා .....

      Delete
    2. මේ අබුද්දස්ස කාලෙ හරිහමන් කිසිම අදහසක් ඔළුවට එන්නෙ නෑ ඉවාන් අයියේ...ඉහි...ඉහි...ඉතින් ඔළුව එකලසක් කරගන්න උදව් කරපන්කෝ බනින්නේ නැතුව....

      Delete
  9. පිටුපා යන්නද ඔබ
    හිනැහී මා වෙත ආවේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...බොහොම ස්තුතියි ට්‍රාන්ස්...මෙහෙම පිටුපෑවොතින් ට්‍රාන්සර් වෙන තමා වෙන්නෙ...හැක්...

      Delete
  10. ආයි මක්කැයි ඉතිං.. ෆට්ටම තමයි!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...