Thursday, September 22, 2016

කුරුටු ගෑ පැල් කවි



පෑයු ඉර සමුදුර සැඟවුණා                               දෝ
නිලඹර සඳ රාහුට හසුවුණා                            දෝ
පන්හිඳ කුරුටු ගෑ හොරු ගෙන ගියා                දෝ
කුරුටු ගී පවුරට සෙනසුරු ලබා                      දෝ

සමුදුර සැඟවුණත් හිරු යළි                     පෙනීයන්
රාහුගෙන් මිදී යළි සඳ                             නැගීයන්
හොරු ගෙන ගියත් පන්හිඳ පණ               පෙවීයන්
කුරුටු ගී පවුර නැවතත්                             පිපීයන්

                   
                                                      ඩබ්.ටී වීරසිංහ

19 comments:

  1. මගේ යාලුවෙක් රාහු ලබලා මළා.

    ReplyDelete
    Replies
    1. ඒත් කුරුටු ගෑ ගී පවුර තවමත් ජීවමානයි යාළු. කට්ටිය බිසි ඒකයි රාහු ගිල්ලා වගේ දැනුනෙ...

      Delete
  2. හිරු යළි මුහුදු රළ මත්තෙන් නැගීයන්
    තරුපති රුදුරු රාහුව මග හැරීයන්
    හොරු ගෙන් මිදී පන්හිද දිරි ලැබීයන්
    සරු වෙන් කුරුටු යළි බ්ලොගයේ රැදීයන්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම , මේ කවියෙන්ම දීලා තියෙන්නේ දුමින්ද

      Delete
    2. ස්තුතියි..............

      Delete
  3. ජය වේවා. ලොකු මාත්තිය පෝම් කරල ගන්නකෝ.. එන්නල එන්ලා.. කෝමේ කස්ටිය

    ReplyDelete
    Replies
    1. අාහ් කවුද මේ ලොකු මාත්තිය කිව්වේ හැබෑට......?

      Delete
  4. සබරේ සෙට් එකක් විලසින් කලක පටන්
    පොදු වැඩ වලට එයි හැමදා පෙරටු කරන්
    පන්හිඳ යළිත් මුවහත් කොට මෙතැන පටන්
    ආපසු වරෙන් එක්වී මේ කුරුටු දනන්

    ReplyDelete
    Replies
    1. අදත් අමුඩෙට පුක සෙට් වෙලා වගේ. හැක්..

      Delete
    2. ++++++++++++

      හැබෑට කෝමද ඔය පොරපයිල් වෙනස් කර කර වැඩේ කරන්නේ?

      Delete
    3. කො.කා.ස. මෙහෙයුම් මැදිරියෙ ඒවට විශේෂ පහසුකං තියෙනව.

      Delete
    4. කුරුට්ටෝ නුඹේ තාලෙන්
      පියාඹන්න ආසයි
      පියාපත් කොහේ කොතැනින්
      සොයාලා ගෙනෙම්දෝ

      -ලේකම් මචං-

      Delete
  5. සෙනසුරු ගෙවී ගොස් නොබෝ කලකින්
    යලි මල් පිපේවා පවුරේ පෙර විලසින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්........

      Delete
  6. පිපියන් කවි පිපියන් කුරුටු ගී පවුර පුරා.....

    ReplyDelete
  7. ස්තුතියි ඔබටත්....

    ReplyDelete
  8. //හොරු ගෙන ගියත් පන්හිඳ පණ පෙවීයන්
    කුරුටු ගී පවුර නැවතත් පිපීයන්//
    ජයවේවා..!!

    ReplyDelete
  9. මගේ පැතුමත් ඒකම තමයි.............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...